IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රාදේශීය ළමා ආරක්ෂකයන්ට මාස 9 කට පසු පත්වීම්

(බිඟුන් මේනක ගමගේ)

 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම් ලාභීන් 116 දෙනාටම පත්වීම් ලබාදීමට මාස නවයකට පසුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

 

මෙම පත්වීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් කෙරුණු පැමිණිලි හා විමර්ශනවලට අදාළව කටයුතු කර අධිකාරිය මෙම තීරණය ගත් බවත් ඉතා ඉක්මණින්ම ඔවුන්ට පත්වීම් ප්‍රදානය කෙරෙන බවත් එහි සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා  පැවැසීය.

 

ප්‍රාදේශීය ළමා ආරක්ෂක තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනි දා පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවා ඔක්තෝබර් 12 වැනි දා සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ අතර එයින් ඉහළම ලකුණු ලබාගත් 116 දෙනා පත්වීම් ප්‍රදානයට සුදුස්සන් හැටියට තෝරා ගත් බවට පසුගිය දෙසැම්බර් 12 වැනිදා ලිඛිතව දැන්වීමට අධිකාරිය කටයුතු කළේය. 

 

එහෙත් මෙම පත්වීම් වලින් 66 ක් දේශපාලන ලැයිස්තුවකට ප්‍රදානය කිරීම ඇතුලු විවිධ හේතු මත පත්වීම් ප්‍රදානය අතර මග නතර වූ අතර සුදුසුකම්ලාභීන් විසින් කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාට, ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ද මේ ගැන පැමිණිලි කරනු ලැබිණි.

 

මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත දිගින් දිගටම කරුණු අනාවරණය කළ අතර රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව රැසක් ද ඊට එරෙහිව විවිධාකාරයෙන් මැදිහත්වීම් කළේය.

 

ඒ අනුව කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා විසින් මේ ගැන වෙනම විමර්ශන දෙකක් ආරම්භ කරනු ලැබීය.



අදහස් (0)

ප්‍රාදේශීය ළමා ආරක්ෂකයන්ට මාස 9 කට පසු පත්වීම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 3 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 345 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 157 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 143 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 344 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site