(*** උණවටුන ඩී.ජී. සූගතපාල)
සිය පෙම්වතාගේ උපන් දිනය වෙනුවෙන් ගාලු කොටු පවුර උඩදී අරක්කු බාගයක් පානය කළ උසස් පෙළ සිසුවියක මත්වීමෙන් පසු ගාල්ල කොටුව සංචාරක පොලිසිය මැදිහත්වීමෙන් පෙරේදා (14) සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
ගාල්ල කොටුව සංචාරක පොලිසියේ නිලධාරීන් ජංගම සංචාරක මුර සේවයේ යෙදී සිටියදී මෙම සිසුවිය ගාල්ල කොටු පවුර මත බිම වැතිරී සිටිනු දැක සොයා බැලීමේදී පෙම්වතාගේ උපන් දිනය සැමරීමට අරක්කු භාගයක් බීමෙන් පසු මත්වී සිටීම හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමට ක්‍රියා කළ බව පොලිසිය කියයි.
තම උපකාරක පන්තියට ගෙවීම සඳහා නිවසින් ලබාදුන් රුපියල් දාහකින් පෙම්වතියගේ ඉල්ලීම මත අරක්කු භාගයක් ගෙන ඇයට දුන් බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී පෙම්වතා වන උසස් පෙළ සිසුවා ප්‍රකාශ කළ බව පොලිසිය කීය.
මෙහිදී තමා මත්පැන් පානය නොකළ බව පෙම්වතා පැවසූ බවද පොලිසිය කියයි.
ගාල්ල කොටුව සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මහතාට සිද්ධිය සැලවීමත් සමඟ වහාම එම ස්ථානයට පැමිණ සුව සැරිය ගිලන් රථය එම ස්ථානයට ගෙන්වා ගත් බව පොලිසිය කීය.
මත්පැන් වී වෙරි වූ ඇය ගිලන් රථයෙන් ගෙන යාමට එහි සේවකයන් අකැමැතිවීම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දැනුවත් කොට මෙම සිසුවිය රෝහලට පිටත් කළ බව ගාල්ල කොටුව සංචාරක පොලිසිය කියයි.
මෙම සිසුවියගේ පෙම්වතා බව කියන සිසුවා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇත.
මෙම සිසුවියෙග් මව්පියන් ගාල්ල පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන අවවාද කළ බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පෙම්වතාගේ උපන් දිනය සමරා සිසුවිය අරක්කු බාගයක් බීලා
විජේ Wednesday, 16 September 2020 06:55 AM
අනේ මගේ නෝනටත් මෙහෙම හිතියං
චතුර Wednesday, 16 September 2020 06:59 AM
හිනාකාලා පණ යනවා අප්පා. එක අතකින් දුකත් හිතෙනවා රටේ අනාගතය ගැන.
priyantha Wednesday, 16 September 2020 07:16 AM
මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.
thakshila Wednesday, 16 September 2020 07:33 AM
ලංකාවේ අයට මැජික් ඉතින්
fairoos Wednesday, 16 September 2020 08:13 AM
ඇයි සුවසැරියෙන් එවලා තියෙන්නේ..? ත්‍රීවීල් එකක දාලා එවන්න තිබ්බේ.
Nandalal DE SILVA -FranceWednesday, 16 September 2020 08:39 AM
පිස්සුද? එහෙම වුණා නම් මේ ගෑණු ළමයා ත්‍රීවීල් රියදුරාට ඉතිරි බාගෙ පොවලා පාරෙ හැප්පෙන්නත් තිබුණා. කෙල්ලන්ටත් හිතෙන දේවල්..
Pathum Wednesday, 16 September 2020 09:29 AM
ඕක ටික ටික බොන්න එපෑයැ...
Aniruddha Wednesday, 16 September 2020 01:25 PM
මේ කතාව මෙහෙම වෙන්නත් පුළුවන්. කොල්ලා කෙල්ලට පෙව්වාද දන්නේ නැහැ.
බද්රානි Wednesday, 16 September 2020 02:31 PM
අපරාදේ ගංජා බොන්නේ නැතිව මොකට අරක්කු බිව්වද මන්දා? අනික ඉතින් අපේ දේශප්‍රේමී හයිය නැති කරලා තියෙන්නෙත් සුද්දෝ ගංජා තහනම් කරලා කියලනේ දැන් අපේ දොස්තර මහත්තුරු (රටේ වෙදාලා) කියන්නේත් .
දීමන්ත Thursday, 17 September 2020 04:47 AM
මානසික ලෙඩෙක් ද?.කොහෙද ?