IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ  නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කළේය.
 
 2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය  කළ  විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි .
 
 අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දුන්හ.



අදහස් (28)

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි

KANDEPOLA Monday, 18 March 2019 08:42 AM

නීතිය ද ? මර්දනය ද ?

:       2790       2318

NissankaMonday, 18 March 2019 11:30 AM

රන්ජන්ට ලැබීමට නියමිත තීන්දුව ගැන හිතාගන්න පුළුවන්...

:       2200       136

NissankaTuesday, 19 March 2019 04:21 AM

කවුරු හරි බය වෙලා තියෙන තරම පේනවා මේ කොමෙන්ට් වලට දාලා තියෙන අන්ලයික් ප්‍රමාණය දිහා බැලුවම. අයියෝ සල්ලි.

:       0       97

sirimal Monday, 18 March 2019 08:53 AM

ඡන්දයක්වත් ඉල්ලයි කියලා බය වෙලාවත්ද?

:       2500       436

Nuwan Monday, 18 March 2019 09:01 AM

රටේ නීතියේ සාධාරණත්වය දකින කොට, නාගානන්ද මහත්මයා සාක්ෂි ඇතුව කියන කිසිදෙයක් බොරු කියලා ඔප්පු කරගන්න බැරිනිසා කරන්න පුළුවන් එකම දේ කටවහගෙන එ්ක කළා. හරියට අර කොටියා සහ හාවාගේ ගඟෙන් වතුර බිමේ කතාව වගේ.

:       2206       564

mohan Monday, 18 March 2019 09:15 AM

හරිම අසාධාරණයි. මේකද නීතිය? කට්ටිය දැන්ම බය වෙලා... මෙතුමාගේ වැඩ පිළිවෙලට. අපි ඔබ සමග ඉන්නවා නාගානන්ද මතිඳුනි.. ඔබට ජය!!!

:       2731       2229

Perakum Monday, 18 March 2019 09:19 AM

හපොයි අපේ කට්ටිය බය වෙච්ච තරම පේනවා නේද..! අනිත් අයත් පරිස්සම් උනොත් හොඳයි.

:       2726       295

විජිත් Monday, 18 March 2019 09:21 AM

අද නම් නීතියේ දෙවඟන දෙඇස් වසා නොගෙන එහෙම නැතිනම් එතුමියගේ දෑස් බලෙන් හැර නඩු අහලා කියලයි මට නම් හිතෙන්නේ. මෙතුමා අද වනවිට මේ රටේ අධිකරණයේ විසඳීමට තිබෙන ප්‍රබල නඩු කිහිපයක්ම මෙහෙයවන කීර්තිමත් පුද්ගලයෙකි. දූෂිත දේශපාලුවන් විසින් කල්යල් බලා ලස්සනට ඇටවූ දේශපාලන උගුලකි මේ... මේ දිනවල අපේ රටේ ඇතිවී තිබෙන නව දේශපාලනික ප්‍රබෝධයේ පුරෝගාමියෙක් වන්නේත් මෙතුමයි. අනෙක් තැනැත්තා රොහාන් පල්ලෙවත්ත මහතායි. කෙසේවෙතත් මෙවැනි අනවශ්‍ය බාධක ඇතිකිරීමෙන් මෙතුමාට සිදුවන්නේ අනර්ථයක් නොව, තවතවත් ශක්තිය සහ දිරිය ලැබී, තව තවත් මහජනයා අතර ජනප්‍රිය වීමයි. මිනීමරුවන්, ස්ත්‍රී දුෂකයින්, පල් හොරුන්, පල් මෝඩයින්.. මංකොල්ල කාරයින් රැසක් විසින් පාලනය කළ, එමෙන්ම පාලනය කරන මේ පුංචි රටේ අනාගත නායකයා.. එතුමා වුනොත්... රටට සහ රටේ ජනතාවට වාසනාවන්ත යුගයක් උදාවීම වැඩි ඈතක නොවේ යන්න මගේ නම් එකම පැතුමයි. නාගානන්ද මහත්මයාණෙනි, ඔබතුමාට දිරිය ශක්තිය තවතවත් ලැබී මේ රට වාසනාවන්ත රටක් කිරීමට හැකිවේවා...!!!

:       6022       2202

shantha perara - london Monday, 18 March 2019 11:04 AM

ඔව් විජිත්, අපෙත් එකම ප්‍රාර්ථනය ඔයාකිව මන්කොල්ලකරයින්ගෙන් අපේ රට බේරාගන්න නාගානන්ද කොඩිතුවක්කු මහතාට සහය වීමයි.

:       2722       153

gunasena Monday, 18 March 2019 09:23 AM

වැරදි තීන්දුවක් දීලා පස්සේ පිළිගත්තු නඩුකාර හාමුදුරුවන්ට මොකද වුනේ?

:       2723       232

smn Monday, 18 March 2019 09:25 AM

නාගානන්ද මහතාගේ විප්ලවීය අදහස් යූටියූබ්වල දකින්නට පුළුවන්… එතුමා ඊළඟ ජනපතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ තියෙනවා.

:       3097       280

kamaniMonday, 18 March 2019 10:53 AM

අනිවාර්යයෙන්ම අපේ ඡන්දය එතුමාටයි. මුළු රටේම ජනතාව නිහඬව හිටියාට... ඔවුන් එතුමාටයි.

:       5131       151

සමන් Monday, 18 March 2019 09:45 AM

කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරුවන්... හරිම අසාධාරණයි...

:       2721       225

krishantha Monday, 18 March 2019 09:51 AM

නීතියේ දෙවඟන මුහුණ වසාගෙන ඉන්න එක හරි. හැබැයි ඇඳිවත ඔසවලා මුහුණ වහගන්න එක හරි නැහැ. අවට සමාජය ගැනත් සංවේදී වෙන්න ඕනෑ.

