IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ප්‍රසන්න - විමල්ට පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවයි

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

 

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරිම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සති හතරක සහ සති දෙකක වශයෙන් අත්හිටුවන ලදී.

ප්‍රසන්න රණවීර මහතාට සති හතරක් ද විමල් වීරවංශ මහතාට සති දෙකක් ද වශයෙන් එම යෝජනාව සභා සම්මත කෙරිණි.

ප්‍රසන්න රණවීර මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 41 විපක්ෂව ඡන්ද 21 ක් ද , විමල් වීරවංශ මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් විපක්ෂව ඡන්ද 21 ක් ද ලැබිණි.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට අද (20) සිට පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ.

ප්‍රසන්න රණවීර මහතා ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වන අතර විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි. 



අදහස් (36)

ප්‍රසන්න - විමල්ට පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවයි

wimal Friday, 21 September 2018 06:35 AM

විමලේ අයෙමත් පැනලද?

:       2194       147

tdFriday, 21 September 2018 11:01 AM

පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් කිසිවක් නොදන්නා, උගත්කමක් බුද්ධියක් නැතත් ජාතිවාදයෙන් මත්වී ඇති මොවුන් සෙන්කොලය පාර්ලිමේන්තුවේ තිබෙන්නේ කුමක් සදහාවත් නොදන්නා මෙවැනි අය පාර්ලිමේන්තුවට යවන සිරි ලංකාවේ උගත් ජනතවටත් හොඳ පාඩමකි . මාස තුනකටවත් පාර්ලිමේන්තු තහනමක් ලබාදීමට තිබුණි.

:       3013       3544

LIYANA ARACHCHISaturday, 22 September 2018 02:06 AM

ටීඩීගේ කතාව සත්‍යය, ඉස්සන් පාර්ලිමේන්තු යවා මීට වඩා දෙයක් රටට සහ ජනතාවටත් බලාපොරොත්තු වීමට නොහැකිය.

:       6       90

sachith Friday, 21 September 2018 06:41 AM

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශනේ නේද?

:       2237       40

ධනුෂ්කFriday, 21 September 2018 02:13 PM

මෙතුමා ජ.වි.පෙ ඉන්න කාලේ මෙහෙම අශීලාචාර වුනේ නෑ. මොකද ජ.වි.පෙ තුළ එහෙම හැසිරෙන්න හා කතා කරන්න බෑ. නමුත් ජානගත ලක්ෂණ ඉස්මතු වුණු නිසා තමා පක්ෂයෙන් එලෙව්වේ. මට මතකයි සීගිරිය බලන්න යන්නැතුව පක්ෂය වෙනුවෙන් වැඩ කළා. නමුත් එලෙව්වා කියලා හැඟීම්බර කතාවක් කියලා. හැබැයි දැන්නම් ලෝකේ ගොඩක් ජාති දැකලා අැති...

:       2158       561

අනුර දිසානායක Friday, 21 September 2018 06:15 PM

ඔබ හරි... මෙයාගේ තියෙන්නේ ජාන ගත ගති පැවතුම්... එයා දේශපාලනය කරන්න කලින් දෙනියායේ කුලියට බෙර ගැහුවා...

:       30       219

ශ්‍යාම් Friday, 21 September 2018 06:49 AM

විමල් වීරවංශගේ පක්ෂයවත් දන්නේ නැතිද?

:       2130       210

Dusara Friday, 21 September 2018 06:51 AM

අනවශ්‍ය ආනයන නැවැත්විය යුතුයි.... එළවලු, බිත්තර, මස්, බුලත්, ආදිය. සියලු බලු රහිත ආනයන වසර 5ක් වත් නැවැත්විය යුතුයි. දේශපාලකයන්ගේ හා එ හා සම්බන්ද අයගේ විදෙස් ගමන් නැවැත්විය යුතුයි.....විදෙස් වෙළදාම වැඩිකළ යුතුයි...

:       0       447

Saththaya Friday, 21 September 2018 06:58 AM

බැරිද හැමදාම පාර්ලිමේන්තු එන්න බැරි ව්දියට සම්මත කරගන්න...... මොකද රටට වැඩක් නොකෙරෙන විදියට පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන නිසා......

:       2529       3304

maheshikaFriday, 21 September 2018 10:34 AM

රට කන හරක්ට විරුද්ධව කතා කරන්න හලෝ... කොටි දැනට පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්ද? අපේ බත් කන හරක්ට මේවා නොපෙනෙන්නේ මන්ද?

