IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාකිස්තානුවෝ තිදෙනක් මාතරදී කලබල කරති

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)

ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබු අද (25)සවස මාතර වෙරල පාරට හදීසියේ පැමිණී පාකිස්තානූ ජාතිකයින් පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී ඔවුන් ඊට විරෝධය පල කරමින් පොලීසිය සමග උණුසුම් තත්වයක් ඇති කර ගත්තේය.
 
රතු පැහති අංක තහඩු සහිතව මෝටර් රථයකින් පැමිණී ඔවූන්ගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමට පොලීසිය පළමුව උත්සාහ කළ අතර ඊට එහි සිටි පාකිස්තානු ජාතිකයින් තිදෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.
 
ඒ අනුව අතිරේක පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට කැදවා තිබුණේය.
තමන් පාකිස්තානු තානාපති කාර්යාලයේ පිරිසක් බවට රාජ්‍ය තාන්ත්‍රික සබදතා මත පැමිණී බවට ද ඔවුන් ප්‍රකාශ කර සිටියේය.

දැඩි ලෙස කලබලකාරීව හැසිරුණු ඔවුන් සිය මෝටර් රථය පිටුපසට ගැනීමේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක ද හැපී බිම පෙරලී තිබුණි.
 
එම සිද්ධියෙන් පොලිස් යතුරුපැදියට හානි සිදු නොවු බව එහි සිටි පොලිස් නිලධාරියෙකු පැවසීය.
 
ඉන් අනතුරුව පාකිස්තානු ජාතීකයින් පිරිස පොලීසිය ඉදිරියේ සිගරට් දල්වා පානය කර තිබුණේය.
 
ඒ සමගම මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග හා රථ වාහන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් යන මහත්වරු පැමිණ පාකිස්තානු ජාතිකයින් සමග ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කලේය.
 
පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණී පුද්ගලයෙකු අදාල පාකිස්තානු ජාතිකයින් තිදෙනාගේ අනන්‍යතාවය හා වලංගු රියදුරු හැදුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැදවා ගෙන ගියේය.
 
මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද අදාල පාකිස්තානු ජාතිකයින් වීඩියෝ නොකරන ලෙසට බලපෑම් කර තිබුණි.
 
කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මට්ටමින් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවට අදාල පාකිස්තානු ජාතිකයින් දැනුම් දී තිබුණේය.

මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීය

 

 



අදහස් (35)

පාකිස්තානුවෝ තිදෙනක් මාතරදී කලබල කරති

Jay Monday, 25 May 2020 12:15 PM

"පාකිස්තානු ජාතිකයින් පිරිස පොලීසිය ඉදිරියේ සිගරට් දල්වා පානයකර තිබුණේය."... තහනම්ද?

:       480       66

pradeep Monday, 25 May 2020 12:18 PM

අපොයි අපේ රටට ගිය කලක්.. මෙච්චර පොලිස් පිරිසක් ඉඳලත් ඔවුන්ව මෙල්ල කර ගන්න බැරි වුණු පොලිස් නිලධාරීන් මොකටද..?

:       39       268

Sarath Monday, 25 May 2020 12:32 PM

අපේ පොලිසිය හරිම නෝන්ජල්. නීතිය සැමට එකවගේ විය යුතුයි. ඇමරිකාවේ නම් එවෙලේම කුදලා දානවා කාරෙක ඇතුළට...

:       12       249

සමන්ත Monday, 25 May 2020 01:07 PM

Jay මහත්තයාටයි.... ඔබතුමාගේ ලංකාවේ නීතිය ගැන තිබෙන දැනීම ඉතාමත් මඳ බව පේනවා. දණ්ඩ නීති සංග්‍රහයට අනුව ප්‍රසිද්ධියේ දුම්පානය වසර දෙකක් දක්වා සිර දඬුවමකට යටත් වන වරදකි. දැන්වත් ඉගෙන ගන්න. අනෙක් එක තානාපති වරප්‍රසාද වලට මුවා වෙලා අහවල් ආගමිකයින් කරන ක්‍රියා වහා නැවැත්විය යුතුයි. මේ ඒ සඳහා කාලයයි. වහාම ඔවුන් රටින් පිටුවහල් කල යුතුයි. තානාපති මුක්තිය යනු එම රටේ නීතිවලට අභියෝග කීරිම නොවේ.

