(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
2019 නුවරඑළිය වසන්ත උත්සව සමයට සපැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය හාවාඑළිය මුත්තුමාරි අම්මන් දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන තේරු උත්සවය හෙවත් පෙරහැර මංගල්‍යය සමාරම්භක අවස්ථාවට සහභාගී විය.
මුත්තුමාරි අම්මන් දේවාලයේ දායක සභාවේ සභාපති විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය වී රාධාක්‍රිෂ්නන් මහතා ඇතුළු දේවස්ථානයේ කාර්ය මණ්ඩලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසව ඉතා පිළිගත්හ.
තේරු උත්සවයට සංවිධානය කර තිබු පත්තින දෙවියන්, ගණදෙවියන් හා කතරගම දෙවියන් සඳහා වෙන් වෙන්ව සකස් කර තිබූ පෙරහැර සංදර්ශන රථ වෙත ගමන් කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගත්තේය. දෙවොලේ දායක සභාවේ සභාපති අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා විසින් සමරු තිළිණයක් විපක්ෂ නායකවරයා වෙත ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය සී. බී. රත්නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්. රාජාරාම්, නුවරඑළිය මහා නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙක්ද සහභාගී වූහ.
මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නුවරඑළියේ වසන්ත උත්සවයට විපක්ෂ නායක පැමිණෙයි
Chanak Los angeles Friday, 19 April 2019 07:38 AM
දාලායන්න අදහසක් ඇත්තෙම නැහැ..
SujeewaFriday, 19 April 2019 10:50 AM
චානක (ලොස් අැන්ජලීස්), ජයන්ත (මිලානෝ)... ඔයාලගේ කමෙන්ට්ස් ඔයාලගේ නම් වගේමයි. ඔයාලගේ නම පිටරටවල නගර නාමයන්. ඒ කියන්නේ අම්මා අප්පා ගේ නම් ලොස් අැන්ජලීස්, මිලානෝ, ලන්ඩන්, පැරිස්ද? එහෙම නැත්නම්, පිටරටවල ඉන්න පොරවල් කියලා පාඨකයින්ට දන්වන්නද... වාසගම වෙනුවට ජීවත්වන නගරයේ නම දාන්නේ? එහෙම නම්, බැරිවෙලාවත් සෝමාලියාවේ, ඇෆ්ගනිස්තානයේ, වගේ රටවල හිටියා නම් එහෙ නමත් දානවාද?
පුජිත නිව්යෝර්ක් Friday, 19 April 2019 11:22 AM
සුජීවට ගොඩක් රිදිලා වගේ... අප්පචිචි ගැන කුහක වෙන්නේ නැතුව මාතෘකාවට අදාල අදහස් දාන්න කොහේ ඉඳන් ලිව්වාම මොකද?
chathuriFriday, 19 April 2019 02:04 PM
සමහරුන්ට තමන්... උපන් රට දමන්න අකමැතියි වගේ... නම් තොටළග, පෑලියගොඩ, සෙක්කුවත්ත මේ විදියට. ලිව්වොත් කියවන කෙනාට හිතට බයක් වෙනවා. එකම නමින් ගොඩක් අය ලියන නිසා... රටේ නම සඳහන්... කරන එක දිරවන්නේ නැතිනම්, කොහොමද දෙවියනේ.... රැකියාවක් කරන්නේ.. මෙවැනි කට්ටිය තේරුම් ගැනීමේ ශක්තිය දුර්වලයි. හිත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා... තියෙන්නේ. ඔයා නිතරම ධනාත්මකව හිතන්න. හිත සුවපත් කරගන්න. මනුෂ්‍ය ආශ්‍රයක් නැතිනම් මේ විදියට යාලුවෝ ඇතිකර ගන්න. ඔබට ජය !!!
kamaniSaturday, 20 April 2019 12:04 PM
තමන්ගේ නමට අගින් තමන් ඉන්නා රට සඳහන් කිරීම බොහෝ ලාංකිකයින් සිදු කරන්නේ තමන් මොනයම් දෙයකින් හෝ අනිකුත් අයට වඩා ඉහලින් සිටිනවා යයි හැඟවීමටයි. මෙය මා අනිකුත් අසියාතිකයින්ගේ නොදුටු ලක්ෂණයක් වන අතර, මෙය සමහර ලාංකිකයින්ට අවේනික වූ හීනමානයක් යයි සිතමි.
tdrFriday, 19 April 2019 12:09 PM
මහින්ද කොච්චර උනත් රට බේරගත්ත නායකයා කව්රුත් දේශපාලනයට ආවම තමන්ගේ දේවල් තමා කරගන්නේ.
