IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පේරාදෙණි ඉංජිනේරු පීඨය දින නියමයක් නැතිව වසා දමයි

(චමිල් රූපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් විසින් සියයට 80 පැමිණීම විභාග වලට පැමිණීම සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාලය තිරණය කිරිමට එරෙහිව විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සනාතන මන්දිරය වට කර සති තුනක් පමණ වන අතර දිගින් දිගටම මේ තත්වය හේතුකර ගෙන මෙම තීරණයට එළඹුණු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාව පවසයි.

ඒ හේතුවෙන් අද (17) පස්වරු 2 න් පසු විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ සියලුම සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් විය යුතු බවත් 2 න් පසු ඉංජිනේරු පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භුමිය තහනම් කලාපයක් වන බවද පාලක සභාව පවසයි.

නැවත ඉංජිනේරු පීඨය ඇරඹෙන දවස දැනුම් දෙන බවද පාලක සභාව පවසයි.



අදහස් (22)

පේරාදෙණි ඉංජිනේරු පීඨය දින නියමයක් නැතිව වසා දමයි

sena Tuesday, 17 July 2018 04:15 AM

මේ ළමයින්ට මොනාද ඕනේ. දේශන වලට, ප්‍රැක්ටිකල් වලට සහබාගි නොවී ඉංජිනේරුවෝ වෙන්නේ කොහොමද? හෙට අනිද්දා කියයි අපි ගෙදර ඉන්නවා අපේ ගෙදරට උපාධිය එවන්න කියලා.

:       195       588

Cisco Tuesday, 17 July 2018 04:45 AM

අනේ පුතේ දුවේ, දේශන සඳහා සියයට අසූව පැමිණීම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නොවෙයිනේ. ඒක අපි ඉගෙන ගන්න කාලෙත් තිබුනා. නැත්නම් කුප්පියෙන්ද ගොඩ දාගන්න බලන්නේ.

:       166       535

manoj Tuesday, 17 July 2018 05:14 AM

සියයට 80 බලන්න මේ ළමයි පාසල් ළමුන් නෙමෙයි නේ. ගොඩක් ළමයි දෙමව්පියන්ට බරක් නොවී රැකියාවක් කරමින්ම තමයි ඉගෙනීම් කරන්නේ. තමන්ට අවශ්‍ය විදියට තමන්ගේ පහසුව පරිදි ඉගෙනීම් කටයුතු වල යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ ඕන විශ්ව විද්‍යාලේ ආවම. වෙන්න ඕන දේ තමයි දේශන අතපසු වෙන අයට ලේසියෙන් ලබාගන්න පුළුවන් වෙන්න විශ්ව විද්‍යාල වෙබ් අඩවියේ පල කරන එක. අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය මෙච්චර දියුණු යුගයක යල් පැන ගිය මත දරන අය එක්කෝ ඒවා ඉවත් කරන්න ගන්න ඕන නැත්නම් අස් වෙලා යන්න ඕන.

:       1573       1014

CiscoTuesday, 17 July 2018 07:06 AM

අනේ ඉංජිනේරු උපාධිය රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දේශන සහ ප්‍රායෝගික පන්ති සඳහා යා යුතුමයි.

:       58       498

Iqbal OmanTuesday, 17 July 2018 08:29 AM

කලා උපාධියක් කරමින් ගුරු වෘත්තිය කලා වගේ ඉංජිනේරු උපාධියක් ගන්න බෑ ..... සහෝදරයා....

:       2       269

pathiranaTuesday, 17 July 2018 08:59 AM

ඔය ළමයාට ඔන් ලයින් ඉගන ගන්න ඕනේ නම් කැම්පස් එකට යන්න තියෙන තවත් ළමයෙක්ගේ අවස්ථාව නැති කරන්නේ මොකද? රස්සාවක් කරන ගමන් ඔන් ලයින් ඉගෙන ගන්න පුළුවන් ආයතන ඕනේ තරම් තියෙනවා නමුත් එම ආයතන වලින් දෙන උපාධියට සාමාන්‍ය විශ්ව විද්‍යාලයකින් දෙන උපාධිය තරම් පිළිගැනීමක් නැහැ....