:       1948       2785

Palitha Friday, 21 September 2018 06:59 AM

ප්‍රසන්න කෙසේවෙතත් අනිත් මිනිහා නම් සදහටම පාර්ලිමේන්තුවෙන් එළවාදැමිය යුතුයි.

:       2583       3221

rohana kumara mendis Friday, 21 September 2018 07:11 AM

එයාලා උන්නත් වැඩක් නැහැ. මහ ජනතාවට මට නම් හිතන්නේ අනික් අයත් නැතිව ඕක වහලම දැම්මා නම් කටත් හොඳයි පිනට කකා බිබී ඉන්න ...

:       3       235

asanga Friday, 21 September 2018 07:12 AM

හ්ම්... පාර්ලිමේන්තුවේ විනය කඩ කරලා ඔහොම දඬුවමක් දුන්නා නම්, ව්‍යවස්ථාව කඩ කරපු විජයකලා මැතිණියට කොහොම දඬුවමක් දෙයිද? කතානායකතුමා හරි සැරයි වගේ..

:       354       2276

Thilina Friday, 21 September 2018 07:13 AM

එතකොට අර විජයකලාට එහෙම මොකුත් ප්‍රශ්නයක් එහෙම නැද්ද?

:       692       2537

K PereraFriday, 21 September 2018 09:51 AM

විජයකලා මහත්මිය පාර්ලිමේන්තුවේ මේ වගේ පිවිකාර කරනවා ඔබ දැක තිබෙනවද?

:       2048       430

කසුන්Friday, 21 September 2018 11:52 AM

විජයකලා පාර්ලිමේන්තුවේ එහෙම නොකරට එලියදී කොටි ප්‍රවර්ධනය කරලා තියෙන්න. අපි බලන් ඉන්නේ

:       451       2071

Thilak Friday, 21 September 2018 07:13 AM

පඩි සහිත නිවාඩු ...

:       1807       76

Nandalal DE SILVA - France Friday, 21 September 2018 07:43 AM

ඇති යන්තම් ! රටේ උත්තරීතරම්ම ආයතනයේ හැසිරෙන විදිය නොදන්නා අයට මෙය පාඩමක් වේවා.... පාර්ලිමේන්තුව නැති උනාට මේ අයට තුන්මුල්ලේ ඉඳන් ඔවුන්ගේ අදහස් පලකිරීමේ නිදහස තවම නැතිවෙලා නැහැ නේ ! ! !

:       1686       603

Sayiman Friday, 21 September 2018 07:54 AM

දියවන්නාවේ කෑමත් ටික කාලයකට නැහැ.....

:       1212       127

rocky Friday, 21 September 2018 08:30 AM

අවුරුද්දකටවත් තහනම් කෙරුවා නම් තමයි වැඩිය හොඳ! මේ අය කට ඇරියොත් පිටවෙන්නේ ඔක්කොම විකාර. එහෙම නැත නම් අපහාස!

:       966       437

Samanlal Friday, 21 September 2018 08:34 AM

මේ දෙන්නට මීට වඩා ලොකු දඬුවමක් දෙන්න තිබුනේ. ප්‍රමාද වී හෝ මෙවන් දෙයක් කිරීමට පාර්ලිමේන්තුවට හැකි වීම ගැන සතුටු වෙමු.

:       751       387

sirimal Friday, 21 September 2018 08:41 AM

කට විතරයි. මොලේ කඳුලක් නැහැ.

:       708       849

nimalFriday, 21 September 2018 10:57 AM

ඔයාගේ නේද? එක ඇත්ත

:       480       751

tommy Friday, 21 September 2018 10:29 AM

දැන් ඉතින් ටික දවසකට වාචාල කතා අහන්නේ නැතිව කනක් ඇහිලා ඉන්ට පුළුවන්...

:       494       569

Kumara Friday, 21 September 2018 10:29 AM

රටට මොනතරම් පාඩුවක්ද? දුරදක්නා නුවණ නැතිකොට...

:       508       26

Lakmal Friday, 21 September 2018 10:46 AM

අද අනිවාර්යෙන් වහිනවා...

