IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පුත්තලමේ පාසල් විවෘත කිරිමට විරෝධය

( ඔගස්ටින් ප්‍රනාන්දු )

මේ වන විට පුත්තලම දිසාව තුළ කොරෝනා වසංගත තත්ත්වයේ දෙවෙනි රැල්ල විශාල වශයෙන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබිය දි දිසාවේ රජයේ පාසල් යළි හෙට ( 23 දා ) සිට විවෘත කිරිම දරුවන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි ජිවිත අනතුරේ හෙළි මක් විය හැකි නිසා  සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තෙක් මෙම පාසල් යලි විවෘත කිරිමට විරෝධය පල කරන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගිය කාලයේ දි වසා දැමුණු රජයේ පාසල් වල හය වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සදහා පාසල් මේ මස 23 වන ( හෙට ) සිට විවෘත කිරිමට ගත් තීරය අනුව වයඹ පලාතේ ආණ්ඩුකාරවරයා ගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරින්ගේ හා  දිසාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල දි  පැවැති සාකච්චාවේදි  කුරුණෑගල දිසාවේ ඇතැම් පාසල් හැර සෙසු පාසල් විවාත කළ හැකි බවත් දැනට කොරෝනා වසන්ගත තත්ත්වය  යඝි මතුවි ඇති ප්‍රදේශයන්හි පාසල් තවදුරැටත් තවත් සතියක කාලයක් සදහා වසා දැමීමටත් තීරණය විය.

ඒ අනුව බලන කල්හි මේ වන විට පුත්තලම දිසාව තුළ මෙම වසන්ගතය යළි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ මගින් පවසා ඇත.

මේ අනුව එම කොරෝනා තත්ත්වය මත්වු ඇති නිසා පුත්තලම දිසාවේ සියලු පාසල් යළි විවෘත කිරිම දරුවන්ගේ ජිවිත අවදානමකට ලක් කරන්නක් විය හැකි බැවින් තවත් සතියක කාලයක් සදහා හෝ සෞඛ්‍ය අංශ වල නිර්දේශයන් ලබා  ගැනීමෙන් පසුව  පුත්තලම දිසාවේ පාසල්  යළි විවෘත කළ යුතුවන බවත් මේ සම්බන්ධයෙන් නිසි බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බවත් ලංකකා විදුහල්පති සංගමයේ ලේකම් වරයා නිකුත් කර ඇති නිවේදනයේ දක්වා ඇත.

මේ වන විට කොරෝනා වසන්ගතයෙ අවධානම් ලෙසින් හලාවත ප්‍රදේශයෙන් මත්වු ඇති නිසා පාසල් යලි විවෘත කිරිම සදම්බන්ධයෙන් විමසු අවසථාවේ හලාවත අධ්‍යාපන අධ්‍යක්ෂ සද්ධාමංගල සුබසිංහ මහතා කියා සිටියේ වෛද්‍ය අංශ විසින් පෙන්වා දි ඇති අයුරින් ගැටළු මතුවි ඇත්තේ හලාවත එගොඩවැල්ල සාන්ත සෙබස්තියන් මහ විදුහල සහ දන්කොටුව මැල්ලව කණිෂ්ඨ විදුහල විවෘත කිරිම සම්බන්ධයෙන් පමණක් බවත් එම  පාසල් දෙක විවෘත කිරිම සම්බන්ධයෙන් පාසල් කළමනාකරණ කිමිටු රැස් කරවා සුදුසු තීරණයක් ගන්නා ලෙස මේ වන විට දන්වා ඇති බව කීය .



අදහස් (0)

පුත්තලමේ පාසල් විවෘත කිරිමට විරෝධය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 25 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 76 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 205 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 485 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 203 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 123 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site