(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ )
පානදුර එළුවිල මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සරසවි සිසුවකු අද (19) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
මෙම සැකකරු සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවෙක් බවත් ඔහු නීතිඥවරයකු මාර්ගයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් වාර්තාවේ.
සැකකරු ඇතුළු පිරිසක් ඉකුත් මැයි 17 වැනිදා එළුවිල මුස්ලිම් පල්ලියට ප්‍රහාර එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
එම පරීක්ෂණ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 30 දක්වා රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
එම සැකකරුවන් පස් දෙනා අතර භික්ෂුන් වහන්සේ නමක්, පොලිස් කොස්තාපල්වරයෙක්, මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු හා ද්‍රඩිඩ ජාතිකයෙක් සිටින බවද පොලිසිය කියයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පානදුර පල්ලියට ගැසූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට
Roshan Monday, 19 June 2017 04:39 PM
යකෝ.. ළග ඉදලත් අපි දන්නෙ නැහැනෙ මෙහෙම දෙයක් වෙලා කියල. ... මමත් දැනගත්තේ පත්තරෙන්...
minipe Monday, 19 June 2017 07:16 PM
පුජනිය ස්ථානකට පහරදීමෙන් හෝ ආගමකට නිග්‍රහා කිරීමෙන් මේ දැන උගත් කල්ලිය බලපොරෝතුවන ප්‍රතිපලය කුමක්ද.සියලුම ආගම් වසර දෙදහකට වඩා පැරණිය.ඉතින් මේ මොළ කට්ටිය පුජනිය ස්ථානයකට ගලක් ගහලා, අදහන්නන්ට රිද්දවලා, මොක්කක් බලාපොරොතු වන්නේ? මම මේ සදහන් වන සකකරුන්ට විශේෂයෙන්ම දොස් පවරනවා නොවේ, ඒ අය තවම සැකකරුවන් පමණයි.
anil Tuesday, 20 June 2017 12:57 AM
මේ කිසි ආගමික පීඩාකාරී ක්‍රියාවක් අනුමත කරන්න බෑ. ඒත් අද ඊයේ අටවපු ඕනෑම යාඥා මඩුවකට දෙල් ගෙඩියක් වැටුනත් පොලිසිය හරිම උනන්දුයි හොයල බලල දෙල් ගහ ලඟින් ගිය කෙනෙක් හරි කුදලන් ගිහින් හිරේ දාන්න. හැබැයි අවුරුදු දහස් ගණන් පරණ බෞද්ධ සිද්ධස්ථාන වනසද්දී දන්නෙත් නෑ, දකින්නෙත් නෑ! පුදුම සහජීවනයක්, පුදුම සංහිදියාවක්!
sirilTuesday, 20 June 2017 06:12 AM
අනිල් පරණ බෞද්ධ සිද්ධස්ථාන වනසන කතාව පැතිරුනේ යට ඇඳුම් වල ගබිසා ද්‍රවය කතාව පැතිරුණු කාලයේදීය !! යට ඇඳුම් වල ගබිසා ද්‍රවය කතාව නොපිළිගන්නා මම මුස්ලිම් මිනිස්සු බෞද්ධ සිද්ධස්ථාන වනසන කතාවද පිළිගන්නේ නැත !! එයට ඇසින් දුටු සාක්ෂිද නැත !! සිංහල දේශපාලකයන් පැරණි සිද්ධස්ථාන කඩා නිදාන කොල්ලකෑම ගම්වල මිනිස්සු දන්නා කරුණෙකි !! අනිත් එක සමහර දේශපාලකයන්ට ජයග්‍රහණය ලාබාදුන්නේ එල් ටි ටි ඊ යේ පාරජයයි! නමුත් වර්තමානයේ එවැනි හතුරෙක් පාරාජය කර චන්දය ජයගැනීමේ අවස්ථාවක් නොමැති නිසා ඔවුන් අලුතෙන් බොරුවට මවා, ගහල දිනන්න හදපු අලුත්ම හතුරාගේ නම මුස්ලිම් අන්තවාදියා!!පුරාණ රජමහා විහාරවල අනුරාධපුර පුරාණ ස්ථානවල කෟතුගාරවල තිබිබ පිලිම රජ දරැවන්ගේ කඩු ඔටුන්නු වලට කෙලියේ හමිබයෝද කියලා සුමණේගේ වශි බෝල වලට කඩු ඉස්සුවේ කෘතුගාරය ගිණි තිබිබෙි හමිබයෝද කියලා අහන්නකෝ?
