IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා තීරුබදු රහිත වාහන බලපත් අරන්

(ඩයනා උදයංගනී)
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍ර 228ක් නිකුත් කර ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලූ දෙනා තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍රයෙන් වාහන ලබාගෙන ඇති බවත් සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
 
එම අවස්ථාවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ අගමැතිවරයා, කතානායකවරයා ඇතුළුව මෙතෙක් වාහන නොගත් පිරිසක් ද සිටින බවයි. 
 
අමාත්‍යවරුන් මේ බව පැවසුවේ  රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම ඇතුළු තීරණ කිහිපයක් රජය විසින් ගනු ලැබුවේ සියලූ මන්ත‍්‍රීවරුන් වාහන ලබාගෙන අවසන් වූ පසුව බවටත්, එයින් පහරක් එක්ක කර ඇත්තේ රාජ්‍ය සේවකයින්ට බවටත් නැගෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
 
එහිදී පළමුව පිළිතුරු ලබාදුන් රාජිත සේනාරත්න මහතා එම බලපත‍්‍රය භාවිතා කළ මෙන්ම නොකළ අය ද සිටින බවත්, තමා තමන්ගේ බලපත‍්‍රය ලබාගත් බවත් කීවේය.
 
එම තීරුබදු සහිත බලපත් හිමි රජයේ සේවකයින්ගෙන් 8000ක් පමණ එය ලබාගෙන ඇතැයි කී රාජිත සේනාරත්න මහතා තවත් හත්දහස් ගණනක් ලබාගැනීමට සිටින බව ද කීවේය.
 
එම අවස්ථාවේදී ගයන්ත කරුණාතිලක මහතාද අදහස් දැක්වීමට එක්වූ අතර ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ සියලූ දෙනා බලපත‍්‍රය ලබාගෙන ඇති බවත්, තමන් පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා බැවින් ඒ ගැන පැහැදිලිව දන්නා බවත්ය.
 
එසේ වුවත් අමාත්‍යාංශවලට ගෙන ඒමට නියමිතව තිබූ වාහන ගෙන ඒම අවලංගු කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
 
තමාගේ අමාත්‍යාංශයේද මේ වන විට භාවිතා වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ සමයේ අමාත්‍යාංශයට ලබාගත් වාහන බව ද ගයන්ත කරුණාතිලක මහතා  කීවේය.
 



අදහස් (27)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා තීරුබදු රහිත වාහන බලපත් අරන්

Thilina Wednesday, 03 October 2018 04:12 PM

ඇත්තටම මේ මිනිස්සු කාවද මේ රවට්ටන්නේ? ලක්ෂ 62 මේවාට රැවටුනාට හැමෝම අහු වෙන්නේ නැහැ

:       597       1717

සතයපාල Wednesday, 03 October 2018 04:42 PM

ඒකනේ තහනම් කෙරුවේ. දැන් ප්‍රශ්ණයක් නැහැ නොවැ.

:       154       280

Janu Wednesday, 03 October 2018 05:07 PM

අපි ඉනේ පටි තද කරගන්නම්.., 225 දෙනා වාහන පටි තද කරගන්න..

:       0       46

rohana Wednesday, 03 October 2018 05:10 PM

එතකොට මේ කෑ ගහන ජෙප්පෝ, පොහොට්ටුකාරයෝ ඔක්කොම අරගෙනද? විශේෂයෙන් අර තුම්මුල්ලේ විමලේ සහ ගන්දම්පිල එහෙමත් මේක අරගෙනද?

:       2       106

Perera Wednesday, 03 October 2018 05:46 PM

බලාගෙන යනකොට ලෝකේ විශාලම ගව පට්ටිය තියෙන්නේ ලංකාවෙනේ.

:       0       33

OMG Wednesday, 03 October 2018 06:52 PM

ගත්ත අයගේ නම් ගම් හා වර්තමාන අයිතිකරු වන්ගේ නාම ලැයිස්තුව පවා සමාජ ජාල වල පැතිර ගියා. එක බොරුවක් වහන්න තව බොරු දාහක් කිව්වත් මදි.

:       0       16

සනත් Wednesday, 03 October 2018 07:01 PM

විදේශ මුදල් සංචිතය හිදෙන එක වලක්වන්න මේ වගේ පිළියම් යෙදුවෙ නැත්නම් තව අවුරුදු කිහිපයකින් රටේ ආර්ථිකය කඩා වැටිලා වෙනිසියුලාවේ වගේ වුනොත් පාන් රාත්තලක් ගන්න රුපියල් 50000ක් වියදම් කරන්න වෙයි.

