IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නෙළුම් කුලුනේ දොරටුව අද ඇරේ

(හර්ෂණ තුෂාර සිල්වා)

දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුනජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කෙරේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වෙති.නෙළුම් කුලුණේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්ගල් තැබුවේ 2012 ජනවාරි 20 වැනිදාය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සහ ඒරෝස්පේස් ලෝන්ග් මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඞ් කෝ. ලිමිටඩ් (ඒ.එල්.අයි.ටී.) සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය යන පාර්ශ්ව අතර ගිවිසුමකටද 2012 වසරේ ජනවාරි 3 වැනිදා අත්සන් තැබිණි.

චීනයේ මාවතක් තීරයක් (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) ව්‍යාපෘතිය යටතේ නෙළුම් කුලුන ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබන ලදී.
චීනයේ එක්ස්පෝට් ඇන්ඞ් ඉම්පෝට් (එක්සිම් බෑන්ක් ඔෆ්) හි මූල්‍ය ප්‍රතිපාදන වලින් ඉදි කෙරුණු නෙළුම් කුලුණේ ඇස්තමේන්තු ගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3 කි.

මීටර 350 කින් උසින් යුතු නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වන අතර ලෝකයේ 18 වැනි උසම කුලුනද වෙයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සහයෝගිත්වයෙන් සිවිල් ඇන්ඞ් ස්ට්‍රක්චරල් ඉංජිනියරින් කන්සල්ටන්ට්ස් පෞද්ගලික සමාගම නෙළුම් කුලුනේ ව්‍යුහාත්මක ඉංජිනේරු උපදේශක වශයෙන් කටයුතු කළේය.

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදි කර තිබෙන නෙළුම් කුලුන 600 දෙනකුට ආසන පහසුකම් ඇති කැරකෙන ආපන ශාලාවකින්, නිරීක්ෂණ මහළකින් (තට්ටුවකින්) දහසකට ඉඩ ඇති උත්සව ශාලාවකින් හෝටල් පහසුකම්වලින් සමන්විත මහල් දෙකකින් ආපනශාලා පරිශ්‍රයකින් විදුලි සංදේශ කෞතුකාගාරයකින් කාර්යාල පරිශ්‍රයකින් හා ප්‍රදර්ශන පරිශ්‍රයකින් සමන්විතය.

වාහන 200 ක් නතර කිරීමේ පහසුකම් සහිත රථගාලක් ද මෙහි වේ අවට පරිශ්‍රයේ විශාල ජල උද්‍යානයක් ඉදි කිරීමට නියමිතය.නෙළුම් කුලුනේ වේදිකා පරිශ්‍රය මහල් පහකින් සමන්විත අතර කුලුනේ ප්‍රධාන කොටස (ටවර් හවුස්) මහල් අටකින් සමන්විතය. කුලුනේ කුඹ ගස කොටස මීටර් 86.9 කින් සමන්විතය. මෙම කොටසේ රූපවාහිනී, ගුවන් විදුලි සහ අනෙකුත් දුරකථන සන්නිවේදන ඇන්ටනාවලින් සමන්විතය. නෙලුම් කුලුනේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තය වන අතර ඇන්ටෙනා බද්දට දීමෙන්ද ආදායම් ඉපැයීමට අපේක්ෂිතය.

විකාශන සේවා 50 කට රූපවාහිනී සේවා 50 කට සහ විදුලි සංදේශ සේවා සපයන්නන් 20 කට නෙලුම් කුලුන මගින් පහසුකම් සැපයීමට අපේක්ෂිතය.

අද විවෘත වන නෙළුම් කුලුන ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුලුනට වඩා මීටර 26 කින් උසින් වැඩිය.

සි.එස්.ඊ.සී, ටී.ආර්.සී., සී.ඊ.අයි.ඊ.සී. යන වෙබ් අඩවි සහ අන්තර්ජාල වාර්තා ඇසුරිනි.

