IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති

 

මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා සහ තවත් සිවුදෙනෙක් වරදකරුවෝ වූහ. ඒ අනුව ඔවුන්ට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්වූයේ 2011 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණය අතරවාරයේදීය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කෙරුණු අතර අදාළ නඩු තීන්දුව බෙදුණු තීන්දුවක් විය. විනිසුරුවරුන් වන පද්මිණි රණවක මහත්මිය සහ චරිත් මොරායස් මහතා සැකකරුවන් පස්දෙනා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ඔවුන් පස්දෙනාට මරණ දඬුවම්නියම කළහ. කෙසේ නමුත් ශිරාන් ගුණරත්න මහතා සැකකරුවන් පස්දෙනා සියලු‍ චෝදනාවලින් නිදහස් කළේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියාය.

ඉකුත් දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි සියලු‍ දෙනා දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් ඉදිරිපත් වූ පෙත්සමට අස්සන් තබා ඇත.

අදාළ පෙත්සම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් වීමට නියමිත අතර බොහෝ දුරට ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවනු ඇතැයි පැවැසේ.

දහනවවැනි වියේ පසු වූ ඉවෝන් ජොන්සන් තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාව දුන්නේය.

(සන්ඩේ ටයිම්ස්)

055



අදහස් (84)

දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති

De Sunday, 25 October 2020 02:24 PM

අපේ ජනපති තුමාට ජය වේවා, රට ජාතිය වෙනුවෙන් කරන සේවයට.

:       14       163

මුණසිංහMonday, 26 October 2020 03:08 AM

මෙයා නිදහස් කිරීම කලොත් ගැටළුවක්. නමුත් තව දෙයක් තියෙනවා. විශේෂයෙන් රන්ජන් ගේ කතාවල් දිහා බැලුවමත් බෙදුනු තීන්දුවක් නිසාත් දුන් දඬුවම සාධාරණ ද? කියලා.

:       30       12

ශ්‍රියන්තTuesday, 27 October 2020 01:09 PM

කලබල වෙන්න එපා මධූෂ් කිව්වළුනේද අසූවක් භුත බංගලාවේ ඉන්නවා කියල. මෙයත් ආවම අසූඑකක් වෙවිද.?

:       0       1

A. B. SrilaMonday, 26 October 2020 04:41 AM

කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරුවන් ...

:       0       57

TryMonday, 26 October 2020 06:27 AM

මම හිතන්නේ නැහැ ජනාධිපති දුමින්ද නිදහස් කළ යුතුයි කියලා. ජනාධිපති ලෙස ගෙන ආ අය තමයි ඔහු මේ දේ කළොත් ඊළඟ වතාවේ ඔහු නිදහස් වේවි.

:       0       0

samTuesday, 27 October 2020 01:01 PM

පද්මිණි රණවක සහ රන්ජන් රාමනායක. ඒකත් සාධාරණද. ඔන්න ඔතනදි තමයි කොස්සක් තියෙන්නේ දුමින්ද හොඳ වුණත් නැතත්. එක්කෝ රංජන්ගේ බලපෑමක් නැතිව අලුතෙන්ම නඩු අහන්න ඕන.

:       1       1

sampathMonday, 26 October 2020 08:11 AM

හොඳ අදහසක්.

:       0       0

සමරපාල Sunday, 25 October 2020 02:28 PM

සෞභාග්‍යට ඉතා සීඝ්‍රයෙන් ලංවන බවයි

:       5       189

appuhaami Sunday, 25 October 2020 02:38 PM

අපි හිතුවා. තව තව විශ්මිත දේවල් වැඩිකල් නොගොස් බලාගන්න පුලුවන්වේවි. කෝකටත් තෛලය හෙවත් "ජනතාවගේ කැමැත්ත " තියෙනවානේ පතුරු ගහන්න.

:       8       183

mihira Sunday, 25 October 2020 02:40 PM

නිදහස් වෙයි අවුරුදු 4කට ආයේ පන තියෙන ආණ්ඩුවක් ආවොත් එයා ආයේ ඇතුලේ එලියට ගත්ත අයත් එක්ක.

