IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් හෙටට කල් යයි

(තරිඳු ජයවර්ධන,  තිළිණි ද සිල්වා සහ බිඟුන් මේනක ගමගේ) 

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරිනු ලැබීමට එරෙහිව අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් කැඳවීම හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට අධිකරණය අද නියෝග කළේය.
 
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලමින් අද උදේ පෙත්සම් 12ක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර නීතිපතිවරයා පැමිණෙන තෙක් එම පෙත්සම් කැඳවීම අද සවස 2 දක්වා කල් තබා තිබිණි.
 
ඒ අනුව අද පස්වරු 2.10ට පමණ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරියේදී නඩුව යළි කැඳැවිණි.  පෙත්සම් 12න් පෙත්සම් අටකට අදාලව කරුණු දැක්වීම අද පස්වරු 5.20 පමණ වන තෙක් සිදු කෙරිණි.
 
ඉන් පසු අදට පෙත්සම්වල කරුණු විමසීම නතර කරළ අතර යළිත් වරක් හෙට උදේ 10ට පෙත්සම් යළි කැඳවීමට අධිකරණය නියම කළේය.
 
මෙම පෙත්සම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දුන්නේය.
 
දෙමළ ජාතික සන්ධානය , එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ප්‍රගතශීලි සන්ධානය    ඇතුළු පක්ෂ ද පුරවැසියන් කිහිප දෙනෙක් ද මෙම පෙත්සම්  ගොනු කරනු ලැබ තිබිණි.

නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙම පෙත්සම්වලින් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම විභාගය ගැනීමට අවසර දෙන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් වන තෙක් මැතිවරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරුවෝ ඉල්ලා සිටියහ.

පෙත්සම් විභාගය දැක බලා ගැනීමට මැති ඇමැතිවරු, නීතීඥවරු, මාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක් අධිකරණයට පැමිණ සිටියහ.


( තිළිණි ද සිල්වා සහ ළහිරු හර්ෂණ )

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු  පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 11 ක් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබේ.

මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය විමල්  වීරවංශ , එක්සත් ජාතික පක්ෂයෙන් මංගල සමරවීර,  දෙමළ ජාතික සන්ධානයෙන් ඒම්.ඒ සුමන්තිරන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙලෙස පෙත්සමක් ගොනු කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (79)

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් හෙටට කල් යයි

ajith Monday, 12 November 2018 05:03 AM

මේකෙන් එකක් පැහැදිලි වුණා. ඒ තමයි අගමැති මාරු කිරීම නිත්‍යානුකුලයි කියන එක හැමෝම පිළිගන්න බව. නැත්නම් ඒකටත් උසාවි යන්න තිබුනා

:       16134       16062

PREMARATHNE Monday, 12 November 2018 05:20 AM

හැම සුළු පක්ෂයක්ම ජාති වාදී, එනිසා මහා ජාතිය එකමුතු කරන්න වැඩ පිළිවෙලක් පන්සල් වලින් ඇති කල යුතුය .

:       5321       5228

චන්දන Monday, 12 November 2018 05:27 AM

මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම උදෙසා අනිවාර්යයෙන්ම කළයුතු ජාතික මෙහෙවරකි.

:       385       2730

Sanath KandyMonday, 12 November 2018 06:46 AM

ප්‍රජාතන්ත්‍රවාදයට හැම විටම හානි කරන විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට ජවිපෙ ඉදිරිපත් කරන මතය තහවුරු වුනා. පාර්ලිමේන්තුව විසුරුවේ 20 වන සංශෝධනයට බයේ වෙන්නත් පුළුවන්.

:       1314       1327

BamunuarachchiMonday, 12 November 2018 07:54 AM

ජේවීපිය ඝෝඨාභයට බයේ ජනාධිපති බලතල නැති කරන්නයි ඉල්ලන්නේ...

:       820       869

JayanthaMonday, 12 November 2018 09:22 AM

බමුණුආරච්චි ඒ භය කියන වචනය ඇතුලේ බොහෝ දේවල් කියවෙනවා. භය අය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරයි.

:       657       611

[email protected]Monday, 12 November 2018 01:06 PM

අපට සතුටුයි බමුණු ඔබ වන්දනා කරන නායකයා බලයට පත් වුවහොත් බිය විය යුතුයි යන්න ඔබම පිළිගැනීම... නමුත් එක් දෙයක් වටහා ගන්න. මේ 21 වැනි සියවස. ලෝකය මානව හිමිකම් අයිතිවාසිකම් අාදියෙන් ගොඩක් දියුණුයි. ඔබතුමාලා සහ ඔබගේ නායකයින් අනුගමනය කරන පාලනය ගැලපෙන්නේ ගල් යුගයට... දියුණු ශිෂ්ඨාචාරයකට එය ගැලපෙන්නේ නෑ. එහෙම වුණොත් ලෝකයා තව දුරටත් අප නොදියුණු, ම්ලේච්ඡ, තවත් පරිණාමය නොවූ හෝමෝ සාපියන් ජාතියක් ලෙස නොලකනු අැත.

:       3       510

Chandana-Australia Monday, 12 November 2018 05:44 AM

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කර මෙම නීති විරෝධී පාර්ලිමේන්තු විසුරුවාලීම අත්හිටවනු ඇති මම උදෙක් බලාපොරොත්තු වෙමි.. රට තුල නැවත ප්‍රජාතන්ත්‍රවාදය ඇති වේවා

:       2100       4248

Chrs Monday, 12 November 2018 06:11 AM

තීරණය ඉතාම පැහැදිලියි. සාමාන්‍ය අවබෝධයට අනුව හැමෝම ජනතාව ඉදිරියට යන්න! මැතිවරණය සාධාරණව පවත්වන්න! ඉන්පසු බහුතරයෙන් ආණ්ඩුව පිහිටන්න! මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න !හොරකම් නොකරන්න!බඩගෝස්තර හා පවුල් වාදයට තිත තබන්න !

