IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පොල් ගෙඩියක් සොරකම් කළාට ලක්ෂයක ශරීර ඇප

 

(ටෝනි කරුණානායක) 
 
වත්තකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 120 ක් වටිනා පොල් ගෙඩියක් සොරා ගැනිමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ, මල්වතුහිරිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (19) නියම කළේය.
 
මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුට මෙසේ ඇප නියම කෙරිණි. 

වතු හිමියා තමන්ගේ දරුවකුද සමගින් කිසියම් ගමනක් ගොස් නැවත නිවසට පැමිණීමේදී සැකකරු වත්තේ සිට දිවයන ආකාරය දැක තිබේ. පසුව ඔහු අල්ලාගත් වතු හිමියා මල්වතුහිරිපිටිය පොලිසියට බාරදී තිබේ. පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.

නැවත මාර්තු මස 18 දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළේය.



අදහස් (57)

පොල් ගෙඩියක් සොරකම් කළාට ලක්ෂයක ශරීර ඇප

ජයන්ත මි Tuesday, 19 January 2021 02:47 PM

අයියෝ මේ මනුෂ්‍යයාට තිබුණේ මහ බැංකුව කොල්ල කන්න.. එහෙම වුණා නම් විනිසුරුවරු පෝලිමේ එයි නිදහස් කරන්න.

:       2       225

Wasantha Tuesday, 19 January 2021 03:03 PM

ඔන්න නඩු... මහබැංකුව කඩපු අයට සැපයි. මේ වගේ නම් වෙන කොහේවත් නැහැ.. පුදුම රටක්.

:       0       168

ruwanWednesday, 20 January 2021 04:31 AM

සුනාමි හොරකම නිදොස්කොට නිදහස්.. ගනුදෙනු එහෙම එකක් නැහැ. රටේ ඉඩම් විකුණලා කොමිස් ගන්න අයට නඩු නැහැ..

:       2       22

t.n.liyanapatabandiWednesday, 20 January 2021 11:27 AM

කීයට වඩා වැඩි හොරකම්වලටද හොරකම් කියන්නේ...? හොරුන්ට අනුකම්පා එපා.. හොරකම හොරකමම තමයි..

:       0       0

Ruhunu Tuesday, 19 January 2021 03:15 PM

සමහරවිට මේ මනුස්සයාට අවුරුදු 20ක සිරදඬුවමක් ලැබෙන්න බැරිකමකුත් නැහැ.

:       1       148

BamunuarachchiWednesday, 20 January 2021 04:38 AM

අනුකම්පාවයි, නීතියයි පටලවා ගන්න එපා. දඬුවම් දෙන්නේ වරදකරු හදන්නම නොවේ. සමාජයේ අනික් අයට පාඩමක් ඉගෙන ගන්න. තාම නඩු අසා මෙයාට දඬුවම් නියමකර නැත.

:       21       37

ruwan Wednesday, 20 January 2021 08:00 AM

එතකොට කඩේ මහජන දේපල හොරාකාපු, මිනීමරපු දේශපාලුවන් නිදොස්කොට නිදහස් වෙන්නේ ඔය න්‍යායෙන්ද?

:       0       19

අනුර පැස්කුවල් Wednesday, 20 January 2021 10:10 AM

පහුගිය දවස්වල රජාණෝගේ කට්ටිය හෝල් සේල් නිදහස් වෙද්දී ඔය ටික හිතුනේ නැද්ද මන්දා..? නීතිය හැමෝටම එකයිනේ නේද...?

:       1       10

BamunuarachchiThursday, 21 January 2021 04:12 AM

රජාණෝගේ කට්ටිය හෝල්සේල්... ඒ කාලෙත් නිදොස්කොට නිදහස් වුණා. දැනුත් නිදහස් වෙනවා. බොරු නඩු දැම්මාම නිදහස් වෙනවා තමයි. ඔන්න මේ ආණ්ඩුවෙන් කෙලින්ම අවුරුදු 4ක බරපතල වැඩ ඇතුව.... කාටද ආඩම්බර? දැන් ඒ ගොල්ලෝ කලුසාටක අඳිනවා. අපි ඒ ගොල්ලන්ට සුදුකොඩි දාන්න බලාගෙන ඉන්නවා.

:       2       1

Andare Tuesday, 19 January 2021 03:27 PM

අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය හදලා තියෙන්නේ යටත් විජිත යුගයේ...