:       512       87

Lanka Friday, 21 September 2018 12:20 PM

මේක හොද ආරම්භයක්! පමාවෙලා හරි මේ තීරණය ගත්ත එක. මේ දඬුවම නම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. පාර්ලිමේන්තු තහනම බලපැවැත්වෙන කාලය අතරතුර වැටුප් කප්පාදු කළ යුතුයි. ඒ අදාල කාලයේ දින ගණනට අනුව... මොවුන් මේ විකාර කරන්නේ අසරණ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබමින්...

:       500       652

Magilin Friday, 21 September 2018 12:22 PM

හිවල් විරවංශගේ පාර්ලිමේන්තු ධුර කාලය සදහටම අහෝසි කරන්න ක්‍රමයක් නැද්ද අම්මපා ...

:       512       645

රවින් Friday, 21 September 2018 12:24 PM

ඉස්සෙල්ලම බලන්න මේ දෙන්නම අට පාස්ද කියලා... කැලේ නීතිය උත්තරීතර සභාවකට නුසුදුසු බව තේරුම් ගන්න මොලයක් තියෙන්න එපායැ. නුසුදුස්සා නුසුදුසු තැනට ගියාම වෙනදේ...

:       507       608

casmir Friday, 21 September 2018 12:42 PM

අැත්තෙන්ම මේ ආයතනයේ ඉන්න බහුතරයක් කිසිම වැඩකට ඇති දෙයක් ගැන කතාකරන්නේ නැහැ . කියවන්නෙම විකාර... ගොඩක් අය තමින්ට වැටිලා තියන නඩු වලින් බේරෙන්න රටම අවුල් කරන්න දඟලනවා. මේවට වගකියන්න ඕනෑ අපි... අපිම තමයි මේ කාලකන්නි පාර්ලිමේන්තුවට යැව්වේ... ලංකාවේ කොච්චර හොඳ ව්‍යවසායකයින් ඉන්නවද? ඒ මිනිස්සු පැත්තක.. කාලකන්නි ටික රට හදන තැන...

:       0       24

Buddika Friday, 21 September 2018 01:03 PM

මේ දෙන්නගේ හැසිරීම් රස්තියාදුකාරයන් වගේ... කොහොමත් එහෙම අය තමයි. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන අය වගකිව යුතුයි. නූගත්කම, කටහැකරකම වගේ දේවලට ආකර්ෂණය වෙලා ඡන්දෙ දෙන්නෙත් නූගත් මිනිසුන්ම නේද? රටට ආදර්ශයක් දිය යුතු තැන මේ අය විනාශ කරනවා.

:       0       209

erdi Friday, 21 September 2018 01:15 PM

ඒකාබද්ධ විපක්ෂෙ හැත්තෑවෙන් (70) විමල්ට විපක්ෂව 21 යි, ප්‍රසන්න රණවීරටත් 21 යි.... ඒ කියන්නේ විපක්ෂෙ අයවත් මේ අයට පක්ෂ නැහැ. දැන්වත් තේරුනාද මේ අය ඉන්නේ කොට අදින්න විතරයි.. පෙරහැරේ යන්නෙ වෙන අය...

:       11       181

chandana Friday, 21 September 2018 02:03 PM

මම මේ තීරණයට විරුද්ධව මොකුත් දාන්නේ නැහැ.... ඒත් යටපත් කරන්න බැරි සත්‍ය නම් විමල්ගේ ඡන්ද ප්‍රමාණය රනිල්ගේ ඡන්ද ප්‍රමාණයට වඩා ඉතාමත්ම සුළු ප්‍රමාණයකිනුයි පසුගිය ඡන්දවලදී අඩු වුනේ...

:       240       114

rrohana Saturday, 22 September 2018 12:52 AM

චන්දන මාරු කියවනවද? විමල්ට කියන්න පුළුවන් නම් ඡන්ද 1000 අරන් පෙන්නන්න කියලා එයාගේ පක්ෂෙන් මෙයා මහින්දගේ කරේ එල්ලිලා ඉන්න නිසා මෙයාට ශ්‍රීලංකා ඡන්ද වැටුණා තමයි. මෙයා ඡන්ද පදනමක් නැති නූගත් කෙනෙක්...

:       0       103

Siri Saturday, 22 September 2018 03:20 AM

උගත් නොවේ, නූගත් ජනතාව...

:       0       21

Chandra Saturday, 22 September 2018 03:09 PM

මහේෂිකා, ඔයාගේ පදිංචිය නම් තුන්මුල්ලේ කියල පේනවා... කතා විලාසයෙන්...

:       0       711

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1232 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 469 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 910 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 871 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 340 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 521 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site