:       4       118

appuhaamiSunday, 25 October 2020 06:00 PM

පන තියෙන ආණ්ඩු හැදෙන්න ඉඩ තියයි කියල හිතන්නවත් අමාරුයි. ලෝක බලවතුන් නන්නත්තාර කරමින් පැතිරෙන කොරෝනාව මතින් චීන ආධිපත්‍යය ලෝකයම තම ග්‍රහණයට හසුකර ගන්නා පසුබිමක අපි වගේ දුෂණය ඉහ වහාගිය පාලකයින් රජකරන පුංචිම පුංචි දුපතකට ගැලවෙන්න පුළුවන් උනොත් තමයි පුදුමේ.

:       8       176

senaMonday, 26 October 2020 06:13 AM

හරියටම හරි ඡන්ද දායකයාට ඔන වහල්කම... දේශපලකයාට ඔනෙ සල්ලි...

:       1       27

Hafeel Sunday, 25 October 2020 02:47 PM

මෙහෙම කලොත් රටට අධිකරණය, නීතිය, විනය අවශ්‍ය නැහැ. මෙහෙම මරණ දඬුවම නියමවුවන් ඔක්කොටම දෙනවද.?

:       7       162

anaMonday, 26 October 2020 12:34 AM

සැමට එක නීතියක්. හිරකාරයින් කියලා ජාතියක් වෙනම කොටු කරලා ඉන්නකොට කොහොමද එහෙම එක නීතියක් වෙන්නේ. අනේ 2/3..

:       0       0

කනිෂ්ක Monday, 26 October 2020 01:29 AM

හිරුණිකා, රංජන් හඬපටයේ හැටියට මෙය ප්‍රමෝෂන් බලා ගෙන දුන්නු තීන්දුවක්. ජනාධිපති සමාව දීමෙන් ඒ තීන්දුව සාධාරණ වෙනවා. විය යුත්තේ නව විනිසුරු මඩුල්ලක් යොදවා තීන්දුව නැවත සමාලෝචනය කිරීමයි.

:       0       0

BamunuarachchiTuesday, 27 October 2020 02:00 PM

ඔව් රජුන් තුන් කට්ටුවක් අහලා නිදොස් වෙන්න ගිය චුදිත්යෙක්ව විනිසුරුවෙකුට උසස්වීම් දෙන්නම් කියලා තීන්දුව වෙනස් කරනවානම්. ඒවාට උදවු කරපු නිලදාරීන් දේශපාලුවෙකුට ඒගැන ප්‍රසිද්දියේ කතා කොරන්න එපා ගෙදර ඇවිත් වළන් හෝදන්නම් කියනවානම් රටට අධිකරණය, නීතිය, විනය අවශ්‍ය නැහැ තමයි. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? කුහකකම කියන්නේ ඔන්න ඕකට. දුමින්ද සිල්වා නිදහස්වෙන එකේ වැරැද්ද බලන්නේ දුමින්දට මරණීය දණ්ඩනය දීපු එකේ වැරැද්ද බලන්නේ නැතුවද ? ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ.

:       0       0

athulaThursday, 29 October 2020 06:35 AM

අනේ බමුණු ඔයා පොහොට්ටු වහලෙක් නිසා ඕනෑම දෙයක් අනුමත කරනවා.

:       0       0

Cisco Sunday, 25 October 2020 02:48 PM

අනේ හොඳයි.

:       8       67

Nuwan Sunday, 25 October 2020 03:04 PM

ඔය එන්නේ කොවිඩ් අස්සේ තව මුට්ටියක්.

:       4       128

K Perera Sunday, 25 October 2020 03:12 PM

එතකොට මෙයා කරපු වැරැද්දම කරලා සිර ගතවී සිටින අනෙක් සිරකරුවනුත් මනුශ්‍යයෝ නේද.?

:       3       149

BamunuarachchiTuesday, 27 October 2020 06:58 AM

අනික් සිරකරුවන් කාගේවත් කීමට, කාගෙවත් උස්සවීම් දීමේ පොරොන්දුවට සිර ගත වෙච්ච අය නොවෙයි.

:       4       1

Pathum Sunday, 25 October 2020 03:15 PM

හොඳ අදහසක්.

:       59       25

Demuni Uduwara Sunday, 25 October 2020 03:15 PM

කරුණාකර පෙත්සමට කන්ජිපානි, වෙලේ සුදා, පොඩි ලැසී සහ තවත් අය ඇතුළත් කරන්න.

:       3       142

Prasad Sunday, 25 October 2020 03:23 PM

සුද්දා මේ රට නැවත යටත් කරගන්තානම් හොඳයි.