:       8       17

lalith Wednesday, 03 October 2018 11:45 PM

නොදී කොහොමද ? අනික් පැත්තට පනිනවනේ? සුවච කීකරු සේවකයන්ගේ පඩි වැඩිකරනවා වගේ නේද?

:       0       6

Raveendra Thursday, 04 October 2018 01:03 AM

මේ අය හිතන්නේ කියන කියන සියල්ල හිස මුදුනින් අපි පිළිගන්නවා කියලද?

:       0       3

Bamunuarachchi Thursday, 04 October 2018 01:23 AM

"ඒකනේ තහනම් කෙරුවේ. දැන් ප්‍රශ්ණයක් නැහැ නොවැ." මේ හැටදෙකෙන් එකක්.

:       2       11

රවින් Thursday, 04 October 2018 01:36 AM

වේලපහින්ම දැනගත්තා ඉස්තාලයේ දොර වහන්නේ අස්සයෝ ටික ගියාට පස්සේ කියලා. මේ අය කාවද රවට්ටන්නේ? ආණ්ඩුවේ පඩිගන්න ආර්ථික උපදේශකයෝ කීදෙනෙක් ඉන්නවද?

:       0       15

maaraya Thursday, 04 October 2018 01:47 AM

මිනිස්සුන්ගේ කතිරයෙන් පත්වුන මෙම පිරිස කියවන රැස්වීම් අහන්න බලන්න තවමත් යනවනේ. අනේ හැබැට මාධ්‍ය වේදීන්ටත් බැරිද මේ රැස්වීම් වර්ජනය කරන්න. එතකොට බොරු අහන්න, පත්තරවල බලන්න විදිහක් නැහැ නේ. ඊළඟ පාර කතිරේ ගහනකොට මුද්දරයක අත්සන්කරලා ගිවිසුමක් දුන්න කෙනෙක්ට විතරක් ඡන්දෙ දෙන්න. ගිවිසුමේ දාන්න, ගිවිසුම පිළිපැදුවේ නැත්නම් ඊළඟ දිනයේම ඉල්ලා අස්වෙන බවට සහ ලබාගත් වරප්‍රසාදවල ගෙවීමක් කරලා යන්න ඕන කියලා.

:       0       34

Reality Check Thursday, 04 October 2018 02:00 AM

එම බලපත්‍ර කෝටි ගණන් ලාභ තියාගෙන විකුණු අයට වහාම තීරු බදු ගෙවීමට නියෝග කල යුතු වේ. බලපත්‍රය දුන්නේ වාහනයක් අරගෙන පාවිච්චි කරන්න. බලපත්‍රය විකුණලා එක දවසින් කෝටි ගණන් බෝනස් ගන්න එක බරපතල වංචාවක්. හොරකමක්. විගණන දෙපාර්තමේන්තුව නිහඬ ඇයි? මහජනතාවගේ මුදල් නේද? මම හිතනවා නාගානන්ද මහතා එම බලපත්‍ර විකුනපු සියලු අයගේ නම් ලැයිස්තුවක් ඉතා ඉක්මනට මහජනතාවට පෙන්වයි කියලා.

:       1       43

Rasi Thursday, 04 October 2018 02:49 AM

ඇත්තටම මේ මිනිස්සු රට පාලනය කරන්න දන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ යමක් ප්‍රශ්න කල විට, ඒක මම අරගෙන නැහැ, නැත්තම් අරයා අරගෙන නැහැ, ඒ වගේ උත්තර දීලා අර ඒගොල්ලන්ව රකින්න ඉන්න 62 හරි 58 ට ගහගන්න, මරා ගන්න අදහස් ටිකක් දෙන එක. මම ඇත්තටම වෙනත් රටක ජීවත් වෙන්නේ. මේ රටේ අදාල ඇමතිවරයාගෙන් යමක් විමසු විට, ඔහු දෙන උත්තර බැලුවම පුදුම හිතෙනවා ඔවුන්ට තමන්ගේ ක්ෂේත්‍රය ගැන තියෙන දැනුම ගැන. ඒකට අපේ රටේ, ඩොලරය ගැන ඇහුවම, ට්‍රම්ප් ගැන කියනවා. අපරාද ගැන ඇහුවම, මහින්ද යුගය ගැන කියනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැන ඇහුවම, නියගය ගැන කියනවා. රටේ වවන් නැත්තේ ඇයි කියලා ඇහුවම, වහින් නැහැ කියනවා. අන්තෝ ජටා බහි ජටා!

