IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දුමින්ද-වීරකුමාර -කරල්ලියද්ද -ඒකනායක පොහොට්ටුවට එක්වෙති

(මනුල වික්‍රම)
 
ශ්‍රී  ලංකා  නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ප්‍රබලයින් රැසක් අද (09) අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණු  මංගල ජන හමුවේදී  පොදුජන පෙරමුණ හා එක් වූහ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහත්වරුන් මෙන්ම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්වූ සහායට එක්වූ හිටපු අමාත්‍ය ඩබ්ලිව්.බී.ඒකනායක මහතා ද එහිදී  දී වේදිකාවට පැමිණ සිටියහ.
 
හිටපු මන්ත්‍රීවරුන් වන ඒ.එල්.එම්. අතාවුල්ලා හා ඩග්ලස් දේවනන්ද මහත්වරුද  එම ජනහමුවට එක්ව සිටියහ.



අදහස් (35)

දුමින්ද-වීරකුමාර -කරල්ලියද්ද -ඒකනායක පොහොට්ටුවට එක්වෙති

sirimal Wednesday, 09 October 2019 12:36 PM

"පොදුජන පෙරමුණ වේදිකාවට ගොඩවීමට කැමතිනම් එක්කෙනෙකුට රුපියල් කෝටි දහයක සංතෝසමක් ලබාදීමට සූදානම්" කියලා කතාවක් ප්‍රචාරය වෙන්නේ බොරුවට වෙන්න ඇති. "බහුතරය හදාගන්න ලක්ෂ 500 ගානේ දුන්නා.. එ්ත් සමහරු ඉල්ලපු ගණන සැර වැඩි වුණු නිසා තමයි 113 හදා ගන්න බැරිවුනේ" කියලා එකසැරයක් ජනාධිපතිතුමාම කිව්වා නේද?

:       104       284

Jaya Wednesday, 09 October 2019 12:47 PM

අනේ මන්දා මේ දුමින්ද දිසානායකලා කොහොමද මේවට යන්නේ කියලා...?

:       157       319

NissankaWednesday, 09 October 2019 03:13 PM

එස්.එම්. ගේ, සේමසිංහගේ මුහුණු නිකන් කරත්ත රෝදෙට අහු වුණු සුනඛ වසුරු වගේ...

:       108       197

Raveendra Wednesday, 09 October 2019 12:50 PM

හැමදාම වුණේ මෙයම නොවේද? හැලිවඳුරන් 225ම මේ කැලෑවේ සිට ඒ කැලෑවට පනිනවා.. ඒ කැලෑවේ සිට මේ කැලෑවට පනිනවා. ටකරන් අනුභව කරන උගත්, බුද්ධිමත් චන්ද දායකයන් උඩබලාගෙන හුරේ... කියමින් තමන්ගේ හැලිවඳුරා පනින දෙස ප්‍රීති ප්‍රමොධයෙන් අත්පොළසන් දෙනවා.. අවසානයේ හැමදාමත් මෙන්ම සියලුම හැලිවඳුරන් 225 ම තම පවුල් පන්සල් සමගින් ඉහලට වී සැපවත් ජීවිත ගත කරනවා. කමෝන්... ඡන්ද දායකයනි..,

:       260       246

ශ්‍රීWednesday, 09 October 2019 03:14 PM

ඕනෑම ඉදිරිපත් කරන අදහසකට යථාර්ථයක් තිබිය යුතුයි. එවිටයි එම අදහස ශක්තිමත් වෙන්නේ... 225ම එහාට මෙහාට පනිනවා කියන්නේ ඇත්ත නොවෙයි..

:       50       67

disanayaka Wednesday, 09 October 2019 01:23 PM

දැන් එහෙනම් ඡන්දෙන් දින්නට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන්න සබීතා පෙරේරගේ බිල්ඩිම ගත්ත එකට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මෙයා පහුගිය කාලේ මේ පක්ෂයට මොනවද නොකිව්වේ..? බූ වල්ලෙන් ගහලා එලෙව්වත් මදි ..

:       108       110

RaveendraWednesday, 09 October 2019 03:48 PM

මේවගේ අපතයන්ට දිය යුත්තේ පල්දෝරු වලවල්වල ගිල්වා තැබීමය. රටටත් වැඩක් නැති හැත්ත...

:       109       73

Sapumal. Wednesday, 09 October 2019 01:43 PM

මෙන්න මේ වගේ වෙලාවට තමයි අපට " අයියෝ සිරිසේන ! " යන කියමන සිහිපත් වෙන්නේ. අපට එහෙම වුණත්, මේ වෙලාවේදී සිරිසේන මහතාට සිහිපත් වෙන්නේ ගිය අයගේ මෑණිවරුන්ව වෙන්න ඇති...