:       3       139

Prabha Tuesday, 19 January 2021 07:01 PM

මට නම් හිතෙන්නේ ඊටත් කළින් කියලා. ඒකනේ අපි තාම නඩුකාර හාමුදුරුවනේ කියන්නේ..

:       0       0

BamunuarachchiWednesday, 20 January 2021 04:32 AM

වික්ටර් හියුගෝ ලේඛකයාගේ "ලෙස් මිෂරබ්ල්ස්" කියන පොතේ තම නැගණියගේ බඩගින්නට පාන් ගෙඩියක් සොරකම් කළ වරදට අවුරුදු 19ක සිර දඬුවමක් ලැබෙනවා. එහමයි නීතිය ක්‍රීයාත්මක වෙන්නේ. නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම නීතිපොතේ වරදක් ලෙස දකින්නේ ගොබ්බ්යින් මිස පොතපතක් කියවා ඇති මිනිසුන් නොවෙයි.

:       21       6

අනුර පැස්කුවල් Wednesday, 20 January 2021 10:07 AM

ඔබතුමා හරියටම ගැලපෙන උදාහරණය අරන් තියෙන්නේ. 18-19 ශත වර්ෂවල ප්‍රංශයේ තිබුණු තත්වයමයි අද ලංකාවේත් තියෙන්නේ. රජා සහ හෙන්චයියෝ රටේම සම්පත් මංකොල්ල කද්දී පාන් ගෙඩි හොරා වසර 19කට හිරේ යනවා. අපි වගේ අයට ඕවා තේරෙන්නේ නැහැ.

:       0       17

kamalWednesday, 20 January 2021 11:25 AM

ඊළඟට ගෙයක් බිඳලා, ගෙදර තියෙන බඩු ටිකක් හොරකම් කළාට කමක් නැද්ද?

:       0       1

Mahesh Tuesday, 19 January 2021 03:29 PM

රන්ජන් කිව්වේ ඇත්ත කියලා හිතෙන්නේ මේවා දකිනකොට....

:       116       203

Demuni Uduwara Tuesday, 19 January 2021 07:08 PM

අවාසනාවකට රන්ජන් දැන් ඉන්නේ හිරේ....

:       0       0

RathnayakeWednesday, 20 January 2021 01:23 AM

කියපු කතා නම් හරිම සුන්දරයි. වැඩත් එහෙම තිබුන නම් තවත් හොඳයි. විනිසුරුවන්ට කතා කරකර නඩු තීන්දු මෙහෙම කරමු කියලා වෙනස් කරනවා. අපේ අය හිතන් ඉන්නේ ආණ්ඩුව විතරයි ඔය රන්ජාට විරුද්ධ කියලා. ඒ වුණාට හඬපටි සීඩී වල ගහගෙන ඉන්නවා කියලා ඔත්තුව දුන්නේ එයාගේ පක්ෂයේම කෙනෙක්....

:       0       0

Hafeel Tuesday, 19 January 2021 04:20 PM

මේ ප්‍රවෘත්ති ආරංචි වෙලා අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු රවී කරුණානායකලා බය වෙලා ඇති. ඔන්න ආණ්ඩුව හොරුන්ට දඬුවම් දෙන්න පටන්ගත්තා.

:       0       0

Prabha Tuesday, 19 January 2021 04:36 PM

ඊ.ඒ.පී. පවුලේ අයට දුන්න ඇපයේ ගාණමයි.

:       0       0

rohana Tuesday, 19 January 2021 05:22 PM

එහෙනම් බිලියන් ගණන් වංචා කළා කියන අයට කොහොමද?

:       0       0

Krishan Tuesday, 19 January 2021 05:28 PM

අපරාදේ... පොල්ගෙඩිය සොරකම් කලේ...!!! දැන් ලෝයර්ට 500ක් අඩුම එක නඩුවාරයකදී ගෙවන්න වෙනවා. අද 500ට පොල්ගෙඩි 4ක් ගන්න පුළුවන්නම් එවිට බලනකොට අපරාධයක් පොල්ගෙඩියක් කඩලා කරගෙන තියෙන්නේ... අනික මහබැංකු කොල්ලය කළ අයට ෆුට්නොට් කල්ලියට ඕක දැක්කම නියමයි වගේ ඇති

:       0       0

Raveendra Tuesday, 19 January 2021 05:51 PM

එක රටක්...!!! එක් නීතියක්..!!!

