IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නෑ

අඟු‍ලාන පොලීසිය සහ පළාතේ මහජනතාව අතර ගැටුම්වලට ඉතිහාසයක් තිබේ. එය අඳුරු ය. අමිහිරිය. දැනට ටික කාලයකට ඉහත දී අඟු‍ලානේ තරුණයන් දෙදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව චෝදනා එල්ල විය. ඒ පිළිබඳ අධිකරණයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව ඔවුහු සිරදඬුවම් ලැබූහ. එම සිද්ධියේදී ද අඟු‍ලාන පොලීසියට එරෙහිව නීතිය අතට ගත් ප්‍රදේශවාසීහු පිරිසක් පොලීසියට පහර දුන්හ. එසේම පොලීසියට එරෙහිව ජනතාව නීතිය අතට ගත් තවත් අවස්ථාවක් පසුගියදා අඟු‍ලානෙන් වාර්තා විය.

මේ සිද්ධියට හේතුව රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියකු විසින් පළාතේ ධීවර කාර්මිකයකුට වෙඩි තබා මරා දැමීමේ චෝදනාවකි. රාත්‍රී කාලයේ මුහුදු යාමට සූදානම් වී ත්‍රීරෝද රථවලින් පැමිණෙමින් සිටි ධීවර කාර්මිකයන් කිහිප දෙනකු මාර්ග බාධකයක දී පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ ඇතිවූ බව කියන බහින්බස්වීමක් දුරදිග යාමෙන් වෙඩි තැබීම සිදු වූ බව සඳහන්ය. සිද්ධිය වූ අවස්ථාවේ එදා සිටි ප්‍රධානම සාක්ෂිකරුවන් දෙදෙනා ඊට පසුදින අලු‍යම් කාලයේ පොලීසිය මගින් රැගෙන යාම එම ඝාතනයෙන් කම්පාවට පත්ව සිටි පළාතේ මහජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබිණි. අඟු‍ලාන පොලීසිය වටකළ පිරිස් පොලීසියට දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත්තේ එම සිදුවීමත් සමඟිනි. එයින් පොලිස් ස්ථානයට හානි සිදුවී ඇති අතර එහි සිටි පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

කුමන තත්ත්වයක් යටතේ වුවද මහජනතාව විසින් එසේ නීතිය අතට ගෙන ක්‍රියා කිරීම අනුමත කළ නොහැක. එසේ කිරීමට ඔවුන්ට අයිතියක් නැත. පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් තමන්ට අගතියක්, අසාධාරණයක් සිදුවීම පිළිබඳව මහජනතාව කෝපයට පත්වීම යුක්ති සහගතය. එහෙත් එසේ වූ පමණින් එයින් කැළඹීමට පත්වී ආවේගශීලීව රටේ නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට කිසිවකුටත් අයිතියක් නැත.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාවට ද අවබෝධයක් තිබීම අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ආගමික නායකයන්ගෙන් සහ දේශපාලන නායකයන්ගෙන් ද අදහස් විමසා නීතියට අනුකූල වන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් කටයුතු කළා නම් තම මියගිය ඥාතියාට සාධාරණය ඉටුකර ගැනීම වඩාත් පහසු විය හැකිව තිබිණි. එහෙත් දැන් සිදුව ඇත්තේ ප්‍රදේශවාසීන් 14 දෙනකු රජයේ දේපළවලට හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දීමට සිදුවීමය. එවැනි තත්ත්වයක් ඇතිවීම තම මියගිය ඥාතියාට සාධාරණය ඉටුකර ගැනීමේ අරමුණුවලට ද බාධාවකි.

පොලීසියට එරෙහිව නීතිය අතට ගෙන කළහකාරී ලෙස හැසිරී කලබල කරන සෑම අවස්ථාවකදීම සිදුවන්නේ පොලීසිය විසින් අදාළ සිද්ධිය යටපත් කිරීමට ගනු ලබන පියවරවලට තල්ලු‍වක් ලැබීම පමණි. මෙවැනි අවස්ථාවකදී හැඟීම්වලට වහල් වී වැඩේ අලකර ගන්නවාට වඩා අවශ්‍ය වන්නේ බුද්ධිය පාවිච්චි කිරීමය. එසේ කිරීමෙන් පොලිස් නිලධාරියකු හෝ කිහිප දෙනකු අතින් හෝ වරදක් සිදුවී නම් එයට එරෙහිව කරන සටන වඩාත් යුක්ති සහගත කරගත හැක. මහජනතාව සන්සුන්ව කටයුතු කරන්නේ නම් එය අධිකරණයට ද තමන්ගේ රාජකාරි ඉටු කිරීමට මහත් පහසුවක් වන බව අවබෝධ කර ගැනීම අවශ්‍යය.

පොලීසිය ද මාර්ග බාධකවල දී මීට වඩා අවබෝධයකින් ක්‍රියා කළ යුතු බවද පෙන්වා දීමට කැමැත්තෙමු. දැන් රටේ යුද්ධයක් නැත. මේ නිසා අනවශ්‍ය ලෙස කලබල වී නිරායුධ පුද්ගලයන්ට එරෙහිව තම රාජකාරි ගිනිඅවි එසවීමට පෙර බුද්ධිය පාවිච්චි කිරීමට අවශ්‍යය. එසේ සබුද්ධික ලෙස කටයුතු කිරීමට නම් පොලිස් නිලධාරීන් ද නිවැරදි සිහිකල්පනාවෙන් සිටීම ඉතාම වැදගත් වෙයි.