:       189       1353

රංගන Monday, 25 May 2020 02:20 PM

ලංකාවේ දුම්පානය ගැන නියාමනය වන්නේ දණ්ඩ නීති සංග්‍රහයෙන් නොවෙයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත අනුව. එ්කේ කොහෙවත් නැහැ ප්‍රසිද්ධියේ දුම්බීම තහනම් කියලා. එ්කේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. එයින් එකක තියෙනවා මහජනතාවට ප්‍රවේශවිය හැකි තැනක දුම්පානය වරදකි කියලා. ඒකෙත් නිර්වචනය තියෙන්නේ ආවරණය කරන ලද තැනක් කියලා. උදාහරණයක් විදියට ආවරණය කරන ලද පොදු බස් නැවතුම්පලක දුම්පානය වරදකි. ඔබතුමාත් නීතිය ගැන දන්නවා වගේ කියෙව්වට බාගෙට දැනගෙන කියවන්නේ...

:       0       0

සපුමල්.Tuesday, 26 May 2020 02:31 AM

Jay මහතා, ඔබතුමා නොසිතන පැත්තක් තියෙනවා. ශිෂ්ට මිනිසුන් අතර.... ශිෂ්ට මිනිසෙකු අධිකරණයට හෝ වගකිවයුතු තැනකට යනවිට හැසිරෙන වැදගත් ක්‍රම අනුගමනය කරනවා. මේ පාකිස්ථාන් මිනිසුන් කිහිපදෙනා වැදගත් කමකින් තොර අයයි. ලොක්කෝ නම් වෙන්නට බැහැ. සොක්කෝ. ලොක්කෙක් නිතරම බලන්න ඉන්නට කැමති සොක්කෙක් වගේ. ඔහු පිරුණු කලයක්. එහෙත්, සොක්කෙක් නිතරම දඟලන්නේ ලොක්කෙක් වගේ පේන්නයි. ඒක ඔහුගේ හිස් ස්වභාවයයි. එය ඉහළින්ම අනුමත කරපු ඔයා අයිති මොන පාර්ශවයටද කියා ඔයාම හොඳට සිතා බලන්න. මින්පසු ලොව දෙස වෙනත් කෝණයකින් බලන්න පුරුදුවෙන්න. එය අනුමත කොට ලයික් දැමූ අයත් මේ තොප්පියම දාගත්තාට වරදක් නැහැ.

:       0       28

shantha Qatar Monday, 25 May 2020 01:22 PM

පොලිසියේ මෙහෙ නම් ගොඩක්ම ඉන්නේ පාකිස්ථානු ජාතිකයන්, නමුත් ඔවුන් නීතියට බොහොම ගරු කරනවා. ලංකාවේ මිනිස්සුන්ට ප්‍රමුඛතාවක් දෙනවා. ඔවුන් ඉගෙන ගත්ත අය. මේ සිද්ධියට සම්බන්ධ වන්නේ නිකම්ම බිස්නස් කාරයින් නිසා ඒ ගැන එතරම් හිතන්න එපා.

:       297       25

Mahesh Monday, 25 May 2020 01:23 PM

තානාපති සේවයේ කියලා වෙන රටක තමන්ට ඕන ඕන විදියට පිස්සු කරන්න බෑ. අනිවාර්යයෙන්ම හොර වැඩකට එන්න ඇත්තේ..

:       4       831

aniwaMonday, 25 May 2020 03:26 PM

ඔබ හරි... ඔය පකිස්තාන් බුද්ධි අන්ශයේ අය..

:       0       0

Asela samarakoonTuesday, 26 May 2020 04:49 AM

මේකට අදහස් දක්වන වැඩි පිරිසක් මෝඩ හරක්. දෙන උත්තර දැක්කම හිනායනවා. මෝඩ හරක් ....

