IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයන් 100 ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක්

(එස්. ඩි.කොඩිකාර )

මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු සහ ඔහුගේ අසල්වාසියකු විසින්  පුද්ගලයන් 100 දෙනෙකු  එකවර තප්පර දහයක් පහළොවක්  වැනි කෙටි කාලයක් තුළ දී  විෂබීජහරණ  දියර ලීටරයකින් ස්වයංක්‍රීයව  විෂබීජහරණය කිරීමේ නව නිපයුම් උපකරණ කුටියක් දින දෙකක දී සාදා නිමකර කඹුරුපිටිය  මූලික රෝහලට නොමිලේ බාරදීම අද (03) සිදු කෙරුණි .

මෙම උපකරණය සාදා නිමකර ඇත්තේ ඌරුමුත්ත අල්මේදා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන  (16) හැවිරිදි  එච්.ජී. මදුෂාන් නැමති පාසල් සිසුවා සහ ඔහුගේ අසල්වාසියකු වූ (32) හැවිරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන උදාර ශ්‍රී  වික්‍රම යන දෙදෙනා ය .

මෙම  නව නිපයුම් කුටිය ඉදිකිරීම  සඳහා මොවුන්  දෙදෙනා රුපියල් 40000– 50000 අතර මුදලක්  වැයවී ඇති අතර මෙමගින් පුද්ගලයකු ඉතා කෙටි කාලයක් තුළදී  සම්පූර්ණයෙන්ම විෂබීජහරණය සිදුවන බව එම නිර්මාණකරුවන් දෙදෙනා පැවසීය.

මෙම කුටිය අද (3) කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  රංජිත් ධර්මකීර්ති මහතාට බාර දුන් අතර ඒ මහතා කියා සිටියේ  මින් ඉදිරියට මෙම කුටිය රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනයට ගන්නා බවත් සහ මෙවැනි නිර්මාණ සිදු කරන  පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කර ඒවා අප රට තුළම නිෂ්පාදනය කරන එක  කාලෝචිත ක්‍රියාවක් බවයි .

මෙම තරුණයන්  දෙදෙනා මෙම නව නිපැයුම් උපකරණ කුටිය දිවයිනේ ඕනෑම රෝහලක හෝ ආයතනයක් වෙත සකසා දීමට සූදානම් බවත් ඒ සඳහා  ඔවුන්ගේ දුරකථන අංකය වන 0777490820 ට ඇමතීමෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකි බව නව  නිපැයුම්කරුවෝ පැවසූහ.



අදහස් (17)

පුද්ගලයන් 100 ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක්

මානවි Friday, 03 April 2020 05:17 PM

මේ ලක් පුතුන්ගේ , හැකියාවත් , පරිත්‍යාගයත් ඉතාම අගය කලයුතු වෙනවා. ඉතාම හොඳ පුණ්‍ය කර්මයක් කරගෙන තියෙන්නේ. සුභ පැතුම් දරුවනේ !

:       1       164

Raveendra Friday, 03 April 2020 05:23 PM

මෙන්න ලක්මවගේ නියම දරුවන් .මෙවන් අවදානම් අවස්තාවක ලක්මවගේ අනාගත පැවැත්මට ඔබලාගේ මෙම දායකත්ව ඉහලින්ම අගයන්නෙමු. ඔබලාගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා !!! හැම දෙයම දියව් දියව් කියන නුගත් බුරුවන්ට ලක් අම්මගේ මෙම දරුවන් දෙදෙනා ආදර්ශයක් වේවා !! සෑම දෙයකම අඩුපාඩු හොයන අයටද මේ දරුවන් දෙදෙනා ආදර්ශයක් වේවා !!!

:       1       158

Senevirathne Friday, 03 April 2020 05:56 PM

"පුද්ගලයකු ඉතා කෙටි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම විෂබීජහරණය සිදුවන බව එම නිර්මාණකරුවන් දෙදෙනා පැවසීය. " මෙම සහතිකය කඩිමුඩියේ ලබාදියහැක්කේ කාටද? මෙය අධෛර්යමත් කරනවා නෙවේ.

:       141       79

kavantissa Friday, 03 April 2020 06:24 PM

ඔයවාගේ උපකරණයක් අපේ ගමේ ගමරාල කෙනෙක් නිපදවා තියෙනවා . කොස් ඇට, මැකරල් ඇට පෙරුම් කායං සුදුලූනු කුණු බිත්තරයක් එකට අඹරා ගුලිකර උදේ හවස පොල් රා සමග ගිලීමෙන් සිදුවන වාත කම්පනයෙන් වයිරසය හුස්ම ගන්ට බැරි වීමෙන් භංග වෙනවා. මේ සුභ ආරංචිය ගැන ලියන්ට තවම හම්බ උනේ නෑ.

:       853       11

Ajantha Friday, 03 April 2020 11:58 PM

ගුලියක් කාලද ඉන්නේ..?

:       0       3

dilanSaturday, 04 April 2020 02:50 AM

ඔබලා සිංහල නම්වලින් දැමුවද මෙවැනි ප්‍රකාශ ගණන් ගත යුතු නැහැ. අර මේ දවස්වල මාධ්‍යයෙනුත් පෙන්වන්නේ, අම්මෙක්, අප්පෙක්, ජාතියක්, ජම්මයක් නැති සෙට් එකක් ගැන. මේ ඒ අයගෙන් එකෙක්

:       10       312

NuwanSaturday, 04 April 2020 08:26 AM

හරියට හරි මෙ වගේ නමක් සමනය සිංහල මිනිස්සු දන්නෙ නැහැ. මෙයාලගෙ ජාතියෙ අය පමණයි ඔය වගේ සිංහල නම්වලින් ලියන්නේ... මම හොදට දැකපු දෙයක්... මෝඩකමෙ උපත...