:       0       48

දිලුම් Thursday, 04 October 2018 03:09 AM

ඔක්කොම වරප්‍රසාද ටික ලබාගෙන රුපියලේ අවප්‍රමාණෙටත් රාජ්‍ය සේවකයාගෙන් වන්දි අයකර ගත්තා. වාහනෙත් පිනටම අරන් දැං රටේ මිනිස්සු රවට්ටනවා බොරු කිය කිය.

:       0       21

suran Thursday, 04 October 2018 03:25 AM

ඒත් ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය නම් ගන්නේ නැතුව ඇති. මොකද එයාලා හදවතින්මනේ ජනතාවට සේවය කරන්නේ. රහසින්වත් වරදක් කරන්නේ නැහැ කියලනේ කියන්නේ.

:       0       20

ලුම්බිණි Thursday, 04 October 2018 03:35 AM

තීරුබදු රහිත වාහන ආනයන බලපත‍්‍ ක්‍රමය සම්පුර්ණයෙන්ම නැති කල යුතුයි. මොකද රටේ එක කොටසකට පමණක් වරප්‍රසාද? මේ අය රටට වීදේශ විනිමය කොපමණ උපයල දීලා තියෙනවද?

:       0       272

jaya Thursday, 04 October 2018 04:08 AM

හරි $200,000 x 225 = $45 M $20,000 x 8000 = $160M $20,000 x 7000 = $140 එකතුව $345M පළාත් සභා වල ඉන්න මන්ත්‍රීලාගේ බලපත්‍ර එකතු කරපුවම රුපියල බාල්දු කරලා තියෙන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන් නේ

:       0       47

thusitha Thursday, 04 October 2018 04:44 AM

228 වුනේ කොහොමද? පාර්ලිමේන්තුවේ ආසන තියෙන්නේ 225යි නේද ?

:       0       0

Dissanayaka Thursday, 04 October 2018 06:17 AM

පර්මිට් එක වෙන කාටවත් විකුණන්න බැරි වෙන්න නීති ගෙන්න ඕනේ. පෙර්මිට් එකෙන් ගෙනාපු වාහනයක් නැවත විකුන්නවනම් දුන් බදු සහනය නැවත රජයට අයකර ගන්න ඕනේ.

:       0       118

Perakum Thursday, 04 October 2018 10:55 AM

ඉස්සර කාලේ නම් එහෙම නීතියක් තිබුණ. එත් දැන් අපි ඒවා අපිට ඕන විධියට හදාගෙන තියෙන්නේ.

:       0       12

Perakum Thursday, 04 October 2018 10:59 AM

ඔය කියන ලක්ෂ 62 නම් දැන් 26 ට විතර බැහැල. ඒත් ඉතින් අපි ඊළඟට තෝර ගන්නෙත් ඒවගේම මගෝදිස්ල කට්ටියක් තමයි.

:       0       40

OMG Friday, 05 October 2018 05:10 PM

දිසානායක මහතාණනි, එහෙම වෙයිද? දවල් හීන දකින්න එපා.

:       0       12

Chanak Los angeles Friday, 05 October 2018 09:28 PM

අනිත්‍ය මෙනෙහි වනතුරු සියලු සත්වයෝම සංස්කාර රැස් කරති ..

:       0       12

bandula Saturday, 06 October 2018 12:47 PM

මන්ත්‍රිවරයෙකුට රාජකාරිය සඳහා සුදුසු වාහනයක් අත්‍යවශ්‍යයි. බලාපත්‍රයක් දිය යුතුය. නමුත් වටිනාකම නියම නොකර සුඛෝපබෝගී වාහන ගෙන්වීම සඳහා බලාපත්‍රයත් විකුනනවා. ජවීපෙ භාවිතා කරන ටොයෝටා කැබ් රථය අනිත් අයටත් හොඳටෝම ඇති. එය සුඛෝපබෝගී වාහනයක් නොවේ. බලාපත්‍රය තාවකාලිකව නැවතීම අස්වයා ගියාට පසු ඉස්තාලය වැසීමකි.

:       0       17

dadibidis Thursday, 11 October 2018 08:41 AM

මේ වන විට තීරු බදූ රහිත වාහන බලපත් ගත්තු හැමෝටම පලදේවි...

:       0       405

padda Thursday, 11 October 2018 10:14 AM

ජනතාව ඉන්නේ කොච්චර හිතේ අමරුවකින්ද කොච්චර කෙන්තියකින්ද?

:       0       74

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 915 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 117 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 362 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 782 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 251 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 316 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site