IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පිල්ලෙයාන් නිදහස්

 

(ටි එල් ජව්ෆර්කාන්)

 

ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු  මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි  පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.

එමෙන්ම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත  බන්ධනාගාර ගතකර  සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු  නිදහස් කිරීමට නියෝග කෙරිණි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට  සැකපිට  සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට  පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

මෙම ඝාතන නඩුව පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණිනි.

එහිදී නීතිපති වෙන්වෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නඩුවේ සාක්ෂි ගොනුකර ඉදිරියට ගෙනයාමට අවශ්‍යතාවක් නොමැති බව  දැනුම් දීමෙන් අනතරුව එය විමර්ශනය කළ අධිකරණය අද (13) නඩු තීන්දුව ලබා දෙන බව පවසා තිබිණි. කරුණු සියල්ල සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.

 



අදහස් (27)

පිල්ලෙයාන් නිදහස්

අසංක Wednesday, 13 January 2021 05:13 AM

එක රටක් නීති ගොඩක්..., මම කිව්වේ ඇමරිකාව ගැන...

:       9       122

BamunuarachchiThursday, 14 January 2021 07:59 AM

බොරු නඩු දාලා මිනිස්සු හිරකරන්න හොඳයි.. ඒ මිනිස්සු එළියට දාන්න නරකයි ඔය ඇමරිකන් කාරයාට... ඇමරිකාව කොහොමත් කරන්නේ ඔය වැඩේනේ.. මාස් ඩිස්ට්‍රක්ෂන් වෙපන්ස් හොයන්න කියාගෙන.. ලිබියාවට, ඉරාකයට කළා. දැන් ඔන්න ඉරානය පැත්තට හැරෙනවා..

:       6       1

NASA Wednesday, 13 January 2021 05:57 AM

තවත් අහිංසකයෙක් නිදහස්...

:       7       81

pradeepa Wednesday, 13 January 2021 06:07 AM

මේවා දැක්කාම අපගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලා තියෙන්නේ. අපේ රට දිහා ලෝකයා හිනාවෙනවා ඇති මහ හයියෙන්...

:       3       64

nisar Wednesday, 13 January 2021 06:19 AM

චූදිතයන් අයුක්තියකට පත් නොවී නීතියේ ආධිපත්‍ය හා අධිකරණ ස්වාධීනත්වය ආරකෂා කිරීම ගැන ජාතියක් වශයෙන් අප ආඩම්බර විය යුතුයි. ගරු අධිකරණයට ස්තූතියි...!!!

:       28       20

සිල්වා Wednesday, 13 January 2021 06:22 AM

එතකොට දැන් කවුද වෙඩි තියලා තියෙන්නේ? සැකපිට සිටි සියලු දෙනා නිදහස් කළාට පස්සේ වෙඩි තියපු කෙනෙක් නැතුව යනවා නේද?

:       3       51

චමින්දThursday, 14 January 2021 01:55 AM

මම හිතන්නේ ස්වයංක්‍රීය ගිනි අවියක් වෙන්න ඇති...

:       0       3

Nandalal DE SILVA - France Wednesday, 13 January 2021 06:30 AM

සිර මැදිරිවල සමබර ස්ථාවරය තබැගැනීම සඳහා ලැබුණු තීරණයක් මේක... රන්ජාට සිරකුටියක් දීම සඳහා තමයි පිල්ලෙයාන් ඉවතර දැම්මේ. ඒක වැරැදිද?

:       2       44

fairoos Wednesday, 13 January 2021 06:36 AM

විශිෂ්ඨයි සරු... දැන් සැපද?

:       1       44

දිමුත් Wednesday, 13 January 2021 06:46 AM

කවුරුහරි කියනවාද නඩුව ඉදිරියට ගෙනයාමට අවශ්‍යතාවක් නැහැ කියලා නීතිපති කිව්වේ ඇයි කියලා?

:       2       36

Nuwan Wednesday, 13 January 2021 07:01 AM

සාමාන්‍ය මනුස්සයෙක් රක්ෂිත බන්ධනාගාර මාසයක් ගිහින් ආවොත් ඇඟපත වැහැරිලා ගන්න දෙයක් නැහැ. නමුත් මෙයාට කෑමෙන් මෙන් අඩුවක් තිබිලා නැහැ වගේ. ඉඳලා තියෙන්නේ සුපිරි රක්ෂිතයක වගේ...

:       1       33

Sarath Silva Wednesday, 13 January 2021 07:03 AM

ඉතින් මේ සත්‍ය ගැන නේද රන්ජන් රාමනායක හැමදාම කිව්වේ...? සති දෙකක් ඇතුළත ආණ්ඩුවේ ඇමතිලාට විරුද්ධව තිබූ නඩු කීයක් නිදොස් කොට නිදහස් කළාද? එක රටක්, එක නීතියක්...

