IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාසලේදී අසනීප වූ දැරිය අටමස් ගැබිණියක්

 (අනීෂා මානගේ)

පාසලේදී හදිසියේ අසනීප වූ දහතුන් හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය වූ බව තංගල්ල මූලික රෝහල් ආරංචිමාර්ග කියයි.

රන්න ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දහතුන් හැවිරිදි දැරියක පාසලේදී හදිසියේ අසනීප වී තිබේ. 

පාසලේ ගුරුමණ්ඩලය විසින් දැරියගේ බාරකරුවන්ට කළ දැනුම්දීමකින් අනතුරුව දැරියගේ කුඩම්මා පැමිණ ඇය පාසලේ සිට පාසල් නිලඇඳුමෙන්ම තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. 

රෝහලේදී අනාවරණය වී ඇත්තේ බාලවයස්කාර දැරිය අටමස් ගැබිණියක බවයි. දැරියගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් ඇයට ශල්‍යකර්මයක් සිදුකර බිළිදා බේරාගෙන තිබේ. මේ පිළිබදව රෝහල් බලධාරින් හුංගම පොලිසියද දැනුවත් කර ඇත. 

අසාධ්‍ය තත්වයේ පසුවූ බාලවයස්කාර දැරිය මේ වන විට සුව අතට පත්වෙමින් පවතින බවද බිළිදා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි. 

මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ හුංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.බී.සී ප්‍රනාන්දු මහතා ඇතුළු නිළධාරිහු  විසින් රන්න කහදමෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම පුද්ගලයා බාල වයස්කාර දැරියගේ මාමා වන අයෙකු බව පොලිසිය කියයි. මොහු දැරියගේ නිවස ආසන්නයේ නිවසක පදිංචිව සිට ඇති බවද පොලිසිය කියයි. 


 



අදහස් (21)

පාසලේදී අසනීප වූ දැරිය අටමස් ගැබිණියක්

ලුම්බිණි Friday, 15 June 2018 05:00 AM

මේ වගේ මාමා කෙනෙක් ජීවිතේ ඉතුරු කාලය හිර ගෙදර ගත කලයුතුයි.

:       387       652

sumu Friday, 15 June 2018 06:40 AM

මස 8 ක් යනකම් ගෙදර මිනිස්සු දන්නේ නැහැ. ළමයා ගැන පුදුම සෙවිල්ලෙන් ඉඳල තියෙන්නේ

:       1       157

සේනක Friday, 15 June 2018 08:16 AM

අපේ පාසල් වලට ගිය කලක්, මරු වැඩේ ඉපදෙන්න කලින් ළමය ඉස්කෝලේ ගිහිල්ලද කොහෙද? ගුරුවරු දන්නේ නැහැ මාස අටක ගැබිණියක් ඉස්කොලේ එනවා කියලා. මම හිතන්නෙ යහපාලනයේ තියෙන නිදහස් අධ්‍යාපනය වෙන්න ඕනි. අනේ ඉතින්, අපේ නිදහස් අධ්‍යාපනය ලබන ඉස්කොල වලට මෙහෙම වෙනවා කියන්නේ රටේ අධ්‍යාපනයට අඹ සරණයි !

:       774       230

[email protected]Friday, 15 June 2018 09:52 AM

යහපාලනයයි මේකයි අතර තියන සම්බන්ධය මොකක්ද මහත්මය.

:       0       2

SiriMonday, 18 June 2018 09:36 AM

මේකට වගකිවයුත්තේ කලින් ආණ්ඩුව.