අඟු‍ලානේ සිද්ධියේ දී සාක්ෂිකරුවන් පවසා තිබුණේ තමන්ගේ වාහන සහ ඇඟපත පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් බීමතින් සිටි බවත්  හිරිහැරවලට එරෙහිව කතා කළ මියගිය පුද්ගලයාට ඉන් පසුව වෙඩි තැබූ බවත්ය. පොලීසිය පවසන්නේ මේ පිරිස ගල්මුල්වලින් දමා ගැසීමට සූදානම් වෙද්දී ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බවය. පොලිස් නිලධාරීන් බීමත්ව සිටියා ද යන්න අපි නොදනිමු. එහෙත් ආයුධ සන්නද්ධව රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ගල්මුල් දමා ගැසීමට සූදානම් වන මිනිසුන් මේ රටේ නම් සිටිය නොහැකි බව අපි දනිමු. අඩුම තරමින් පාතාලයකු හෝ ජාවාරම්කාරයකු හෝ පොලීසිය සමඟ පැටළුණොත් ඔවුන් කරන්නේ පෙරළා වෙඩි තැබීම මිස ගල් ගැසීම නොවේ. මේ නිසා සැකකාර පොලිස් නිලධාරීන්ගේ සමාවට කාරණය රටේ නීතිගරුක කිසිම පුද්ගලයකු නොපිළිගන්නා බවද සඳහන් කිරීම අවශ්‍යය.

මෙහිදී තවත් වැදගත් කරුණක් පෙන්වා දී තිබුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් මොරටුව පොලිස් කොට්ඨාසයට අයිති බවත් තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ඝාතනය සිදු වූ මාර්ග බාධකය අඟු‍ලාන පොලිස් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති බවත්ය. තවත් උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබුණේ පොලීසිය සිදුකළ යුතුව තිබුණේ ජනතාව ආවේගශීලීව කටයුතු කරන මෙවැනි අවස්ථාවක සාක්ෂිකරුවන් උසාවියට පැමිණිය යුතු බව ඔවුන්ගේ නිවෙස්වලට ගොස් පැහැදිලි කරදීම බවය. මින් මතුව හෝ මෙවැනි ආකාරයට පොලීසිය සමඟ ජනතාව ගැටෙන අවස්ථා මගහැර යාමට දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු බව සඳහන් කරමු.

 



අදහස් (5)

නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නෑ

sharm warn Friday, 24 July 2020 06:32 AM

මේකේ කියන අවවාදය හරියට දෙබරයකට ගල් ගහලා දෙබරේ ඉස්සරහ ඉඳගෙන භාවනා කරන්න කියනවා වගේ.

:       0       6

බද්රානි Friday, 24 July 2020 08:50 AM

එතකොට, පොලිස් කාරයා නීතිය අතට අරගෙන ක්‍රියා කර ඇති බව පෙනෙන්නේ නැද්ද? පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී... වෙඩි තබා ඝාතනය කළ හැකි බව සාධාරණය කිරීම හරිද? පොලිසියේ අවනීතියට එරෙහිව, නීතිය ඉටු කර ගැනීමට හැකිද යන්න, වඩා හොඳින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඔබට මෙවැනිම අත්දැකීමකට මුහුණ දීමට සිදුවේවා යයි ප්‍රාර්ථනා කරමි...!!

:       15       132

sunil Friday, 24 July 2020 11:34 AM

සිය රැකියාවට යන ධීවර කාර්මිකයින් සමග ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග ගෙනයාම වැනි කරුණක් නිසා මිනිසුන්ට වෙඩි තබන පොලිසියක් රටකට අවශ්‍යද? සාක්කි කරුවන් අත්අඩංගුවට ගත්තේ සිද්ධිය සිදුවූ අවස්ථාවේ පොලිසිය බීමත්ව සිටි බව වසන් කිරීමටද? පොලිසිය තමන්ගේ නිල බලය යොදා අනවශ්‍ය පරිදි මිනිසුන්ට හිරිහැර කිරීම නැවැත්විය යුතුයි..

:       0       9

රොෂාන් Friday, 24 July 2020 10:05 PM

අහිංසක ධීවරයෙක් වෙනුවට, ජනමාධ්‍ය කාරයෙක් ඝාතනය කළා නම් අපි, ඒ පොලිස් නිලධාරියාට ගරු කරනවා. දේශපාලකයින්ට වැඳුම් පිදුම් කරන මාධ්‍යයින් තමයි මේ රට විනාශ කලේ. බොරුව මේ රටේ සමාජ ගත කලේ මේ අය තමයි. නූගතුන්ට වෙනත් රැකියාවක් කිරීමට කිසිම සුදුසුකමක් නැහැ.

:       0       0

janahitha Wednesday, 29 July 2020 09:48 AM

බීමතින් සිට රාජකාරි කරන අයට වසර 5 සිර දඬුවම් දිය යුතුය. බොහෝ නිලධාරින් පොලිස් ස්ථානය තුළම බීමතින් සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 315 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1369 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 200 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site