IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නෙළුම් කුලුන 16දා ජනතා අයිතියට

දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙලුම් කුලුන සැප්තැම්බර් 16 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති  ලේකම් කාර්යාලය පවසයි.
 
මීටර් 350ක් පමණ උස, තට්ටු 17කින් සමන්විත මෙම කුලුන නිර්මාණය සදහා අමෙරිකානු ඩොලර් මිලියන 104ක මුදලක් වැය වී ඇති බවද, චීනයෙන් ඉන් 80%ක වියදමක් දරා ඇති බවද පැවසේ. මෙය සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම් ශාලා ආදී පහසුම්වලින් සමන්විතය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
 
(16844)



අදහස් (29)

නෙළුම් කුලුන 16දා ජනතා අයිතියට

gunarathna Wednesday, 11 September 2019 05:02 AM

ඡන්දෙට ඉස්සරවෙලා නෙලුම් පොහොට්ටුව විවෘත කරන එක මහින්දගේ ජයග්‍රහණයට ලොකු හේතුවක් වෙනවා. මොකද පොහොට්ටුවේ කට්ටිය මේ නෙලුම් කුලුන ඡන්ද වේදිකාවට ගේනවා.රනිල් එදාට තේරුම් ගනී අපරාදේ විවෘත කෙරුවේ කියල.මේක විවෘත කරන දවසට රනිල්ට මොනවද කියන්න තියෙන්න මේ කුලුන ගැන .මහින්දට ඇරෙන්න වෙන කාටවත් කියන්න දෙයක් නැහැ.

:       477       461

abaranWednesday, 11 September 2019 06:29 AM

ඡන්දෙට පස්සෙත් ඔය ටිකම තමා...

:       0       28

KamalWednesday, 11 September 2019 08:20 AM

මොනවද කියන්නෙ 80% ක් අයිති චීනෙටනේ.

:       74       54

BamunuarachchiWednesday, 11 September 2019 02:27 PM

රනිල් උන්නැහේට උදේ නැගිට්ට ගමන් පෙනෙන්නේ පොහොට්ටුව. ඌරු ජුවල් ඇති නේද? ශ්‍රී ලංකා කාරයොත් ඔය ලකුණින් ඡන්දෙ ඉල්ලන්න බය එ්කනේ...

:       0       0

sumana Wednesday, 11 September 2019 06:19 AM

මහජනයාගේ මුදල් කාටවත් කියන්න දෙයක් නැ .

:       61       116

Indhika Wednesday, 11 September 2019 06:24 AM

දැන් අයිති ජනතාවට නිසා, ජනතාවට පුළුවන් කෑල්ල කෑල්ල කපල විකුණලා ගත්ත ණය ටික ගෙවලා දාන්න.

:       18       136

MaheeWednesday, 11 September 2019 09:26 AM

අම්මපා ඇත්ත. මං හිතන්නේ සිංහල භාෂාවේ නරකම හරුපය තමයි "ජනතා අයිතියට පැවරීම"... ලංගම අපේ හින්දා අපි කොන්දොස්තර රියදුරු දඟලගෙන හොඳට බැනුම් අහනවා. ගම්උදා ජනතා අයිතියට පවරපුවහම ඒ ගෙවල්වල පදිංචියට යන අයම ඒ ගෙවල්වල අඩුපාඩු හදා ගන්නවා. නෙලුම් කුළුණ ජනතා අයිතියට පැවරුවහම අපිට ඒකෙ එහාට මෙහාට නොමිලේ යන්න දෙනවා. එහෙම යන්න දෙන්නේ නැත්නම් අපිට පුළුවන් ඉන්දික කියනවා වගේ කෑල්ල කෑල්ල කපලා විකුණලා ණය ගෙවන්න. ජනතා අයිතියට පැවරීමට ජයවේවා..!!!

:       17       47

lasantha Wednesday, 11 September 2019 06:26 AM

ඔය චීනෙන් ලැබුනා කියන 80% ණය නෙමේ කියල ශුවර්ද? මොකද ඔහොම කියන ඒවා පස්සේ බැලුවම පට්ට ණය.