:       4022       2064

sam Monday, 12 November 2018 06:17 AM

ඒක නම් ඇත්ත. අගමැති මාරු කරාම ඇයි උසාවි නොගියේ කියන කතාව දැන්නම් ලොකුවට හිතන්න වෙනවා. අනික් පැත්තෙන් ඇයි මේ මිනිසුන් මෙච්චර ඡන්දදායකයන්ට බය? මේ ප්‍රශ්නය සියලුම ඡන්දදායකයන් ඇසිය යුතුයි. පාර්ලිමේන්තුවත්, විධායකයත් අන්තිමට වගකියන්න ඕනා ඡන්දදායකයන්ට. ඒ බව අමතක කරලා හෝ උවමනාවෙන් මග ඇරලා ඡන්දය නවත්වන්න හදන්න එපා.

:       5212       2595

PereraMonday, 12 November 2018 06:35 AM

මේගොල්ලෝ ජනතාව ඉස්සෙරහට යන්න බය ඉතින් ගියසැරේ වගේ වංගු දාල මේ සැරේ දිනන්න බැරි නිසානේ.

:       1288       707

Sanath KandyMonday, 12 November 2018 07:00 AM

උසාවි නොගිහින් පාර්ලිමේන්තුව තුලම මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්කම තිබුන නිසයි අගමැති අයින් කළ වෙලාවේ උසාවි නොගිහින් පාර්ලිමේන්තුව කැඳවන්න බල කළේ. පාර්ලිමේන්තුව විසිරවූ පසු ඒ අවස්ථාවත් අහිමි වුන නිසයි උසාවි යන්න වෙලා තියෙන්නේ.

:       244       1806

sandy123 Monday, 12 November 2018 06:28 AM

අජිත්, මම නීති ඔස්තාර් කෙනෙක් නෙමයි. නමුත් මගේ දැනීම අනුව අගමැති මාරු කිරීම නිත්‍යානුකුල නැහැ. උසාවියට ගියේ නැත්තේ පාර්ලිමේන්තුව උත්තරීතර නිසා. පාර්ලිමේන්තුව කල් තබලා විතරයි තිබුනේ. දැන් පාර්ලිමේන්තුව විසුරුවලා. ඉතින් උසාවි යන්නේ නැතුව කොහේ යන්නද? මම වැරදිනම් කරුණාකර වටහලා දෙන්න. ස්තුතියි.

:       265       2053

HafeelMonday, 12 November 2018 07:12 AM

මමත් ඔබගේ අදහසට එකඟ වෙනවා. මොකද්ද අගමැති මාරු කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට. 2005 දී මෛත්‍රී විසින් රනිල්ව අගමැති කළ එක වැරදි. නමුත් ඒ වකවානුවේ රාජපක්ෂ කණ්ඩාම නිහඬව හිටියේ, ඔවුන්ට විරුද්ධව තිබන අපරාධ චෝදනා රාශිය නිසා.

:       263       1045

savanthMonday, 12 November 2018 07:59 AM

රාජපක්ෂ කණ්ඩායම නිහඬව සිටියේ නැහැ. ඔවුන් කතානායකට දීපු ලියවිලි බාරගන්න බැහැ කිව්වා. ඒ වෙලාවේ අත, අලියා, ජේවීපී සහ දෙමල සන්ධානය එකතුවී ඒකාබද්ධයට විරුද්ධව ඡන්දෙ දුන්නා. කතානායකගේ පක්ෂග්‍රාහීකම නිසා තමයි එදත් අදත් වියවුල් ගොඩකට මුල පිරුණේ...

:       1556       576

NissankaMonday, 12 November 2018 09:31 AM

එදා කතානායක චමල් රාජපක්ෂ කියලා මෙයාට අමතක වෙලා. අනිත් එක කවදාවත් ජවිපෙ පාර්ලිමේන්තුවේදී රනිල් අගමැති කරන්න ඡන්දය දීල‍ා නෑ. රනිල්ට එරෙහිව විශ්වාසභංගයේදී නම් ඡන්දය දුන්නා.

:       9       612

pereraMonday, 12 November 2018 07:17 AM

ඔබ හරියටම හරි. ඒ වෙලාවේ උසාවි ගියත් තීන්දුව වෙන්නේ පාර්ලිමේන්තුවෙන් බහුතරය පිලිබඳ ප්‍රශ්නය විසඳා ගන්න ලෙසයි. ඒ වෙලාවේ කරපු වැඩෙත් ව්‍යවස්ථා විරෝධියි.

:       20       282

masthanMonday, 12 November 2018 07:19 AM

පාර්ලිමේන්තුව උත්තරීතර නැ. 2/3 හදපු ව්‍යවස්ථාව තමයි උත්තරීතරම. පාර්ලිමේන්තුව, විධායකය, අධිකරණය ස්වාධීනයි. උසාවියට ගියේ නැත්තේ උසාවියෙන් විධායක ප්‍රශ්නය විසදන්න බැරි නිසා. පාර්ලිමෙන්තුවෙනුත් විසදන්න බැ. ජනාධිපතිගේ ප්‍රශ්නයක් තියෙනවනම් 2/3 විශ්වාසභෝගයක් ගෙන්න ඕන.