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 01:52 PM

පාකිස්තාන් කාරයින්ට ගිය රට.. රටේ ඇඳිරි නීතිය... වෙනත් රටක මිනිසුන් කිහිපදෙනෙකු අනන්‍යතාව පරීක්ෂා කරන්න හැදුවාම කලබල කරලා. පොලීසිය නිකන්ම බලන් හිටලා. ඒ කියන්නේ පොලීසිය ඒ වෙලාවේ හැසිරිලා තියෙන්නේ තැපැල් කන්තෝරුවේ අය වගේ... අල්ලලා දෙකක් දීලා උසාවියට දක්කන්නනේ තිබුණේ. බින් ලාඩන්ව අල්ලන්න ගියෙත්, පාකිස්තානයේ ඉඳලනේ. ඔහුගේ කව්රුවත්ද දන්නෙත් නෑ මෙතරම් මුරණ්ඩු. පොලීසියට හරියට රාජකාරිය කරන්න බැරි නම්, ඔය කොටුවේගොඩ හොඳ එඩිතර සිංහල මිනිසුන් සිටිනවා.. ඒ අයට බාර දුන්නා නම්, වැඩේ හරියට කරයි. එක වතාවක් ක්‍රිකට් මැච් එකකින් ලංකාව පැරදිලා පාකිස්ථානය දිනපු වෙලේ තමන් උපන් බිමට විරුද්ධව එක්තරා පිරිසක් රතිඤ්ඤා දල්වන්න සැරසුණා. කොටුවේගොඩ මිනිසුන් එක සද්දයයි දැම්මේ... වැඩේ නැවතුණා. අර කව්ද කිව්වා වගේ මෙන්න මේවගේ වෙලාවට ඒවා වුණත් හරියට වටිනවා. ඒත්, මේ රටේ මිනිහෙක්ගේ වාහනයකට පොලිසියේ මෝටර් සයිකලයක් හැපිලා බිම පෙරලුනොත් එහෙම ඒ මිනිහා කපෝති. උස් තැන් දැක හැකිලෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ..

:       0       0

රවින් Monday, 25 May 2020 02:03 PM

හ්ම් !!! කරුණාකර ඔවුන් පැමිණියායි කියන මෝටර් රථයේ අංක තහඩුව දෙස බලන්න. එහි සඳහන් "ඩී පි " යනු තානාපති සේවයේ වාහන සඳහා හඳුන්වා දී ඇති විශේෂ ලක්ෂණයක් නොවේද? තානාපති මුක්තතාවය බලපානුයේ රටක නීතිය බිඳ දැමීමට නොවේ. කෙසේ නමුදු මෙහිදී පොලිසිය අතිනුත් යම් වරදක් වී ඇතිබව පෙනෙයි. කළවරද කුමක් වුවත් නිසි පැහැදිලි කිරීමක් කර නොමැති හැඩයි. තානාපති සේවයේ උදවිය තම අනන්‍යතාවය නිසිලෙස හඳුන්වා දී පෙන්වනතුරු ඔවුන් සාමාන්‍ය පුද්ගලයකු වේ. කවුරුන් වරද කළත් දෙපැත්තේම වරදවල් නිවැරදි කර ගතයුතු නොවේද?

:       0       0

Kumar Monday, 25 May 2020 02:11 PM

ඇමෙරිකාවේ අය හැසිරෙන්නේ බලු කුක්කන් වගෙයි. මෙරට මුලින්ම කරන්නේ අත්අඩංගුවට ගන්න එකයි. කතාකරකර ඉන්නේ නැහැ. ඉන්පසු තමන් තානාපති සේවයේ ඉන්න වග තහවුරු කලපසු මුදා හරිනවා. දුම්පානය තහනම් නිසා එ්කට දඩ නියම කරනවා. මේ දඩය ගෙවන්නේ නැහැ.

:       0       0

kamal Monday, 25 May 2020 02:27 PM

තවත් පුරවා ගනිල්ලා, හරක් ආණ්ඩු.

:       0       0

sam Monday, 25 May 2020 02:37 PM

ජයා කියලා කොමෙන්ට් කරන්නේ ත්‍රස්තයෙක්. ඒකවත් තේරෙන්නේ නැද්ද?

:       0       0

sam Monday, 25 May 2020 02:38 PM

සිංහල එවුන් බිව්වා නම් කනටත් ගහනවා.

