(නිමල කොඩිතුවක්කු)
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත නව විදුලි සබඳතා ලබාදීමේදී විශේෂ ප්රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ලක්ෂ 16 ක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පොදුවේ බලපානු ලබන ගැටළු පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංගමයේ නිලධාරීන් සමඟ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ගේ විදුලි බිල්පත් ගෙවීම් සඳහා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
එමෙන්ම විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කර සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නව විදුලි සබඳතා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයිනට ප්‍රමුඛත්වය
Uditha - London Wednesday, 11 September 2019 09:38 AM
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ලෙස වර්ග කරන්නේ කුමන නිර්මාපකයක් අනුවද?
PurawasiyaWednesday, 11 September 2019 11:41 AM
ආබාධ සහිත පුද්ගලයා, අන්ධ, ශ්‍රවණ ආබාධ හෝ වෙනත් ශාරීරික දුර්වලතා ඇති පුද්ගලයන්.. ඔවුන්ගේ ආබාධිත තත්වය සාමාන්‍ය පරිදි ජීවිතය පවත්වාගෙන යාමට අපහසු නම් එවැනි පුද්ගලයන් විශේෂිත අවශ්‍යතා ඇති පුද්ගලයන් ලෙස හැඳින්වෙනවා.
lalithm Wednesday, 11 September 2019 11:29 AM
ඔක්කොම රණවිරුවන්ට, විශේෂ අවශ්‍යතා තියෙන අයට දෙන්න ගියාම රටේ වැඩ කරන සාමාන්‍ය ජනයාට වෙන රටවල් වලට ගිහින්ද ලයිට් ගන්න කියන්නේ. ලංකාව හිඟන දේශයක් වෙලා තියෙන්නේ මේ වගේ අන්ද මන්ද වැඩ හින්ද.
පාරිභෝගිකයා Wednesday, 11 September 2019 12:43 PM
විදුලිය දීමේදී විරෝධතා ඉදිරිපත් කර ඇත්නම් ඒ ගැනත් පරීක්ෂා කිරීම අනිවාර්ය කරන්න. මණ්ඩලයේ ඇතමුන් විරෝධතා නොතකා හිතවත්කමට හා අල්ලසට කටයුතු කිරීමෙන් සමහර අයට බලවත් අගතිකාරී දේවල් සිදුවෙනවා..