:       2       123

manojTuesday, 17 July 2018 10:07 AM

මමත් රැකියාව කරන්නේ ලෝකෙම පිළිගත්ත ඇමරිකානු ඉංජිනේරු විශ්ව විද්‍යාලයක පරිඝනක අංශයේ. සියලුම සිසුන් හැමවිටකම පන්ති වලට සහභාගී වන්නේ නැහැ. මහාචාර්වරයා කරන්නේ තමන්ගේ දේශන අදාල අංශය යටතේ ඇති වෙබ් පිටුවට අප්ලෝඩ් කරන එක එවිට පන්තියට රෙජිස්ටර් වී සිටින සිසුන් දේශන එයින් ලබා ගන්නවා පසුවටත් ඒවා නැවත නැවත බලනවා. ප්‍රැක්ටිකල් තමන්ට හැකි වෙලාවට විද්‍යාගාර වෙන් කරගෙන විද්‍යාගාරයේ ඉන්න ලැබ් මැනේජර් හෝ කොර්ඩිනේටර් ගේ සහය ඇතිව කරමින් ප්‍රශ්න තිබේනම් පසුව මහාචාර්වරයා හමුවී සාකච්චා කරනවා. ඉගෙන ගන්න ගමන් විශ්ව විද්‍යාලේ ඇතුලේ වෙන අංශ වල පාර්ට් ටයිම් රැකියාවකුත් කරනවා. උපාධිය අරන් සුපිරිම රැකියවාලුත් කරනවා.

:       106       26

ගයන්ත දිසානායකWednesday, 18 July 2018 05:48 AM

මේකට තමයි මරිකම නොහොත් මුග්ධකම කියන්නෙ. මේ මනෝජ් කියන මහත්තයා උගතෙක් වෙන්න ඇති හැබැයි එතුමගෙ බුද්ධිමත්බව ගැන සැකයි. පළමුවෙනි ලෝකයේ විශ්වවිද්‍යාලයක තියෙන සම්පත් සහ හැකියාවන් ගැන ආවඩමින් ලංකාවෙත් එහෙම කරන්න බැරි ඇයි කියලා අහන එක නම් හරිම ලේසියි. ලක්ෂ ගණනින් ගාස්තු ගෙවන ඔබතුමාගෙ වගෙ විශ්වවිද්‍යාවල ඔය කියන සම්පත් පහසුකම් සියල්ල ඉතා මැනවින් සපයන්න පුලුවන්. ඒත් අපි තාම දුප්පත් රටක්. තියෙන සම්පත් සීමිතයි. ඒත් තාමත් අපි රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය දෙන්නෙ නොමිලෙ කියලා අමතක කරන්න එපා. එහෙම තියෙද්දිත් පන්තිවලට සීයට අසූවක්වත් එන්න කියලා ආරාධනා කරද්දි ඒකටත් කෑගහන්නෙ අමනයො, ගුණමකුවො.

:       0       4

manojWednesday, 18 July 2018 10:50 AM

මැති, ඇමැතිවරුන්ට වාහන ගෙන්නන්න කෝටි 118ක් වෙන් කරන්නේත් පාර්ලිමේන්තුවේ ඉන්න 225ගේ සියලුම අති සුඛෝපභෝගී නඩත්තුව කරන්නෙත් මේ කියන දුප්පත් රටේ මිනිසුන්ගේ සල්ලි වලින්ම තමයි මහත්මයා... විශ්ව විද්‍යාල දරුවන්ගේ දියුණුවට මම යමක් යෝජනා කළාම තමයි ඔබතුමාට ලංකාව දුප්පත් බව මතක් වුනේ... ඔබතුමාලා වගේ මුග්ධයෝ ඉන්නකන් ලංකාව තව අවුරුදු 100ක් ගියත් දුප්පත්ම තමයි...