ජයන්ත මිලානෝ Friday, 19 April 2019 09:07 AM
බුදුහාමුදුරුවො දේශනාකල බුද්ධ දර්ශනය පිළිගන්න පිරිසිදු බෞද්ධයන්ට දේවාල සමඟ තිබෙන පංගුකාරකම කුමක්ද ?දන්නෙ නැති නිසා අහන්නෙ.
දීපාක් කරුනාරත්න Friday, 19 April 2019 10:34 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමැති, අගමැති, ජනාධිපති, හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, විපක්ෂ නායක... අයියෝ බල තණ්හාවක තරම... මැතිඳුනි තම නම රැකගෙන සිටියා නම් ඔබතුමා තවත් බැබලෙන්නට තිබුණා කියා සිතෙන්නේ මට විතරද?
PerakumFriday, 19 April 2019 01:57 PM
අනේ මෙහෙම තණ්හාවක්...!!! අනේ මෙහෙම ආසාවක්...!!! මෙයා බෞද්ධයෙක්ද? බල තන්හාව විස්තර කරන්න වචන මදි...
BamunuarachchiSaturday, 20 April 2019 01:06 PM
ඉතින් බල තණ්හාව රනිල්ට අදාළ නැද්ද? රනිල් 30 වතාවක් ඡන්දෙන් පැරදිලා නැවත ඡන්දෙ ඉල්ලනවා නම් එකසැරයක් පැරදුන කෙනෙකුට ඡන්දය ඉල්ලන්න කොට තිබෙන තන්හාව මොකක්ද?
indikaSaturday, 20 April 2019 03:43 AM
එතකොට 30 පාරක් පැරදිලා තාම ජනාධිපති වීමේ සිහිනය අතහරින්නේ නැති එක්කෙනාට තියෙන්නේ මොන තන්හාවද? අඩුම ගානේ පක්ෂේ මෙච්චර පැරදිලත් පක්ෂ නායකකම ඇත අරින්නැති එකට මොකක්ද කියන්නේ?
Chanak Los angelesSaturday, 20 April 2019 06:06 AM
කරු ජයසූරිය කිරි ටික දොවලා එයට ගොම ටිකක් හලා ගත්තා.. කිසිම ඡන්දයක් නොතියා ඉල්ලූ පලියට සම්බන්ධන් මහතා ඉවත් කර මොහු විපක්ෂ නායක ලෙස පිළිගැනීමෙන්.... මේ පදවියටත් හොර අගමැති පදවියට වුණු දේ වුනානම් ඊ ළඟට මොහු රිංගන්නේ වේත්‍රධාරී තනතුරටයි. අනේ කාලේ වනේ වාසේ...
BamunuarachchiSunday, 21 April 2019 02:55 AM
කරුට වැරදුනේ එතැන. පාර්ලිමේන්තුවේ ඉන්න අංබරුවන්ගේ අං වලින් කිරිදොවන්න පටන්ගත්තා.
Dil Friday, 19 April 2019 11:53 AM
සුජීව කියන කතාව ඇත්ත. ඔයාටත් එම උණ තියනවා. නැත්නම් මොන උනටද ඔයා නිව් යෝර්ක් කියා නම වෙනස් කලේ? අපි නම් ඉන්නේ ලංකාවේ... අපි කොළඹ 7 හිටියත්, වන්නියේ හිටියත් නමට ගම එකතු කරන්නේ නැත. ඔය අැමෙරිකා තියා මොන දීපංකරයට ගියත්, ලංකාවේ තියෙන සුන්දරත්වය නැත. කතා කරන්න හිතවතෙක් නැත. ලංකාව දමා ගියාට කම් නැත. ඒත්, එමගින් දැන් පොරක් කියාලා හිතන එක ගැන තමා අපට දුක... මොකද, ඔයාත් සමග ලංකාව දමා ගිය සියලු දෙනා වෙනත් රටවලට සංක්‍රමණය වුනේ, අපවන් දුප්පත් ශ්‍රී ලාංකිකයන් ඔබ සියලුදෙනාහට නිදහස් අධ්‍යාපනය තුළින් උගත් පුද්ගලයකු කළ නිසාය. සුජීව කිව්වා මෙන්, ඉන්න රටේ නම දමා පොරවෙන්න හදනකොට ඔබලාව උගතුන් බවට පත්කළ දුප්පත්, තවමත් ලංකාවේ ජීවත්වන අපට ඇතිවන්නේ ඉතාමත් දුකකි...