:       6       149

තුසිත Sunday, 25 October 2020 03:24 PM

වැඩ කරන අපේ විරුවා... පකිස්තාන් බාස්මතී වලට වට මැනලා අර ගත්ත පොල් ගෙඩියක කිරි මිරිකලා අරන් කිරිබත් කන්න ලෑස්ති වෙලා ඉන්න.

:       7       159

Lankaputha Sunday, 25 October 2020 03:24 PM

2/3 දුන්න ජනතාව මොකද කියන්නේ.

:       7       113

parakkramaMonday, 26 October 2020 04:49 PM

ඔය වැනි ඕනෑම ජනතා හිතෛෂි ජාතික මෙහෙවරක් කිරීමට තමයි විශාල බලයක් එක්ක පත් කරනු ලැබුවේ.

:       0       0

Sira Sunday, 25 October 2020 03:28 PM

මේක කලොත් 2025 ගෝඨාභය මහතා ගෙදර... 2025 දුමින්ද සිල්වා පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක් වෙලා ඉදී... එතකොට ඔය පෙත්සම් ගහපු කවුරුවත් හොයාගන්නවත් වෙන්නේ නෑ.

:       3       98

chinthakaSunday, 25 October 2020 05:59 PM

2025 වෙනකම් ඉන්නේ නැහැ. රට පාවාදෙන එම් සි සි, අක්සා වැනි ගිවිසුම් අත්සන් කලාට පස්සේ තමයි මිනිස්සු වැඩ පටන්ගන්නේ.

:       8       84

anaMonday, 26 October 2020 12:37 AM

බලන් ඉන්න පටන් ගනියි මිනිස්සු...

:       0       0

Raveendra Sunday, 25 October 2020 03:44 PM

අත් හෝදගෙන, මාර්ක්ස් දාල මීටරේ දුරින් එපිට ඉඳගෙන 20 ක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නේ ඕකටයි. එකම රටක් එකම නීතියක් ........ වියතුන්ට හොඳට නින්ද යයි.

:       3       109

C.K. Lankaputhra Sunday, 25 October 2020 03:44 PM

ඔය නිකං මරිසි. කොහෝමත් මෙයා නිදහස් කරනවා.

:       1       89

ම්වුබිමේ අනාතයා Sunday, 25 October 2020 04:00 PM

අපේ ඇදුම් අපිම ගලවාගන්නම් , ඒක ලැජ්ජාවක් නැත !

:       2       115

Nishantha Sunday, 25 October 2020 04:05 PM

සංවේදී වෙයිද මන්දා.

:       3       85

බණ්ඩාර Sunday, 25 October 2020 04:07 PM

නියමයි. ජයවේවා !!

:       36       26

Prabha Sunday, 25 October 2020 04:20 PM

කලින් කරපුවා කරන්න නෙවෙයිනේ මේ ජනාධිපතිතුමා පත් කරගත්තේ

:       2       77

Nandalal DE SILVA - France Sunday, 25 October 2020 05:08 PM

මෙහෙම බලාගෙන යනකොට අපේ ලංකාවේ අධිකරණය හෝ විනිසුරුවරුන් ඕනනැති බව පේනවා.

:       2       99

නුවන් Monday, 26 October 2020 01:17 AM

රංජන් - හිරුණිකා සංවාදයට අනුව මෙම නඩුව සාධාරණව සිදුවුණාදැයි සැකයක් පවතියි. මුල්ම වෙඩි පහරත් දුමින්දට. මරණ දඬුවමත් දුමින්දට... 'ඔන්න මගේ වැඩේ කළා, 5ට 3ක් වශයෙන්. මට උසස් වීමක් දෙන්න'

:       0       0

Achira Sunday, 25 October 2020 05:08 PM

ඉතා හොඳ තීරණයක්.

:       72       18

Ruhunu Sunday, 25 October 2020 05:23 PM

බිය නොවන්න රටේ නීතිය බල්ලට ගිය කාලය දැන් අවසන් වෙමින් පවතී.

:       9       49

Siri Perera Sunday, 25 October 2020 05:29 PM

හිටපු ජනාධිපති හොඳ නැති නිසානේ නව ජනාධිපතිතුමා පත්කරගත්තේ. ඉතින් පරණ කෙනා කරපු වැරදි මෙතුමා කරන්න ඕන නැහැනේ.