:       453       327

යාළුවා Monday, 12 November 2018 07:30 AM

අගමැති මාරු කිරීම නිත්‍යානුකුල නැතිනම් යන්න ඕනැ අධිකරණයට... පාර්ලිමේන්තුවට නොවේ

:       740       347

ධනුෂ්කMonday, 12 November 2018 01:48 PM

යාළුවා... අධිකරණයට වඩා උත්තරීතර පාර්ලිමේන්තුව. ජනපතිට පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය අැතැයි හිතෙන කෙනා අගමැති ලෙස පත් කළ හැකි වුවත්, අාණ්ඩුවේ කටයුතු ඉදිරියට කරගෙන යාමට සරල බහුතරය වුවමනා වේ. මෙවැනි අවස්ථාවක අගමැති තේරිමට පාර්ලිමේන්තුව රැස්කර බහුතරය බැලීම පමණක් සෑහේ. නව අගමැතිට බහුතර නැතිවේදෝ යන සැකය මත තමයි පාර්ලිමේන්තුව විසුරුවේ. එය අධිකරණයේදී විමසිය යුතුයි. හැබැයි දෙපැත්තේ මේ කවුරුත් බලයට පොර කන්නේ රටේ හෝ ජනතා සුබ සිද්ධියට නම් නොවේ.

:       0       135

asokaMonday, 12 November 2018 08:14 AM

ඔබ නොදන්නවා වුනාට, ලංකාවේ ව්‍යවස්ථාව අනුව උත්තරීතර පාර්ලිමේන්තුව නොවේ ජනතාවයි. ඒක නිසා රටෙන්ම පත්වෙන ජනධිපති, පාර්ලිමේන්තුවට වඩා උඩින් තියල තියෙනවා

:       777       473

විජයMonday, 12 November 2018 10:11 AM

අජිත් ගොන් කතා කියන්න එපා. ඔයා නින්දෙන් නැගිට්ටේ දැන්ද? අගමැතිවරයා පත් කරපු වෙලාවේ උසාවි යන්න ඕනෑවුනේ නැහැ. ඔයාට මතකද ඒක හරිද බලන්න පාර්ලිමේන්තුමේ බහුතරය බලන්න හැදුවා. ඊට කලින් ආණ්ඩුව විසුරුවා හැරපු නිසා. ඒක කරන්න බැරිවුණා. ඔයා හිතනවද උසාවි නොගියපු නිසා ඒක හරි කියලා. මට එකක් තේරුණා. ඒ තමයි ඔයා දාගෙන ඉන්න කණ්නාඩියේ පාට මොකද්ද කියලා. ප්‍රභාකරන් හැර වෙන ඕනෑම කෙනෙක් මහජන ඡන්දෙන් මේ රටේ නායකයා වෙනවා නම් ඒකට ගරු කරන්න පුරුදුවෙන්න. එහෙම නැතිව කැරම් බෝඩ් එකේ ඉත්තෝ වගේ එකඑකාගේ වුවමනාවට මේ රට හිතෙන හිතෙන වලවල් වලට දානවට මම කැමති නැහැ. අපි ප්‍රභාකරන් ගැනත්, විජේවීර ගැනත්, රනිල් ගැනත්, මහින්ද ගැනත්, මෛත්‍රි ගැනත් හොඳටම දන්නවා. ඒක නිසා ඔය වගේ ගොන් කතා කියන්න එපා... මොකද පාසැල් යන ළමයි කමෙන්ට්ස් නොදැම්මාට මේවා කියවනවා. ආදර්ශමත් වෙන්න ට්‍රයි කරන්න..

:       5       293

HafeelMonday, 12 November 2018 12:07 PM

සවන්ත්, ඔබට පැටලවිලා. 2015 ජනවාරි 9 රනිල් අගමැති ලෙස දිවුරුම් දෙනකොට සහ ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරණ තුරුණු කතානායක චමල් රාජපක්ෂ. තවද ඒ පාර්ලිමේන්තුවේ එ්කාබද්ධයක් තිබුණද? ඒකාබද්ධය බිහිවුනේ 2015 සැප්තැම්බර් අලුත් පාර්ලිමේන්තුවේ. ඒ නිසා සවන්ත්ට ලයික් කරපු අයත්, ලයික් කරන්නට කලින් හොඳින් අධ්‍යයන කරලා බලන්න.

:       0       16

ලකිත් ශ්‍යාමන් Monday, 12 November 2018 06:36 AM

අජිත් මහතා, මේකෙන් අගමැති ඉවත් කිරීම නීත්‍යානුකූලයි කියලා කොහෙත්ම කියවෙන්නේ නෑ. දේශපාලන විද්‍යාව තුල පාර්ලිමේන්තු ක්‍රමයේ තියෙන එක් වැදගත් සිද්ධාන්තයක් තමා පාර්ලිමේන්තුවට අදාල කරුණක් විසදීම සදහා අධිකරණයට යා යුත්තේ එය පාර්ලිමේන්තුව තුල විසදා ගැනීමට නොහැකිනම් පමණි කියන කාරණය. අගමැති රනිල් හැමවෙලේම කිව්වේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට පුලුවන් පාර්ලිමේන්තුව කැදව්වොත් ඒ නිසා පාර්ලිමේන්තුව කැදවන්න කියන කාරණය. දැන් පාර්ලිමේන්තුවට අදාල කාරණයක් පාර්ලිමේන්තුවෙන් විසදන්න බැරි වෙන්න පාර්ලිමේන්තුව විසුරවලා. එම නිසා තමා මේ කාරණයට අදාලව උසාවි යන්නේ. ටිකක් හොයලා බලලා අදහස් ලියන්න.

:       100       1548

sam Monday, 12 November 2018 06:42 AM

ව්‍යවස්ථාවේ පැහැදිලිව තියනවා රජයක් විසුරුවා හැරීමට හැක්කේ වසර 4 1/2 කට පසුව බව. ජනාධිපතිතුමා සහ උපදේශකයින් කියන්නේ ජනාධිපතිට 'පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්' බලය තියනවා කියන වගන්තියයි. මුළු ව්‍යවස්ථාවම අර්ථ දක්වන කොට ජනපතිතුමා තමයි පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ඇති තැනැත්තා. ඒකේ විවාදයක් නැහැ. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය නිර්යාතක සම්පුර්ණ කල පසු පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ලත් තැනැත්තා ජනාධිපති වෙනවා මිසක් තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරවීමේ හැකියාවක් ජනාධිපතිතුමාට නැහැ. එහෙම නම් ඡන්දයෙන් පස්සේ පත්වෙන අලුත් ආණ්ඩුවත් ජනාධිපතිතුමාගේ සිතැඟි සපුරන්නේ නැත්නම් විසුරුවන්න හැකියාව තියනවානේ.