:       126       148

isuru Wednesday, 09 October 2019 01:45 PM

තාත්තා, මලෝ එක්වෙයි.

:       53       31

ලියනගේ Wednesday, 09 October 2019 01:45 PM

දුමින්ද, වීරකුමාර, කරල්ලියද්ද, ඒකනායක පොහොට්ටුවට එක්වෙති. අවස්ථාවාදී දේශපාලනයේ තවත් උදාහරණයක්, ඔවුගේ වාසියට ඕනෑම කෙනෙකු සමග එක්වීමේ මෙවැනි දූෂිත දේශපාලකයින්ගේ සහ දේශපාලන ක්‍රමය නිසා ලංකාවට සහ ජනතාවට කිසිදිනෙක ජයග්‍රහණය නොලැබෙනු ඇත.

:       156       173

Wasantha Wednesday, 09 October 2019 01:50 PM

සජිත් ඉවරයි. නිදහස් පක්ෂ ඡන්ද ටික එකතු වුණාම ගෝඨාට කෙලින්ම ලක්ෂ 68ක් ශුවර්...

:       1153       1046

ශ්‍රීWednesday, 09 October 2019 03:16 PM

නිදහස් පක්ෂයට අද තියෙන්නේ ඡන්ද 75000?

:       102       74

ChathuriWednesday, 09 October 2019 03:36 PM

සජිත් ඉවර වෙන්නේ කොහොමද? හැලිවඳුරන් පස් දෙනයි උන්ගේ කරේ බොත්තමයි. බලන්න බැහැ හිරිකිතයි මේ කට්ටියට සජිත්ගේ, අනුරගේ, කතාව ඇහෙන්න සලස්වන්න බලන්න තරුණයින් කතා කරන ලස්සන... ජනතාවට සුරසැප දෙනවා කියන්නේ නැහැ සුරසැප මන්දිර ජනතා සතු කරනවා කියන්නේ... මේවා අහන කොට 70 පැනපු මහල්ලන්ට කේන්ති යනවා. වෙඩි නොවදින වාහනවල යන්න හරිම ආසයි. කම්බ හොරුන්ට, දැන් මහින්දට කියන්න මේ සින්දුව... සුළගක් වී අපි එනවා... අප්පච්චි කොහොමද? අපි අල්ලන්නේ.... සජිත්, අනුරකුමාරට ජයසිකුරුයි...

:       228       179

ChandiWednesday, 09 October 2019 04:36 PM

අනේ බන් චතුරි,... හීන බලබල හිටපන්..

:       68       103

athuraThursday, 10 October 2019 05:55 AM

චණ්ඩි කියන නමත් ගැලපෙනවා.. ගෝඨාට කඩේ යන අයට. මොකද ගෝඨා පස්සේ යන ඔක්කොම හන්දිවල ඉන්නේ චණ්ඩි, මදාවි, මැරයන් තමයි...

:       55       62

Kumar Wednesday, 09 October 2019 01:51 PM

ලැජ්ජාවක් නැති හැටි

:       58       131

lanka Wednesday, 09 October 2019 01:53 PM

මෙම මිනිස්සු ඇඳුම් ඇඳගෙනද එන්නේ..?

:       34       127

Ruhunu Wednesday, 09 October 2019 02:05 PM

ගෙම්බොද මම දන්නෑ...

:       0       19

ජයන්ත මිලානෝ Wednesday, 09 October 2019 02:20 PM

හොරු සමග හෙළුවෙන්...

:       12       91

Don Wednesday, 09 October 2019 02:20 PM

මොවුන්ට ලැජ්ජාවක්ද නැත. මේ අයට ඡන්දෙ දෙන අයට ලැජ්ජාවක්ද නැත. කෝ මේ අයගේ ප්‍රතිපත්ති? 2015දී නරකයි. අද උන් හොඳයි. උන්ගේ සැප තකා ජනතාව ඇන්දවීම...

:       143       311

අතුල Wednesday, 09 October 2019 03:43 PM

"කන්න බැරි වුණාම මිදි තිත්තයි කිව්වලු" වදින අයට වදින්න දැම්මේ...

:       1       30

Thilina Wednesday, 09 October 2019 04:28 PM

මේ එකතු වුණු කට්ටියම 2015 යහපාලනයට එකතු වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු වුණා කියපු කට්ටියම නේද දෙයියනේ මේ පතුරු අරින්නේ? සජිත්ට එකතු වුණානම් මේ අය කොච්චර හොඳ අයද?