:       3       66

යාපා Sunday, 25 October 2020 05:36 PM

අනිවාර්යයෙන්ම මෙය විය යුතුමය. එදා අධිකරන තීන්දු වෙනස් කරපු ආකාරය හඩපටවලින් මනාව ඔප්පු වුනා. දේශපාලන පලිගැනීමක් විදියට මිනිස්සු හිරේ දැමීම අනුමත කරන්න බෑ

:       135       25

chandana Sunday, 25 October 2020 05:37 PM

අර මන්ත්‍රිනියයි, නළු මන්ත්‍රීයි කොයි තරම් මහන්සි වෙලාද හිරේ දාන්න ඇත්තේ. අරයා කියන්න ඇති කොහොමහරි එල්ලුම්ගස්ම යවන්න කියලා. මෙයා කියන්න ඇති හඩපට තියෙනවා මම වැඩේ කරලා දෙන්නම් කියලා. ඒ ගොල්ලො ගහලා තියෙන ගේම්වල හැටියට මෙහෙම නොකරයි කියලා හිතන්න බැහැ.

:       87       20

Raveendra Sunday, 25 October 2020 05:45 PM

සුදුපිරුවට ඇගේ ඔතාගත්තත්.... අනුන්ගේ රුධිරය පේනවා සුදු රෙදි අස්සෙන් හොදට.... කොච්චර පිං දහම් කෙරුවත් හතර පෝයට හැමතැනම..... පව්කාරයන් නොවුනේ කව්රුන්ද දියවන්නාවේ ඉන්න......

:       4       60

Raveendra Sunday, 25 October 2020 06:02 PM

කොළ රතු නිල් දකිනාවිට නොපෙනෙ යැයි කියනා දෑසට... බඩු කිරනා තරාදිත් බර වෙන්නේ කැමතිම පාටටනේ.....

:       2       32

ගංකාරයා Sunday, 25 October 2020 06:07 PM

යහපාලන ආන්ඩුව ඇවිල්ලා ටික දවසකින් ඡන්දෙ දීපු එකෙක් බේතකට හොයාගන්න බැරි වූනා මේ අයටත් වැඩිදවසක් යන්න කලින් ඒ ටිකමයි වෙන්නෙ. ඡන්දෙ දීපු එකෙක් හොයාගන්න බැරිවෙනවා.

:       3       74

Raveendra Sunday, 25 October 2020 06:09 PM

ඒ අය බලයේ ඉන්නවිටදී මේ අය ඇතුලට යවන්නේ.... මේ අය බලයේ සිටින විටදී එයාලා ඇතුලට යවන්නේ....... උන් මුන් දෙගොල්ලොම මරාගමින් ජීවිකාව ගෙවන්නේ......

:       3       34

sarath silva Sunday, 25 October 2020 06:34 PM

69 ලක්ෂයේ උත්තරීතර බලාපොරොත්තුව.

:       10       79

KooralageMonday, 26 October 2020 06:17 AM

රවීන්ද්‍ර මයා ... ඔය පහුගිය දවස්වල ආවැඩුවා නේද? 20 ගේන කොට සජිත්ට බැණ බැණ... දැන් ඉතින් ඒවායේ ප්‍රතිඵල තමයි. මෙ එන්නේ... කුම්බලා මාලු කෑවානම් දනවෝ දනවෝ තමයි කියන්න වෙන්නේ..

:       3       20

RaveendraMonday, 26 October 2020 07:53 AM

Kooralage මයා වෙත..ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු.. පළමුව 20 සදහන්කරමින් "රවීන්ද්‍ර නමැති පුද්ගලයා" විසින් සදහන් කර ඇති අදහස්වලටද ගරු කරන්නෙමු. ( එම අදහස් මගේ නමින් වෙනත් කෙනෙකු සදහන් කරත් ඔහු සදහන් කර ඇත්තේ සත්‍ය බැවිනි ). දෙවනුව අප උපන් ලංකා මාතාවට කිසිදු ණයක් නොමැති මිනිසුන් කොට්ඨාශයක් බැවින් "අප කිසිවෙකුට ආවඩා නොමැත එසේ කිරීමටද කිසිදු අදහසක් නොමැති බවත් සදහන් කරන්නෙමු.. මොනම "දේශපාලුවෙකුට" හෝ ආවඩන්නේ තමන් උපන් රටට ණය තිබෙන ණයකාරයන් බව නොරහසකි.. එලෙසම අප හොද දෙය නිහතමානිව අගය කරන්නෙමු.. කවුරු කරත් හොද නම් හොදයි කීමට අපට ආත්ම ශක්තියක් ඇත.. එලෙසම කිසියම් හෝ පුරවැසියකු වැරදි දෙයක් කරේ නම් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට අප කිසිවිට බිය නොවන්නෙමු.