chathuriFriday, 19 April 2019 02:39 PM
මෙතැනින් පෙන්නුම් කරන්නේ ලොකුකම නෙමේ... තමන් දෙයක් ලියනකොට, කියනකොට.... තමන්ගේ ඉන්න තැන අනිවාර්යයෙන් සඳහන් කරන්න ඕනෑ... නොමිලේ ලබපු අධ්‍යාපනයට ගරු කරනවා කියලා, තමන් උපන් රටට ගරුකරනවා කියලා... මේකෙන් මොකක්ද අදහස් කරන්නේ.., එහෙනම් සම්මුඛ පරීක්ෂණවලදී ගම, නගරය ඉන්නාතැන අහන්න එපා. කියන්න, පුදුම කුහක මිනිස්සු ඉන්න රටක්... රට සුන්දරයි, රටකන්නේ මේ වගේ කට්ටිය. පිටරට යාලුවෝ නැත්ද ඔයාට...?
ArisSaturday, 20 April 2019 10:28 AM
චතුරි, එහෙනම් තනතුරත් එක්කම දමන්නකෝ. සමහරුන් වගේ.
sirimal Friday, 19 April 2019 12:45 PM
ඒ අස්සේ අර අපේක්ෂා රෝහල වෙනුවෙන් දියත්කර ඇති බෝසත් ව්‍යාපාරයට ඔලුව දාලා එ්කත් දේශපාලන වාසියට හරවා ගත්ත එක නම් ටිකක් අබිලික්... " රුපියල් 50ක් ඉල්ලුවාම ලක්ෂ තුන, හතර.." පරිත්‍යාගකළ මිනිස්සු එහෙම කලේ ප්‍රචාරයක් බලාගෙන නොවුණත් නාමල් මන්ත්‍රීවරයා එක මාසෙක පඩිය පරිත්‍යාග කරලා ලක්ෂ ගණනක් වටිනා ප්‍රචාරයක් ලබාගත්තා නේද?
janahitha Friday, 19 April 2019 02:01 PM
අවංකවම ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබගේ නම පමණක් සඳහන් කලොත් රටක් වටිනවා. විදේශයක ඉන්නවා කියලා මට නම් හැඟීමක් නැහැ. ඉස්සර නම් ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ ඉන්නවා කිව්වොත් ලොකු දෙයක් තමයි. දැන් එහෙම කියන්න ගියොත් වෙන්නේ " මගේ පුතත් ඉන්නේ ඕමානයේ, එහෙම නැත්නම් ජෝර්දානයේ" කියල අහගන්නයි. කවුරු වුණත් කමක් නැහැ. අපේ රට කියලා හැඟීමක් ඇති කර ගත්තොත් හොඳයි. හැබැයි එකක් කියන්නම් රජයේ ආයතනයකට තම වැඩක් කර ගන්න ගිහින් නම් ඉන්න රට ගැන කියන්න එපා. ඒ අයට පුදුම කැසිල්ලක් ඇති වෙන්නේ... සමහර විට වැඩේ නොකෙරෙන්නත් පුළුවන්.