:       2       0

kasunFriday, 20 July 2018 06:05 AM

මනෝජ්, ඹයාගේ කථාව හරි, එත් කෝ අපට ඹය කියන පහසුකම්, දන්නවාද අපේ ලංකාවේ විශ්ව විද්‍යාලවලට තාම හරියට වැසිකිලියක් නැහැ කියලා. මමත් ලෝකයේ හොදම විශ්වවිද්‍යාලය ආචාරය උපාධිය කරන කෙනෙක්, ඒත් දැන් හිතෙනවා අපි අපේ රටෙ උද්ඝෝෂන කරලා අධ්‍යාපනය රැකිලා නැහැ ඒක නැතිවෙලා තියෙන්නේ. මේ ළමයින්ට ඇත්තටම ලෝකේ තෙරෙන්නැ. මමත් අතිරේක කාලේ රස්සාවක් කරනවා. එත් දේශන සහභාගීත්වය 100 අනිවාර්යයි. මනෝජ් තේරෙන්නේ නෑ අපේ මිනිස්සුනට මොකද්ද වෙලා තියෙන්නේ කියලා

:       0       0

ඩොනල්ඩ් Tuesday, 17 July 2018 05:28 AM

ලෙක්චර් වලට යන්නේ නෑ. ඉතින් රැකියා නැතිවෙනඑක අහන්න දෙයක් යැ. ඉගෙනගන්නේ නැතුව ?

:       125       293

Sarako Tuesday, 17 July 2018 06:34 AM

ළමයිට ඕන ඕන විදියට දෙමව්පියන්ට බරක් නොවී රැකියාවක් කරමින්ම ඉගෙනීම්කරන්න දෙන්නනම් මහපොළ නේවාසික පහසුකම් දෙන්න දුප්පත් මිනුස්සුන්ගේ බදු මුදල් යොදවන්නේ මොකටද ඔය කියන විදියට ඉගෙනගන්න ඕනනම් විවෘත විශ්ව විද්‍යාලයට යන්න කියන්න එකට කිසිකෙනෙක් විරුද්ධ නැහැ......

:       369       1093

Dr, Abeyratne Tuesday, 17 July 2018 07:05 AM

දෙවියනේ දරුවනේ 80% නීතිය අපේ පැරණි කාලයේත් තිබුණ එය ඉතාම හොඳයි ඉගනගන්න නම් හැමදාම දේශනා, පර්පචුවල් යන්නම වෙනවා.. අවශ්‍ය නැත්නම් ගෙදර යන්න...... සතුයින් ඉගෙන ගන්න කැමති අය ලක්ෂ ගණනක් ඉන්නවා.

:       9       344

Abiththayaa Tuesday, 17 July 2018 08:16 AM

උද්ඝෝෂණ වලට සහභාලීවීම 80% වත් තිබ්බොත් ඇති කියලා සඳහන් කළානම් හොදයි නේද? පොලිස් වාර්තා මෙඩිකල් වාර්තා ගන්න නියම කරන්න

:       1       53

නුවන් Tuesday, 17 July 2018 08:29 AM

ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ කිසිම වැරද්දක් නෑ. ඒ වගේ සටන් වලට ඉදිරිපත් වන ශිෂ්‍යයන් පසුකාලීනව ඉතා සාර්ථක වෘත්තිකයන් වෙනවා දැකල තියනවා. නමුත් මේ ඉල්ලීම ටිකක් අවුල් වගේ. මොකද ඉන්ජිනේරු උපාධියේ ගුණාත්මක බව මනින සාධකයකට විරුද්ධ වෙන එකත් කාලය දික්කරගන්න එකත් මහ මෝඩ වැඩක්.

:       6       234

sarath Tuesday, 17 July 2018 08:30 AM

අපි ඉද්දිත් මේ නීතිය තිබුණා ,හැමෝම නීතියට ගරු කළා .අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා සිසුන් තමන්ගේ අනාගතය අඳුරු කරගන්නවා.පෙරටුගාමි සහ ජවිපෙ සිසුන් මුලා කරනවා

:       1       112

විකුම් රංගන Tuesday, 17 July 2018 09:53 AM

මෙය ලොව දියුණු රටවල පවතින ප්‍රයෝගික ක්‍රමවේදයක්. දේශන වලට සහභාගී වීම අනිවාර්යයි. එසේ නැතිව මහපාරවල් වල රිලා නැටුම් නටලා, පොලිසියෙන් නාගෙන හු කිව්වා කියලා උපාධි පිරිනමන්න පිටරට විශ්ව විද්‍යාල සුදානම් නැහැ. කටපාඩම් කරලා උසස් පෙළ ගොඩදා ගෙන තමන් තමයි කෙරුමෝ කියලා හිතාගෙන ඉන්න ලංකාවේ විශේ වීදියාල කාරයින්ට වඩා මේසන් බාස්ලා හා ලෙඩ සුව කරන කපු මහත්තුරු ඉදිරියෙන් මේ සිරි ලංකාවේ ඉන්නේ ඔන්න ඔය වගේ උද්දච්ඡ වැඩ බැරි කට පමණක් ඇති වැඩ බැරි මන්ද බුද්ධික ටාසන්ලා නිසා තමයි.