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)

 

 



අදහස් (17)

නෙළුම් කුලුනේ දොරටුව අද ඇරේ

sudath Monday, 16 September 2019 12:36 AM

දේශයේ මග සලකුණට සුබපැතුම්..!!!

:       0       7

JCN Monday, 16 September 2019 03:49 AM

සෝභන කුලුණ...

:       0       7

hemantha Monday, 16 September 2019 04:10 AM

ඇති යන්තම්, දැන් අපේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි . සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමාට පින්.

:       0       0

SARA Monday, 16 September 2019 04:31 AM

කියන්න වදන් නැහැ සුපිරියි. කුහක නොවී හොඳ දේ හොඳයි කියන්න පැකිලෙන්න එපා.. මහින්ද රජය කරපු සුපිරිම වැඩක් තමයි මේ, ලංකාව නම ලෝකෙට අරන් ගිය එක... ආසියාවේ ලොකුම නාට්ටලා ගහ හැදුවා වගේ නෙමෙයි මෙය සැමදා තියේවි... කිසිම දවසක මේ වගේ දේවල් දැන් ආණ්ඩුවෙන් නම් බලාපොරොත්තු වෙන්න බැහැ, හිතන්නවත් බැහැ. දන්නේ එක දෙයයි මේ ආණ්ඩුවේ ලොක්කෝ, හැමදේටම රාජපක්ෂ හොරු කියන්න විතරයි..

:       71       1

Gamarala Monday, 16 September 2019 04:58 AM

අපේ සැබෑ වූ සිහිනයක්... අපිට ආඩම්බරයක්...!!!

:       0       0

Gamarala Monday, 16 September 2019 04:58 AM

අපේ සැබෑ වූ සිහිනයක් . අපිට ආඩම්බරයක්.

:       2       228

Suresh Monday, 16 September 2019 05:01 AM

අලුතින් විවෘත කරන සියලුම මහල් නිවාස ව්‍යාපෘති ගිය ආණ්ඩුව කාලේ 25% වැඩ අවසන් කර තිබූ ඒවා. මේ ආණ්ඩුව පටන්ගත්ත කිසිම මහල් නිවාස ව්‍යාපෘතියක් නැහැ . ඊයේ පෙරේද අගමැති විවෘත කරපු ටාටා නිවාස ව්‍යාපෘතිය ට කොච්චර බාධා කලාද . අන්තිමට ඉන්දියන් තානාපති මැදිහත්වෙලා වැඩ අවසන් කලේ. ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ් දෙවන කොටස 95% වැඩ අවසන් වෙලා තිබුන. තාම විවෘත කලේ නැහැ . බැද්දගාන වෙට් පාර්ක් එක 70% වැඩ අවසන් වෙලා තිබුන . තාම විවෘත කලේ නැහැ . ගංවතුර පාලන ව්‍යාපෘතිය තාම ඉවර නැහැ . ඉක්මනින් වැඩ පටන්ගන්න තිබුණු මාකුඹුර කොටුව දිත්ව දුම්රිය මාර්ගය , රාජගිරිය - දෙමටගොඩ අදිවේගී මාර්ගය , කොට්ටාව - කොටුව කනුමත ඉදිවෙන මාර්ගය පටන්ගන්න කිසිම දෙයක් කලේ නැහැ . මේවනවිට විවෘත වියයුතු මාලබේ - කොටුව - කැලණිය මොනෝ රේල් එක පටන්ගන්න තාම ලෑස්ති වෙනවා . අවුරුදු 5 දී මේ ආණ්ඩුව කොළඹට මුකුත් ම කරන නැහැනේ .

:       1200       1142

Indika Monday, 16 September 2019 07:25 AM

ආ.., එතකොට බාගෙට කරලා තියෙද්දී ආණ්ඩු මාරු වූ පලියට ඒ වැඩ නවත්තලා අලුත් ඒවා පටන්ගන්නද කියන්නේ...? අලුතෙන් පත් වුණු ආණ්ඩු ඒවා නිමකර අවසන් කරන එක වරදක්ද?

