(ටී.කේ.ජී. කපිල)
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (07) උදෑසන පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා, ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමග අද උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබිණ. ඉන් එකක් ඉකුත් 04 වැනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයද එදිනම ඉවත් කළද, ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි.
ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඒ වනවිටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණි.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණි.
පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට වු දැනුම් දීම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාමල්ට එරෙහිව තිබූ නියෝගය ගුවන් යානය ප්‍රමාද කරයි
විපරමා Sunday, 07 March 2021 12:54 PM
තමුන්ගේ නෑයෙක් හරි, හෙන්චයියෙක් හරි හිටියා නම් ඔහොම වෙන එකක් නැහැ.. එයාර් ලංකා සභාපති හිටපු කාලේ මොන අවුලක් වත් නැහැනේ...
lalith Sunday, 07 March 2021 01:59 PM
අහන්න දෙයක්ද මෙහෙම අය එයාර්පෝර්ට් එකට ආපුවාම කවුරුත් අන්ද මන්ද වෙනවා.
Hafeel Sunday, 07 March 2021 02:25 PM
එක රට... එක නීතිය...
JAGATH Sunday, 07 March 2021 02:41 PM
එක කෝල් එකයි දෙන්න ඕන.
Raveendra Sunday, 07 March 2021 02:41 PM
මෙයා පිලිබදව අපගේ කියවිම සතුටට කරුණක් නොවන බව පළමුව සදහන් කරන්නෙමු. අප කනගාටු වන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබදවය. කොලබ සිට තැපැල් සේවකයකු පා ගමනින් මෙම අදාළ ලිපිය කටුනායක ගුවන් තොටුපලට රැගෙන පැමිණියත් දවසක් දෙකක් තුල අදාළ ස්ථානයට ලිපිය බාරදිය හැකි නොවේද ? අධිකරණ දෙපාර්තුමේන්තුවේ ප්‍රමාදයද තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රමාදයක්ද අප කිසිවෙකු නිවැරදිව නොදනී නමුත් මෙමගින් දෙපාර්තුමෙන්තුවල මහජනතාවට ලැබෙන කාර්යක්ෂම සේවය නැවතත් මනා ලෙස මහජනතාවට දැකගනුමට හැකිවීම සතුටකි.
sena Sunday, 07 March 2021 03:00 PM
යන්න කලින් ඇමතිවරයාට ඕක චුට්ටක් චෙක් කර ගන්න තිබුනේ නැද්ද.?
Manel Sunday, 07 March 2021 10:15 PM
මෙය සිදු නොවිය යුතුය. මම නාමල් නම්, නියමිත ගුවන් ගමන ප්‍රමාද වීමට ඉඩ දෙනවාට වඩා මම ඊළඟ ගුවන් ගමන ගෙන යන්නෙමි. එහි පැය 5 ක ගුවන් ගමනක් සහ විනාඩි 45 ක් ප්‍රමාද කිරීම වටින්නේ නැත.
sachith Monday, 08 March 2021 01:20 AM
මෙහෙම ගුවන්යානයක් නවත්වාගෙන ඉන්න පුළුවන් රාජ්‍ය නායකයෙක්ගේ අවශ්‍යතාවයට විතරයි නේද.?
jayasekara Monday, 08 March 2021 03:48 AM
මේවා තමයි අපට ඉල්ලන්න නැත්තේ... එක්කෙනෙක් නිසා බහුතරයකට වෙන පාඩුව.. ගුවන් මගීන්ට ඩුබායි වලින් ප්ලේන් මිස් වෙන්නත් පුළුවන්. මමත් ඩුබායි ට්‍රාන්සිට් වෙලා තියෙනවා. සමහර ට්‍රාන්සිට් පැය භාගයක්... මෙහෙන් පරක්කු වුණොත් ඩුබායිවලින් මිස්වෙනවා. මේ අයගේ නම් විකාර...
වීරවිජේ Monday, 08 March 2021 04:11 AM
අනේ ඉතින් කිසි වරදක් කරලා නැති මිනිස්සු. අත පය හොලවලා මහන්සි වෙලා තමුන් හම්බු කරපු සල්ලි වලිං විනෝද වෙන්න පිටරට යන එක බලාගෙන ඉන්න බැරි කුහක මිනිස්සු..
Bamunuarachchi Monday, 08 March 2021 05:09 AM
මේක තමයි පළමු සහ අවසාන ඇමැතිකම...
fairoos Monday, 08 March 2021 07:32 AM
නියමයි, නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා.
sampath Thursday, 11 March 2021 03:33 PM
විදේශ ගමන් තහනම් සහ වරෙන්තු කැඳවීම් අදාළ ආයතනවලට දැනුම් දීමට වියත් ක්‍රමයක් හඳුන්වා දීමට සුදුසු කාලයයි. රටේ ප්‍රබලම ඇමැතිවරයෙක් නිසා අද ඔය වැඩේ කරගත්තාට ගමේ මනුස්සයෙක් ගියා නම් මොකද වෙන්නේ?