IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙම්වතා ඉදිරිපිට දී පෙම්වතිය දූෂණය කළ සැකකරු අත්අඩංගුවට

(  බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 
පානදුර පිංවත්ත මුහුදු වෙරලේ දී පෙම්වතා ඉදිරි පිටදීම පෙම්වතිය දූෂණය කිරීම සිද්ධියට  සම්බන්ධ ප්‍රධාන සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා වාද්දුව උතුරු තල්පිටිය ප්‍රදේශයේ දී අද ( 02) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි .
 

සැකකරු සන්තකයේ තිබී උල් පිහි දෙකක් සහ ජීව අත් බොම්බයක් පොලිස් භාරයට ගෙන ඇත .

ඉකුත් සිකුරාදා (31) 17 හැවිරිදි පෙම්වතුන් යුවළක් පානදුර මුහුදු වෙරලේ ගල් පර අතර පෙම් සුව විදිමින් සිටිය දී ඔවුන් වෙත උල් පිහියක් රැගෙන පැමිණ තිබූ සැකකරු පළමුව තර්ජනය කර  මුදල් ලබා ගෙන තිබූ බව පොලිසිය කියයි .
 
 අනතුරුව පෙම්වතාට උල්පිහිය එල්ල කර මරණීය තර්ජනය කර ඔහු ඉදිරි පිටදීම පෙම්වතිය දූෂණය කර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි. 
       
ඒ අනුව වාද්දුව උතුරු තල් පිටිය ප්‍රදේශයේ කැලෑවක සැකකරු සැගවී සිටින බවට පානදුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතාට ලද තොරතුරක් අනුව   සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු පොලිස් නිලධාරීන් වෙත උල් පිහිය එල්ල කර තර්ජනය කර පලා යාමට තැත් කිරීමේ දී අවම බලය පාවිච්චිය කරමින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය



අදහස් (5)

පෙම්වතා ඉදිරිපිට දී පෙම්වතිය දූෂණය කළ සැකකරු අත්අඩංගුවට

Raveendra Sunday, 02 August 2020 06:48 AM

මෙවන් තිරිසනුන්ට අපගේ මාතෘබුමියේ තවදුරටත් ජීවත්වීමට කිසිදු අයිතියක් නොමැති බව අප තරයේ විශ්වාස කරන්නෙමු.. එබැවින් අවම බලය යොදාම මරා දැමිය යුතුයි යන්න අපගේ අදහසයි.. මක්නිසාදයත් නීතිය ඉදිරියේ මෙවන් අවජාතක බල්ලන් ගෙනයාමේදී "මුදල් වෙනුවෙන්ම පෙනී සිටින ගම් කබරයන් " අනේකවිධ බේගල් ඇදබා මෙම මුර්ගයාව නිදහස් කරගැනුමට කටයුතු කරනු ඇති නිසාවෙනි.

:       0       23

sam Sunday, 02 August 2020 08:49 AM

අපරාදේ වෙඩි තියලා දාන්නයි තිබුණේ... මේ අයව මැරුවාට කිසිඳු පවක් නැහැ.

:       0       37

SL Sunday, 02 August 2020 12:06 PM

ලංකාවේ ආරක්ෂාවක් නැත්තෙම නීතිගරුක මිනිසුන්. එහෙව් රටකට රජයක්, පොලිසියක්, උසාවියක් මොකටද?

:       0       9

අතුල Monday, 03 August 2020 02:00 PM

අවම බලය හරියට පාවිච්චිවෙලා නැහැවගෙයි! ඔය වගේ පාදඩයින්ට

:       0       12

sampath Wednesday, 05 August 2020 05:50 PM

තරුණ පෙම්වතුන්ගෙන් කප්පම් ගැනීම්, අඩන්තේට්ටම්, සහ මෙවැනි සිදුවීම් බහුලයි. ඒත් මේවා සඟවන් ඉන්න සමාජයට මුහුණ දෙන්න ඕනෑ නිසා ... පෙම්වතුන් පරිස්සමින් ආරක්ෂිතව හමුවීමට වගබලාගන්න. තමන්ගේ දරුවන් ගැන මීට වඩා සෙවීමට දෙමව්පියන් කටයුතු කළ යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 7 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 59 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 544 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 937 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 776 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1046 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site