:       0       11

Nilakshi PereraMonday, 16 September 2019 08:42 AM

කුමන ආණ්ඩුව හිටියත් කලින් පටන්ගත් ව්‍යාපෘති අවසන්කර විවෘත කරන්නේ එවකට සිටින ආණ්ඩුව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොනෝ රැයිල් ව්‍යාපෘතියට ජෛකා ආයතනයෙන් ණය ආධාර ලබාගෙන සැලසුම් සකස් කරන එක පටන් ගත්තේ මේ ආණ්ඩුව. එය විවෘත කරන එක ඊළඟ ආණ්ඩුවෙන් විය හැකියි. කවුරු පටන් ගත්තත්, කවුරු විවෘත කළත් ජනතා බදු මුදල්, ව්‍යාපෘතිවලින් මහජනයාට ප්‍රතිඵල ලැබෙනවද? නැත්නම් ගිනි පොලියට ණය අරන් ආදායමක් නැති මත්තල ගුවන් තොටුපල වගේ ඒවාද කියන එකයි විමසිය යුත්තේ, පාට කණ්ණාඩි ගලවා බලනවා නම් එය හොඳින් අවබෝධ වෙයි.

:       14       85

indikaMonday, 16 September 2019 09:44 AM

කලින් ආණ්ඩුව නම් ඒ කාලේ පටන් අරන් එ් කාලේම ඉවරකරපුවා ගොඩක් තිබුණා. මේ ආණ්ඩුව කරේ ගිය ආණ්ඩුවේ ඒවා විවෘත කරපු එක විතරයි. එ්ක ඕන කණ්ණාඩියක් දැම්මත් පේනවා..!

:       87       12

athuraMonday, 16 September 2019 10:24 AM

සුරේෂ් ඔය කියන විදිහට ඔය සැලසුම් ටික ගිය ආණ්ඩුවට කරන්න සල්ලිත් ලැබිලද තිබුනේ? බොරුවක් කියන කොට පිළිගන්න පුළුවන් විදිහට ලිව්වා නම් තමයි හොඳ...

:       0       0

wimal Monday, 16 September 2019 06:12 AM

පොහොට්ටුවත් ලගදීම පිපෙන හැඩයි. මෙය අපේ ජාතියට ගෞරවයක්.

:       287       450

sisira kodikara Monday, 16 September 2019 08:04 AM

පොහොට්ටුව එන ආත්මේ තමයි පිපෙන හැඩ... අරයා රත්නපුරේදී දුන්න හොඳ බැටක්.. පොහොට්ටුව තැලිලා යන්න. ඉතින් කොහොමද පිපෙන්නේ? එන ආත්මේ තමයි. බලාගෙන ඉන්න...

:       1       26

janabala Monday, 16 September 2019 08:48 AM

මොනෝ රේල් පටන් ගන්න තිබුනේ 2015 ගමන් යන්න තිබුනේ 2018 කැළණි පාලමත් එහෙමයි. වටරවුමත් එහෙමයි. අපි ගත්ත මෝඩ, තකතීරු තීරණය නිසා අපි තවත් හිඟන්නන් වුණාම ඔන්න ඕකයි තත්වේ..

:       29       24

sirimal Monday, 16 September 2019 09:09 AM

දොර අරින එකට මුල්ගල තිබ්බ කෙනාට එන්න කියලා නැද්ද?

:       1       7

kap Monday, 16 September 2019 09:35 AM

මේක ළඟටවත් යන්න බැරි පොරවල් අගය කරලා කමෙන්ට් කරනවා.

:       0       16

kamil Tuesday, 17 September 2019 05:47 AM

මේකේ නම කොමිස් කුලුන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 26 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 80 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 202 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 1072 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 1129 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 749 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site