:       737       1152

මාවිල්මඩ වජිර හිමි Monday, 12 November 2018 06:52 AM

ප්‍රේමරත්න මයා, මෙතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් මිස ජාතිවාදය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. ඒකාධිපති ඔබේ දොරට තට්ටු කරන්නේ ඔබ කොයි ජාතියට අයත් කෙනෙක්දැයි සොයා බලා නොවේ.

:       132       605

sandy123Monday, 12 November 2018 07:26 AM

මෙවන් අය ඉන්න තාක්කල් රට දියුණු වෙන්නේ නැහැ

:       165       140

GajabaMonday, 12 November 2018 09:48 AM

පුද්ගලික අමනාපකම්, මහජන මුදල් කෝටි ගණනින් කාබාසිනියා කළා නොවේද? ලංකාව වගේ ඉහළ සංවර්ධනය වූ රටකට මොන කජ්ජක්ද?

:       0       29

Sumith Jayasekara Monday, 12 November 2018 07:17 AM

මම නීති විශාරදයෙක් නොවෙයි රටක අගමැති තෝරන්නේ අධිකරණයෙන් නොවේ පාර්ලිමේන්තුවෙන්. ඒ ගැන නොදැන කතා කරනවට වඩා හොදයි කතා නොකර ඉන්න එක. දැනටමත් 19 සංශෝදනය ගැන තීරණයක් දීලා ඉවරයි,

:       3       171

BamunuarachchiMonday, 12 November 2018 07:58 AM

ඉතින් අගමැතිව අධිකරණයෙන් තේරුවේ නැහැනේ. මොකක්ද ප්‍රශ්නය?

:       232       56

Ratne Monday, 12 November 2018 07:21 AM

ජනපතිගේ තීරණය නිවැරදිය. යම් හෙයකින් එය වැරදි ලෙස තීරණය කළ හොත්, ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට රට බිල්ලට දීමක් සිදු වේ. රට ගැන තීරණ ගත යුත්තේ රටේ ජනතාව මීස, විදෙස් තානාපතිවරු හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ ඔවුන්ගෙන් යැපෙන අතලොස්සක් නොවේ.

:       2059       1288

athuraMonday, 12 November 2018 07:37 AM

ජනාධිපතිගේ තීරණය නිවැරදි නම් ඊළඟට තියන ඡන්දෙනුත් මෙයා කැමති කෙනා අාවේ නැතිනම් ඊළඟට පත්වෙන පාර්ලිමේන්තුවත් මෙයා විසුරවයිනේ.

:       6       207

dhamneth Monday, 12 November 2018 07:31 AM

19වෙනි ව්‍යවස්ථා සංසෝදනය බොරුවක්ද එකෙන් ව්‍යවස්ථාවට අලුතෙන් කිසිවක් ඇතුලත් වුනේ නැද්ද. ජනාධිපතිතුමා නිතරම කිවා තමා ජනාධිපති බලතල කප්පාදු කලා කියා.මොනවද ඒවා කියා දැනගන්න ජනතාව බලාගෙන ඉන්නවා.

:       2       72

SKB Monday, 12 November 2018 07:37 AM

"හැම සුළු පක්ෂයක්ම ජාතිවාදියි. එ් නිසා මහජාතිය එකමුතු කරන්න වැඩ පිළිවෙලක් පන්සල්වලින් ඇති කළ යුතුය" ඒ වෙනුවට පන්සල් පල්ලි සියල්ල දේශපාලනයෙන් ඈත්වී සිටියොත් සියළු ජාතීන් එකමුතු වී රට දියුණු වනු ඇත.

:       40       156

vipula Monday, 12 November 2018 07:37 AM

බලන් ගියහම ජවිපෙ එකටත් ඡන්දෙ දෙන්න බැහැ. අලියාගේ පස්සේ නේ යන්නේ... මැතිවරණයක් තියන එක කොහොමද නීතිවිරෝධී වෙන්නේ...? මේ ඔක්කොම ඇවිල්ලා ජනතාවගේ පික් පොකට් කාරයෝ. හැබැයි මේ අය නැවත පාර්ලිමේන්තුවට යවන්න අපේම ජනතාව සැදී පැහැදී ඉන්න බව නම් අමතක කරන්න එපා...

:       339       252

sunil - sweden Monday, 12 November 2018 07:42 AM

ඔයාලා කියන විදියට කරන්න ගියොත් වැඩි කල් නොගිහින්ම කියාවි ජනාධිපතිට තියෙන්නේ ව්‍යවස්ථාපිත බලයක් විතරයි කියලා, ඊට පස්සේ කියාවි ඡන්දයෙන් පත්කරගත් නිලධාරියෙක් විතරයි කියලා. අන්තිමේදී මෙච්චර තේජස් ජනාධිපති තනතුර නිකම් හෑල්ලු වෙලා යන එක තමයි වෙන්නේ...

:       264       22

Hafeel Monday, 12 November 2018 07:52 AM

දැන් තේරනවා නේද? තනි පුද්ගලයක් අතේ තියන අසීමිත බලතලේ විපත.... විධායක නිසා අද රටට මොකද්ද වෙලා තියන්නේ? තනි පුද්ගලයා විසින් නියමිත කාලයට කලින් අද අනවශ්‍ය ඡන්දයක්? 2015 දීත් හිටපු මහින්ද රාජපක්ෂ විසින් නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් කැඳව්වා. මේවාට වියදම් කරන්නෙත් මේ රටේ වැඩ කරන, බදු ගෙවන ජනතාවගේ මුදල් මිස අර තනි පුද්ගලයාගේ පොකෙට්ටුවෙන් නොවේ. ඔවුන්ගේ පුද්ගලික වාසියට ඡන්ද තියනවා, ව්‍යවස්ථා වෙනස් කරනවා මිස රට ගෙන හිතලා නොවේ. පැහැදිලිවම 18 ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ එක පවුලක් සඳහායි. විටින් විට ඡන්ද පවත් වෙන කිසිම රටක් ලෝකේ දියුණු වෙලා නැහැ. මේ පාලකයින් රටට පාප කර්මයක්...