:       2196       2511

thusitha Monday, 18 March 2019 10:23 AM

නීතියේ දෙවගනට හැම ගොනාම පට්ටි දානවා වගේ....

:       2504       149

රවින් Monday, 18 March 2019 11:03 AM

ඔං ආරංචියක් තියනවා අත්අඩංගුවේ ඉන්න කුඩු ලොක්කෙකු වැසිකිලි යනකොටත් නීති කට්ටිය පිටපස්සෙන් යනවායි කියලා. එතන තියෙන්නේ මොකක්ද?

:       0       95

Hafeel Monday, 18 March 2019 11:30 AM

මෙම නඩු තීන්දු සමග රට හරි මඟට යාවි කියලා කිසිම විශ්වාසයක් නැහැ. රටේ නායකයා ව්‍යවථාව කැඩුවා. දැන් මෙතන ඒකාධිපති නීති පද්ධතියක්. ත්‍රස්තවාදය දිරිමත් කරන විජයකළා, රිය අනතුරුවලට සම්බන්ධ මැතිඇමති පුතුන් නිදැල්ලේ... රටේ සිදුවෙන අසාධාරණවලට එරෙහිව කතාකරන නාගානන්දලාට තහංචි.... මෙහෙම යන්න දුන්නත් රටට මොනවද වෙන්නේ? 2020දී පැහැදිලි වෙනසක් අවශ්‍යයි.

:       2195       468

Neel Perera Monday, 18 March 2019 01:15 PM

ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නවත්වන්නයි මේ අමන වැඩේ කළේ... මේක ජාත්‍යන්තරවත් ලංකාවට ලොකු ලැජ්ජාවක්...

:       2729       93

කසුන් Monday, 18 March 2019 01:18 PM

අද රටේ නීතිය ගැන සාමාන්‍ය මිනිසුන්ගේ අවිශ්වාසය දළු ලමින් පවතී !!

:       2230       103

HR Monday, 18 March 2019 03:10 PM

යහපාලනේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි කිව්වා නේද? මොකද වුනේ?

:       2494       43

kule Monday, 18 March 2019 03:12 PM

ඔබ බලය ඇති තැනැත්තෙක්ද? කවරෙකු හෝ ඔබගේ බලය අත්කරගැනීමට එන්නේද? එසේනම් ඔහු කොපමණ නිවැරදි වුනත් අධිකරණයට අපහාස කළා කියා නඩුවක් ගොනුකරන්න. ඔබට සැනසීම ලැබෙනු ඇත.

:       2195       37

බද්රානි Monday, 18 March 2019 04:12 PM

සත්‍යවාදියෙකුගේ මුව වසා, මොහොතකට නිහඬ කල හැකි වුවත්, සත්‍යය කිසිදා වලලා තැබිය නොහැකි බව මේ අමනයින්ට වැටහෙන දවස වැඩි ඈතක නොවේ. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත නිහඬ බුද්ධිමත් ජනතාවක් මේ වනවිටත්, අවස්ථාව පැමිණෙන තුරු විමසිල්ලෙන්, ඔබ තුමා වටා ඒකරාශී වෙමින් සිටිනවා. එය කිසිවෙකුට වැළක්විය නොහැක. මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය රටේ ජනතාව වටහා ගෙන බොහෝ කල්. ඒ නිසා නිර්භයව ඉදිරියට එන්න. ඔබතුමාට ජය පතමි!!!

:       251       267

anura Monday, 18 March 2019 04:30 PM

පංචේන්ද්‍රියන්ගෙන් වැදගත් හා ප්‍රබලම ඉන්ද්‍රිය ආවරණය කරගත් කාන්තාවක් මෙම ආයතනය සංකේතවත් කිරීමට යොදාගෙන ඇත්තේ ඇයිදැයි දැන් කාටත් වැටහෙනවා. කන්දෙකත් ආවරණය කරගත්තා නම් තවත් හොඳයි.

:       74       62

Perakum Monday, 18 March 2019 04:59 PM

මේ අපේ රට ගොඩ ගැනීමට එන අනාගත ජනාධිපති තුමා බව හොඳින් මතක තබා ගන්න. ඔහුට අපේ සහාය සමග සුබ පැතුම්...!

:       123       147

කරුණාපාල Monday, 18 March 2019 07:00 PM

වෙනදා මෙතන නීති තර්ක මතුකරන නීති ඔස්තාර්ලා අද කොහෙද කියලයි මම නිකමට කල්පනා කලේ?

:       0       72

Mahee Monday, 18 March 2019 07:22 PM

සියලු දෙනාම ඒක හඬින් පළකරන මේ අදහස්වලට 'ඩිස්ලයික්' දිගට හරහට දාලා තියෙන හැටියෙන් පේනවා නාගානන්ද මහතා පවරා ඇති නඩුවල චුදිතයෝ හරියට සතුටු වෙලා ඉන්න බව. එතුමා මේ අධිකරණවලට ස්වාධීනත්වය ලබාදීම සඳහා සටන් කරනව, ඒ අධිකරණයෙන්ම එතුමාට දඬුවම් ලැබෙනවා. ඒක නම් දෛවයේ පුදුම සරදමක්.

:       24       127

නාලක Tuesday, 19 March 2019 04:42 AM

රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදිහ දිහා බැලුවාම ලොකු කණගාටුවක් ඇති වෙනවා...

:       0       24

Adiri Wednesday, 20 March 2019 05:30 PM

මහින්ද එලවන්නත් උසාවි ගියානේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 243 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 355 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 184 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 311 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 3861 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 1022 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 148 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site