IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දේශපාලන රැළියට ගිය පිරිසට බසය නවතා පහර දෙති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණමඩුව නගරයේ පැවති දේශපාලන රැළියකට ගොස් කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් නවගත්තේගම කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයේදී නතර කළ 20ක පමණ පිරිසක් එහි සිටි මගීන්ට පහර දී ඇති බවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් කරුවලගස්වැව පොලිසිය පවසයි.
 
පහර කෑමෙන් තුවාල ලැබූ පිරිස තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
 
මෙම පිරිස ගමන් කළ ලංගම බස් රථය යන මාර්ගයට ලී කඳන් දමා මග හරස් කර 20කට ආසන්න පිරිසක් මොවුන්ට පහරදී ඇතැයි තුවාලකරුවෝ කියති.
 
මෙම පහර දීමෙන් ලංගම බස් රථයටද හානි සිදුව තිබිණි.
 
පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වීම ගැන 100 කට ආසන්න පිරිසක් කරුවලගස්වැව පොලිසියට ගොස් එහි විරෝධය පළකිරීමත් සමග එහි උණුසුම් තත්වයක් හටගෙන ඇත.
 
පසුව එම ස්ථානයට පැමිනි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රියංකර ජයරත්න , සනත් නිශාන්ත හා හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ද සරත් කුමාර ,චින්තක අමල මායාදුන්න යන මහත්වරුන්  ඇතුළු පිරිස එක්වී ජනතාව සමථයකට පත්කිරීමට උත්සහ ගත්හ.
 
පහර කෑමට ලක්වු පිරිස පවසන්නේ තමන්ට කුඩා මැදවච්චිය ප්‍රදේශයේ බස් රථය නවතා අමානුෂික ආකාරයෙන් පහර දුන් බවය.

එම පිරිස පහර දීම සම්බන්ධයෙන් පොලිස්ථානයට පැමිණිලි කළද, පොලිසිය පැවසුවේ මෙය සුළු සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවු ප්‍රශ්නයක් බවයි.
 



අදහස් (24)

දේශපාලන රැළියට ගිය පිරිසට බසය නවතා පහර දෙති

sharm warn Tuesday, 05 November 2019 03:23 AM

ගැටුම ගොඩ දාන්න ආපු අය අනුවත් පොලිසිය කළ ප්‍රකාශය අනුවත් පහර දුන්නේ පොහොට්ටුවෙන් කියල හිතෙනවා. පහර කෑවේ නම් හංසයන්ගේ අය නෙමේ කියලත් හිතෙනවා.

:       112       108

SiriWednesday, 06 November 2019 02:56 PM

මෙය ඒ අයගේ පරාජය කල්තියා දැකලා කරන දෙයක්... ගණන් ගන්න එපා.

:       21       0

Bamunuarachchi Tuesday, 05 November 2019 03:50 AM

ඡන්දය දින්නොත් ඉතිරි හරිය බලාගමු.

:       156       38

athuraTuesday, 05 November 2019 06:17 AM

ඒ කියන්නෙ ගෝඨා දින්නොත් ගැහුවට ගහනවා.

:       112       79

Gamarala Tuesday, 05 November 2019 07:01 AM

තනි වචනයේ උත්තරය ඔව්.

:       58       12

DilanTuesday, 05 November 2019 07:41 AM

ගෝඨා එහෙම කිව්වද?

:       0       47

ඇත්ත සත්‍යපාල Tuesday, 05 November 2019 10:21 AM

ත්‍රස්තවාදීන් සමග එකතුවෙලා රට වනසන, ඇමරිකාවට විකුණන පක්ෂයකට තවමත් කඩේ යන්න මිනිස්සු දැක්කම රටට ආදරය කරන මිනිස්සුන්ට ඔවුන්ව පෙනෙන්නේ ත්‍රස්තවාදීන් වගේ. මේක සාමාන්‍ය ස්වභාවය. ආණ්ඩු මාරුවකින් පසු කලබල ඇතිවීම වැළක්වීමට දැන් සිටම යම් වැඩ පිළිවෙලක් තිබිය යුතුමයි.

:       122       25

BamunuarachchiWednesday, 06 November 2019 11:18 AM

ගෝඨා එපා කීවත් අපි ගහනවා. තුම්සේලා ගහන්නයි අපි ගුටි කන්නයි... එ්කද කියන්නේ...? මෙතන තිබෙන්නේ දේශපානය නොවෙයි.. ගැහැව්වට ගහනවා. ඒක සාධාරණ නැද්ද? පාසල් කාලයේවත් අපි ගුටිකාලා ගෙදර ගිය කොල්ලෝ නොවෙයි. ගැහැව්වොත් ගැහැව්වා. හිලරි ක්ලින්ටන් ගේ "ලිවින් හිස්ට්‍රි" කියන පොතේ එයා ලියනවා හැමදාම එයාට ළමයෙක් ගහනවා කියලා... හිලරි අම්මට කීවාම අම්ම කීවලු ඔබත් ගහන්න කියලා. පහුවෙනිදා සුපුරුදු පරිදි හිලරිට අනික් ළමයා ගැහැව්වාම හිලරි හොඳට අර ළමයාට දීලා තිබෙනවා ඊට පසු පාසලේ කවුරුත් හිලරිට අත තියලා නැහැ...

