IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


නොරොච්චෝලේ අළුවලින් ගඩොල් හදන්න කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී)

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එකතු වන අළුවලින් ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

එහිදී එම අළු අවට පරිසරයට මුදාහැරීමක් නොකර අළු අංගන පරිශ‍්‍රයේදීම ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා ලැබුණු යෝජනාවකට අනුමැතිය ලබාදීම වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අද (12) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනයෙන් එකතු වී ඇති අළු තොගය හේතුවෙන් අවට ගම්මානවල ජනතාවට හා පරිසරයට ඇති වී ඇති අහිතකර බලපෑම සළකා එය කඩිනමින් ඉවත් කළ යුතුව පවතින බැවින් මෙම තීරණය ගෙන ඇත.

එහි පියවරක් ලෙස එම අළු පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා ලබාදීමට තීරණය කෙරුණු බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ව තිබේ.

 



අදහස් (8)

නොරොච්චෝලේ අළුවලින් ගඩොල් හදන්න කැබිනට් අනුමැතිය

silva Wednesday, 12 September 2018 12:27 PM

ඔය අළුවලින් හදන ගඩොල් භාවිතයෙන් පිළිකා හෝ ශ්වසන රෝග ඇතිවේදැයි පරීක්ෂණ කරලම අනුමැතිය දුන්නා නම් තමයි හොඳ....

:       1       63

buddika Wednesday, 12 September 2018 03:38 PM

හොද අදහසක්, බිත්ති කපරාරු කරාම මොකුත් වෙන්නේ නැනේ පරිසරයට,

:       0       3

BamunuarachchiFriday, 14 September 2018 01:11 AM

සිමෙන්ති ඕනෙමනැහැ පාට තිබෙනවානේ. හොහොමද අම්මපා ටිකිරි මොලේ

:       0       0

ඇත්ත සත්‍යපාල Wednesday, 12 September 2018 07:24 PM

අළුවලින් 60% වැලි 30% සහ සිමෙන්ති 10% වතුර සමග මිශ්‍ර කර යන්ත්‍රයකින් පීඩනයට ලක් කිරීම මගින් මැටි ගඩොලකට වඩා ශක්තිමත් ගඩොලක් සාදාගත හැකිය. ගගේ වැලි වෙනුවට ගල් කුඩු භාවිතා කිරීමට හැකි වීම සහ මැටි ගඩොල් මෙන් දර දමා පිළිස්සීමට අනවශ්‍ය බැවින් මේ ගඩොල් ඉතා පරිසර හිතකාමිය. පරිසරය වනසන අළු කිසියම් ප්‍රයෝජනයක් ගැනීම මගින් අවම කිරීම එයටත් වඩා පරිසර හිතකාමිය. මේ ගඩොල් වලින් හදන නිවාස මැටි ගඩොලකින් හදන නිවාස වලට වඩා මදක් උණුසුම් වැඩිවීම එක් අවාසියකි. දෙවනුව ඉතා සියුම් අළු පෙනහළු ගතවීමෙන් දරුණු පෙනහළු රෝග ඇතිවෙන බැවින් පිට පලාත්වලට අළු ගෙනගොස් හදනවාට වඩා එම ස්ථානයේම හැදීම යහපත් කරුණකි. එහෙත් මේ කටයුත්තත් ඉන්දියානු හෝ චීන සමාගමකට විකිණීම කිසිසේත් නොකළ යුතුමය. දේශීය සමාගමක් යොදා මේවා නිෂ්පාදනය කරන්නට කැක්කුමක් හා කොන්දක් දේශපාලකයන්ට ලැබේවා. මෙසේ කියන්නේ මේ වනවිට විදේශ සමාගම්වලට තරු පහේ හෝටල් තුලදී දේශපාලකයන් මුණ ගස්වා රටේ දේවල් පිට රටට විකුණන බ්‍රොකර්ලා රැසක් සල්ලි විසිකරමින් රට ගිලගනිමින් සිටින බව දන්නා නිසාමය. ඒ ගැන පසුවට.

:       0       17

BamunuarachchiFriday, 14 September 2018 01:18 AM

ගල ශක්තිමත් වීමට අළු හේතුකාරක වෙන්නේ කොහොමද කියා පැහැදිලි කොරනවාද. රසායනික ප්‍රතික්රීයාවක් එහෙම සිදුවෙනවාද?

:       0       0

රවින් Wednesday, 12 September 2018 09:08 PM

පහුගිය දවස්වල මෙම පුවත් පතේම තිබු ප්‍රවුර්තියකට ඔය අදහස මැද පෙරදිග අයෙක් පළකර තිබුනා. කවුරුහරි කොපි කරලාද? කමක් නැහැ. කොහොම උනත් ඕනෑම ව්‍යාපෘතියක අතුරු නිෂ්පාදන ප්‍රයෝජනයට ගන්න එක ලාබදායි ක්‍රියාවක්. කරන්න තිබුනේ ව්‍යාපෘතිය පටන් ගන්නකොටම.

:       0       12

Bamunuarachchi Thursday, 13 September 2018 02:08 AM

ඊළඟ ඡන්දෙදි 62 ට නළලේ ගාගන්න දෙන්න.

:       36       0

Nandalal DE SILVA - France Thursday, 13 September 2018 02:46 PM

මෙහෙම අළුවලින් ගඩොල් හදන්න පුළුවන්කමක් තිබුණා නම් මොකද ඉස්සර කාලේ අළුවලින් ගඩොල් කපලා ගෙවල් හැදුවේ නැත්තේ? සමහරවිට ඒ කාලේ අළු වලින් ගඩොල් හදන එක ගැන දැනුමක් නොතිබෙන්න ඇති. නැත්නම් අළු බයක් තියෙන්න ඇති. කොහොම උනත්, අළු ගඩොලින් හදන ගෙවල් වසර කිහිපයක්ම නිරුපද්‍රිතව තිබේනම් ගෙවල් කිහිපයක් හදල බලමු !

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1559 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 615 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1010 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 966 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 370 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 554 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site