:       28       352

marakathaMonday, 12 November 2018 08:20 AM

විටින් විට ඡන්දෙ තියලා ගිය ආණ්ඩුව ඔප්පු කරේ ඒ අයට ජනවරම තියෙන බව කියන්න. මේ ආණ්ඩුව ඡන්දේ නොතිබ්බේ ජනතාවගේ අප්‍රසාදය වැඩිවෙන බව දැනගෙන. නියම ආකාරයට ඡන්ද තිබ්බනම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව හිටියනම් ඡන්දයක් තියන්ට රටක් තියෙයි ද කියන ප්‍රශ්නේ අපිට තිබ්බේ.

:       1167       428

sam Monday, 12 November 2018 07:52 AM

විශාලම විහිළුව නම් වසර ගණනාවක් මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ යයි මේ කිසිවෙකු විසින් අධිකරණය තබා සමථ මණ්ඩලය හෝ පැමිණිලි කර නැත.

:       302       641

Sanath KandyMonday, 12 November 2018 08:10 AM

මේ අවුරුද්ද මුලදීත් මැතිවරණයක් තිබුණා. මහ මැතිවරණය පවත්වලත් තවම අවුරුදු තුනයි. විශාලම විහිළුව නම් මිනිස්සුන්ට මේවා අමතක වීමයි.

:       276       305

ruwanMonday, 12 November 2018 10:07 AM

එහෙනම් දකින්න ඇතිනේ මහජන කැමැත්ත මොකද්ද කියලා නේද?

:       23       86

නුවන්Monday, 12 November 2018 08:32 AM

නියම අදහස

:       15       45

nishan Monday, 12 November 2018 08:02 AM

මෙන්න මේ නූගත්කම තමයි සමාජයෙන් තුරන් කරන්න ඕනේ. තමුන්ගේ සර්ව ජන ඡන්ද බලය තඹ දොයිතුවකට මායිම් නොකර අත්තනෝමතිකව ආණ්ඩු පිහිටුවලා බහුතරයක් පෙන්න ගන්න බැරි අගමැතිලා පත් කරන එකට බොහොම සතුටින් උඩ පනිනවා. බලන් ඉන්නවා ඇති තමුන් පත් කරපු ආණ්ඩුවට මෙහෙම වෙනකන් විරෝධය දක්වන්න. ඔවුන් දන්නේ නෑ තමුන් කරන්නේ සියතින් ගෙල සිඳ ගැනීමක් කියලා. නීති විරෝධීව ආණ්ඩු පිහිටවපු එක සහ නීති විරෝධීව අගමැති කෙනෙක්ව පත් කිරීම විසඳගන්න තමයි පාර්ලිමේන්තුව රැස් කරන්න කිව්වේ. එතැනදී බහුතරය පරික්ෂා කරන්න පුළුවන් නිසා. දැන් පාර්ලිමේන්තුවක් නෑ. එ්ක නිසයි උසාවි යන්නේ ඊළඟ විකල්පය ලෙස. පාර්ලිමේන්තුව තිබුණා නම් උසාවි යන්න ඕනෑ නෑ. මොකද පාර්ලිමේන්තුව ඊට වඩා උත්තරීතර නිසා...

:       187       426

samMonday, 12 November 2018 09:07 AM

එතකොට මහජන ඡන්දය නෙවෙයිද උත්තරීතර?

:       28       156

sandy123 Monday, 12 November 2018 08:03 AM

21 වැනි සංශෝධනය... පාර්ලිමේන්තු වලංගු කාලය අවුරුදු 2යි. මොකද ඡන්ද නැතුව හාමතේ ඉන්න කට්ටියට සහනයක් ඕනේ නේද? වියදම් වෙන සල්ලි ගැන බයවෙන්න එපා. කඩේ යන අය කඩේ යන ගමන් ගෙවනවා. අනේ මෙහෙමත් පිස්සෝ ඉන්න රටක අපි ඉපදුණානේ.

:       2       46

Jayavi Monday, 12 November 2018 08:07 AM

ජනතාව පත් කරන ආණ්ඩුවක් ජනතාවගේ පරමාධිපත්‍ය උදුරාගෙන අත්තනෝමතික ලෙස වැඩ කරනවිට එවන් ආණ්ඩුවක් අවුරුදු 4ක් 5 යනකම් විසුරුවන්න බැරිවෙන එකට මහජනතාව හැටියට අපි කැමති වෙන්නේ කොහොමද? මේ වගන්තිය ජනමත විචාරණයකට තුඩුදෙන කරුණක් නොවේද??

:       529       210

ධනුෂ්කMonday, 12 November 2018 02:23 PM

මේකනේ රටේ උත්තරීතර නීතියක් තියනවා. එ්කේ තියෙන්නේ අවුරුදු හතරහමාරක් ගියාම පාර්ලීමේන්තුව විසුරුවන්න පුලුවන් ජනාධිපතිට. හැබැයි ජනතාවගේ කැමැත්ත අනූව නොවේ. ඊට අමතරව පාර්ලීමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හෝ අයවැය යෝජනාව පරාජය කිරීමෙන් පාර්ලීමේතුව විසුරවිය හැකියි. ජනතාවට පාර්ලීමේන්තුව විසුරුවාලීමේ හැකියාවක් නෑ නීතියට අනූව. හැබැයි ලෝකයම පිලිගත් අාකාරයට ජනතාවට පුලුවන් අණ්ඩුව ජනවරමට පිටුපානවානම් විරෝධතා ඉදිරිපත් කරන්න. වීදි සටන් කරන්න හෝ සන්නද්ධ අරගලයකට යාමට.