:       0       0

සෙනවි Tuesday, 19 January 2021 06:18 PM

මේ මිනිහාට ලක්ෂයක් නොව රුපියල් සීයක්වත් තිබුණා නම් හොරකම් කරාවිද?

:       1       0

Don perera Tuesday, 19 January 2021 06:25 PM

රන්ජන් ඔබ හරි... කලු කෝට් කාරයින් ගැන අපි දන්නවා.

:       0       1

කැකිල්ලේ . Tuesday, 19 January 2021 06:53 PM

මහ පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරපු බලපුලුවන්කාරයෝ එළියේ, නිදහසේ, නිදැල්ලේ... නීතිය කාටත් පොදුලු...!!

:       0       1

Firdous Tuesday, 19 January 2021 09:36 PM

කොච්චර කුරුම්බැට්ටි නම් රිළවුන්, දඬුලේනුන් කාලා විනාශ කරනවාද? ඒකට කවුද නඩු දාන්නේ?

:       0       0

නිමල් Tuesday, 19 January 2021 11:00 PM

ඉහත සමච්චල් ප්‍රතිචාර දක්වා ඇති අය තමන්ට ඔවැනි සිද්ධියකට මුහුණ දීමට සිදු වුණා නම් දඬුවම් දීම අනුමත කරාවි. පොල් ගෙඩියක් රුපියල් 100ට වැඩිබව අමතක කරන්න එපා...

:       0       1

damith Tuesday, 19 January 2021 11:30 PM

මනුතාපය (les miserables) කතාවේ බඩගින්නේ සිටි පවුලේ අයට කන්න දෙන්න පාන් ගෙඩියක් හොරකම් කළාම අවුරුදු 20ක් හිරේට දැම්මලු. මම හිතුවේ ඒ වගේ දේවල් සිද්ද වුණු කාලේ ඉවරයි කියලා.

:       0       1

ලුම්බිණි Tuesday, 19 January 2021 11:48 PM

අනේ මෙහෙම ලංකාවක්....

:       0       0

sarath perth Wednesday, 20 January 2021 12:15 AM

මෙහෙව් රටක් ලෝකේ කොහේවත් නැත. කිසි කෙනෙකුට අපහාසයක් නොම වේවා...!!!

:       0       0

සදිස් Wednesday, 20 January 2021 01:23 AM

අයියෝ රුපියල් 120 ට ඇප ලක්ෂයයි. කෝටි 120 ට ඇපය බන්ධනාගාර රෝහල...!

:       0       0

Rocky Wednesday, 20 January 2021 01:39 AM

මේක හරියට විකාරරූපී නාට්‍යයක් වගේ..!!! කවුද ජෝකර් වෙලා ඉන්නේ? පොලිසියද, පැමිණිලි කාරයාද? අධිකරණයද? එහෙමත් නැතිනම් හොරාද? අම්මපා මේ අයට කරන්න වෙන වැඩක් නැද්ද?

:       0       0

Prasad Wednesday, 20 January 2021 01:57 AM

රන්ජන් ඔබ ශ්‍රේෂ්ඨයෙකි. ඔබ පැවසූ සත්‍යය දැන් ඔප්පු වෙනවා.

:       0       0

කරු Wednesday, 20 January 2021 02:30 AM

පොල්ගෙඩිය ගෙනියපු මනුස්සයාව පොලීසියට අල්ලලා දීපු වතු අයිතිකාරයා කව්ද කියලා දැනගන්න කැමතියි.

:       0       0

Hafeel Wednesday, 20 January 2021 04:21 AM

අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායකලා දැන් හොඳටම බය වෙලා ඇති... ඔන්න ආණ්ඩුව හොරුන්ට දඬුවම් දෙන්න පටන්ගත්තා...

:       2       18

කොටියා Wednesday, 20 January 2021 05:13 AM

ලක්ෂ 10ක වත් ශරීර ඇපයක් එක්ක මුදලිනුත් ලක්ෂ 5ක්වත් ඇප තියන්න කියලා නියෝග කරන්නයි තිබ්බේ... පොල්ගෙඩි හොරකම් කරන්නේ එහෙම ලේසි පහසු සල්ලි තියෙන මිනිස්සු නෙමෙයිනේ...

:       1       21

QATAR SITA Wednesday, 20 January 2021 05:19 AM

රන්ජන් මන්ත්‍රීවරයා කිව්ව දේවල් බොරු නෙවෙයි.

