(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමේන් පසුව (03) රාත්‍රී අයි.ඩී.එච් රෝහල වෙත යැවූ බව පුත්තලම 143 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසීය.
මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ 33 හැවිරිදි කාන්තාවකටය.
අදාල කාන්තාවගේ සැමියාද කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වීමේන් පසුව 31 වැනිදින අයි.ඩී.එච් රෝහල වෙත යැවූ 10 දෙනා අතර සිටින බව බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා සඳහන් කළේය.
අදාල පුද්ගලයාද ඉන්දුනිසියාව හා තවත් රටවලට සංචාරයට ගොස් ඇති බවත් මොහු පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේදී පසුගිය 26 දින හමුවු පලමු ආසාදිතයා සමඟ ඉන්දුනිසියා සංචාරයට එක්වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම කාන්තාව පුත්තලම මුලික රෝහලේ ගිලන් රථයකින් යුද හමුදා ආරක්ෂාව සහිතව අයි.ඩී.එච් රෝහල වෙත යැවීමට කටයුතු කළ බව බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් අයෙක් අයි.ඩි.එච් යවයි