:       0       82

ධනුෂ්කFriday, 15 June 2018 02:10 PM

මේක නිදහස් අධ්යාපනයේ තියෙන ගැටලුවක් නෙමේ. මිනිසුන්ගේ තියන නොපනත්කම්, මිනිසුන්ගේ හැඟීම් පාලනය කල නොහැකිනම් වරදෙහි යෙදන්න කුමන තරාතිරමක හිටියත්.කිසිම සීමාවක් නෑ. පොලිසිය තුල මේ ළඟදි පිරිමි දරුවෙක් අපයෝජනයට ලක් වුනා. නීති රකින්න තියන තැන නීතිය නොදැනද? අනික මැර පාලන සමය තුල මේවා නොව්නා කියලද කියන්නේ

:       0       1

සතයපාල Friday, 15 June 2018 08:25 AM

මාස අටක දරූ ගැබක් සහිත අවුරුදු දහතුනක දැරියක් හඳුනා ගන්න බැරි තරමට ඔය පැත්තේ දෙමාපියෝ වැඩිහිටියෝ සහා ගුරුවරු ගුරුවරියෝ කන වෙලාද මන්දා ?

:       0       147

සතයපාල Friday, 15 June 2018 08:25 AM

මාස අටක දරූ ගැබක් සහිත අවුරුදු දහතුනක දැරියක් හදූණාගන්න බැරි තරමට ඔය පැත්තේ දෙමාපියෝ වැඩිහිටියෝ සහ ගුරුවරු ගුරුවරියෝ කන වෙලාද මන්දා ?

:       0       62

තුශි Friday, 15 June 2018 08:32 AM

අවුරුදු 13ක කුඩා දැරියකගේ උදර ප්‍රදේශයේ වෙනස් වීම කොහොමද මවකට හඳුනා ගැනීමට නොහැකි වුනේ.? තනිකරම නොසැලකිලිමත්කම... ගැබිනි අවස්ථාවේ පූර්ව ලක්ෂණ දැක්කත් නොදැක්කා වාගේ ඉන්න ඇති.... කුඩම්මනේ.

:       0       109

anura Friday, 15 June 2018 09:17 AM

දැරියගේ අනාගතය ගැන සලකා ඇයට මානසිකව හිරිහැර නොකරන මෙන් කාරැනිකව ඉල්ලා සිටිමි. ඇයට ආරක්ෂාව හා සහයෝගය ලැබේවා! දෙමව්පියනට හෝ ඇයට වරද පැටවීමෙන් ප්‍රශ්න විසදිය හැකිද?

:       0       461

ලුම්බිණි Friday, 15 June 2018 09:56 AM

මෙතන අදහස් දක්වන බොහෝ දෙනෙක් දැරියගේ වරද හෝ දෙමාපියන්ගේ වරද හෝ පාසලේ වරද හෝ යහ පාලනයේ වරද දකිනවා මිස මේ අපරාධය කරපු මිනිහගේ වරද දකින්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

:       0       1

lalithsjm Friday, 15 June 2018 10:09 AM

2006 මම සවුත් ඇෆ්රික ඉන්න කාලේ මේ වගේ දේවල් (පාසල් දැරියන් ගැබ් ගැනීම) හරි සුලභයි ඒ දවස්වල අපි හිතුව ඒ අතින් ලංකාව කොයිතරම් ශිෂ්ට ද අපේ සංස්කෘතිය කොයිතරම් හොදද කියල. එත් මේ පුංචි කාලෙට ඒ සිතුවිල්ල සම්පුර්ණයෙන්ම කණපිට නේ. මේවට ටෙලිවිසන් මාද්‍ය සම්පුර්ණයෙන් වග කියන්න ඕන පෙන්වන දේවල් ජනතාව අන්ද මන්ද කරවනවා. නෑදෑ කම් මිනිස් කම් අමතක කරවනවා. රටකරවන රජය මේ ගැන දැඩි අවධානය යොමු කල යුතුයි.