:       0       3

සේන Friday, 03 April 2020 06:46 PM

අපේ ජාතියම ස්වාධීනව නැගිටින ආශිර්වාදයක් ව්‍යසනයක වෙසින් ඇවිත්. මේ මොළ වලින් රටට වැඩක් ගන්න ලැබේවි. තෙරුවන් සරණයි !

:       0       141

Bright Friday, 03 April 2020 09:59 PM

මොන වැඩ ගන්නද ? අන්න අර 225 ආයේ එන්න හදනවා. අවොත් වැඩම ගනී. කොමිස් ඉල්ලයි. (නිල් , රතු , කොළ ඔක්කොම එක තමා)

:       0       2

nimali Saturday, 04 April 2020 12:24 AM

පුතුනේ ඔබල වැනි දස්කම් පාන දරුවන් මුළු රටටම වාසනාවක් . ඔබලා වැනි දරුවන් ගැන ලක්මාතාව සතුටු කදුළු සලනවා ඇති . පුතුනේ ඔබලාට ත්‍රිවිද රත්නයේම ආශිර්වාදය ලැබේවා. තව තවත් මෙවැනි උතුම් ක්‍රියාවන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා .. ඔබලා වැනි දරුවන් ලැබු ඔබලාගේ දෙමුපියන්ටත් අනෙක වාරයක් පින් සිදුවේවා. මේ රට මුහුණදී තිබෙන දුෂ්කර අවස්ථාවේ මෙවැනි උතුම් ක්‍රියාවන් කිරීම ගැන .

:       0       2

පිටිගල මිලානෝ Saturday, 04 April 2020 12:27 AM

මේ එක එක්කෙනා හදන දේවල් වලට නිකන් ප්‍රචාරය දෙන්න එපා. හදන ඕනෑම දෙයකට යම් වෘත්තීය මණ්ඩලයක ශාක්‍යතා පර්යේෂණයකින් පසු අනුමැතිය ලැබුනම එයට ප්‍රචාරයක් දෙන්න. මෙහෙම දේවල් අත් හදා බලන අය ලෝකේ කොහෙත් ඉන්නවා...

:       3       16

vipulaSaturday, 04 April 2020 09:04 AM

ඔයා තවමත් ඉතාලියේ ද ඉන්නේ ...?

:       2       1

ajith Saturday, 04 April 2020 02:12 AM

සෙනෙවිරත්නගේ අදහසට මමත් එකගයි, මේකෙන් 100%ක් විෂබීජ හරණය වෙනවා කියල සහතික කරන්නේ කොහොමද? එකට පරීක්ෂණයක් කරලා තියේද? නැත්නම් මේකෙන් 100ක් බේරෙනවා වෙනුවට තව 1000 කට කොරෝනා හැදෙන්න පුළුවන්. මොකද හැමදෙනාගේම විෂබීජ මේ කුටියේ එකතුවන්න පුළුවන්.

:       1       11

ගරසරප Saturday, 04 April 2020 02:52 AM

කතාවට මමත් එකගය්. නමුත් ඔය සහතික දෙන නිලධාරීන් තමා ලෝකෙ පුරාම ගොඩක් ඉන්ජිනේරු නිර්මාණ වලට පොල්ල තිබ්බෙ. මේ කාලෙ ඔය ලෝයර්ස්ල, රෙගුලාසි කාරයො නැතුව ඉන්ජිනේරුවො තමන්ගේ වැඩ නිදහසේ කරගෙන යනවා. ලෝකෙ පුරාම බලන්න.

:       10       3

Amula Saturday, 04 April 2020 05:54 AM

පේනවද ගගන ගාමීන්ට වඩා කොච්චර හැකියාවන් තියන දරුවෝ තව ඉන්නවද? ලංකාවෙ අතහිත දුන්නා නම් අපිත් ගොඩ, රටත් ගොඩ ... කොහෙද දේශපාලනය නිසා ඔක්කොම අවුල්...

:       11       1

Rasika Saturday, 04 April 2020 07:10 AM

හොදයි, සන්තෝසයි... ලයිට් වගයක් හැදුවා නේද? ඒකට මොකද වුණේ?

:       0       1

Kumar Sunday, 05 April 2020 03:12 PM

මේ කුටියේ සියලුම වෛරස විනාශ වෙන බව දැනගත්තේ කොහොමද. ඇමෙරිකාවේ කරන ක්‍රමය මම දන්නවා. ලංකාවේ ඒ වැනි සහතිකයක් දෙන්නේ කවුද? ලංකාවේ පෙරුම්කායම් ගුලි ගැන කතාකරනවා. මේ රටේ මේ ද්‍රව්‍ය විකුනනේ කුඩු වශයෙන් ආහාරවලට දැමීම සඳහා. කොරෝනවට කෙසේවෙතත් අධික ලෙස වාතය පිටවෙන එකට හොඳයි කියල නිපදවන්නෝ කියන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 6 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 72 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 107 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 269 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 609 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 785 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site