IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පහළ මල්වතු ඔයට පරිසරවේදීහු විරුද්ධ වෙති


 
 
විනීතා එම් ගමගේ
 
පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ දී සිදුවන මහා පරිමාණ වනාන්තර විනාශයත් එම ව්‍යාපෘතිය පිළිබඳ සිදුකළ පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවේ ප‍්‍රමාණවත් තරම් විකල්ප හඳුනාගෙන නොතිබීමත් හේතුවෙන් එකී ව්‍යාපෘතියට විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 


මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවක් පිළියෙළ කර ඇති අතර එය මේ වනවිට මහජන අදහස් විමසීමට ප‍්‍රසිද්ධ කර ඇත. 


වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය මල්වතු ඔය නිමිනයේ ගංවතුර පාලනය සදහාත් , යෝධවැව සහ අකතිමුරුප්පු යන වැව්වල ජල ධාරිතාව වර්ධනය කර ඒ හරහා ඉහත වැව් මගින් පෝෂණය වන වගා බිම්වල අසව්ැනන් ඉහළ නැංවීමේ අරමුණු පෙරදැරිව පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය යෝජනා කර ඇත. 


ව්‍යාපෘතිය නිසා හෙක්ටයාර 4044 ක් පමණ ජලයෙන් යටවන අතර ජලාශ බැම්මට පහලින් පිහිටි ප‍්‍රදේශය කෘෂිකාර්මික ඉඩම් ලෙස හා ජනතාව පදිංචි කිරීම සඳහා යොදා ගැනීමට නියමිත අතර එකී හෙක්ටයාර 4044 න් සියයට 60 සිට සියයට 70 ක් පමණ වියලි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංඟාධාර වනාන්තර හා ලඳු කැලෑ වලින් සමන්විත වන බවත් ශාක හා සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවැසීය. 


මෙම වනාන්තර හානියට ලක් වූ වනාන්තර ලෙස සාධාරණීකරණය කළ නොහැකි යැයි කී විතානගේ මහතා ඉහත සඳහන් කළ වනාන්තර ප‍්‍රමාණයට අමතරව තවත් හෙක්ටයාර 810 ක් නව ගොවි බිමි සඳහාත් හෙක්ටයාර 277 ක් නැවත පදිංචි කිරීම් සඳහාත් යොදා ගැනීමට නියමිත බවත් පෙන්වා දුන් ඒ මහතා මේ අනුව ගත් කල මුළු හෙක්ටයාර 3715 ක් ව්‍යාපෘතිය සඳහා බිලි දෙන බව ද පෙන්වා දුන්නේය. 



අදහස් (0)

පහළ මල්වතු ඔයට පරිසරවේදීහු විරුද්ධ වෙති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 560 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 804 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 821 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1218 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1099 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site