:       0       0

Kumara Monday, 25 May 2020 02:44 PM

මේ කුඩු කාරයින්වත්ද?

:       0       0

ධම්ම Monday, 25 May 2020 03:23 PM

පාකිස්තානු පොලීසිය සමග මෙවන් ගනුදෙනු සමථයකට පත්කර ගැනීම පිළිබඳව මට හොඳ අත්දැකීම් තියෙනවා. ඔවුන් කිසිදාක මෙවන් දේ ලොකුවට ගණන්ගන්නේ නැහැ. "චායි පානි" වලට කීයක් හරි හොයාගන්න එක තමයි එයාලගේ බලාපොරොත්තුව... මෙහෙත් එහෙමයි කියලා එයාලා හිතන්න ඇති...

:       0       0

සුරේන් Monday, 25 May 2020 03:24 PM

ගෝඨාභය හිටියනං මෙහෙම වෙන්නෙ නෑ. කොහෙද ඉතින් සිරිසේනට කොන්ද පණ නෑනෙ...?

:       0       0

Champa Monday, 25 May 2020 03:25 PM

එහෙම කොහොමද? අත් අඩංගුවට ගන්න තිබ්බේ පොලිසියේ රාජකාරියට බාධා කළා කියලා. තානාපති කතා වැඩක් නැහැ. රටේ නීතියට පිටින් යන්න බැහැ. නම් ගම් ගත්ත නම් වීසා කැන්සල් කරලා රටෙන් පිටට දාන්න ඕනේ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 03:31 PM

ඉහළ තානාපති නිලධාරීන් මෙහෙම හැසිරෙන්නේ නැහැ. ඔවුන් උගත් අය. මේ සාමාන්‍ය මිනිසුන්. කොහොම වුණත්, අනන්‍යතාව ඔප්පුකරේ නැතිනම්, පොලීසියට තිබුණේ අධිකරණයට ඉදිරිපත් කිරීමටයි. තානාපති වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කරාට එහෙනුත් දඬුවම් ලැබෙනවා. අපරාදෙ අත හැරියේ.

:       0       0

d.upul Monday, 25 May 2020 04:11 PM

කෝ අනේ අපි පත් කරගත් සිංහයා?

:       0       0

Ali Bhutto Monday, 25 May 2020 04:14 PM

"පොලිසියේ මෙහෙ නම් ගොඩක්ම ඉන්නේ පාකිස්ථානු ජාතිකයන්, නමුත් ඔවුන් නීතියට බොහොම ගරු කරනවා. ලංකාවේ මිනිස්සුන්ට ප්‍රමුඛතාවක් දෙනවා. ඔවුන් ඉගෙන ගත්ත අය. මේ සිද්ධියට සම්බන්ධ වන්නේ නිකම්ම බිස්නස් කාරයින් නිසා ඒ ගැන එතරම් හිතන්න එපා." මොට්ට කතාවක් ඒක. මැදපෙරදිග රස්සාව කරන පාකිස්තානු ජාතිකයින් පරිස්සමින් සහ නීතියට රස්සාව කරනවා පොලිස් කාරයෙක් වුණත්. "නිකම්ම බිස්නස් කාරයින්" නිසා ලංකාවේ පොලිසිය වල්ගේ කකුල්දෙක මැද්දේ ගහගෙන නීතිය අමතක කරපු එක සම්පූර්ණ වැරදියි.

:       0       0

vidya Monday, 25 May 2020 05:20 PM

සත්තු වගේ හිටපු අයට නිදහස ඇති රටකට අාපුවම ඔවුන්ට එ්ක දරාගන්න බැහැ. පාකිස්තානුවන් ගිය හැම තැනම කාලා තමයි එන්නේ... එංගලන්තයටත් වෙලා තියෙන්නේ එ්කමයි කියලා මගේ මිත්‍රයෙක් කිව්වා.

:       0       0

Asoka Monday, 25 May 2020 07:52 PM

කොයි රටේ ඉඳලා ආවත් ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ නීතියට ගරු කරන්න ඕනෑ. ඉතින් ඇයි මේ අයව නිදහස් කලේ මෙච්චර දේවල් කරලත්...?