:       41       214

iruni Wednesday, 11 September 2019 06:47 AM

අනුන්ගේ දේවල් තමන්ගේ වගේ රටට පෙන්නන්න මෙයා හපනා.

:       17       58

Dina Wednesday, 11 September 2019 06:47 AM

ඔබතුමාට අමතක ඇති 2015. ඒ දවස්වල සැහෙන්න කල දේවල් MR කතා කලත් පරාද වෙන්නයි උනේ. ඒ නිසා මේක ලොකු දෙයක් නොවේ .

:       5       31

jagath Wednesday, 11 September 2019 06:59 AM

ඕක චීනෙන් ගත්ත සියයට 7.5 පොලියට ගත්ත මුදලින් හදල තියෙන්නේ. පොළියයි ණය වාරිකයයි ගෙවන්නේ ඔය කුලුන යට නෙලුම් මල් විකුණලා ද ?

:       130       72

maxWednesday, 11 September 2019 07:46 AM

ජගත් අයියා දන්නා දේවල්...

:       39       102

Sarath rWednesday, 11 September 2019 07:11 PM

මේ කොමෙන්ට්ස් දාන සමහරක් කිසිම දෙයක් දන්නැති හරක්. මේ කුලුන සිමෙන්ති තියනවට හැදුවේ නෑ. ඔය ළඟ පාත ඉන්න දැන උගත් අපක්ෂපාති පුද්ගලයෙක්ගෙන් මෙහි ඇති වටිනාකම අහලා දැන ගන්නවා හොඳයි.

:       0       44

sumith Wednesday, 11 September 2019 06:59 AM

මතක තියාගන්න ඕවා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. ඒවා වලින් ගහන කොමිස් බෙදාගන්නේ ඔය කියන දේසපාලු හොර නඩේ .

:       0       58

Hafeel Wednesday, 11 September 2019 07:17 AM

මේක විවෘත කරන්න යන තුන්දෙනාටම විලි ලැජ්ජා නැහැ. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට පුලුවන්ද කාට හරි හොරා කියල, ආපහු ඔහුත් එක්ක එකට උත්සවයකට සහභාගී වෙන්න? ඉතින් ඔවුන්ට ආපහු බලය දෙන්න ඕනද?

:       64       14

kap Wednesday, 11 September 2019 07:27 AM

ජනතා අයිතියට පත් කලා කිව්වට මහ ජනතාවට ලගටවත් යන්න වෙන්නෙ නෑ. වැඩිම උනොත් පාර අයිනේ ඉදන් බලන් ඉඳලා එන්න වෙයි. නැත්නම් ගාන ගෙවල උඩට යන්න වෙයි. ඕකේ අවන්හලෙන් කන්න පඩි 3 ක් 4ක් එකතු කරන් එන්න වෙයි. මේවා හදල තියෙන්නෙ මහජනතාවට නෙමෙයි.රටේ දානපති එක කොටසකට විතරයි.

:       39       19

පිටිගල මිලානෝ Wednesday, 11 September 2019 07:49 AM

හොරෙක් නොවන්නේ නාගානන්ද පමණයි.

:       353       285

Sanath KandyWednesday, 11 September 2019 12:22 PM

ඇයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක...? ඇත්ත කතාකරන්න කුහක නොවී.

:       31       0

Aris Wednesday, 11 September 2019 08:14 AM

කොළඹ ලස්සන කරන්න, සංචාරක සිත් ඇදගන්න මේ වගේ දේවල් ඕන වෙනවා. ණය ගෙවන්න කියල පස්සේ විකුණන්න එපා.

:       0       30

Aris Wednesday, 11 September 2019 08:14 AM

කොළඹ ලස්සන කරන්න, සංචාරක සිත් ඇදගන්න මේ වගේ දේවල් ඕන වෙනවා. ණය ගෙවන්න කියල පස්සේ විකුණන්න එපා.

:       51       1

lalithWednesday, 11 September 2019 10:40 AM

එහෙම නම් කොළඹ උදවියම ණය ගෙවන්ට... ගමේ ඉන්න අපි නම් ඔයවගේ ණය ගන්න කිව්වේ නැහැ.