:       2       24

BamunuarachchiWednesday, 20 January 2021 11:05 AM

අල්පොන්සෝ කිව්වද හොරකමට සැක කරන්නෙකුට නීති පොතේ හැටියට ඇප නියම කිරීම වැරැදි කටයුත්තක් කියලා....

:       2       1

BamunuarachchiFriday, 22 January 2021 12:26 PM

මහින්දානන්ද අලුත්ගමගේ අල්පොන්සෝ ගැන කියපුවත් බොරු නෙමෙයි නේද? ඒ ගැනත් ටිකක් කතාකරන්නකෝ. එක කාර් පර්මිට් එක දෙදෙනෙකුට විකිණීම... තව තිබෙනවා වෙලාවට කොලේ දමන්නම්.

:       0       0

Alanwork Wednesday, 20 January 2021 05:50 AM

සාමයක් කොහෙද මේ රටේ පොල් ගෙඩියටත් මිනිස්සුන්ට මෙහෙම කරනවා නම්...? පොඩි මිනිහාට තමයි මේ සේරම. රන්ජන් හරි...

:       2       41

KarlskronWednesday, 20 January 2021 08:07 AM

මහත්තයෝ !!! එතකොට මට කියන්න කොපමණ වටිනාකමකට ඉහළ දේ වලටද පොලිසි යන්න ඕනේ? පොඩි හොරුන්ට අනුකම්පා කරන්නේ ලොකු හොරුන් බව මනෝවිද්‍යාත්මක සත්‍යයක්‌ බව නම් අසා ඇත.

:       8       3

අනුර පැස්කුවල් Wednesday, 20 January 2021 10:20 AM

මහදවල් බිලියන ගණන් මංකොල්ල කෑව ලොකු හොරු නිදහස් වෙද්දී බහුතරයකට එය නොපෙනීමයි මෙතන තියෙන ප්‍රශ්නය මහත්තයා. පොඩ්ඩක් ටොක්කක් ඇනගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න.

:       2       11

SL Wednesday, 20 January 2021 06:00 AM

හොරකමට ලොකු පොඩි නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අනිත් හොරුන්ට දඬුවම් නොදීපු අධිකරණයේ තියෙන හිල්... අහුවුනේ පොල් ගෙඩියක් අතේ තියාගෙන වුණාට, පොල්වතු හිමියන්ගේ සේසතම හොරකම් කරන පොල් හොරුත් ඉන්නවා. මේ ඒවගේ කෙනෙක් වෙන්නත් පුළුවනි... මොනවා වුණත් රන්ජන් හරි..!!!

:       1       19

විජේ Wednesday, 20 January 2021 06:07 AM

මේවා දකිද්දී කොහොමද ඉතින් කට පියාගෙන ඉන්නේ?

:       0       50

ඉලේපෙරුම Wednesday, 20 January 2021 06:11 AM

මේවා වෙන්න ඕනෑ දේවල්. අපි රජයේ රැකියාවලට යන අය. දවල්ට ගෙදර කවුරුවත් නෑ. ඉතින් වත්තේ තියන පොල් ගහේ දෙකේ ගෙඩිටික, අඹ ගෙඩිටික, දෙල් ගෙඩිය එක එක්කෙනා කඩා ගන්නවා. පැමිණිලි කරන්න ගියාම පොල් ගෙඩියටත් පොලිසි යනවා කියලා නින්දා කරනවා. වත්තක ගසක් වවන්නවත් හිත දෙන්නේ නෑ. පොලිසිය මෙතනදී හරියට රාජකාරිය කරලා තියනවා. ස්තුතියි ඒ ගැන...

:       10       6

අනුර පැස්කුවල් Wednesday, 20 January 2021 10:17 AM

අනේ ඉලේපෙරුම, ඔය නීතිය බිලියන ගණන් මංකොල්ල කන දේශපාලකයාටත් ඔය විදියටම තිබුණා නම් ඔයාගේ පුතාලගේ පුතාලාටත් රස්සාවක් කරගෙන ඉන්න තිබුණා. මට හිතෙන්නේ මේ ප්‍රවෘත්තියේ ජුගුප්සාජනක පැත්ත නොතේරෙන්න තරම් මෝඩයින් නෙවෙයි ඔයාලා. මෙතන ප්‍රතිචාරයක් දාන්න තරම් මොලයක් තියෙනවා නම් මෙතන ගැටලුව මොකක්ද කියලා තේරෙන්න ඕනේ... නමුත් දේශපාලන කණ්ණාඩිය හුඟක් අඳුරු වැඩියි අකුරු කියවන්න.

