(මොහොමඩ් බුහාර්ඩින්)
පැමිණිල්ලක් විභාග කිරිමට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිවැසි කාන්තාවකට ලිංගික අතවර කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අද (8) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල බේලියකන්ද ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදි එහි සිය දරුවා සමඟ තනිව සිටි 35 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළැයි ඇගේ සැමියා පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කර තිබිණි.
සිද්ධියට මුහුණ පෑ කාන්තාව දඹුල්ල මුලික රොහලේ ප්‍රතිකාර ලබන අතර ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කිරිමට නියමිතය.
මහජනයාට දුකක් කරදරයක් වු සැනින් පිහිට වන ගලේවෙල පොලිසිය මෙවන් වු නිලධාරින් මහජනයාට කරදර කිරිම පිළිබඳ තමා කණගාටු වන බවත් එවැනි වු නිලධාරින්ට තරාතිරම නොබලා නිතිය කි‍්‍රයාත්මක කිරිමට කටයුතු කරන බව පොලිස්ථානධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පැමිණිල්ල විභාග කරන්න ගිය කොස්තාපල් කාන්තාවට අතවර කරලා
OIC polgahaweka Thursday, 08 February 2018 08:56 AM
හරියට නිතිය ක්‍රියාත්මක කරන්න ඕන
පිටිගල මිලානෝ Thursday, 08 February 2018 09:37 AM
මේ ප්‍රදේශවල පිරිමි අසහනය වසංගතයක් ලෙස පැතිර යනවා.
Kaanthi Thursday, 08 February 2018 10:59 AM
හපොයි හොඳ වෙලාවට මෙතන පැමිණිල්ල කරලා තියෙන්නේ ගෙදර පිරිමියා. නැති නම් අර බමුණු කුලයේ මහත්වරු ටික කියාවි මේක කාන්තාවගේ සැලසුම් සහගත පලිගැනීමක් නිසා විද්‍යාත්මක දත්ත රැස් කරන්න ඕන කියලා. දැන් මෙතන පැමිණිල්ල පිරිමියෙකුගේ නිසා හපොයි වරදින්න විදිහක් නැහැ.
විමලාවතී Thursday, 08 February 2018 02:16 PM
මේක සත්‍යයක්ද බොරුවක්ද කියලා හොයන්න ඕනේ.
අචලා Thursday, 08 February 2018 02:19 PM
බොරු වෙන්න ඇති. කොස්තාපල් කෙනෙක් මොකටද එකපාරටම ගෑනු කෙනෙක්ට අතවර කරන්නේ මහ දවල් ඒ කාන්තාවගේ සැමියත් ගෙදර ඉන්න කොට? මට හිතෙන්නේ පෞද්ගලික කෝන්තරයක් වගේ.
chandana Thursday, 08 February 2018 04:58 PM
විශ්වාස කරන්න ඉස්සෙලා හිතලා බලන්න වෙනවා. දුෂ්කර පළාත් වල මෙවෑනි දේ නිතර සිදුවෙනවා.
Dulmi Thursday, 08 February 2018 08:05 PM
පොලිසියව සුද්ද කරන්න කලිනුත් හිතන්න වේවි. මේකේ කියලා නැහැ සැමියා ගෙදර ඉඳලා කියලා. ස්ත්‍රී අතවර වලට රෑ දවල් වෙනසක් තියන රටකද අපි ඉන්නේ. මහා දවල් බස් වල කාන්තාවන්ගේ ඇඟට හේත්තු වෙන පිරිමි කී දෙනෙක් ඉන්නවාද ? සමහරු ලංකාවේ නෙවෙයි වගේ ඉන්නේ. තමන්ගේ ගෙදර කෙනෙකුට මේ ටික වුනා නම් ?
Chaandani Thursday, 08 February 2018 09:59 PM
බමුණු කුලයේ නෙවෙයි කාන්ති. අපේ සමහරු සුඩානයේ නොදියුණු ගෝත්‍රික තත්වයට වැටිලා. පිරිමියාගේ පරම අයිතිය ගැහැණිය පරිහරණය කිරීමයි යන සාහසික සංකල්පය සහ ස්ත්‍රී දුෂණ සාධාරණිකරණය කිරීම ලංකාවේ විලාසිතාවක් වෙලා. අපිට පිරිමි දරුවන් හදා වඩා ගැනීමේදී ලොකු වගකීමක් තියෙනවා මේ සංකල්පය ඔවුන්ගේ හිතට නොවදින විදියට කටයුතු කරන්න.
mohamad Jifry Friday, 09 February 2018 12:32 AM
හරියට නිතිය ක්‍රියාත්මක කරන්න ඕන
rocky Friday, 09 February 2018 02:17 AM
අචලා, ඔබ කොහොමද දන්නේ ඒ අවස්ථාවේ කාන්තාවගේ සැමියා ගෙදර සිටි වග?
Sathyayaa Friday, 09 February 2018 03:01 PM
සමහරු මෝඩ ප්‍රශ්න අහන්නේ... ඒ වෙලාවේ සැමියා ගෙදර හිටියද කියලා...? සැමියා ගෙදර ඉඳිද්දී බිරිඳ දූෂණය කරන්න කොස්තාපල් මානසික රෝගියෙක් වෙන්න ඕනේ. අනික ස්වාමි පුරුෂයාව බැඳලා දාලා තමයි ඒ වැඩේ කරන්න ඕනේ. දුෂ්කර පළාත්වල දරුවන් ඉන්න තරුණ කාන්තාවකට පොලිස් ස්ථානයට ඇති දුරස්ථ භාවය නිසා සැමියා ගොස් ඒ පැමිණිල්ල කරන්න ඇති. නමුත් අපරාධයට අදාළ වන්නේ එය නොව මේ පොලිස් නිලධාරියා ඇත්තෙන්ම ඒ අපරාධය කළේද? යන්න වෛද්‍ය වාර්තා මගින් සනාථ කර ගැනීමයි.
Bamunuarachchi Saturday, 10 February 2018 05:31 AM
මේකත් අර පොරවෙන් කොටපු කතාවකට සමානයි. පොලිසියෙන් විභාගයට යන පොලිස් නිලධාරියා මේ හදිසියේ කාන්තාවට අතවර කරන්න ගියා කියන එක දෙසැරයක් නොසිතා විශ්වාස කරන මිනිස්සු සිටින මේ රටේ ඉන්න එක පුදුම විය යුතු නැත. මට මතක් වෙන්නේ කෝපිකඩයට එන අබිලින් ගොයියාවය. වාසනාවකට අපේ ගුරුවරු ප්රශ්නය පැති කීපයකින් බලන්න අපව පුරුදුකර තිබෙනවා. එමනිසා කියන්නා කෙසේ කීවත්, අසන මම විමසිල්ලෙන් ඒ ගැන සොයා බලමි. පැමිණිල්ල විභාග කරන්න ගියා... පොලිස් නිලධාරියාගේ ප්‍රශ්න කිරීම් තමන්ට අවාසිදායක බව පෙනුණා. පොලිස් නිලධාරියාට විරුද්ධව චෝදනාවක් දැම්මා. මෙය වෙන්න බැරිද? වාර්තාකරුවන් ජනතාවට කියවීමට කුතුහලය ඇතිකිරීමට වාර්තා සකසන බව දන්නේ නැත්ද?