:       17       0

imesh Wednesday, 11 September 2019 08:35 AM

දැන් අපිට පැවරුවාම අපි මොකද කරන්නේ ? අට්ටාල ගහගෙන මුර කරන්න ඕනෙද ? මේක නඩත්තු කරන්න සල්ලි හොයාගන්න වෙයි නේද අපිට?

:       0       20

nimal Wednesday, 11 September 2019 08:58 AM

ජනතා අයිතියට පත්වෙනවා කියන්නේ වැඩ කරපු කම්කරුවෝ අයින් කරලා පාලනය කරන අය ඇතුලට ගන්න එකට.

:       0       33

PA - RA Wednesday, 11 September 2019 09:47 AM

මෙය විවෘත කිරීම සඳහා මහින්ද මහතා, ගොඨාභය මහතුන් සහභාගි කරගත් යුතුමයි.. මොකද මෙය ඔවුන්ගේම අදහසකි. ඔවුන් සහභාගි නොකර ගත්තොත් මහජනතාව වන අපි ඔතැනින් යනවිට කියන හිතෙන දේවලට අදාල පිරිසට වස්ත්‍රයක් ඇඳන් යන්න බැහැ.. ඉදිරියට කුළුණ තියනතාක්...

:       106       57

Sanath KandyWednesday, 11 September 2019 12:24 PM

ණය ටිකත් ඔවුන්ටම ගෙවන්න කියමුද? මේකෙන් අපිට ඇති වැඩක් නැහැ.

:       0       0

gihanWednesday, 11 September 2019 12:32 PM

මේ බොරු සෝබනවලට ණය ගෙවන කොට කොහොමටත් වස්ත්‍රයක් ගන්න අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. එ්නිසා අනාගතයේදී වස්ත්‍රයක් ඇඳන් යාම ගැන කරදර විය යුතු නැහැ.

:       0       0

kamal Wednesday, 11 September 2019 09:54 AM

ඇති යාන්තම්... මම මේ බයේ හිටියේ මේක දකුණු ආසියාවේ විශාලතම කුලුණ වෙයිද නොවෙයිද කියලා... දකුණු ආසියාවේ විශාලතම නොවෙන කිසිම දෙයක් මේ රටට සුදුසු නැහැ. දකුණු ආසියාවේ විශාලතම මෝඩයෝ රංචුව ඇතුළුව...

:       8       41

Nandalal DE SILVA - France Wednesday, 11 September 2019 10:49 AM

ඔය උස කුළුනෙන් අපේ රටට වෙන යහපත මොකද්ද? රැකියා නැති අයට රැකියාවන්, ගොවිතැන් බත් කරන්න, මාර්ග වාහන තදබදය නැතිකරන්න පුලුවන්ද? නොදන්නා කමටයි ඇහුවේ.. දැන් ඉතින් චීනගේ 80% ණයට පින්සිද්ද වෙන්න රොත්ත බුරුත්ත පිටින්ම ඕක උඩ පැල් පදියන් ගහගෙන ඉන්දියාව දිහා, ඇමරිකාව දිහා ඇස් ගහගෙන නියමෙට ඔත්තු බලන්න පටන් ගන්නවා. ඕකේ තියෙන සමහර දේවල් අපේ අයට නොතේරෙන තරමටම සංකීර්ණ විදියට තමා නිපදවා සවිකර තිබෙන්නේ..!!! සමහර මැදිරි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ට තහනම් කලාප හැටියටත් තිබෙන්නේ මොකද කියා දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙහි පැහැදිලි කරන්න පුලුවන්ද?

:       0       0

manashingha jayaweera Wednesday, 11 September 2019 11:45 AM

අපි ගෙවන බදුවලට මදි හරිය චීනෙන් අරගෙන මේ කුළුණ හදල තියෙන්නේ. කවුරු ඕපන් කළත් ඇත්ත ඕකයි. මේක මහජනයාට අයිති රටේ දෙපළකි. ඡන්ද ගුණ්ඩු දාගන්න දෙයක් නෙමෙයි. ඔන්න කලින්ම කිව්වා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2122 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1107 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 857 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 386 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 680 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 601 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site