IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පළමු​ ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි

(ඩයනා උදයංගනී)

පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී පදිංචිය සහතික කිරීම සඳහා ඔප්පුවක් නොමැති අවස්ථාවලදී වසර පහක් අඛණ්ඩව ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වීමත්, ප්‍රදේශයේ ග්‍රාම සේවක ඇතුළු අදාළ බලධාරීන් විසින් පදිංචිය තහවුරු කිරීමත් ප්‍රමාණවත් බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවක් ඉදිරිපත් කළහොත් ලකුණු 20ක් ලබාදෙන බවත්, එසේ ඔප්පු නොමැති වීමෙන් පාසලට ඉතා ආසන්නයේ පදිංචි දරුවන්ට පවා පාසල අහිමි වන බවටත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) පැවැසීය.

එබැවින් නිශ්චිත ඔප්පු නැති අය වෙනුවෙන් මෙම නීතිය ඇතුළත් චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මීට අමතරව ඉදිරියේදී පාසල් දරුවන්ගේ නිල ඇඳුම් වවුචර වෙනුවට මෙරට නිෂ්පාදිත රෙදි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.

ඒ අනුව ලබන වසරේ සිට පාසල් දරුවන් ශ්‍රේණි අනුව කාණ්ඩ 6කට බෙදා රෙදි ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

එලෙස කාණ්ඩ 6කට බෙදා රෙදි කැපීමේදී විශාල රෙදි ඉතුරුවක් සිදුවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

දේශීය රෙදි නිෂ්පාදකයන් එම රෙදි නිපදවීම ආරම්භ කර ඇති අතර ලබන ජනවාරි අවසානය වනවිට පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

 



අදහස් (4)

පළමු​ ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි

sharm warn Wednesday, 30 September 2020 06:43 AM

අනේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්න. අපිට ඕනෑ කුඩු විකුණන අයගේ ගෝලයෝ හදන්න නෙමෙයි. කාලකණ්ණි දේශපාලකයින්ගේ පස්සෙන් යන ඇම්බැට්ටයෝ හදන්නත් නෙමෙයි. රටට සෙතක් කරන්න පුළුවන් පරපුරක් හදන්න.

:       0       10

ලලිත් ජයවර - අම්බලන්ගොඩ Wednesday, 30 September 2020 10:57 AM

එකෙන් නොවෙයි, වැඩේ පටන් ගන්නේ දෙකෙන්. දෙකේදී මේ මොකවත් ඕනෑ නැහැ. ලක්ෂයක්, දෙකක් දුන්නාම වැඩේ ගොඩයි. අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ බොහෝ පන්තිවල නාම ලේඛන දෙක දෙක තියෙනවා. නොදන්න කෙනෙක් නැහැ. වැඩේ යන්නේ සල්ලිවලට බව. ලේකම් සහ නිලධාරීන් අම්බලන්ගොඩ පැත්තේ ආවාම විදුහල්පති තමයි කන්න බොන්න දෙන්නේ. කලාප කාර්යාලයේ තියෙන හැම උත්සවයකටම වියදම් කරන්නේ විදුහල්පති. මෑතක් වෙනකම් පවත්වාගෙන ගිය නීති විරෝධි පන්ති පහෙන් වසරකට උපයා ගත් මුදල කෝටියකට වඩා වැඩියි. පරීක්ෂණයක් කරන්න. මම එන්නම් විමර්ශනය කරන හැටි කියලා දෙන්න. දකුණු පළාත් සභාවෙදි මේ ප්‍රශ්නේ ඇහුවාම අහපු මන්ත්‍රීන්ට මොනවද දීලා වැඩේ ෂේ්ප් කර ගත්තු බව කවුරුත් දන්නවා. ඇත්තටම විදුහල්පතිවරු බොහොමයක් ඉන්න ඕනෑ විදුහල්පති පුටුවේ නොවෙයි. හිර ගෙවල් වල. ඒත් එහෙම වෙන්නේ නැහැ. පව් පලිසන් දෙන්න.., තව පව් එකතු වුණාම. එක ගුරෙක් ඉන්නව නෝනට කාර් එකයි. එයාට කාර් එකයි. දරුවෝ ඇමරිකාවේ ඉගෙන ගන්නේ... දෙන්නා දෙපාරට තමයි දරුවො බලන්න යන්නේ. කාගෙද මේ සල්ලි? අර ළමයි පාසලට දාන්න ගන්න සල්ලි. මේවා මහ ඇමති නොදන්නවා නොවෙයි. හැම ඇමතිම දන්නවා. ඒ නිසා හොරුන්ට ඔප්පුව එච්චර කොක්කක් නොවෙයි. හැබැයි පලදෙනවා මයි. ටිකක් කල් යයි.

:       0       7

vikum Wednesday, 30 September 2020 03:17 PM

සියල්ල වාණිජකරණය හමුුවේ අධ්‍යාපනය පමණක් එසේ නොවේ යැයි කිව නොහැක, මාගේ විශ්වාසයට අනුව ජනප්‍රිය පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීමට ඒ ආසන්නයේ සිටින ළමුන්ට මූලික වශයෙන් අවස්ථාව ලබාදී යම් කෙනෙක් කැමති නම් සාධාරණ මුදලක් පාසලට ගෙවා ළමයෙක් ඇතුළත් කිරීමට අවස්ථාවක් ලැබිය යුතුයි. අධ්‍යාපනය නිදහස් නම් තමන් කැමති පාසලක ඉගෙන ගැනීමේ අයිතිය තිබිය යුතුයි. මොකද ලංකාවේ පැවති ක්‍රමයට අනුව පාසලේ නමත් එක් එක් අවස්ථා යටතේ එහි ලබන අධ්‍යාපනයට වඩා ඔහු හෝ ඇය ගිය පාසලට රැකියාව, දේශපාලනය ක්‍රීඩාව වැනි බොහෝ දේ තීරණය කරනු ඇත...

:       2       0

ලියන Thursday, 01 October 2020 04:26 AM

ඔප්පු බැලුවේ නැත්තම් නියමෙට තියේවි. ග්‍රාම සේවක අල්ලා ගන්න කෙනා ගොඩ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 95 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 59 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 143 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1845 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 523 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 633 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site