( තිළිණි ද සිල්වා )
නීතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලංකිකයින් 103 දෙනෙක් තවමත් එරට ආගමන විගමන රැඳවුම් භාරයේ ඇති සංක්‍රමණික කඳවුරුවල සිටින බව ඕස්ටේ්රලියා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නවතම වාර්තාවල සඳහන්ව ඇත.
එම අමාත්‍යාංශය විසින් ඉකුත් මැයි 21 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව මේ වනවිට, පිරිමින් 98 ක් සහ කාන්තාවන් 5 ක් ද රැඳවුම් භාරයේ පසු වෙති.
තවද සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ලාංකිකයින් 37 දෙනෙකු එරට නිවාස අඩස්සියේ රඳවා ඇතැයි ඕස්ටේ්රලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාවල වැඩිදුරටත් දැක්වේ. 2013 වසරේදී ලාංකිකයන් 801ක් එලෙස නිවාස අඩස්සියේ පසුවිණි.
2013 වසරේදී ශ්‍රී ලාංකිකයන් 974 ක් සංක්‍රමණික කඳවුරු වල සිටි බව ද ඕස්ටේ්රලියා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දේ. එම ලාංකිකයින් අතරින් පිරිමින් 692 ක් ද, කාන්තාවන් 127 ක් සහ දරුවන් 155 ක් ද එයට ඇතුළත් විය.
ඒ අනුව 2013 වසරේදී ඕස්ටේ්රලියානු සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රැඳවුම් භාරයේ පසුවූ වැඩිම පිරිස පැමිණි රාජ්‍යයන් අතර ලංකාවට දෙවෙනි ස්ථානය හිමිවූ අතර, ඉරානය පළමු ස්ථානයේ පසුවිය.
2014 වසර වනවිට රැඳවුම් භාරයේ පසුවූ ලාංකිකයන් ප්‍රමාණය 206 දක්වා අඩුවූ අතර, 2015 වනවිට එය 144 ක් දක්වාද , 2016 වනවිට 86 ක් ලෙසින් අඩුවූ නමුත්, 2017 වසරේදී ලාංකිකයන් 105 දෙනෙකු එරට රැඳවුම් භාරයේ පසු වු බව වාර්තා විය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නීතී විරෝධිව ඕස්ට්‍රේලියාවට ගිය ලාංකිකයෝ 103 ක් තවමත් සංක්‍රමණික කඳවුරුවල