IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුව කැඳවූ සැණින් ඡන්ද විමසීමක් ගන්න යයි යුරෝපා සංගමය කියයි


හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ සැණින් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරු ප්‍රමුඛ යුරෝපා සංගම් දූත පිරිස ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇත. 
 
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය විය. 
 
කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 
 
“යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල තානාපතිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
 
වර්තමානයේදී රට මුහුණ දී තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්ව විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ පසු පාර්ලිමේන්තුවට එහි විශ්වාසය සනාථ කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව අපේ සැළකිල්ලට ලක්ව තිබේ. තවදුරටත් එය ප්‍රමාද වීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ලබා තිබෙන කීර්තියට හානි කරනු ඇති අතර ආයෝජකයන් රටට පැමිණීමට ද වළක්වනු ඇත. 
 
ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යය මත තබා තිබෙන විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සියලු පාර්ශව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගරු කළ යුතු යැයි ද අපි විශ්වාස කරමු”.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි සහ පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලමින් යුරෝපා සංගමය මීට පෙර දෙවතාවකදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත්  කර තිබිණි.
 

 



අදහස් (17)

පාර්ලිමේන්තුව කැඳවූ සැණින් ඡන්ද විමසීමක් ගන්න යයි යුරෝපා සංගමය කියයි

Konde Bedapu Seeya Baba Friday, 09 November 2018 04:26 AM

යුරෝපා සංගමය පසුගිය කාලේ නිදි ඡන්ද කල් දානකොට. දැන් තමයි මේ අයට ප්‍රජාතන්ත්‍රවාදේ මතක් වෙලා තියෙන්නේ

:       424       608

pabilis Friday, 09 November 2018 04:26 AM

මේ යුරෝපය නෙවේ. ශ්‍රී ලංකාව, වැඩක් බලාගෙන ඉන්න.

:       194       374

ගල්කටස් Friday, 09 November 2018 04:32 AM

මේ අයට පුදුම දුකක්නෙ තියෙන්නෙ අපෙ රට ගැන

:       159       260

Nandalal DE SILVA - FranceFriday, 09 November 2018 08:17 AM

මොකද යාළුවා එහෙම දුකක් ඇති නොවෙන්න හේතුව? ඒ අය අපට දෙන GSP බදු සහනය, මත්ස්‍ය තහනම වගේ දේවල් අපේ ජනාධිපතිවරයගේ "තුරුම්පු" වගේ ඔවුන්ගේ අතේත් තිබෙන වග අමතක කරන්න එපා! ඒ රටවල් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සුරකින රටවල් නිසාත්, අපේ මේ ඉන්දියන් සාගරයේ "අ-මුතු" ඇටය පීලි පැන තිබෙන නිසා, යලිත් ගොඩ දැමීමට තමා මේ සූදානම! එයට එරෙහිවීම අපේ රට අඩි 6ක් පොළව යට වළලෑමක් වගේ වේවි..!!! 

:       0       0

සමන් ගමගේ Friday, 09 November 2018 04:35 AM

මේ රට පාලනය කරන්න ඕන පාර්ලිමේන්තුව පවත්වන්න ඕන යුරෝපා සංගමය කියන විදිහටද? අප‍ේ නිෂ්පාදන මිළදී ගන්නා නිසා මෙපමණ දීන ලෙස මේ අයට යටත් විය යුතුද ? පසුගිය රජය මේ අය ඕනවට වඩා ළං කරගැනීමේ ප්‍රතිඵල තමා මේ