chathuriFriday, 19 April 2019 03:21 PM
අපි පිට රටක ඉඳන් ඇවිත් ආයතයට ගියොත් ඉවරයි. මම අරන් යන්නේ ලංකාවේ හැඳුනුම්පත... ඉන්නේ ඇමරිකාවේ කියලා දැන ගත්තොත් වැඩේ කෙරෙන්නේ නැහැ. එක එක්කෙනා මාරුවෙන් මාරුවට මුහුණ දිහා බලන්න ගන්නවා.. සතපහකට ගණන් ගන්නේ නැහැ... කෙරුව වරදකුත් නැහැ.. මේ නිසා පාඩම් ඉගෙන ගත්තා... නමුත් බැංකුවට යන්න ගිණුම දුටුවම දන්නවා ඉන්නේ පිටරට කියලා ඉන්න රට අහනවා. හරිම බුද්ධිමත් විදියට. අපේකම සලකලා වැඩ කරන්න හොඳට දන්නවා. ඒ වගේම තමයි කැලණිය ප්‍රාදේශීය සභාවට යන්න වැඩක් කරගන්න... රත්තරන් මිනිසුන් ඉන්න තැනක්... අනිත් ආයතන ප්‍රධානීන්, සේවකයින් මෙතනට යවන්න ඕනෑ. මිනිසුන්ට කාරුණිකව කතා කරන හැටි උගන්වන්න.. ගොඩක් දුරට මෝඩ, අහංකාර කතා කියන්නේ. කාන්තා පක්ෂය, ඒ කට්ටියට සාරිය නෙම. අන්දන්න ඕන කොට රෙද්දයි හැට්ටෙයි.. ගහගන්න බලන් ඉන්නේ..
kamani Friday, 19 April 2019 03:25 PM
ජෝර්දානය කියන්නේ දුප්පත් රටක්නේ..
ආචාර්ය නිලූ මිචිගන්, ද. ඇමෙරිකාව Saturday, 20 April 2019 01:57 AM
හිටපු ජනාධිපතිතුමා රට බේරාගත්තා. අපි එතුමාට ගරුකළ යුතුයි. උගත් දෙමල අය රටවල් බෙදන්න සහ යුද්ධ කරන්න කැමති නැහැ. නූගත් මිනිස්සු තමයි ඒවා කරන්නේ. උගත් අය ඒවාට උදව් කලේ බලපෑම් වලටයි. සැලකිය යුතු: ඔබ ජීවත්වන ප්‍රදේශයේ නම දැමීමෙන් අදහස් කරන්නේ ලොකුකම නොව, ලොව පුරා/රටපුරා ඉන්නා පුද්ගලයින් අදහස් ප්‍රකාශ කරන බවයි.
සනත් දංකොටුව ස්පෙෂල් Saturday, 20 April 2019 05:53 AM
ජේ ආර් ජනාධිපති වුනේ අවුරුදු 71 දී අයින් වුනේ 1989 දී. අවුරුදු 11ක් මුල් පුටුවේ හිටියා. මහින්දට අවුරුදු 73ක් වුනාට පෙනුම 55ක් විතර. ඒ නිසා තව අවුරුදු 20ක් විතර ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්න පුළුවන්.
chathuriSaturday, 20 April 2019 02:33 PM
මහින්දට 73 පෙනුම 55 ලු ජේ ආර්. 71. පෙනුම මහලුයි වෙනස. හිස කෙස් ටිකයි , කළු වර්ණය නොගාපු නිසා බොරු අාටෝපය නැහැ. මහින්දගේ සැලුන් එකෙන් නිතර කළු වර්ණය ගල්වා පුම්බලා තියා ගන්නවා. මහින්දගේ සැබෑ ස්වරුපය පෙන්නුවොත් දුරට ඇපල් ලඟට පයිනැපල්...
sandy123 Saturday, 20 April 2019 06:06 AM
සමාවෙන්න. මෙතන බොහොමයක් අදහස් මාතෘකාවට අදාලව නෙමෙයි. මේවා මාධ්‍ය සංදර්ශන සහ දේශපාලන ප්‍රචාරයන් පමණයි. නැතුව වැදගත්කමක් ඇත්තෙම නැහැ. කැමතිනම් බැලුවා නැතිනම් නොබලා ඉන්නවා. එච්චරයි. පොඩ්ඩක් හිතන්න අදහස්වලින් වාග් ප්‍රහාර දෙන්න අපි ඒ අයගෙන් යැපෙනවද? අපෙන් යැපෙනවා හැරෙන්න...
Rata Perata Saturday, 20 April 2019 07:33 AM
කෝවිල්, දේව පූජා නම් මහින්ද එතන තමයි...