:       4       323

විනායගම් Tuesday, 17 July 2018 09:54 AM

මේ අය නිසා මේ සැරේ උපාධි ප්‍රධානෝත්සවයත් කැත වුණා. වෙනදාට සනාතන මන්දිරයෙන් පෙරහැර පටන් ගන්නේ. මේ සැරේ ඒකත් නැති වුනා. ශිෂ්‍ය භාවය නැති කරන්න ඕන

:       0       20

senaka Tuesday, 17 July 2018 10:38 AM

අද දේශනා වලට නොපැමිණීම, නවක වදය දීම, ආචාර්යවරුන් ගණන් නොගැනීම සිසු අයතිවාසිකම් බවට පත් වී ඇත. කෙසේ වෙතත්, අද රටේ ශ්‍රම බලකායට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවන් අත්‍යවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් බැවින්, මේ ආයතන දිගු කාලීනව වසා තැබුවත් රටේ ආර්ථිකයට එතරම් හානියක් සිදු නොවේ.

:       2       259

ඩී. ජයදේව Tuesday, 17 July 2018 11:47 AM

සල්ලි වලට උපාධි දෙනවා කියලා කෑගහපු අය දැන් සල්ලිත් නැතුව පන්තිත් නැතුව උපාධි දෙන්න කියලා කෑගහනවා

:       0       35

Eng. Sunil jayawardena Tuesday, 17 July 2018 02:47 PM

සෑම දෙයකම මුල තමා විනය. විනය නැතිව දැනුමෙන් පලක් නොවේ. රස්සාවක් කලත් ඔබට ඔවැනි නීති වලට යටත් වීමට සිදු වේ.

:       0       2

kamal Friday, 20 July 2018 05:52 AM

මොවුන් පිටරටවල් වලට ගියාම කිසිම උද්ඝෝෂණයක් නැතිව නීතිරීති හොදට පිළිපැදලා ඉන්නවා. ලංකාවේ ඉන්නකොට තමයි අවුල. සියට 80 පන්ති එන්නැත්නම් කෙහොදම මේ වැඩෙ කරන්නේ. ලෝකයේ සමහර විශ්වවිද්‍යාල සියයට 100 පන්ති සහභාගීත්වය අවශ්‍යයි. මම ඉගෙන ගන්න නිසාම කියන්නේ. රස්සාවක් කරන්න පුලුවන්, අතිරේක කාලයේ පාර්ටයිම්, අපේ ළමයින්ට ඕනි තරම් කාලය තියෙනවා, වැඩක් නැතිව රස්තියාදුවේ ඉන්නේ. සති අන්තේ තියේනවා, කෝ රස්සා කරන ළමයි. අපේ මිනිසුස් නිකං ඉදලා ජොලියේ ඉදලා උපාධි හොයන්නේ. ඕනැවට වඩා නිදහස පරිහානියේ දොරටුව කියලයි මම හිතන්නේ. විශ්වවිද්‍යාල පරිපාලනය, නීතියමය කටයුතු කර විනය ක්‍රියාමාර්ග ගෙන සියයට 80 විරුද්ධ වන ශිෂ්‍යයන් නෙරපිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 10 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 314 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 1243 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


‘‘මුදල් වෙන් කළ හැටි රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්න‘‘
2024 අප්‍රේල් මස 22 796 0

ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුම


මෛත්‍රීපාල නිදහස් පක්‍ෂය වෙන්දේසි කරනවා
2024 අප්‍රේල් මස 22 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්‍ෂයේ හිටපු සභාපතිවරයා පක්‍ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්‍ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්‍ෂය පාවිච්චි කරන්


නිකම් දෙන සහල් කවරය දෙන්න රුපියල් 100ක් ගරලා
2024 අප්‍රේල් මස 22 576 0

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම් ලාබී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 261 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1603 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1504 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site