:       0       0

Gura Sunday, 25 October 2020 06:36 PM

මොහුව ඇතුලට දැම්මේ බොරුවට.

:       94       21

Nandalal DE SILVA - FranceSunday, 25 October 2020 10:42 PM

ඔය නඩුව ඇහුවේ ශ්‍රී ලංකා අධිකරණයේ පිළිගත්, වැදගත් විනිසුරුවරුන් මගින් බව මුලු රටම දැනගත්තත්... ඔබ එය නොදන්නවා වගේ...!!!

:       0       0

Dasa OMonday, 26 October 2020 01:10 AM

එතකොට කවුද අරයාට වෙඩි තිබ්බේ?

:       0       0

ajith Sunday, 25 October 2020 08:29 PM

අවුරුදු ගාණක් ජනතා මුදල් වලින් නඩු අහලා.., හිරේ ගියාම ජනාධිපතිට පුළුවන් නිදහස් කරන්න.. මේක රටේ නීතිය හෑල්ලු කිරීමක්. මෙන්න මේවා තමයි ව්‍යවස්ථාවකින් නැති කරන්න ඕනෑ..

:       0       0

Sena Sunday, 25 October 2020 09:39 PM

බලන්න හෙට, අනිද්දාට මෙයාවත් ආයුධ පෙන්නන්න එළියට එක්කන් යාවි. මේකේ බනින අය දන්නේ නෑ සර්ගෙ හැටි...

:       0       0

විමල් විජේසුන්දර Sunday, 25 October 2020 09:52 PM

අපේ රට ගැන සිතන විට මහත් ලැජ්ජාවක්, කණගාටුවක්, දුකක්, සංවේගයක්... හැමදාම මිනිස්සු ගොනාට අන්දවලා දේශපාලකයින් අපායට යන පාරවල් ඇරගත්තා. මේ අවසාන වතාවට රැවටුනේ. ඇමරිකාවෙන් ඇවිත් ගිවිසුම අත්සන් කරලා වැඩපටන් ගත්තාම කාට කියන්නද? අනේ අපේ රටට ගිය කලක්...

:       0       0

pj Sunday, 25 October 2020 11:12 PM

යාපාලා, සාමාන්‍යයෙන් හොඳ පවුල්වල අය කියලයි අපි හිතන්නේ. හඬ පටියෙන් එහෙම දෙයක් ඔප්පු වෙනවා !. ඇයි කණේ අමාරුවක් තියෙනවා නම් බෙහෙතක් අරගන්න. ඒකෙන් ඇහුනේ විශ්‍රාම යාමට පෙර තමන්ට හිමි වැටුප හදාගන්න දරන උත්සාහයක්. ඒ හඬපටිය නිපදවන්න හේතුව නම් මේ මිනීමරුවාව කවදා හරි එළියට ගන්න දරණ උත්සාහයක් කියලා පැහැදිළිවම පෙනෙන්නට තිබුණ‍ා. මිනිසුන්ගේ පුද්ගලික කතා බස් වලට හොරෙන් සවන් දෙන්න පුළුවන් තමන්ගේ තාත්ත කවුද කියල? අම්මාවත් දන්නෙ නැති අයට පමණයි. එදා සරත් ෆොන්සේකාව බරපතළ වැඩ ඇතිව හිර කළේ අහිංසක කොටි ද්‍රවිඩ ජාතිකයන් මැරීමට සැලසුම් කර රට බේරාගත් නිසා වෙන්න ඇති...

:       0       0

Bamunuarachchi Monday, 26 October 2020 01:28 AM

අපි පැහැදිලිව හඬ පටවලින් ඇසුවා කාලකන්නි දේශපාලුවෙකු ප්‍රේමචන්ද්‍ර ඝාතක නඩුවේ තීන්දුවට බලපෑම් කළ හැටි. එමනිසා එසේ බලපෑම් කළාද කියා අධිකරණයෙන් සොයාබලා බලපෑමක් සිදුවී ඇත්නම් දුමින්ද නිදහස් කළ යුතුයි. සජී බයියන් කෑගහන ඒවාවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලගේ ඉල්ලීම්වත් අපිට වැඩක් නැහැ. ඒ බව සාධාරණව ඔප්පු වුණොත් බලපෑම් කළ දේශපාලුවා සහ බලපෑමට යටත් වුණු විනිසුරුටත් සුදුසු දඬුවම් දෙන්න.. නැතිනම් ඉබේම ලැබෙයි.