:       2       9

Tony KarunanayakaThursday, 21 January 2021 02:19 AM

වෙනකක් තබා නිවාඩු දිනයක වත්තේ වැඩ කර ආයුධ එළියේ තබා තේ පානය කර එනවිට ආයුධ නැත. මීට පෙර අවස්ථා කිහිපයකදී මගේ පියා නිවසේ සිටි කාලයේ මෙම පුද්ගලයාම අසුවී සමාව දී යවා ඇත. තව දුරටත් සමාව දීමට අප සූදානම් නැත. මිනිසුන් යහමාර්ගයේ යන්නට සූදානම් නම් ඕනෑම කැපකිරීමක් කළහැකිය. මොවුන්ට සමාව දීම අපරාධකරුවන් දිරිමත් කිරීමකි. අහිංසක අසරණයකු යමක් ඉල්ලූවිට නොදෙන අය මේ ගැමියන් අතර නැති තරම්ය. මෙය චණ්ඩිකම හා බලපුළුවන්කාරකම පෙන්වීමකි. ඒවාට ඉඩදීමට තරම් නිවටුන් නොවෙන බවත්... නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ගෞරවය අපේක්ෂා කරන පුරවැසියන් බවත් අප මෙයින් ප්‍රකාශ කරමි. පොලිස් නිලධාරින් ඉදිරියේ අහිංසක දුගියන් ලෙස රඟපා ඔවුන්ගේ මානුෂික අනුකම්පාව ලබාගෙන පැමිණ පුරසාරම් කියා ගැමියන් බියකර පොලිසි ගියාට වැඩක් නැත. නිලධාරීන් මොවුන්ගේ සාක්කුවේය.... යන ආකල්පය ගැමියන් අතර ඇති කර මොවුන්ගේ ක්‍රියාකාරකම් ජයටම කරගෙන යාම පුරුද්දයි.

:       0       1

wicky Wednesday, 20 January 2021 06:21 AM

පොල් ගෙඩි 100කට සල්ලි දෙන්නම්... නඩුව අස්කර ගන්න කැමැති නම්..

:       2       53

පිටිගල මිලානෝ Wednesday, 20 January 2021 06:47 AM

බිලියන 10ක විතර සීනි හොරකම් කළා නම් මේ දඬුවම් නැහැනේ...

:       3       16

සරත් Wednesday, 20 January 2021 07:06 AM

ආවේ හොර කමට. ඒත් අතේ තිබුණේ පොල් ගෙඩියයි. හොඳ වැඩ්ඩෙක්...

:       5       11

shafeek Wednesday, 20 January 2021 07:14 AM

මානවවාදී රංජන්ට අපේ ප්‍රණාමය..!!!

:       63       13

John Perera Wednesday, 20 January 2021 08:43 AM

එක රටක නීතිය කාටත් පොදුයිලු...

:       1       2

karlskrona Wednesday, 20 January 2021 09:23 AM

පළමුව මෙම කමෙන්ට් දැක අප රටේ මිනිසුන්ගේ විචාර බුද්ධිය ගැන අතිශයින් කම්පා වෙමි. මෙයට අදාළ චූදිතයා කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක කෙනෙකු පමණි. මමත් මාගේ පුතුත් ජාතික අත්‍යාවශ්‍ය සේවාවන් දෙකක සේවය කරන අය වෙමු. මෙම අපරාධ කරුවන් අප නිවසින් බැහැර වන තෙක්, අප නිවාස ඉදිරිපිට කඩයේ සිට ඔත්තු බලා වත්තට ඇතුළු වී, පොල්, තැඹිලි, කොස් දෙල්, කෙසෙල්, අඹ, රඹුටන් කාලෙට රඹුටන්, අලිපේර, කඩා ගෝනි වල දමාගෙන ගොස් විකුණා තිතට මත් වී සැනසෙන අය වෙති. මෙය මා හට පමණක් නොව අනෙකුත් ග්‍රාමවාසීන්ටද තිබෙන ප්‍රශ්නයකි. ඉන්පසු, කඩපිල්වල, පොලිසියේ මහත්වරුන් සමග ඇති සබඳතා ගැන පුරසාරම් දොඩවති. එවිට ගැමියෝ පොලිසි යාමට බිය වෙති. මමත් මා පුතුත් මේවාට බිය නැති වුවත් අපිට මොවුන් අල්ලාගැනීමට නොහැකිව සිටි බව කියනු කැමැත්තෙමි. එසේ වූයේ අපගේ රාජකාරි නිසා කාර්යබහුල ජීවිත වල රසවිඳින බැවිනි.