BamunuarachchiSaturday, 20 April 2019 03:16 PM
රනිල් සිංහලයෙක් හැටියට තම නිවසේවත් අවුරුදු චාරිත්‍රයක් පවත්වනවා දුටුවාද? නමුත් කෝවිල් වලට ගොස් රෙදි පොරවාගෙන දෙමල චාරිත්‍ර පවත්වනවා දැක තිබෙනවා. එහෙව් රටේ මහින්ද මහතාගේ කෝවිල් යාම ගැන කතා කරන්නේ කව්ද?
sandy123 Saturday, 20 April 2019 07:34 AM
සමාවෙන්න.... මෙතන බොහොමයක් අදහස් මාතෘකාවට අදාලව නෙමෙයි. මේවා මාධ්‍ය සංදර්ශන සහ දේශපාලන ප්‍රචාරයන් පමණයි. නැතුව වැදගත් කමක් ඇත්තෙම නැහැ. කැමතිනම් බැලුවා නැතිනම් නොබලා ඉන්නවා. එච්චරයි. පොඩ්ඩක් හිතන්න අදහස් වලින් වාග් ප්‍රහාර දෙන්න අපි ඒ අයගෙන් යැපෙනවද? අපෙන් යැපෙනවා හැරෙන්න.
ravi Saturday, 20 April 2019 09:49 AM
ඔහොම ගියොත් අපේරට... ශ්‍රී ලංකාව කියන නම අහකට දාල ඩී.එස්. සේනානායක කියන නම දාගන්න සිද්ද වෙයි.! මොකද, ඩී.එස්. සේනානායක..නේ අපේ රට සුද්දාගෙන් බේරාගත්තේ ...
BamunuarachchiSunday, 21 April 2019 11:13 AM
මෙයා දන්න ඉතිහාසය... හලෝ මොන ඉස්කෝලෙටද ගියේ? ඩී.එස්. ලාගෙන් රට බේරා ගත්තාලු...
siri Saturday, 20 April 2019 10:52 AM
සුජීව, දරන අදහසට මමත් එකඟයි. පිටරටක ඉන්නවයි කියනඑක ලොකු කමක්ද මන්දා? නමුත් අපි කොහේ හිටියත් ශ්‍රී ලාංකිකයෝයි කියන එක අමතක කරන්න එපා. මමත් දැන් අවුරුදු 28ක් මෙල්බර්න්වල ජීවත්වෙන්නේ. එ් වුණාට මම කවදාවත් ඉන්න රට මගේ රට කරගන්න සුදානම් නැහැ.
BamunuarachchiSaturday, 20 April 2019 01:27 PM
එ්කත් කුහකකමක් නේද? අවුරුදු 28 ක් මෙල්බර්න්වල ඉඳලා ඒ රටෙහි රැකියාව කරලා සුවපහසු ජීවිතයක් ගෙවනගමන් ඒ රටට හා එරටට බදුගෙවන අනික් ජනතාවටත් තමන්ගෙන් කෙලෙහිගුණ දැක්වීමට මේ මගේ දෙවැනි මව්බිම කියන්න බැරිවීම ගැන පුදුම නොවෙමි. මොකක්ද එය ඔබේ නොව සිංහල ජාතියේ වරදකි. දෙමල ත්‍රස්තවාදයෙන් අවුරුදු 30ක් බැට කෑ සිංහලයා ඉන් මුදවාගත් මිනිසුන්ට බැනවැදී සිංහල ජාතියම පාවා දෙන්න ලැහැස්ති වූ එකාට ආවඩන සිංහලයෝ අවුරුදු 28ක් ජීවත්වෙන රට ගැන ආඩම්බරයෙන් කතා නොකිරීම පුදුමයක් නොවේ. මම කටාර් රජයේ සේවකයෙකු ලෙස අවුරුදු 12ක් සේවය කළෘ. මම මගේ දෙවැනි මව්බිම ලෙස ඒ රට හඳුන්වා දෙනවා. එහි සිටි කාලය හරිම සුන්දර කාලයක්.
banda mogadishu Saturday, 20 April 2019 04:37 PM
අනේ මෙහෙමත් මිසදිටුවන්.....
Demuni de silva Saturday, 20 April 2019 07:21 PM
නත්තිමෝ සරණං අඤ්ඤං.. බුද්ධෝ මේ සරණං වරං