:       0       0

Lankaputha Monday, 26 October 2020 01:42 AM

2/3 නැතුව බෑ.. 20 නැතිව බෑ දැන්... දුමින්ද නැතිව බෑ... රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව...

:       0       0

B Anthony Monday, 26 October 2020 01:43 AM

කුමටද? මේ අධිකරණය, නීතිය, හා විනිසුරන්. ඒ කාරියත් බාර දෙනවා. පාර්ලිමේන්තු සෙට් එකට. අරුන් ආවාම මේ අයව නිදහස් කරනවා. මේ අය ආවාම අරුන්ව නිදහස් කරනවා. හිරගෙවල් හෝටල්, නිවාඩු නිකේතන, ස්පා බවට පත් කරනවා. මිනීමැරුම්, කුඩු , අපරාධ නීතිවිරෝධි නෑ කියලා සම්මත කරගන්නවා. ඒ අමාත්‍යාංශ ආයතනවලට යන වියදම ඉතුරුයි. තවදුරටත් අපරාධකාරයින් කියලා ජාතියක් නෑ. කොච්චර සුන්දර රටක් වෙයිද?..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 October 2020 03:03 AM

ජේ ආර් ගෙනා විධායක බලය සහිත ව්‍යවස්ථාව ලංකාවේ දේශපාලන, සමාජයීය, ආර්ථික හා බොහෝ පැති උඩු යටිකුරු කොට දැමීය. ඔහුගේ අදහස අනුව විධායක ජනපති වරයාට කළ නොහැකි වූයේ ගැහැණියෙකු පිරිමියෙකු කිරීම පමණකි. එවක පටන් මේ අසීමිත බලය අඩු කිරීමට විවිධ පක්ෂ හා දේශපාලකයන්ද, ජනපති වරුන්ද කතිකා කළත්, ඒවා හරිහැටි ක්‍රියාවේ යෙදවූ බවක් පෙනුණේ නැත. කරුණු කෙසේ වෙතත්, මෛත්‍රී ජනපතිගේ රජයේදී යම් ප්‍රමාණයක් හෝ විධායක බලය අඩුකිරීම සිදුවිය. ඒත්, ඔවුන්ගේ දුර්වලකම් හා අඩුපාඩු පිරීමසා රට යහමගට ගෙනෙනවා යයි පොරොන්දු දුන් වත්මන් ජනපති හා රජය විධායක බලය තව වැඩිකර ගැනීමට කටයුතු කළේය. විධායක යොදා හිටපු ඇතැම් ජනපතිවරු රටේ නීතියට අනුව අධිකරණ මඟින් දඬුවම් ලැබූ සිරකරුවන් හට සමාව දී ඔවුන් නිදහස් කළෝය. කරුණු මෙසේනම්, ජනතාව අදිකාරම් හා නීතිය ක්‍රියාකරවීමට විධායක ජනපති වෙත බාරදිය යුතුය. වර්තමානයේ ආරම්භ වීමට සැරසෙන්නේ ද, එවන් දෙයක් නොවේද?

:       0       21

RaveendraMonday, 26 October 2020 06:44 AM

1977 සිට මේ මොහොත දක්වා ලාංකීය දේශපාලනයේ අසීලාචාර ගමන්මග පිලිබදව ඔබගේ නිරික්ෂනයන් ඉතාමත්ම නිවැරදිය. අප බහුතරයක් රටේ කුමක් හෝ ගැටළුවක් දෙස බලන්නේ අප විසින් වන්දනාමාන කරන නිවට පක්ෂ වලට මුවාවී බව නොරහසකි.. එය ඉතාම අවාසනාවන්තකමකි..

:       0       0

Kamal KoyralaMonday, 26 October 2020 06:46 AM

හැමෝම ජෙ ආර්ගේ ව්‍යවස්ථාවට එයාම මෙතෙක් ක්‍රියාත්මක කරනවා. නීති පිළිබද අතිවිශාරදයෝ සේරම අත්උස්සලා සම්මත කරපු දේවල් .. ජෙ ආර් කව්වට ගැහැණියෙක් පිරිමියෙක් කරන කතාව, පැහැදිලිවම කීවා වදුරෙකුට දැලිපිහියක් අහුවුණොත් මොකද වෙන්නේ කියලා , 78 ව්‍යවස්ථාව 2/3 නොවෙ 5/6 බලයකින් ගෙනාවෙ, ඒත් එදා එය නොකළා නම් විපක්ෂයේ උන්නු අමෘතලිංගම්ලා දැන් ආණ්ඩු පිහිටුවලා...