:       0       0

karlskrona Wednesday, 20 January 2021 09:42 AM

වෙනකක් තබා නිවාඩු දිනයක වත්තේ වැඩ කර ආයුධ එළියේ තබා තේ පානය කර එනවිට ආයුධ නැත. මීට පෙර අවස්ථා කිහිපයකදී මගේ පියා නිවසේ සිටි කාලයේ මෙම පුද්ගලයාම අසුවී සමාව දී යවා ඇත. තව දුරටත් සමාව දීමට අප සූදානම් නැත. මිනිසුන් යහ මාර්ගයේ යන්නට සූදානම් නම් ඕනෑම කැපකිරීමක් කළහැකිය. මොවුන්ට සමාව දීම අපරාධ කරුවන් දිරිමත් කිරීමකි. අහිංසක අසරණයකු යමක් ඉල්ලූවිට නොදෙන අය මේ ගැමියන් අතර නැති තරම්ය. මෙය චණ්ඩිකම හා බලපුළුවන් කාරකම පෙන්වීමකි. ඒවාට ඉඩදීමට තරම් නිවටුන් නොවෙන බවත්... නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ගෞරවය අපේක්ෂා කරන පුරවැසියන් බවත් අප මෙයින් ප්‍රකාශ කරමි. පොලිස් නිලධාරින් ඉදිරියේ අහිංසක දුගියන් ලෙස රඟපා ඔවුන්ගේ මානුෂික අනුකම්පාව ලබාගෙන පැමිණ පුරසාරම් කියා ගැමියන් බියකර පොලිසි ගියාට වැඩක් නැත. නිලධාරින් මොවුන්ගේ සාක්කුවේය. යන ආකල්පය ගැමියන් අතර ඇති කර මොවුන්ගේ ක්‍රියාකාරකම් ජයටම කරගෙන යාම පුරුද්දයි. මෙවර මමත් මාගේ පුතණුවනුත් නිත්‍යානුකූලව නවත්වන්නට ක්‍රියාකරන බව සපථ කරමි. නැතිනම් තවත් පාතාල කණ්ඩායමක් ආරම්භ වනබව අත්දැකීමෙන් දනිමු.

:       4       5

sharm warnThursday, 21 January 2021 04:46 AM

අනේ මන්දා...

:       0       0

karlskrona Wednesday, 20 January 2021 01:49 PM

මෙතනටත් දේශපාලනේ අරන් ඇවිත් දඟලන්නේ නැතිව වින්දිතයාගේ පැත්තෙනුත් බලන්න. ගෝනි ගණන් කඩාගෙන යන හොරු තුන් කට්ටුවක කෙනෙක් පමණයි අසු වූයේ. මහබැංකුවේ ප්‍රශ්නය ඇති කළේද ඔබ පත්කළ අයයි. ඔවුන් අල්ලන්නේ නැතිව ඉන්නේද ඔබ පත්කළ අයයි. කුඩා සොරුන් යයි කියා අනුකම්පාකර එම සොරුන් වර්ධනය වී පාතාලයන් දක්වා වර්ධනය වන්න සලසන්නේද ඔබලා වැනි අයයි. ඔබලාටත් මෙය තේරුම් යන්නේ ඔබගේ දොරකඩට සොරුන් පැමිණි විටයි...

:       0       2

Tony karunanayaka Thursday, 21 January 2021 02:21 AM

මේවා වෙන්න ඕනෑ දේවල්. අපි රජයේ රැකියාවලට යන අය. දවල්ට ගෙදර කවුරුවත් නෑ. ඉතින් වත්තේ තියන පොල් ගහේ දෙකේ ගෙඩිටික, අඹ ගෙඩිටික, දෙල් ගෙඩිය එක එක්කෙනා කඩා ගන්නවා. පැමිණිලි කරන්න ගියාම පොල් ගෙඩියටත් පොලිසි යනවා කියලා නින්දා කරනවා. වත්තක ගසක් වවන්නවත් හිත දෙන්නේ නෑ. පොලිසිය මෙතනදී හරියට රාජකාරිය කරලා තියනවා. ස්තුතියි ඒ ගැන...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 6 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 40 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 110 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1218 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 515 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 655 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site