IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නිලාවැලි මුහුදේ ගසාගෙන ගිය 6 ක් බේරා ගැනෙති

(අමදෝරු අමරජීව)
 
ත්‍රිකුණාමලයේ සංචාරකයට පැමිණි අකුරණ ප්‍රදේශයේ තරුණ පිරිසක් නිලාවේලි  මුහුදේ  නාමින් සිටියදි ගසාගෙන ගිය හයදෙනෙකු දැඩි පරිශ්‍රමයකින් පසු බේරාගැනිමට  ත්‍රිකුණාමල පොලිස් ජිවිතාරක්ෂක  කොස්තාපල්වරුන් දෙදෙනෙකු  හා නිලාවේලි  නාවික නෞකා  විජයබා  කදවුරේ  වෙරළාරක්ෂක භටයන් සිවු දෙනෙකු  සමත්වුහ.


බේරාගෙන ගොඩ බිමට මෙම පිරිස රැගෙන ඒම සදහා  සංචාරකයන් ප්‍රවාහනය කිරිමට වෙරලේ සිටි බෝට්ටුකරුවෙකුද සිය බෝට්ටුව රැගෙන එම අවස්ථාවේ සහයදිම නිසා නිරුපද්‍රිතව ගොඩට ගෙන එන ලද පිරිසෙන් අයෙකුගේ තත්වය බරපතල බැවින් නිලාවේලි ප්‍රාදේශිය රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සදහා ත්‍රිකුණාමලය මහා රෝහලටත් රැගෙන එනු ලැබිය.


මෙසේ රෝහල්ගත කරන ලද්දේ  අකුරණ පදිංචි මොහොමඩ් අස්වර් මොහොමඩ් සාදික් (16) නැමැති අයයි.


බේරාගත් සෙසු අය වන්නේ අකුරණ පදිංචිකරුවන් වන එම්.එම්.මුබාරක් ( 28),මොහොමඩ් අක්‍රම් (16),මොහොමඩ් යූසුප් (17) , එම්.උස්මාන් (18), හා එම්.එන්.එම්.නූහූඩ් (19) නැමැති අයයි.16 දෙනෙකුගෙන් සමන්විත  මෙම තරුණ පිරිසෙන් දස දෙනෙකු මුහුදට බැස  දිය නාමින් සිටියදි මෙම අනතර සිදු වි තිබුණි.


පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මනෝජ්  ආරියරත්න මහතාගේ මෙහෙයවිම යටතේ වෙරලේ රාජකාරියේ  නියුතු කොස්තාපල් වරුන් වන (62730) මිස්කින්, (73490) රසික යන දෙදෙනා  සමග විජයබා නාවික  කදවුරේ වෙරලාරක්ෂක භටයන්  සිවුදෙනා දිය රළකට අසුවි ගසාගෙන යන පිරිස ආධාර ඉල්ලා කෑගසද්දි ක්ෂණිකව ක්‍රියාත්මක වි මෙම ජිවිත බේරාගෙන  තිබුණි.


බේරාගත් පිරිසට ගොඩබිමේදි ප්‍රථමාධාර  ලබාදි ප්‍රකෘති තත්වයට පත්කිරිමට මෙම පිරිස  කටයුතු කර තිබුණි.



අදහස් (1)

නිලාවැලි මුහුදේ ගසාගෙන ගිය 6 ක් බේරා ගැනෙති

Senarath Sunday, 24 June 2018 09:24 AM

ඉතාම වටිනා ක්‍රියාවක්. තමන්ගේ ජිවිතත් අනතුරට පත්වෙන්න පුළුවන් බව දන දැනම, ඉදිරිපත්වෙලා මේ තරුණ ළමයින්ව බේරා ගැනීම. අපේ ආචාරය මේ විරුවන්ට.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 841 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 163 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1027 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1062 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1365 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1219 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site