:       0       4

Rasika Monday, 12 November 2018 08:26 AM

උඩ වගන්ති සංශෝධනය නොකර යට ඒවා සංශෝධනය කල විට බලාත්මක වෙන්නේ උඩ වගන්ති වේ. 33 සංශෝධනය නොකර 70 කලාට වැඩක් නැහැ. අපි බලමු ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව. එයට හිස නමා පිළිගමු .

:       3       30

Nuwan Monday, 12 November 2018 08:44 AM

ජනාධිපතිතුමනි, මාස දෙකකට අත් හිටුවලා ජනමත විචාරණයක් තියන්න පිස්සු කෙලින්නේ නැතිව...

:       1       17

බද්රානි Monday, 12 November 2018 08:44 AM

අපේ රටේ සමහරක් මෝඩයින්ගේ ස්වභාවය තමයි එක මාතෘකාවක් තිබෙද්දී, එය පසෙක තබා, වෙනත් මාතෘකාවක් (අගමැති පත්කිරීම) ගැන කතා කිරීම.... එක මීහරකෙක් පසුපස අනෙකා යන බහුතර සිවුපාවුන් වෙසෙන ග්‍රාමීය සමාජයක ස්වභාවය තමයි මේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලය මෙන්ම එය ක්‍රියාත්මක විය යුතු ආකාරය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතාමත්ම පැහැදිලිව තිබෙනවා. සිංහල, ඉංග්‍රීසි, හෝ දෙමල භාෂාව කියවීමට හැකි ඕනෑම කෙනෙකුට මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව පැහැදිලිව අවබෝධ කරගත හැකියි.

:       229       1051

ධනුෂ්කMonday, 12 November 2018 02:41 PM

අපේ රටේ සමහරක් නෝනලා හිතාගෙන ඉන්නේ තමන් සියල්ල දත් කියලා. එ් නෝනලා දන්නේ නෑ. අගමැති පත් කිරීම හා පාර්ලිමේන්තුව විසුරවා හැරීම එකම කාසියේ දෙපැත්තක් බව. මේ දෙකම එකිනෙකට සම්බන්ධයි එ්ක දන්න නගරයේ හෝ ගමේ මිනිස්සු මෙය එකිනෙකට සම්බන්ධ කර අදහස් දක්වනවා. මේ දෙකම එකම දාමයක පුරුක් දෙකක්... ජනාධිපති නව අගමැති පත් කළා හැබැයි බහුතරය පිළිබඳ සැකය නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අනික තමා 19 සංශෝධනයේ තියන විදිය හොඳයි නමුත්... 33 වගන්තිය ටිකක් බලන්න. එ්ක සංශෝධනය නොකර 19 ගෙනඑ්මයි ගැටළුව... තමන්ගේ බුද්ධියට අනුගත දේ ගැන පමණක් අදහස් දැක්වුවහොත් යහපත්...

:       2       2

ජයන්ත Monday, 12 November 2018 08:50 AM

අගමැති මාරුකිරීම නීත්‍යානුකූලයි තමයි. ඒ නිසා අධිකරණයට ගිහින් වැඩක් නෑ. හැබැයි බහුතරය රනිල්ට තිබුණු නිසා බහුතරය ඇත්තේ කාටද කියලා පාර්ලිමේන්තුවෙන් විසඳාගත යුතු කාරණයක්... ඒකයි පාර්ලිමේන්තුව වැහුවේ.

:       19       85

gunarathnaMonday, 12 November 2018 11:10 AM

ජයන්ත මෙතන තියෙන්නේ රනිල්ට තියෙන බහුතරයක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. රනිල් එක්ක ප්‍රශ්නයක්. ඒක තමා ජනාධිපතිතුමා සජිත්ට, කරුට, මුලින්ම කතා කෙරුවේ. එතුමාට තිබුනේ එජාපයත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ මෙපමණ දුර ගියේ එජාප එකේ කවුරුත් ඉදිරිපත් නොවුණු නිසා. ජනාධිපතිතුමා බැලුවේ රනිල්ව ඉවත් කරලා වෙන කෙනෙක් එක්ක ආණ්ඩුව දිගටම යන්ට... සේරම අවුල් වුණාට පස්සේ කියනවා සජිත්ව අගමැති අපේක්ෂකයා කරලා ඡන්දෙට..යන්න. මේක මුලින්ම කෙරුවා නම් ප්‍රශ්නයක් නැහැ..

:       100       21

maraya Monday, 12 November 2018 09:15 AM

ගොඩක් අය ලංකාවේ නීතිය දන්නේ නැහැ වගේ... ලංකාවේ අධිකරණයයි, ජනාධිපති සහ ව්‍යවස්තාව මේ තුනම එකම මට්ටමක තියෙන්නේ. එකිනෙකාට වෙනම මුකුත් කරන්න බැහැ. ජනාධිපතිට බලතල තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න. අධිකරණයටයි, ව්‍යවස්ථාවටයි බැහැ ඒකට එකින් එක කරන්න. නිකන් මිනිසුන්ගේ කාලයයි, සල්ලි නාස්ති කිරීමක් තමයි වෙන්නේ. දැන්වත් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා බලාගෙන ඉන්න. ඔයාලට හම්බකරලා දෙන්නේ ඔය එක්කෙනෙක්වත් නෙමෙයි...

:       129       149

sami Monday, 12 November 2018 09:18 AM

අවනීතියට විරුද්ධව නැගී සිටිමු...