:       0       1

Gnhainghe Monday, 26 October 2020 05:12 AM

එතකොට මෙයා කරපු වැරැද්දම කරලා සිර ගතවී සිටින අනෙක් සිරකරුවන්ටත් නිදහස ලැබෙනවද

:       0       0

Kamal Koyrala Monday, 26 October 2020 05:40 AM

ඔව් නිකරුනේ දාලා ඉන්න අයනේ.

:       0       0

kamal Monday, 26 October 2020 06:03 AM

කුඩු හිගයක් ඇතිවෙලාද?

:       0       28

kumawarnakula Monday, 26 October 2020 06:39 AM

ඔය මන්ත්‍රීවරු සියල්ල නිදහස් කලයුතුයි.

:       0       0

Wakw Monday, 26 October 2020 06:45 AM

ඔය සියලු මන්ත්‍රීවරු හිරේ ගියේ රටවෙනුවෙන්, වහා නිදහස් කරනු.

:       0       0

Rata Perata Monday, 26 October 2020 07:08 AM

කුඩුකාරයෝ, හොරු, මිනීමරුවෝ ආරක්ෂා කරන්නේකවුද කියලා අපේ මොලේ චුට්ටක් හරි තියෙනවා නම් හිතාගන්න පුළුවන්. ලංසා අත්අඩංගුවට ගන්න හදපු වෙලාවෙ චොකා මල්ලිව පණවගේ බලාගත්තේ කවුද? දුමින්දගේ ප්‍රචාරක වැඩවලට ගියා. වෙඩි වැදුණු වෙලාවෙ තමුන්ට වැදුණා වගේ දගලපු හිටපු ලේකම්වරයා කවුද? මෙ පවුල තමයි අපේ රටෙ කරුමය...

:       0       2

BamunuarachchiTuesday, 27 October 2020 09:18 AM

නිකන් යනවා හලෝ යන්න.... හලෝ රන්ජන් හැම තිස්සෙම හඬ පට එලියට දානවා කියන්නේ ඒවා ව්‍යාජ ඒවා නොවන නිසයි. එහෙම නම් දුමින්දට මරණීය දණ්ඩනය දීමට තීන්දුව නවපු හඬ පටිය ඇසුවා නම් දකින, නිදොස් වෙන්න ගිය චුදිතයෙක් වරදකරුවෙක් කිරීම සහගහන අපරාදයක් නේද? පක්ෂ ජාති වර්ග බේදයකින් තොරව මේ ගැන බලන්න. පක්ෂ පැත්තෙන් සිතන්න එපා.... හෙට මොහු වෙන පක්ෂයකට යා හැකියි.

:       10       0

BamunuarachchiTuesday, 27 October 2020 09:21 AM

හලෝ ඔහේ මිනිසුන්ට කුඩු කාරයෝ කියන්නේ ඔහේ ඒ මිනිසුන්ගෙන් කුඩු අරන් ගහල තිබෙන නිසාද? නැතිනම් ඒ අය එක්ක කුඩු ගහපු නිසාද? කොහෙන්වත් අහුලා ගෙන සාධක නැතුව ගොන් කතා කියන්න එපා.

:       5       0

fairoos Monday, 26 October 2020 07:49 AM

බලනකොට හිටපු කෙනාට වඩා හපන්නේ.

:       0       0

බද්රානි Monday, 26 October 2020 09:09 AM

නීතිය බල්ලන්ටම ගිය රටේ එක එක්කෙනාට ඕන විදිහට නැතිව මනුෂ්‍යයින්ට ඕන විදිහට නීතිය ක්‍රියාත්මක වෙනවද, මම අහන්නේ ?

:       0       0

wimal wijekoon Monday, 26 October 2020 10:00 AM

බලයට පත්වන සෑම කෙනෙකුම තමන් ගැන පමණක් සිතීම කනගාටුවට කරුණකි.

