විනීතා එම් ගමගේ
විදේශ රැකියා සඳහා යන කාන්තාවන් වෙනුවෙන් අනිවාර්ය වූ පවුල් පසුබිම් වාර්තාව ප්‍රශ්න රැසකට මුල් වී ඇති බැවින් එය ඉක්මණින්ම අහෝසි කරන්නැයි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමය (ඇල්ෆියා) රජයෙන් ඉල්ලීමක් කරයි.
මේ වනවිට විදේශ රැකියා කර්මාන්තය මෙම නීතිය හේතුවෙන් කඩාවැටීමකට ලක්ව පවතින බව ද එම සංගමය කියයි.
විදේශ රැකියාවන්හි නියුතු වූවන් විසින් වාර්ෂිකව මෙරටට එවනු ලබන මුදල මිලියන 8000 සිට මිලියන 6500 ක් දක්වා අඩු වී ඇති බවත් එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙසේ දැඩි නීතිරීති පැනවීම හේතුවෙන් නීත්‍යානුකූල අන්දමින් කාන්තාවන් විදේශ ගතවීම අඩුවීම බවත් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමයේ සභාපති ඒ ඒ හසන් මහතා කොළඹ දී අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මේ වනවිට ඩොලරය රුපියල් 164.80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එයට හේතුව ද මෙම කර්මාන්තය කඩාවැටීම බවත් හසන් මහතා පැවැසීය.
මාධ්‍ය හමුව ඇමතූ ඇල්ෆියා සභාපතිවරයා මෙසේ ද කියා සිටියේය.
2013 වසරේ මේ නීතිය හඳුන්වා දුන්නේ ගෘහ සේවිකා රැකියා සඳහා යන කාන්තාවන් සඳහා පමණයි. එහි අරමුණ වුණේ අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන් ගෘහ සේවිකා රැකියා සඳහා යාම වැළැක්වීමයි. එය පැනවීමේ අරමුණ යහපත් එකක්. නමුත් 2015 දී මෙම නීතිය විදේශ ගත වන සියලූ කාන්තාවන් සඳහා පැනවූවා. එහි දී අවිවාහක කාන්තාවන්ට ද බලපැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක කළා.
මේ නීතිය ක්‍රියාත්මක වෙද්දි පවුල් පසුබිම් වාර්තාවකට අමාත්‍යංශ දහයක් බලපෑම් කරනවා. ඒකත් ප්‍රශ්නයක්. විදේශ රැකියා අමාත්‍යංශයට තමන්ගේ රාජකාරිය කරගන්න ඉඩක් නැහැ.
මෙහි දී ඇඟළුම් කර්මාන්තය සඳහා යන කාන්තාවන්, ගුවන් සේවිකාවන්, පිරිසිදු කිරීම් සේවාවන්හි කාන්තාවන්, පමණක් නොවෙයි වෛද්‍යවරු හෙදියන් වැනි වෘත්තියවේදී කාන්තාවන් සඳහාත් මෙම නීතිය ක්‍රියාත්මක වුණා. අද වනවිට ඇඟළුම් කම්හල්වලට කාන්තාවන් යවන්න මෙම නීතිය නිසා ප්‍රශ්න ඇති වෙලා.
මේ වනවිට කාන්තාවකට කවර හෝ විදේශ රැකියාවකට යන්න දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න සංවර්ධන නිලධාරියායි. රුපියල් පන්දහසක අල්ලස් ගත්තු මේ අය දැන් ලක්ෂ දෙක දක්වා අල්ලස් ගන්නවා. විශාල පිරිසක් කාර්යංශයෙන් වැඩ තහනමට ලක්කරලා.
ඇල්ෆියා උපලේකම් හිරාන් රත්නායක, කමිටු සාමාජිකයින් වන යහියාර් ඛාන්,මොහමඩ් න්ස්ලින් යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පවුල් පසුබිම් වාර්තාව අහෝසි කරන්නැයි ඉල්ලයි
Ratne Monday, 10 September 2018 09:10 AM
ඔය කියන නියෝජිත ආයතන වලට රට ගැන කැක්කුමක් තියෙනවනම් තම පවුල් වල කාන්තාවන් අරාබි රට වල ග්‍රහ සේවයට යවන්න කියන්න. ගම්වල ඉන්න කාන්තාවන් / දරුවන් අමාරුවේ දමනවාට වැඩ හොඳයි....