:       136       381

thilak Friday, 09 November 2018 04:58 AM

දැන් සියලුම රටවල් ලෝකය සමග එකට යායුතුය

:       314       256

සෙනෙවි Friday, 09 November 2018 04:59 AM

ඒ අයට ඕන විදියටද අපි වැඩ කරන්න ඕන

:       137       334

chris Friday, 09 November 2018 05:15 AM

හරිම වැඩක් තමයි මෙහෙම යනකොට ලංකාවේ මිනිසුන්ට වැසිකිලියට යන්නත් ජාත්‍යන්තරයෙන් අහන්න වෙයි. අවසර ගන්න වේවි මේ තත්වයට රට පත්කරලා තියෙන්නේ රට පාලනය කරපු අපේම අය නිසා තමයි

:       59       238

අනුර පැස්කුවල් Friday, 09 November 2018 05:40 AM

"එහෙම නියෝග දෙන්න අපි ඒ අයගේ යටත් වැසියෝද?". මේ බොහෝ දෙනෙකුගේ තර්කයයි. දේශපාලකයා සිංහයන් සේ ගර්ජනා කලද යථාර්තය නම් මේ බලවතුන්ගේ එක තීරණයෙන් රටේ බොහෝ දේ වෙනස් වන බවයි. ජාතිය සතුටු කිරීමට ආණ්ඩුව පිනට දෙයි. පිනට දීමට ආණ්ඩුව මේ බලවතුන්ගෙන් හිඟමන් ඉල්ලයි. අපේ මිනිසුන් ජීවත්වන්නේ අපි චන්ඩි කතා කියමින් හෙළාදකින බලවතුන්ගෙන් ලැබෙන හිගමනෙන් බව බොහෝ අය නොදනී.

:       296       164

Thilina Friday, 09 November 2018 05:44 AM

18 වන සංශෝදනය ගෙනාවේ මහින්ද දිගටම බලයේ ඉන්න. 19 වන සංශෝදනය ගෙනාවේ කවදාවත් ජනාදිපති වෙන්න බැරි රනිල්ට අගමැති වෙලා ජනාදිපති බලතල ගන්න. ඕකයි ඇත්ත. මේ තියෙන අවුලට එකම විසදුම මහා මැතිවරණයකට යන එක විතරයි.

:       10       280

රවින් Friday, 09 November 2018 05:57 AM

පටු දේශපාලන මති මතාන්තර නිසා විදේශීය රටවල් අපේ රටේ කටයුතු වලට මැදිහත් වීමක් නොවේද?

:       8       161

Bandara Friday, 09 November 2018 07:35 AM

ජාත්‍යන්තරේ අගය තේරෙන්න සම්බාධක දාලා බලන්න ඕනෑ...

:       0       0

KANDEPOLA Friday, 09 November 2018 07:35 AM

දැන් පෙන්වා නේද පහුගිය කාලේ මේ රට පාලනය වෙලා තියෙන්නේ කාට ඕන විදියටද කියලා...? ඉතින් ඔය මිනිස්සු බලයෙන් නෙරපපු එක සාධාරණයිද? නැද්ද?

:       0       0

kuma Friday, 09 November 2018 10:16 AM

අනේ යන්න.. රටවල් වලට ගිහින් හිඟාකන්න හොඳයි. හිඟන්නා බව අමතක වීමෙන් හිඟමන් නැතිවෙනවා. අනික මේ රට මේ ලෝකේ තියන එකක් මිසක් වහල් දූපතක් නෙමේ..

:       24       104

dias Friday, 09 November 2018 11:09 AM

මේක තමා අපි බොහෝ දෙනෙක් පිළිගන්නට අකමැති තිත්ත ඇත්ත.

:       0       0

kiththa Friday, 09 November 2018 11:41 AM

මේ ලොකු කතා දෙන අය කියන්නකෝ ඔය රටවලින් නය ගන්නෙත් නැතිව යුරෝපා සංගමයේ සමුළු වර්ජනය කරලා ලෝකල් චණ්ඩි වෙලා ඉන්න කියලා...

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 12:17 AM

නැහැ හලෝ අපි පාර්ලිමේන්තුව විසිරවූ සැනින් චන්දය විමසනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 593 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 113 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 822 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 842 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1233 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site