:       0       1

Samaraweera Monday, 25 May 2020 10:10 PM

සමහර අන්තවාදී ආගම් අදහන උදවිය හැසිරෙන විදිය අදාළ ආගම් වල ඉගැන්වීම් අනුව සිදුවන බව අපි තේරුම් ගෙන කටයුතු කරන්න ඕනෑ. ලංකාවේ මෙතරම් නිදසුන් දකින අපි මොකටද බුරුලක් දෙන්නේ? එක පාරක් නීතිය පහදලා දුන්නට පස්සේ තවත් ඉවසන්න අවශ්‍ය නැහැ. නීතිය සැමටම සමානව ක්‍රියාත්මක වන රටවල් දියුණු වෙලා තියෙන්නේ ඒකයි.

:       0       7

surath Monday, 25 May 2020 11:15 PM

පොලීසිය කල්පනාකාරීව තමයි මේවට මැදිහත් වෙන්නේ... මොකද මේ අය මොන දේශපාලුවාට කප්පන් දීලද දන්නේ නැහැ... මේ විදියට රටතුළ සැරිසරන්නේ? මතකයිනේ ස්විස් නංගිගේ කතාව... දැන් කෝ එයා? කාටත් අමතකයි.

:       0       24

ධම්ම Tuesday, 26 May 2020 01:54 AM

"පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අදාල පාකිස්තානු ජාතිකයින් තිදෙනාගේ අනන්‍යතාවය හා වලංගු රියදුරු හැඳුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැඳවාගෙන ගියේය". කවුද ඒ?

:       0       12

Nishan Tuesday, 26 May 2020 02:28 AM

මේ දම්පාට ටී ෂර්ට් ඇඳන් ඉන්නේ පොලිස් නිලධාරින්ද පොහොට්ටුවේ නිලධාරින්ද?

:       10       1

BamunuarachchiThursday, 28 May 2020 06:20 AM

"මේ දම්පාට ටී ෂර්ට් ඇඳන් ඉන්නේ පොලිස් නිලධාරින්ද? පොහොට්ටුවේ නිලධාරින්ද?" නැහැ ජන බල වේගේ කට්ටිය. පාකිස්තාන් කට්ටියගේ සැපදුක් බලන්න ඇවිල්ලා...

:       0       1

MD Tuesday, 26 May 2020 02:49 AM

රාළහාමිලා ඔක්කොම ගෝරනාඩු අහිංසක අපිට තමයි. රටේ ගරුත්වය රැකගන්න. ඔහොම හිඟන්නන් වගේ ඉන්න එපා පිටරට අය ඉස්සරහ... ඉංග්‍රීසි කතාකරන්න දන්නේ නැතිනම් 2 වරක් නොහිතා කුදලාගෙන යන්න.

:       0       6

Bamunuarachchi Tuesday, 26 May 2020 03:13 AM

දෙකක් ඇනලා කූඩුවට දාන්න.

:       0       1

Kasun Kodithuwakku Tuesday, 26 May 2020 05:19 AM

මේ අය බංගලි වගේ..කෝ මුඛ වාඩම්? ... ලංකාවේ කගේ හරි දේශපාලන බලය මෙයාලට දීලා ඇති. ඒකනේ අපේ දේශපාලකයෝ වගේ නටන්නේ.

:       0       8

eresh S kumara Wednesday, 27 May 2020 06:27 AM

අපි මොන රටක හිටියත් ඉන්න රටේ පොලිසියට ගරුකරන්න ඉගෙනගන්න ඕනේ. සක්කිලි විදියට හැසිරෙනවා නම් රාජ්‍යතාන්ත්‍රික වුණත් දඬුවම් දියයුතුමයි..

:       0       2

jp Thursday, 28 May 2020 11:08 AM

මේ අය හිතාගෙන ඉන්නේ තානාපති ළඟ වැඩකරා කියලා මහා ලොක්ක කියලා, ඕකට තමයි කියන්නේ මෝඩකම කියලා, ඔවුන් කොහොමත් හරි පණ්ඩිත අය, අල්ලලා රිමාන්ඩ් කරා නම් හරි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 297 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 583 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 232 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 184 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 243 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2363 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site