IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවි ගලවාගෙන ඇත. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයකු වන ජලාල් යූනුස් මහතා කීවේ සිකුරාදා යාඥාව සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් දේවස්ථානය ඇතුළට යාමට සූදානම් වීමත් සමගම වෙඩි තැබීම සිදුවූ බවයි. 

“ඔවුන්ට හානියක් නෑ. ඒත් ඔවුන් මානසිකව මහත් කම්පනයට පත්වෙලයි ඉන්නේ. විශ්වාසයෙන් යුතුව තමන් නැවතී සිටින හෝටලයට වෙලා ඉන්න කියලා අපි ඔවුන්ට කිව්වා” යයි ජලාල් යූනුස් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවසීය. 

“වෙඩි තැබීමේදී කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් බේරුණා. ඒත් හරිම භයංකාර අත්දැකීමක්. කරුණාකර ඔබ යාඥා කරද්දී අපවත් සිහිකරන්න” යයි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ. 

නවසීලන්තයේ මාධ්‍ය වාර්තා කරන පරිදි සිද්ධියෙන් කිහිපදෙනකුම මියගොස් තිබේ. 

“ක‍්‍රයිස්ට්චර්ච් පල්ලියේදී අද සිදුවූ වෙඩි තැබීමෙන් අල්ලා දෙවිඳුන්  අපව බේරා ගත්තා...අපි ඉතාමත් වාසනාවන්තයි..මේ වගේ දෙයක් නම් ආයෙ කවදාවත් දකින්න ලැබෙන්න එපා” යයි කණ්ඩායමේ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් කියයි. 

“වෙඩි තබන්නන්ගෙන් යන්තමින් ගැලවුණා. හදවත ගැහෙන වේගය පාලනය කරගන්න බෑ..හැම තැනම මහ කලබලයක්” යයි කණ්ඩායමේ උසස් දස්කම් විශ්ලේශක ශී‍්‍රනිවාස් චන්ද්‍රසේකරන් කීවේය. 

බංග්ලාදේශ කී‍්‍රඩකයන් අල් නූර් දේවස්ථානය අසළට ළඟා වූ විගසම පල්ලිය ඇතුළේ වෙඩි තැබීමක් සිදුවෙන බව කිසිවකු විසින් කී‍්‍රඩකයන්ට දැනුම් දී තිබේ. ඒ සැණින්ම නැවතත් බංග්ලාදේශ බසයට ඇතුළු වූ කී‍්‍රඩකයෝ බසයේ බිම දිගා වූහ. 

මෙම වෙඩි තැබීම නිසා නවසීලන්තය සහ බංග්ලාදේශය අතර සෙනසුරාදා (16) ආරම්භ වීමට නියමිතව තිබූ තුන්වැනි ටෙස්ට් තරගය අවලංගු කර දමා තිබේ.

 



අදහස් (6)

නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි

රොමේෂ් Friday, 15 March 2019 05:09 AM

තුන්වෙනි ටෙස්ට් තරඟයත් ඉනිමකින් පරාජය වෙන්න තිබුණු අවස්ථාවෙන් බේරුණු එක තමයි ලොකුම බේරීම...

:       24       67

Keppetipola Friday, 15 March 2019 05:09 AM

ඇයි අල්ලා දෙවියන් ක්‍රිකට් කණ්ඩායම බේරාගෙන පල්ලියේ හිටිය අනිත් අයට මැරෙන්න දුන්නේ..?

:       400       313

nisarFriday, 15 March 2019 10:38 AM

අනෙක් අය තවත් දවසක දෙවියන්ගේ කැමැත්තට පරිදි සිදුවේ. ඒ දක්වා යහපත් ජීවිතයක් ගතකරමු. කවුරුවත් සදහටම ජීවත් වෙන්නේ නැහැ.

:       147       282

susanthaFriday, 15 March 2019 12:32 PM

ඔහේ ඇති දෙයියෙක් නැහැ බන්....

:       305       275

Shantha Qatar Friday, 15 March 2019 09:07 AM

අනේ පව්.. හයියෙන් හුළඟක් හැමුවත් බය වෙන කෙනෙක්... ඒ අයට අපේ අයට වඩා නම් දක්ෂයි.

:       28       50

prabha Friday, 15 March 2019 04:14 PM

අපරාදේ වෙඩික්කරුවට නයි නැටුමක් බලාගන්න තිබුණු චාන්ස් එක නැතිවුණා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 130 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 52 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 475 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 558 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1020 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 962 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site