IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නේපාලය සිටින ලාංකික වෛද්‍ය සිසුන් ගැන තානාපති කාර්යාලය සොයා බලනවා

(තිළිණි ද සිල්වා)

නේපාලයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා වසා දමා තිබෙන කත්මන්දු වෛද්‍ය පීඨයේ හා පොක්කාරා මනිපාල් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් පිළිබඳ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මෙනවිය නිරන්තරයෙන් සොය බලන බව විදේශ  කටයුතු අමාත්‍යාංශයේ  ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය.

එම වෛද්‍ය පීඨ වසා දැමුවද දැනටමත් එම ලාංකික සිසුන්ට අවශ්‍ය නේවාසිකාගාරයන් හි නවාතැන්  හා ආහාර පාන කටයුතු ලබා දීම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් සිදු  කෙරෙන බවද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.

මෙම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන්ගේ පවුල් වල අයට අවශ්‍ය වුවද කොරෝනා වයිරස් තත්ත්වය හමුවේ සංචාරය කිරීමේ අවදානම ගැන ශ්‍රී ලංකා තානාපතිවරිය එම සිසුන්ට දැනුම දුන් බවද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

තත්ත්වය සමනය වූ වහා ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත් වීම් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදු කරනු ඇතැයිද අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවුසවාය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා  එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු  සහ කත්මන්දු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක්  දිවයිනට පැමිණීමට නොහැකිව  සිටින බව ලංකාදීප එසැණට ඉකුත් 24 වැනිදා වාර්තාවිණි.

වයිරසය පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක සෞඛ්‍ය සේවාවක්  නොමැති වීමත් , කත්මන්දු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම්  බව මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු වන වෛද්‍ය එස්.කස්තුරි මහතා පැවසීය.

කත්මන්දු වෛද්‍ය පිඨය වසා දැමීමෙන් එහි සිටින වෛද්‍ය සිසුන්ටද මෙම අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද වෛද්‍ය කස්තුරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

නේපාලය සිටින ලාංකික වෛද්‍ය සිසුන් ගැන තානාපති කාර්යාලය සොයා බලනවා

lalithm Thursday, 26 March 2020 06:40 PM

කස්තුරි, තමන්ගේ දුව වෙදකම ඉගෙන ගන්න යවලලා තියෙන්නේ මේ කියන විදියට සංවිධානාත්මක වෛද්‍ය සේවයක්වත් නැති රටක විශ්ව විද්‍යාලයකට. ඒ ලඟට ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරපු ගමන් ඔය පුද්ගලයත් ඇතුළු දොස්තර වර්ගයා ඒකට අකුල් හෙලා සාපේක්ෂ අඩු මුදලකින් මෙරටින් පුද්ගලික වෛද්‍ය පීඨයකින් දොස්තරවරු බිහිවෙන එක නවත්වනවා. තමන්ගේ වංශය රැකගන්න. මේ මොන විහිලුවක්ද? මේ කා දමන්නේ අපේ විදෙස් විනිමය! රටට කරන මොන අපරාධයක්ද?

:       2       0

HLR Friday, 27 March 2020 01:18 AM

මේ ගොල්ලන්ව ඉගෙනගන්න නේපාලෙට යවන්න ගොඩක් උදවු කලේ ජේවීපී එකෙන්නේ. මේකටත් විසඳුමක් ඇතිනේ ඒගොල්ලෝ ලඟම. අහල බලමුකෝ.

:       0       0

de silva Friday, 27 March 2020 02:37 AM

දොස්තර කස්තුරි මහත්මය නේපාලයේ කොරෝන අවධානම ගැන කරන ප්‍රකාශ ගැන සැහීමකට පත්වෙන්න බැහැ ඊයේ වෙනකොට නේපාලයේ සොයාගෙන තිබුනේ කොරෝනා රෝගියෝ 3 පමණි. ඔවුන් අපි වගේ රට වසාදමල ගන්න ඕනේ ආරක්ෂක පියවර අරන් තියෙනවා. සත්‍ය වශයෙන්ම මේ සම්බන්ධයෙන් ඔවුන් ඉන්නේ අපිට වැඩිය ඉදිරියෙන්..., ශ්‍රී ලන්කන් තානාපති අංශ මේ පිළිබඳව සොයල බලනවා කියනවනේ.. හමුදාපති තුමා ප්‍රකශ කර විදිහට මේ වෙලාවේ අපි හදිස්සියේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ මෙහෙ ගෙන එන්න අවශ්‍ය නැහැ. රජයේ තිබෙන නිරෝධන මද්‍යස්ථාන හිස් වෙනකම් තව සතියක් දෙකක් ඉන්න වේවි... ඉදිරි දින කිහිපය තුල ලංකාවේ තත්වය ගැන කියන්න අප දන්නේ නැහැ. රජය විසින් මොවුන්ට ලංකාවට එන්න සාධාරණ සහන කාලයක් ලබාදුන්නා. ඒක ප්‍රයෝජනයට ගත්තේ නැති එකට දැන් කරන්න දෙයක් නැහැ. ඔය ඉන්න විදිහට තව සති දෙක තුනක් ඉවසල ඉන්න..

:       3       1

ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 09:01 AM

එහෙම කියලා කොහොමද? මේ ආණ්ඩුවෙ වෛද්‍ය විද්‍යාල වල අය නෙවෙයි. රටට බරක් නොවී තමුන්ගේ සල්ලි දීල ඉගෙනගන්න ලමයි. මෙයාල රටට වටිනවා. ආණ්ඩුව සල්ලි දීලා හරි වහාම ගෙන්නගන්න ඕනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 585 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 112 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 818 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 837 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1228 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site