IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දුම්වැටි අලෙවිය අඩුවී රජයේ බදු ආදායම බසී

අජන්ත කුමාර අගලකඩ

දුම්වැටි අලෙවිය අඩුවීමෙන් බදු ආදායමද රුපියල් කෝටි 1800කින්  (රුපියල් බිලියන 18) පමණ අඩුවී ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (11) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

දුම්වැටි සඳහා දිගින් දිගටම නීති පැනවීම හමුවේ දුම්වැටි අලෙවිය විශාල වශයෙන් අඩුවී ඇති බවත් එය බදු ආදායමටද දැඩිව බලපා ඇති බවත් සමරවීර මහතා එහිදී පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.

සිගරට් තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

මංගල සමරවීර ඇමැතිවරයා යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අදහස් දක්වා ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබාගන්නා තෙක් කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ද දැන ගන්නට තිබේ.



අදහස් (18)

දුම්වැටි අලෙවිය අඩුවී රජයේ බදු ආදායම බසී

de silva Tuesday, 11 September 2018 04:43 PM

සිගරට් තනි තනියෙන් විකුනන්න තහනම් කලොත් මිනිස්සු පැකට් පිටින් මිලට ගනීවි. එහෙම කරහම නිතරම පැකට් එක සාකුවේ තිබෙන නිසා වැඩිපුර බෝවී,

:       159       57

BamunuarachchiTuesday, 11 September 2018 05:55 PM

දෙකක් ගත්තොත් එකක් නිකන් දෙනවා කීවොත් බිස්නස් වැඩිවේවි නේද?

:       29       53

DDWednesday, 12 September 2018 02:54 AM

අති මෝඩ තර්කයක්... කොහොම වුනත් ඔය මොළය හොඳට පරෙස්සම් කරල තියාගන්න.

:       0       0

OMGWednesday, 12 September 2018 05:21 AM

මහත්තයෝ ගොඩක් අයට සිගරට් පැකට් ගණන් ගන්න තරම් වත්කම් නැහැ. අනික පාසල් ළමුන් හා යෞවනයන් සිගරට් බොන එක අවම වෙනවා. පැකට් විකිණීම මම දකින්නේ හොද දෙයක් හැටියට. රුපියල් 50ක් හොයා ගන්න පුළුවන් නමුත් රුපියල් 1000ක් හොයා ගන්න අමාරු වෙනවා.

:       0       3

BamunuarachchiWednesday, 12 September 2018 09:44 AM

එමනිසා සිගරට් එක එක විකුණන්න කියන්න. අපිත් ඉස්කෝලේ යනකාලේ සිගරට් බීවේ එකඑක අරගෙන... ත්‍රිරෝස් සිගරට්ටුව සත 6යි, නේවිකට් එකක් සත 8 යි. ඒ කාලේ කොළඹ බොහෝ ගැහැණු රැකියාව කලේ සිගරට් කොම්පැණියේ. සිගරට් කොම්පැනිය රජයට මුදල් ඉපැයුවා මිනිසුන්ට රැකියාවල් සැපයුවා. අද ඒ මුකුත් නැත.

:       1       0

NASRUDIN Tuesday, 11 September 2018 05:36 PM

බහුතරයකට මේ පුවත අමන්දානන්දය උතුර උතුර උතුරා වාන් දමනවාට කිසිදු සැකයක් නැත්තේය.

:       12       4

Bamunuarachchi Tuesday, 11 September 2018 05:53 PM

රත්තරන් බිත්තර දමපු කිකිලිට කරපු දේ තමයි සිගරට් කොම්පැනියට කලේ. දැන් අපිට සිගරට් නොබෝනවාට බද්දක් ගහන්න

:       126       47

ananda Wednesday, 12 September 2018 01:30 AM

දැන් සිගරැට් කොම්පැනියෙන් ආපු ආදායම නැතිනිසා කුඩු විකුණන එක නීත්‍යානුකූල කරල ඒකට අලුත් බද්දක් ගහන්න සිගරට් අලෙවිය අඩුවුණාට කුඩු අලෙවිය වාර්තාගත විදියට ඉහල ගිහින්නෙ

:       0       0

Nuwan Wednesday, 12 September 2018 03:16 AM

බොහොම හොඳයි මාත් බොන එක නවත්තලා මාස 2ක් වෙනවා. ඔය මල ජරාව නිසා ජීවිතේ විනාශ කර ගන්න එපා..

:       0       0

Malini Wednesday, 12 September 2018 04:48 AM

දුම් පානයේ ආදීනව ගැන ජනතාව දැනුවත් වෙලා ඇති. දැන් මේ ජනතාවට කියන්නේ දුම්පානය වැඩිකරන්න කියලද ?

:       0       1

මනෝජ් Wednesday, 12 September 2018 05:21 AM

අනේ මංගල ඇමතිතුමෝ ඕයිට වඩා වියදමක් යනවා දුම්වැටි නිසා ලෙඩ වෙන අයට බේත් කරන්න.

:       0       3

BamunuarachchiWednesday, 12 September 2018 09:47 AM

දුම්බීම නිසා පිළිකා හැදෙනවාමයි කියා නැත... එහෙම හැදිලත් නැත.

:       2       0

Bamunuarachchi Wednesday, 12 September 2018 07:29 AM

ඔය වැඩ වලින් අපට හිතා ගන්න ආර්ථිකය ගොඩනැංවීමට ඔබලාට තිබෙන හැකියාවේ තරම. මුලු රටේම ආර්ථිකය කඩා වැටිලා. ඔහේලාට ඕන කලේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලා බලයගෙන තමන් හැදෙන්නට මිස රටට සංවර්ධනය කිරීමට නොවේ. අනික නුඹලාට කරන්න සංවර්ධනයක් ඔවුන් ඉතුරු කලේ නැත.

:       28       1

kumara Wednesday, 12 September 2018 09:16 AM

එතකොට පැකට් එකක් අරන් සිල්ලරට රුපියල් 60 විකුණලා පොඩි මිනිහට බිස්නස් කරන්න පුළුවන්. පැකට් නොවෙයි එ්කට වඩා විකුණන්න තහනම් කලානම් හරි.

:       0       0

rama Wednesday, 12 September 2018 09:25 AM

ආ ඕක ගැන කරදර වෙන්න එපා...... සිගරට් නොබොන අපට ඕක ගෙවල දන්නා පුළුවන්

:       0       0

Bamunuarachchi Wednesday, 12 September 2018 11:53 AM

ඉස්සර සිගරට් මිල පීකොක් සත 2 යි, ඕකිඩ් සත 3යි, ත්‍රීරෝසෙස් හා ෆෝරෝසෙස් සත 6 යි, ස්පෝට්ස්මන් සත 8යි, නෙවිකට් හා බ්‍රිස්ටල් සත 8 යි, ආඩත් හා ගෝල්ඩ් ලීෆ් සත 10 යි.

:       0       0

Gayan Thursday, 13 September 2018 11:51 AM

අපිට දැන් සිගරට් බොන්නද කියන්නේ ?

:       0       0

BamunuarachchiFriday, 14 September 2018 01:52 AM

ජොලියට බීල බලන්න පටන් ගන්නකොට පොඩි කැස්සක් ඒවි එක ගනන්ගන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1281 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 179 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 382 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site