:       0       7

Sarasi Friday, 15 June 2018 10:51 AM

අපේ රට තරම් නෑදෑයන්ව දෙවියන්ගේ තත්වයට දමා විශ්වාස කරන තවත් රටක් නැතිව ඇති. විවාහක අක්කාගේ ගෙදර උදව්වට කියා යවන අවිවාහක නැගණියගේ පටන්, මාමලාගේ ගෙවල් වලට සෙල්ලම් කරන්න යන දැරිය දක්වාම අතවරයට පත්වෙනවා. හේතුව අපේ ජාතියේ අම්මලා දැන් අම්මලා නොව, තරුණ මදය ඉහටගහපු, අඩු වයසින් දරුවන් ඇති කරගත් තත්වයට පත් කාන්තාවන් වීමය. ඉතින් ලාබාල දැරියෝද ඔවුන්ගේ පාරේම යති. මම නම් මේවාට පිරිමින්ට පමණක් ඇඟිල්ල දික් කරන්නේ නැත. හේතුව මේ රටේ අම්මලා සමහරු තමන් අම්මාගේ භූමිකාව වත් නොදැන අම්මලා බවට පත්ව සිටින නිසාය. තමන්ගේ දියණිය ආරක්ෂා කරගන්න බැරි, ඇය ගැන වගේ වගක් නැති වූ අම්මා ගෙදර හිටියා විය නොහැක.

:       0       87

බද්රානි Friday, 15 June 2018 11:35 AM

ලිංගික අධ්‍යාපනය පාසැල තුළදී ලබා දෙනවාට, විරුද්ධ වෙන, සංස්කෘතිය කරපින්නාගත් උම්මන්තකයින් කුඩා දරුවෙකු, ගැබ්බර කුසක් සහිතව දැකීමෙන් සංවේදී, වෙනවාට වඩා, මෙවැනි දේවල් වැළැක්වීමට ගන්න පියවර වලට සහයෝගය දැක්වීම වඩා වැදගත් වෙනවා. අවාසනාවට අපේ රටේ මාධ්‍ය, සමාජ පෙර ගමන් කරුවන් වෙනවා වෙනුවට, සමාජයට පසුපසින් සිට මෙවැනි සිද්ධි පල කිරීමෙන් කිසිවෙකුට හෝ පලක් නැත. සිදුවෙන එකම දෙය තමන් සුද්ධවන්තයින් යයි සිතා අනෙකාට බැන වදිමින් සමාජයම ප්‍රකොපකාරීත්වයට පත් කිරීම පමණයි.

:       0       32

Samathasena A . Aluthgama Friday, 15 June 2018 12:40 PM

" දියණිය මෙන් හිටිය මේ සුරතල් දරුවා " " නරුම කෙනෙකු මේ අපරාධය කෙරුවා " " අම්මා පල්ල දෙන්නට දඬුවම් නැතුවා " " සිපිරිගෙයට පන්නමු මේ මිසදිටුවා "

:       0       119

ජගත් ලියනගේ Friday, 15 June 2018 01:48 PM

මම දකින්නේ මේ ප්‍රශ්නය වෙනස් විදියට... ලංකාවේ ලිංගික අධ්‍යාපනය හරිම පහත් මට්ටමක තියෙන්නේ. වෙනත් බොහෝ රටවල් වල පොඩි වයසේ (අවුරුදු 10) ඉඳන් ශරීරයේ සිදුවන හෝමෝන වෙනස් වීම කියලා දෙනවා. ඕවාගැන මීට වඩා සොයා බලා සුදුසු පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න කාලේ හොඳටම ඇවිල්ල තියෙන්නේ...

:       0       2

SUS Friday, 15 June 2018 01:49 PM

කියන්නට කණගාටුයි, නෑදෑයින් විශ්වාස කර, පොඩි ගැහැණු ළමයි ගෙවල්වල තනිකර, මැද පෙරදිග යන අම්මලාගේ දියණිවරුන් කොපමණ ප්‍රමාණයක්, සමීපතයන් අතින් මෙසේ වෙනවා ඇද්ද? බොහෝ සිද්ධීන් මාධ්‍යයට ආවරණය නොවනවාත් ඇති. මා දන්නා පවුලක මැදපෙරදිග ගිය අම්මා කෙනෙකුගේ ලාබාල දියණියට දරුවෙක් ලැබුනේත් එහෙමයි. ඉපදුන දරුවාට වෙච්ච දෙයක් නැහැ. අම්මලා ළඟ නැති, නිසි ආරක්ෂාවක්, හව්හරණයක් නැති ළමයි, මෙවැනි පිරිමින්ගේ ගොදුරක් වෙන එක අහන්නත් දෙයක්ද?