:       4       47

RIHAN Wednesday, 13 January 2021 07:28 AM

මහදැනමුත්තා...

:       2       18

Rata Perata Wednesday, 13 January 2021 07:50 AM

රාජපක්ෂලාගේ තවත් වැඩක්... නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ නිකම්ම තැනක් විතරයි.

:       2       45

සෑම් Wednesday, 13 January 2021 07:53 AM

මේ සහගහන අපරාධවලට ඉඩදෙන ලංකාවේ ලොක්කන්ට හෙන හතම පතමි.

:       2       40

pradeep Wednesday, 13 January 2021 07:55 AM

එක රටක්.. , එක නීතියක්.. විශ්මිතයි!!! 

:       2       32

Buddika Wednesday, 13 January 2021 08:54 AM

නීතිය, සාධාරණත්වය පක්ෂය සහ පාට අනුව වෙනස් වෙලා. එක රටක නීති ගොඩක්.. නීතිය ගැන තිබූ විශ්වාසය සහමුලින්ම නැතිවෙලා. මිනීමරුවෙක් නඩු නැතිව නිදහස් කළේ පරරාජසිංහම් සියදිවි නසාගත්තා කියලා කියන්නද? මේ සියල්ලටම වගකිව යුත්තේ මේ අපරාධය කරපු 69 ලක්ෂයේ මෝඩරැළ.. මෙන්න සෞභාග්‍යයක තරම..

:       2       26

බද්රානි Wednesday, 13 January 2021 09:05 AM

ගරු, පිල්ලෙයාන් මැතිතුමනි, ඔබට සුබ අනාගතයක්..!! මෝඩ සිංහලයින්ට වර්තමානයට වඩා අනාගතයේදී, ඔබතුමාගේ අගය හා වටිනාකම ගැන හොඳ අවබෝධයක් ඔවුන් විසින්ම ලබා ගනීවි. ඔබ විසින් සිදුකල උතුම් ක්‍රියා තවදුරටත් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!!

:       3       17

Da Wednesday, 13 January 2021 09:15 AM

මේ අහිංසකයන්ට නිදහස දීපු අපේ අධිකරණයට ස්තුතිය. දැන් තමයි රටට පණ ඇති ජනාධිපති, අගමැති, අධිකරණ ඇමැති කෙනෙක් ලැබිලා තියෙනවා. මේ රට ලෝකයේම පළමු තැනට එනවා වැඩිකල් නොගිහින්. ස්තුතියි සර්...

:       2       23

kamal Wednesday, 13 January 2021 09:20 AM

‘සසර වසනතුරු‘ කියලා කිව්වේ ඕක තමයි.

:       1       10

Prabha Wednesday, 13 January 2021 10:12 AM

අවුරුදු 04ක් රිමාන්ඩ් කරලා හිටියට වන්දියක් ගෙව්වත් පුදුම වෙන්න එපා.

:       0       20

විපරමා Wednesday, 13 January 2021 12:03 PM

මිනීමරුවන් නිදොස් කොට නිදහස්. ලෝකේ උතුම් රට ලංකාවලු...

:       1       14

BamunuarachchiThursday, 14 January 2021 08:00 AM

කව්ද කියන්නේ පිල්ලෙයාන් මිනීමරුවයි කියලා?

:       2       1

කපුරු හාමි Wednesday, 13 January 2021 12:14 PM

පිල්ලෙයාන් වගේ වෙලේ සුදාවත් නිදහස් කෙරුවොත් නරකද? කුඩුජාවාරම්කාරයාගේ පිහිටෙන් දේශපාලුවන් කී දෙනෙක් ගොඩගියාද?

:       2       14

Rata Perata Wednesday, 13 January 2021 01:10 PM

අර රන්ජන් හිරේ දැම්ම එකට සර්ගේ පස්සෙන් හිටි ගොට්ටන් මෙතන නැත්තේ ඇයිද දන්නේ නැහැ?

:       3       13

BamunuarachchiThursday, 14 January 2021 08:03 AM

ගොට්ටෝ පස්සෙන් හිටියේ නැහැ රිදුනේ ගොට්ටන්ට. දැන් ගොට්ටෝ ආරක්ෂාව ඉල්ලනවා. වචනෙට ආරක්ෂාව ඉල්ලනවා නම් ගැහැව්වා නම් රටේත් නොසිට දුවයි.

:       6       2

ranjith Wednesday, 13 January 2021 03:19 PM

අපරාද කරලා අන්තිමට නතර වෙන්නේ පාර්ලිමේන්තුවේ. මේ අය අහිංසක මිනිසුන් කොයිතරම් පීඩාවට පත්කරලා ඇත්ද?

:       1       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 617 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1391 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1607 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 933 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 247 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2075 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site