:       3       251

gunarathna Monday, 12 November 2018 09:30 AM

මේ ව්‍යවස්ථාව ජේ.ආර්. හැදුවේ ගැහැණියක් මිනිහෙක් කරන්න සහ මිනිහෙක් ගැහැනියක් කරන්ට විතරක් බැහැයි කියලා. එන්.එම්. කීවේ බලය මෝඩයෙකුට ගියොත් රට විනාශ වෙනවා කියලා. දැන්වෙලා තියෙන්නේ රනිල්ලා එකතුවෙලා ජනාධිපතිව තෝරාගත්තේ කියන ඕනෙම දේකට ඔලුව වනයි කියලා. නමුත් රට යන විදිය දැක්කම තව දුරටත් මෙහෙම යන්න බැහැ කියලා හිතුන නිසා තමයි මේ සේරම අවුල් වුනේ. රනිල් හැමදාමත් කෙරුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ... දැන් වෙලා තියෙන්නේ විධායක බලය ටිකක් හරි පාවිච්චි කෙරුවේ ජනාධිපති තමයි. මේවා ගැන හොඳටම දන්න නිසා තමයි ජවිපෙ එක විධායක බලය නැති කරන්ට හැදුවේ. නමුත් විධායක බලය නැතිව තිබුණා නම් මේ වෙනකොට රනිල් මුළු ලංකාවම විකුණලා. මංගල කිරිදරුවටත් බදු ගහලා. මලික් ස්වාසිලන්තේ එක්කත් ගිවිසුම් ගහලා.

:       544       211

fass Monday, 12 November 2018 09:52 AM

පහුගිය අවුරුදු තුනේ ලංකාවේ හිටිය නැති අයද, නැත්නම් අංගොඩ හිටිය අයද මේ ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්නේ...? තව මාස 2ක් රනිල් හිටියා නම් මේක ඉතියෝපියාවක් වෙනවා.

:       1147       613

gunarathnaMonday, 12 November 2018 10:28 AM

පක්ෂ දේශපාලනේ විසින් මුළු මහත් ජාතියටම පාට කණ්ණාඩි දම‍ල‍ා තියෙන්නේ... දාගෙන ඉන්න කණ්ණාඩිය අනුව තමා පේන්නේ. බදු බරෙන් හිරවෙලා ඉන්න ජීවත් වෙන්නට අමාරුවෙන් ඉන්න දුප්පත් එජාප කාරයත් යන්නේ රනිල්ගේ පස්සෙන්... මොකද මේ මිනිස්සුන්ට පේන්නේ පක්ෂය පමණි. එජාප එකේ පෙළපාලි වලට එන සෙනඟ දැක්කම හිතෙනවා මේ මිනිසුන්ට අපිට වගේ ජීවත්වීමේ ප්‍රශ්නයක් නැතිද කියලා...?

:       158       192

rasiMonday, 12 November 2018 11:04 AM

දැන්නම් ඉතියෝපියාවක් වෙන එකක් නැහැ. සිම්බාබ්වේ වගේ වෙනවා මිසක්...

:       95       85

Amarapaala Monday, 12 November 2018 10:16 AM

සියලුම බලතල ජනාධිපතිගෙන් ඉවත්කර පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ විත්තිය සිරිසේන පෙන්නලා දුන්නා..

:       30       318

බුද්ධික Monday, 12 November 2018 12:04 PM

පාර්ලිමේන්තුවට බලතල දුන්නත් වැඩක් වෙන්නේ නෑ. මන්ත්‍රීවරුන්ට ස්වාධීනව ඡන්ද ප්‍රකාශ කරන්න විදියක් අද පක්ෂ දේශපාලනය තුළ නෑ. නායකත්වයට විරුද්ධ වුණු ගමන් විනය පරීක්ෂණ තියනවා.

:       0       7

කරුණාපාල Monday, 12 November 2018 10:48 AM

මේ හනුමන්තා රට ගිනි තියන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් සිදුකළා නම් අද මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ... මෝඩයා කොයි වැඩේ කළත් හත්පොලේ ගා ගන්නවා...

:       2       122

gunarathnaMonday, 12 November 2018 12:11 PM

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මොනවා අහන්නද? එතුමා මේ රටේ විධායක ජනාධිපති. එතුමා නෙමෙයි හත්පොලේ ගාගෙන ඉන්නේ රනිල්... මුලින්ම රනිල් උසාවි ගියානම් මෙහෙම දුරදිග යන්නේ නැහැ...

:       231       52

samiMonday, 12 November 2018 01:00 PM

රනිල් උසාවි යා යුතු නැත. උසාවි ගියත් නැවතත් පාර්ලිමේන්තුවට ගොස් විසදා ගැනීමට සිදුවේ. උසාවි යා යුත්තේ නීති විරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටය. පාර්ලිමේන්තුව රැස් කලානම් මේ ප්‍රශ්නය මෙතරම් දුර දිග යන්නේ නැත . දේශපාලන කෝණයකින් නොව මධ්‍යස්තව සිතන්න .

:       0       8

කරුණාපාල Monday, 12 November 2018 01:10 PM

ගුණරත්න මහත්තයා වැනි කෙනෙකුට ව්‍යවස්ථාවක් කියවලා තේරුම් ගන්න මඳක් අපහසු බව තමයි මට නම් හැඟෙන්නේ. රටක ව්‍යවස්ථාවක් නිර්වචනය කරද්දී, එයට පුද්ගල නාම අදාළ කර ගන්නේ රටේ මෝඩයින්. දහනව වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 17 (1) වගන්තියේ තියෙන්නේ මෙහෙමයි "ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල හැක්කේය. එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව, මුළු මන්ත්‍රීවරයින්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම නියම කරනු ලබන දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් නිම වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය"

:       0       73

ධනුෂ්කMonday, 12 November 2018 02:49 PM

විධායක ජනාධිපති කියන්නේ රජ්ජුරුවෝ නෙමේ. ඔහුත් රටේ නීතියට අනූව කටයුතු කල යුතුයි. මෙතන ගැටළුව වෙලා තියෙන්නේ එකම කරුණ පිලිබඳව ව්‍යවස්ථාවේ දෙතැනත දෙවිදියකට සඳහන් කර තිබීම. එවැනි අවස්ථාවක අධිකරණයට යා යුතුයි නිවැරදි කුමක්ද බැලීමට.