:       1       78

සත්‍යපාල Wednesday, 09 October 2019 04:32 PM

කිසිම ප්‍රතිපත්තියක් නැති තමුන්ගේ පැවැත්ම ගැන විතරක් හිතන දූෂිත දේශපාලකයන් ගැන මොනවා කියන්නද? මේ අය හරියට හැසිරෙන්නේ රිලවුන් වගේ...

:       0       30

dilal Wednesday, 09 October 2019 04:54 PM

මේ කට්ටියෙන් දුමින්ද හැර අනිත් ඔක්කොම පොහොට්ටුකාරයන්...

:       0       7

juliyan Wednesday, 09 October 2019 05:15 PM

බෙල්ල මිරිකාවී බලාගෙනයි...

:       1       2

athula Wednesday, 09 October 2019 05:28 PM

මෙතරම් මජර පාලන තක්කඩි ඉන්න රටක් තව ලෝකයේ කොහේ තිබේද? අප්‍රසන්නයි රටේ බත්කන හරක් මේ අයට හුරේ දානවා දැක්කම ඊට වඩා හිරිකිතයි...

:       0       22

Chanak los angeles Wednesday, 09 October 2019 08:15 PM

මොනවත් කියන්න ඕනේ නැහැ. මේ තක්කඩියන් සාකච්ඡා 10 කට වැඩියෙන් කියමින් ජනතාවට කිව්වේ මොකක්ද දැන් කලේ මොකක්ද කියලා තේරුණා නම් ඒ ඇති.. මම හිතනවා එහෙම තේරුම් ගනීවි කියා..

:       0       1

Chanak los angeles Wednesday, 09 October 2019 09:13 PM

මොවුන්ගේ ඇඳුම් නැහැ නේද? මගේ ඇසේ දෝෂයක්ද මන්දා...

:       0       1

Chathuri Wednesday, 09 October 2019 09:15 PM

චන්දි, මහින්ද වේදිකාවට එනකොට මේ සින්දුව කියන්න, මම ගන්නෙමි කර කාර.. මම ඉන්නේ මි මහා රජා වගේ , මේ සින්දුව නියමෙට ගැලපෙනවා නට නට කියන්න ඔයාගේ අප්පච්චි...

:       0       2

lion Wednesday, 09 October 2019 10:58 PM

මේ එක්කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න එපා. මේ අය හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලා

:       0       1

jayantha Thursday, 10 October 2019 01:30 AM

ඡන්දය ඉල්ලන අය නෙවි වැරදි විදියට ඡන්දය දෙන මිනිස්සු. දැන් අවුරුදු කියක් පහෙන් පහට දීලා බැලුවද? මේ සැරෙත් දීලා ආයෙත් බනිමු. නැත්නම් හරි අලුත් මිනිසෙකුට දෙමු. කොහොමත් රට නැති වෙලා තියන නිසා වෙන්න දෙයක් නැහැ

:       0       1

sumudu Thursday, 10 October 2019 01:44 AM

හැමදා දිනන අය වේදිකාවේද හැමදා පරදින මිනිසුන් වේදිකාව ඉදිරි පිටද සිටී. බලන්න ඒ මිනිසුන් දිහා. මොනතරම් දුක් විඳපු පීඩාවට පත් වුන අයද? ඒ අය තමයි ලැජ්ජාවක් නැති මෝඩ මිනිසුන්.

:       0       1

lalithm Thursday, 10 October 2019 02:53 AM

අනේ ඉතින් අපි වෙන මොනවා කරන්නද? වෙන කොහේ යන්නද?වෙන කව්ද අපේ අත ගන්නේ?

:       0       1

wishwa Thursday, 10 October 2019 04:46 AM

මේ ප්‍රතිපත්තියක නැති පදඩයින්ට ඊළඟ මහා මැතිවරණයේ පොහොට්ටුවේ නම් ලැයිස්තුවට රිංගන්නට ඉඩ දුන්නොත් මහින්දට ගෝටට විතරක් නෙවෙයි, මුළු රටටම අබ සරණ තමයි වෙන්නේ. ඒ නිසා ගෝටා, මහින්ද හොඳින් අසාගන්න. ඉස්සර වැටුණු වලවල්වල රටේ ජනතාව වට්ටවන්න එපා.

:       1       6

athuraThursday, 10 October 2019 05:57 AM

වහලෙක් කියන්නේ වහලෙක්.. වහල් හිමිකරුවා වහල්ලු කියන දේ කරයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 12 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 70 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1168 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 498 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 637 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 386 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site