(බිඟුන් මේනක ගමගේ )
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කරන්නැයි මෙරට ජනමාධ්‍ය සංවිධාන කලක් තිස්සේ කළ ඉල්ලීම නොතකා පුවත්පත් මණ්ඩලයට නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය දැඩි සේ හෙළා දකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිදහස් මාධ්‍ය තහවුරු කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දු බරපතල ලෙස උල්ලංඝණයවීමක් මෙමගින් සිදුව ඇතැයි එම සංවිධානය කියයි.
එම ජනාධිපතිවරණෙය් දී පොදු සංවිධාන එකතුව ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවෙහි ප්‍රධාන කොන්දේසියක් වූයේ පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීම යැයි ද එය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු අපේක්ෂකයා වෙත ඉදිරිපත් කළ ප්‍රධාන නිර්දේශයක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
එනිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම පාර්ශවයෙන් එම එකඟතා කඩකළ අවස්ථාවක් ලෙස මෙම පියවර හැඳින්වීමට සිදුවන්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර කියයි.
මෙම පනතෙහි අනුචිතභාවය හා පසුගාමීත්වය පිළිබඳ තමන් දිගින් දිගටම කරුණු දක්වා ඇති පරිදි තවදුරටත් මේ පිළිබඳව සමාජය දැනුම්වත් කරමින් හා මාධ්‍ය සමාජයෙහි මීට එරෙහි හඩ තවදුරටත් ශක්තිමත් කරමින් පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීම දක්වා වන අරගලය ඉදිරියට ගෙන යාම සඳහා වන සිය අධිෂ්ඨානය යළි සපථ කරන්නේ යැයි ද එහි සඳහන් වේ.
සමාජ වගකීමක් සහිත මාධ්‍ය නිදහසක් සඳහා වන පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාවය මෙම සිදුවීමෙන් තවදුරටත් තහවුරු වන්නේ යැයි ද ඒ සඳහා ඒකරාශී වන ලෙස මෙරට මාධ්‍ය ප්‍රජාවගෙන් හා ප්රජාතන්ත්රවාදයට ලැදි සියලු බලවේගවලින් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපති මතය හා ගැටෙයි