chandana Tuesday, 20 June 2017 01:49 AM
"එම සැකකරුවන් පස් දෙනා අතර භික්ෂුන් වහන්සේ නමක්, පොලිස් කොස්තාපල්වරයෙක්, මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු හා ද්‍රඩිඩ ජාතිකයෙක් සිටින බවද පොලිසිය කියයි" ඒ කියන්නේ සිංහලයන්ට විතරක් නෙමෙය් අනෙකුත් සුළු ජාතීන් දෙකටත් මේ මුස්ලිම් පල්ලි හැමතැනම අටවන එක එපා වෙලා තියෙන්නේ. එතින් මේ ආණ්ඩුව බොරුවට "සහජීවන " මන්ත්‍රය මතුර මතුර ඉන්නේ නැතුව පාර්ලිමේන්තුව තුල පනතක් හෝ සම්මත කරගෙන මේ අන්තවාදී පල්ලි සැදීම නතර කල යුතුයි.
MohamedGM Tuesday, 20 June 2017 04:43 AM
චන්දන මහත්තයා, ඕකෙන් කියවෙන්නේ පල්ලි එපාවෙලා කියන එක නෙමෙයි, මෙයාල එක කල්ලියක්, ජාතින් අතර තියෙන සහජිවනේ නැති කරන්න මෙයාල එකතුවෙලා ඉන්නේ. එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගෙන දෙපැත්තටම එකතුවල ප්‍රශ්න ඇති කරනවා. කරුණාකරලා ඕක හරියට තේරුම් ගන්න.
කොබා Tuesday, 20 June 2017 05:49 AM
අලුතෙන්ම ඇති වෙලා තිබෙන පල්ලි පන්සල් ව්‍යාපාර වලට බෝම්බ ගැසීම ගිනි තැබීම වැනි ක්‍රියා මගින් ජනවර්ග අතර අර්බුදකාරී තත්වයක් ඇති කරලා නැවත වතාවක් සිවිල් යුද්ධයක් කරා ගෙන යාමට ඇතැම් උදවියට උවමනා වී තිබෙන බවක් පෙනෙන්න තියෙනවා, මීට කලින් ඇති කල සිවිල් යුද්ධය ආරම්භයේ තිබුනෙත් මේ අන්දමේ ම වාතාවරනයක්මයි, එහිදීත් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේම මිනිසුන් කුපිත කරවමින්,ඒවාට අනුබල දෙමින්, රට ව්‍යසනයකට ඇද දැමුවා, ඉතින් ආයෙත් එවන් අර්බුදයක් ඇති කළහොත් මේ රට සිරියාව ඉරාකය මෙන් නටඹුන් වී වැනසෙනවා, ඉතින් කුමන හෝ මිලක් ගෙවා කිසිදු අනුකම්පාවකින් තොරව මේ අලුත් ත්‍රස්තවාදය මුල් කාලයේදීම වනසා දැමිය යුතුමයි, එයට ත්‍රස්තයා සිංහලද දෙමළද මුස්ලිම් ද කියන ඒක වැදගත් නැහැ, වැදගත් වන්නේ මේ රටේ ජනයාට,සමගියට,ආර්ථිකයට මේ ත්රස්තයන් අනතුරක් බවයි. එනම් මොවුන් ත්‍රස්තවාදියෙක් විනා අපේ හෝ උන්ගේ හෝ කියා හොඳ අයෙකු,නරක අයෙකු ලෙස වර්ග කල නොහැකි බවයි,