:       0       0

siri Monday, 26 October 2020 10:14 AM

මේ ප්‍රවෘත්තියට ලැබී ඇති ප්‍රතිචාර ගණනින්ම පෙනෙනවා එහි ඇති ජනප්‍රියත්වය. " බදුර්දීන්ගේ කට්ටිය ගාව ගත්තොත් මේ ආණ්ඩුවට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ. පරම සිංහල බෞද්ධ සුජාත භාවය සහිත ආන්ඩුවක් හැදුවේ අපි. ඉතින් අපි පොලු ගහල කඩාගත්ත ගෙඩි වෙන කාටවත් අහුලන්න දෙන්නේ නැහැ " කියල පාරම්බාපු උදවිය දැන් කියනවා " ඡන්දෙ දුන්න විතරනේ. ඉල්ලීම් මොකුත් ඉදිරිපත් කරලා නැහැනේ. එනිසා අපි ඉස්සරහට වෙනදේ ගැන ඇස් ගහගෙන ඉන්නවා " කියල.

:       0       0

Sirithunge Tuesday, 27 October 2020 04:14 AM

කවුද ඔය ඉල්ලිම් ලිපිය හැදුවේ....

:       0       2

BamunuarachchiTuesday, 27 October 2020 09:15 AM

69 ජනතාව. මොකද ප්‍රශ්නයක්ද? හලෝ රන්ජන් හැම තිස්සෙම හඬ පට එලියට දානවා කියන්නේ ඒවා ව්‍යාජ ඒවා නොවන නිසයි. එහෙම නම් දුමින්දට මරණීය දණ්ඩනය දීමට තීන්දුව නවපු හඬ පටිය අසුවානම් දකින, නිදොස් වෙන්න ගිය චුදිතයෙක් වරදකරුවෙක් කිරීම සහගහන අපරාදයක් නේද ? පක්ෂ ජාති වර්ග බේදයකින් තොරව මේ ගැන බලන්න. පක්ෂ පැත්තෙන් සිතන්න එපා...

:       11       0

NuwanTuesday, 27 October 2020 12:18 PM

ඔහු කරපු දේ ඇස්දෙකෙන් දැකපු සාක්ෂි තියෙන නිසානේ තීන්දුව ලැබුනේ.

:       0       0

RD Tuesday, 27 October 2020 05:14 AM

ඉතා හොද වැඩක් ... සියලුම මිනීමරුවන් නිදහස් කර අපේ ඡන්ද බලේ පෙන්වමු.

:       0       2

Bamunuarachchi Tuesday, 27 October 2020 07:00 AM

අපේ සහෝදරයා එලියට එනබව දැනගෙන දැන් සමහරු ආරක්ෂාව පතා බලෙන් හරි ඇතුලට යන්න සුදානම් වෙලා ඉන්නේ..

:       4       0

Bamunuarachchi Tuesday, 27 October 2020 09:17 AM

ඔව් යාලුවා..... මෙයා එලියට ආවොත් උඹට දුවන්න පාරක් නැතිවේවි.

:       12       0

siri Tuesday, 27 October 2020 09:33 AM

මේ ප්‍රවෘත්තියට ලැබී ඇති ප්‍රතිචාර ගණනින්ම වලින්ම පෙනෙනවා මෙහි ඇති ජනප්‍රියත්වය. පාර්ලිමේන්තුව තුල රෝම ඉතිහාසය නැවත ලියද්දී ඒ මෝඩ කතාවේ වැරැද්ද තේරුම්ගත් එකදු පුද්ගලයෙක් හෝ එතන සිටියේ නැත. ඉතින් එහෙව් එකේ මේ යන්නේ ඒකාධිපති ගමනක් කියා තේරුම් නොගෙන සංශෝධනය සුදුද කළුද දන්නේ නැතුව ඒකට තුනෙන් දෙකකටත් වඩා අත් ඉස්සීම පුදුමයක්ද? අපිම අපේ රට බන්දේසියක තියා බාරදී ඇති කණ්ඩායමේ සැබෑ අරමුණු මොනවාද කියා එකෙන් එක පැහැදිලි වෙන්න වෙන්න තවත් ඉතින් අපට ගැලවීමක් නැතිබව තේරුම් යනවා නේද ? තිත්ත උනත් ඇත්ත ඒකයි.

:       0       0

sharm warn Tuesday, 27 October 2020 09:39 AM

අහ් මම මේ බැලුවේ මන්ද පමා කියලා ?

:       0       0

ranjith Wednesday, 28 October 2020 11:07 PM

ජනතාව ගොනාට ඇඳීමේ ජවනිකාව පටන්ගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 65 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1381 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 393 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 843 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 126 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 85 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site