:       0       6

channa Monday, 12 November 2018 11:00 AM

අගමැතිගේ ප්‍රශ්නය විසඳන්නේ පාර්ලිමේන්තුව කැඩුවාට පසුවයි.

:       1       20

Manoj Monday, 12 November 2018 12:13 PM

හෙට වෙද්දී නීතිපති ඉල්ලා අස්වෙලා තියෙයිද දන්නේ නැහැ.

:       2       81

Arafath Qatar Monday, 12 November 2018 12:16 PM

ඡන්දෙකට බයේ උසාවි යන මේ කාටවත් ඡන්දයක් දෙන්න හොඳ නෑ..

:       346       368

sandy123Monday, 12 November 2018 03:12 PM

ඔබතුමාට ඡන්දය නැහැනේ....

:       0       0

ROHAN DAYADARA paris Monday, 12 November 2018 01:03 PM

මේක කාරණා 2 ක්... මැතිවරණය කියන්නේ ජනතා පරමාධිපත්තියයි... එ්ක උරගා බලන්නත් රටක් තුළ නීතියක් ක්‍රියාත්මක විය යුතුයි.. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න උසාවි යනවා. මැතිවරණයකදී ජනතාව අතරට යනවා .. මේ දෙක පටලවා ගන්න එපා ගරු බුද්ධිමත් මැතිඳුනි...!!!

:       0       9

daya Monday, 12 November 2018 01:15 PM

රටේ මහජන කැළඹීමක් නොවෙන විදියට කටයුතු කරන එක සියලුම දෙනාගේ වගකීමක්... මහජනතාව වශයෙන් අපිට තියෙන අසීමිත බලයට බය අයගේ ගාල ගෝට්ටියේ තරම මේ දිනවල හොඳට ප්‍රදර්ශනය වෙනවා.

:       0       114

vishaka Monday, 12 November 2018 01:34 PM

ඉන්දියන් කාරයෝ මස්රාත්තල හරියට දෙනකල් ලංකාව එක්කලා නිදහසේ ගනුදෙනු කරන්න බැහැ කිව්වා. ඉන්දියාව හරි කියනකල් කවුරුවත් අපට ආධාර දෙන්නේ නැහැ. ඉතින් බජට් එක බකල් වුණා. ඉන්දියන් කාරයෝ ඉල්ලපුවා දෙන්න ජනාධිපතිවරයාට විතරයි බලය තියෙන්නේ... ඉන්න ජනාධිපති එ්කට කැමතිත් නැහැ. කරන්න තියෙන්නේ මොකක් හරි උප්පරවැට්ටියක් දාලා ජනාධිපතිවරණයක් තියන එක... ජනාධිපති ව්‍යවස්ථාව අවභාවිතා කළා කියලා ඔප්පුකරලා ජනාධිපතිවරණයකට යන්න පුළුවනි. පාර්ලිමේන්තුව විසිරවීම එ්කට හොඳ නිමිත්තක්... නමුත් පැවතුණු රජය භාරකාර තනතුරේ ඉඳිද්දී මැතිවරණයකට යාම වළක්වන්න ජනාධිපතිතුමා පොඩි වෙට්ටුවක් දාලා අැමැති මණ්ඩලේ මාරු කළා. මීළඟ දර්ශනේ සජිත් ජනාධිපතිවරණයට එන එක වළක්වන එක... එ්කට මේ දවස්වල සීනි බෝල දීගෙන යන්නේ... එ්ක හරිගිය ගමන් මේ තීන්දුව දීලා ජනාධිපති ඡන්දෙ තියයි. ඔන්න කට්ටිය බලාගෙන ඉන්න. පොඩ්ඩක් වැරදුනේ සිරිසේන ජනාධිපතිතුමා එයාගේ කට්ටියට භාරකාර ආණ්ඩුව භාර දීපු එකයි...

:       9       19

Sumith Monday, 12 November 2018 02:03 PM

අවුරුදු 3ක්... කරපු දෙයක් නැහැ. දැන් ජනතාව ළඟට ගිහින් මොනවා කියන්නද? පරාජය අතළඟයි..

:       30       107

vishakaMonday, 12 November 2018 08:10 PM

ඇයි මහ බැංකුව කැඩුවේ....

:       0       0

athuraTuesday, 13 November 2018 04:17 AM

අැයි මහත්මය ඔයාලගේ රජු මහින්ද මහත්මය විදුලි පුටුවෙන් බේරා ගත්ත එකම කොච්චර ලොකු දෙයක්ද.

:       0       1

Sumith Monday, 12 November 2018 03:12 PM

ජනතාවගේ බහුතරය දැනගන්න ගමට, නගරයට එන්න වෙලා. ජනතාවට ලැබුණේ වැට්... ගමේ ගොවිතැන් කරපු මිනිහගේ පොහොර කෘමිනාශක වලට... අහස උසට වැට් ගැහුවා. ගොවියෝ ගොවිතැන බලා ගිහින් සිමෙන්ති අනනවා. කම්කරුවන්ට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා. ඔක්කොම අතෑරලා සිමෙන්ති අනන්න යනවා.

:       1       0

Symith Monday, 12 November 2018 03:21 PM

ජනතාව ඉස්සර වගේ මෝඩ නැහැ. හිටපු ඇමැතිලා ගොඩක් මේ සැරේ විශ්‍රාම යවාවි ජනතාව..

:       0       0

abesumana Tuesday, 08 January 2019 04:07 AM

සාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට ගන්න කල ක්‍රියාවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 128 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 161 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1030 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 690 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1323 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 290 5

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site