:       0       5

Perumal Friday, 15 June 2018 02:06 PM

තංගල්ලෙනෙ. පුදුම වෙන්න දෙයක් නෑ. හිටපු ලොක්කගෙ ගෝලයෙක් සෙන්චරියක් ගහල පාටියක් දුන්නෙත් ඔය පැත්තෙනෙ.

:       1       0

thejMonday, 18 June 2018 11:09 AM

සමාවෙන්න සර්... ඔයාගේ ගමේ ඉන්නේ පව්කාරයන්ට ගල් ගහන්න ... සුදුසුකම තියෙන ඉතාම පිරිසිදු ගුණගරුක මිනිස්සුද? දැනගන්න අහන්නේ... අපේ දරුවෝ වෙනුවෙන් ඉඩම් කෑල්ලක් අරගන්න.

:       0       66

ධනුෂ්ක Friday, 15 June 2018 04:14 PM

මෙම සිදුවීමත් තව ටික දිනකින්,... වෙබ් අඩවිවලයි. පුවත්පත් වලයි... මෙය සිද්ධ වූ අාකාරය මුල සිට අග දක්වා රසවත් කර අතිශෝක්තියකින් පල කරාවි. එය සංකල්ප රූප මවමින් රසවිඳින අයද සිටියි. එවිට ඔවුන් හැදෙනවට වඩා තමන්ද මෙවැන්නක් කරීමට පොටක් සොයයි. මෙය තමා අැත්ත... සමහර මිනිසුන් ඉතාමත් විකෘතියි. මේවා සිදු කරන්නේද දඬුවම් ලැබෙන බව දැන දැනය. ලිංගික අධ්‍යාපනය පමණක් නොවේ... හැම අංශයක්ම මීට එරෙහිව වගකීමෙන් කටයුතු කළ යුතුයි. මත්උවදුර පිළිබඳ පාසල තුල අධ්‍යාපනය ලබා දුන්නට කෝ වැඩක් තියනවද? ඔය යසඅගේට 10 වසරේ කොල්ලොත් වෙන මොකුත්ම නැත්නම් දිව යට දුම්කොළ හරි තියන්නේ. කෙතරම් භයානකද?

:       0       2

kalani Saturday, 16 June 2018 04:39 AM

ඉගෙනගන්න... ඉගෙනගන්නේ මොනවාද? ඉගෙනගන්නේ කෙසේද? අමරශක්ති නම් මහරජුට දාව උපන් මුග්ධ වූ බහුශක්ති, උග්‍රශක්ති, අනන්තශක්ති යන කුමරුන් තිදෙනාට ශාස්ත්‍ර ඉගැන්වීමට විෂ්ණු ෂර්මන් පඬිවරයා ලියු පංච තන්ත්‍රයෙන් අප පටන් ගත යුතුය. ලිංගික අධ්‍යාපනය ඉගැන්වීම සංකෘතික මුගුරෙන් තලා පෙලා යටපත් ඇති නිසාය. හෝමෝන, මොළය සහ චර්යාවන් පිරිමි සහ ගැහැණු මොලයේ ඇති කරන චලනයන් සත්‍ය සහ ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින් අප දරුවන්ට ඉගැන්විය යුත්තේ එම ක්‍රියාකාරිත්වයේ ස්වභාවයයි. අවුරුදු 13 ක ළදැරියක් ගැබිනියක් බවට පත්වීමේ පාපය ඇය වෙත පැවරීම කිසිසේත් සුදුසු නොවේ. මිදුලට විවර වූ කුඩා ඍජුකෝණාශ්‍රකාර ජනේලයක වපසරිය තුලද අනාරක්ෂිත, හුදකලා වූ කුසගින්නෙන් පෙලෙන , ගොදුරු සොයන මහලු දඩයක්කාරයින් සිටින බිමක අහිංසකයකුගේ ඉරණම තීරණය කරන්නේ අයට අවාසනාව, අපවාදය, ත්‍යාගයක් ලෙස පිරිනමමිනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 392 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 810 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 624 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1462 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2945 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1896 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site