(විනීතා එම් ගමගේ)
ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශී‍්‍ර ලංකාවට කීර්තියක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් පිරිනැමීමට රජය කටයුතු යොදාගෙන යන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
එහි පළමු නිවස ලබන 30 දා කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී ඇයට බාර දීමට කටයුතු කරන බවත් ඇයගේ පුහුණු කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා කොළඹ රැඳී සිටීම පිණිස අනෙක් නිවස කොළඹින් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව පැවසූ අමාත්‍යවරයා මෙම පහසුකම් වලට අමතරව ඇය දැනට ජිවත් වන හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුලත රජයේ වියදමින් අලූත්වැඩියා කර දීමටද රජය තීරණය කළ බව ප්‍රකාශ කළේය.
මේ පණිවිඩය රැගෙන වාරිමාර්ග, ජලකලමනාකරණ හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද (21) පෙරවරුවේම ඇය පදිංචි ඉරණවිල නිවසට පැමිණියේය. මේ අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිලධාරින්ද එක්ව සිටියහ.
ඇය තවත් අභීයෝගයකට මුහුණ දී සිටින බවද මෙහිදී අනාවරණ වී යැයි පැවසූ රංගේ බණ්ඩාර මහතා දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ගමනට ඇති බලවත්ම බාධාව බවත්, එයට විසදුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යාපන කටයුතු හා කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබා දිය යුතු බවත් පැවසීය. ඒ සඳහා අගමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාරමීට නිවාස දෙකක්
පිටිගල මිලානෝ Sunday, 21 October 2018 12:25 PM
නිතර පරදින සහ දූෂණවලින් පිරුණු ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හැරෙන්නේ මෙවැනි දක්ෂ අහිංසක රටට අප්‍රමාණ කීර්තියක් ගෙනදෙන ක්‍රීඩකයන් ලොකු මුදලක් ගෙවන වෙළඳ දැන්වීම්වලට නොගන්නේ ඇයි..?
kapSunday, 21 October 2018 12:36 PM
මෙයා කන්නේ ගමේ කෑම මිසක් සොසේජස් නෙමෙයි. බොන්නේ එලකිරි මිසක් මයිලෝ, පිටිකිරි නෙමෙයි. ඒකයි මේ චැම්පියන්ව කාටවත් පේන්නෙ නැත්තේ..
ඇත්ත සත්‍යපාලSunday, 21 October 2018 02:20 PM
ගෙවල් දෙකක් දෙන්න පොරොන්දු වෙලා නොදී ඉන්නවට වඩා එකක් ඇත්තටම දෙන්න කියන්න.
gunarathnaMonday, 22 October 2018 04:57 AM
ගෙවල් දෙකක් දෙනවට වඩා මේ ළමය ඉන්න ගෙවල් හදල දීලා ක්‍රීඩාවට පහසු නිසා කොළඹින් ගෙයක් දීල අනික් ගේ දුප්පත් පවුලකට දුන්නනම් ඉවරනේ......
leena, toronto Sunday, 21 October 2018 03:34 PM
ළමයට ගෙවල් දෙකක් වුවමනා නැහැ. ඉගෙන ගන්න උදව් කළොත් ලොකු පිනක්. දැන් පදක්කමේ උණුසුම තිබෙන නිසා කාටත් ළමයව පේනවා. කල්ගියාම සැලකිලි අඩුවෙනවා. අපේ අයගේ විදිහ අලුතෙන් කිවයුතුද?
සුකුමාලි Sunday, 21 October 2018 05:35 PM
මේ දරුවා පිළිබඳව ඉතා හොඳ ඇගයීමක් සහ තක්සේරුවක් සුසන්තිකා මැතිනිය කළා එදා එයාපෝට් එකේදී. සුසන්තිකා කියපු දේ හරියට හරි
සොය්සා Sunday, 21 October 2018 05:49 PM
ගෙවල් 2ක්? වොඩ්කා බිලාද?
මානවඩු Sunday, 21 October 2018 05:50 PM
මෙහෙමයි - ඔලිම්පික් කිවුවාට ඕක අපේ සුසන්තිකා දිවපු ඔලිම්පික් නොවෙයි, යුත් ඔලිම්පික් කියලා එකක්
ISURANDI Monday, 22 October 2018 04:18 AM
මෙවැනි උදවියට තමයි රජයෙන් අනුග්‍රහය දැක්විය යුත්තේ.මේ දරුවාගේ බලාපොරොතු මල්පල ගැන්වේවායි පතමි.
සුපුන් Monday, 22 October 2018 05:15 AM
ගෙවල් 2ක තියා අන්තිමට අර දින දහයෙන් කෙරෙන අලුත්වැඩියාව වත් උනොත් හොදයි.
Bamunuarachchi Monday, 22 October 2018 10:28 AM
දෙකක් කොහොම උනත් එකක් වත් ලැබෙයිද කියා මට ෂුවර් නැත ..............