:       78       1

lanka Tuesday, 05 November 2019 04:02 AM

මෙවැනි දේශපාලන මැරකම් කරන්නන්ට දැඩි දඩුවම් දිය යුතුයි.

:       1       39

ලුම්බිණි Tuesday, 05 November 2019 04:34 AM

මේ මිනිසුන්ගේ මෝඩකම් කවද නවතීද මන්ද?

:       1       62

Gamarala Tuesday, 05 November 2019 05:40 AM

කවුරු කළත් මේවා අසික්කිත වැඩ බව සිහි තබා ගත යුතුයි. මේවට පිළිතුරු දහසයෙන් පසුව....පරාජය හමුවේ වියරු වැටි ඇත.

:       31       91

Lebbe Tuesday, 05 November 2019 06:06 AM

පරාජයේ පෙරනිමිති.

:       176       86

amali Tuesday, 05 November 2019 06:13 AM

මේවා ගෙම්බෝ කෑගස්සවන අයගේ වැඩ.

:       2       26

rocky Tuesday, 05 November 2019 06:18 AM

හොඳයි මහත්තයෝ, 16 වෙනිදාට පසුව බලා ගනිමු.

:       59       24

sisira Tuesday, 05 November 2019 08:41 AM

එක්දාස් නමසිය අසු ගණන් වල සිටි නුගත් නායකයන් නිසා ලංකාවේ මුළු දේශපාලන ක්‍රමයම නුගතුන් අතට පත් උනා. ඒවාගේ ප්‍රතිඵල තමා ඔය අද එළි දකින්නේ. එහි දෙවැනි පියවර තබන්න සමහරුන් උත්සහ කරනවා නැවත රට බිෂනකට ගෙනියන්න. හරි කණගාටුයි. මිනිසුන්ට ගහලා ඡන්දය දිනන්න බෑ. ඒවා පරාජයේ පෙරනිමිති.

:       3       14

Ramani Tuesday, 05 November 2019 08:46 AM

1977 ධර්මිෂ්ඨ රාජ්‍යය බලයට ආපු වෙලාවේ පොලිසියට සුමානයක් නිවාඩු දෙනවා වගේ කතා කියපු සහ ඒ දේවල් කරපු ආණ්ඩුවක වැඩ මතක් කරලා 2019 වසරේදී එහෙම දෙයක් නොවෙන්න වැඩ කරමු. ඒ වගේම 88-89 වගේ ටී 56 හෝ ටයර් සෑයවල් වලින් දිගට හරහට රට විනාස නොවෙන්නත් වග බලා ගනිමු. තවත් මතක් කරනවානම් 1995දි රාජ්‍ය බලය අවභාවිතා කරලා වයඹ ඡන්දය දිනුවා වගේ දෙයක් නොකරමු. ගෝඨා ඔය කිසි කුණු ගොඩකට ගෑවුන කෙනෙක් නොවෙන නිසා සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

:       424       56

සිරිලිය Tuesday, 05 November 2019 10:51 AM

දුෂිත පවුල් පාලනේ. මොන කතාද? මිනීමෝරු ගැන දන්නෝ දනිති.

:       100       356

nuwanTuesday, 05 November 2019 01:04 PM

ඇයි ඔයාගේ කවුරුවත් හරි මිනි මෝරෙක් කෑවද.?

:       0       0

BamunuarachchiThursday, 07 November 2019 01:51 AM

බැංකු කැඩීම සහ මේ අවුරුදු 5 කල අනිකුත් වංචා වලට වැඩි දූෂණ රටේ වෙලා තිබෙනවාද?

:       11       0

Amila Tuesday, 05 November 2019 09:15 AM

ශ්‍රිලනිපයේ අයට හූ කීම පොහොට්ටුවේ නරින්ට ලැබුනු තෑග්ගක් වගේ.

:       73       219

BamunuarachchiThursday, 07 November 2019 01:47 AM

චන්ද්‍රිකාගේ ගැත්තකුට තරහ ගිහිල්ලා වගෙයි. මහින්ද සමග තිබෙන පුද්ගලික තරහ වලට රට බිලි දෙන්න බැහැ. ඒවා දේශපාලන භූමියෙන් පිටතදී බේරා ගන්න.

:       23       0

anamaduSaturday, 09 November 2019 07:52 AM

එහෙම දෙයක් නොවේ.. ඔක්කොම පොහොට්ටුවේ වැරදි තමයි. ප්‍රතිප්‍රහාරයක් වුනේ යුද්ධය කාලේ ඕවා ඕනෑතරම් වුණානේ...

:       0       0

kaduwela silwa Tuesday, 05 November 2019 09:29 AM

ගැහුවේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

:       0       15

anamaduve api Saturday, 09 November 2019 07:49 AM

කලින්ද අපිට ගැහුවා. අපි රැකලා හිටියා. කරුමෙට ඇවිත් තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 0 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 125 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 686 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 1068 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 931 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 155 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site