(ඩී.ජී.සුගතපාල)
නිල්වලා විද්‍යා පිඨයේ පරිගණක කාමරය බිඳ රුපියල් 475,000ක් පමණ වටිනා පරිගණක 6ක් සහ උපාංග සොරකම් කරන ලද සැකකරුවන් හතර දෙනෙකු සොරකම් කරන ලද පරිගණකද සමඟ අද(22) අත් අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අකුරැස්ස අතුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම සැකකරුවන් අවුරුදු 18, 23, 24 වයස්වල පසුවන අතර 18 හැවිරිදි සැකකරු රත්මලාන ඉංජිනේරු සංස්ථාවේ පුහුණුව ලබන අයෙකු බවද පොලිසිය පවසයි.
පසුගිය 17වනදින රාත්‍රි පරිගණක කාමරය බිඳ පරිගණක සොරකම් කර ඇති බවට 18වනදින උදේ පීඨාධිපතිනිය විසින් අකුරැස්ස පොලිසියට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය පරිගණක සමඟ සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරුවන් විද්‍යා පිඨයේ වහලක් අලුත් වැඩියා කරන ලද වඩුකාර්මිකයින් වන අතර එම අලුත් වැඩියා කටයුතු කරමින් සිටියදී පරිගණක කාමරය දැක මෙම සොරකම සිදුකර ඇති බවය.
අකුරැස්ස පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිල්වලා විද්‍යාපීඨයේ පරිගණක හොරු අල්ලති