IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වර්ජනය අඛණ්ඩව

(මහින්ද නිශ්ශංක)

තම ඉල්ලීම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

දුම්රිය රියදුරු සහායකවරුන් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙස බල කරමින් දුම්රිය රියදුරෝ ඊයේ (11) පස්වරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළහ.

මේ අතර අද(12) පෙරවරුවේ පොල්ගහවෙල, මහනුවර, හලාවත , මහව, ගාල්ල, පාදුක්ක, කොස්ගම සිට දුම්රිය 8ක් පමණ කොළඹට ළඟාවූ බවත් කොටුවේ සිට පානදුර දක්වා දුම්රියක් ධාවනය කළ බවත් දුම්රිය පාලක කාර්යාලය පවසයි.

 



අදහස් (16)

දුම්රිය වර්ජනය අඛණ්ඩව

Jayampathi Thursday, 12 October 2017 06:20 AM

යහ පාලනයක් තිබ්බට කමක් නැත , නමුත් යම්කිසි තද පාලනයක් තිබිය යුතුයි , ප්‍රජාතන්ත්‍රවාදය කියාගෙන දින පතා මහජනයා පීඩාවට පත්කරන කඩාකප්පල්කාරීන් මර්දනය කල යුතුයි. බඳවා ගැනීමේ පටිපාටිය තීරණය කල යුත්තේ අමාත්‍යංශ මට්ටමින් මිස රියදුරු සංගමයේ අවශ්‍යතාවයට නොවීය යුතුයි.

:       568       444

පඹයThursday, 12 October 2017 10:22 AM

වර්ජකයින් හිර බාරයට ගන්න.

:       334       1

lakmal Thursday, 12 October 2017 06:35 AM

මෙයාලත් ටිකක් හිතට අරගෙන වැඩකරන පිරිසක්. මට්ටුකරන්නනම් තියෙන්නේ ඉන්දියාවෙන් සේවකයන් පිරිසක් ගෙනත් දුම්රිය ටික ධාවනය කරවන එකයි. සිල් ගත්තොත් නයින්ගෙන් දරමිටි බඳින්න එනවා .

:       490       164

aseThursday, 12 October 2017 08:54 AM

ඒක තමයි කළ යුත්තේ , මේ අයටත් ඩුබායි වල දුම්රිය පදවන්න කියමු....

:       116       55

පෙරේරාThursday, 12 October 2017 12:56 PM

හෙද හෙදියන් ඇතුළු සෑම වෘත්තිකයෙක්ම ඉන්දියාවෙන් ගෙන්නමු

:       32       0

rohanThursday, 12 October 2017 09:09 AM

ලක්මාල්ගේ මොලේ තමා මොලේ කොහෙද දන්නැහැ මෙතරම් කාලයක් තිබුනේ ඔයාල වගේ මොලේ තියන කට්ටිය තව තවත් ඉපදේවා කියනවා හැර වෙන කියන්න දෙයක් නැහැ.

:       0       15

වීර Thursday, 12 October 2017 06:40 AM

මගී ජනතාව අපහසුතාවට පත් කරමින් කරන වර්ජන නවතන්නේ කවදද. අපේ බදු සල්ලි වලින් පඩි අරගෙන අපිව කරදරේ දාන මේවගේ වැඩ නවත්තන්නේ කවදද. විදේශ රටක පෞද්ගලික සමාගමකට දුම්රිය සේවය පවරන්න. මේ මිනිස්සු මේක දියුණු කරන්නෙත් නැහැ. දියුණු කරන්න දෙන්නෙත් නැති මේ බහිරවයෝ ඉවත් කරන්න. කවදද මේවට පිළියම් කරන්නේ. මේකේ සේවකයෝ කීදෙනෙක් ඉන්නවද .දිනකට ධාවනය කරන්නේ දුම්රිය කීයද???

:       452       222

dhamneth Thursday, 12 October 2017 07:00 AM

මගීන් බොහෝදෙනෙක් කියනවා රජයේ සේවකයින්ගේ වැටුප් එකවර රුපියල් දසදහසකින් වැඩිකිරීම මහා මෝඩකමක් කියා. කෙලෙහි ගුණයක් තිබෙනවානම් හිටිහැටියේ ජනතාව මෙහෙම අපහසුතාවයට පත්කරන්නේ නැත කියා

:       6       177

vipulaThursday, 12 October 2017 10:24 AM

හුගක් අය රජයේ සේවයට බැදෙන්නේම වැඩකරන නෙමෙයි කාලය ගෙවන්න. රටට වැඩකරන්න ඕනේ කියල හිතන අය හුගක් අඩුයි.

:       0       1

AU Thursday, 12 October 2017 07:33 AM

රටේ හැම පටිපාටියම වෙනස් වෙන්න ඕනෙ කාලයක් ඇවිත් තියෙන්නෙ. කොහොම වුනත් සාමාන්‍ය ජනතාව අමාරුවේ... හමුදාව දාලා හරි දුම්රිය ධාවනය කරන්න ඕනෙ

:       4       83

kap Thursday, 12 October 2017 08:01 AM

තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන්, ආණ්ඩුවට විරෝධය දක්වා අහින්සක මහජනතාව අමාරුවේ දමන්න, දුක් දෙන්න ඉතා කැමති කට්ටියක් තමයි ලංකාවෙ රජයේ සේවකයො. කොහොමත් මේ කට්ටියගේ වැඩවල කොලිටිය ගෑන උද්ඝෝෂණ කරන්න ඕනේ අපි.

:       2       151

ජයසෙකර Thursday, 12 October 2017 08:59 AM

ආදායම වැනි කිප ගුණයක් පාඩු ලබන මෙම ආයතනය එක්කෝ වහල දාන්න ඕනා....... නැතිනම් විකුණලා දාන්න ඕනා....

:       595       142

WickeyThursday, 12 October 2017 10:08 AM

පාඩු ලබන්නේ මොකද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා නම් නරකද? අද බස් එකේ ආපු නිසා තේරුනා කොච්චර ලාභද කියලා කෝච්චියේ යන එක.

:       0       13

nuwan Thursday, 12 October 2017 09:16 AM

සුද්ද ලස්සනට හදල දීපු රේල් පාරවල් වල සුද්දෝ පටන් අරන් දුන්න දුම්රිය දෙපාර්තමේන්තුව අපේ රටේ බිහිවුන අයට තාම බැහැනේ හරියට කරගෙන යන්න

:       27       0

dhamneth Thursday, 12 October 2017 09:39 AM

පාඩු ලබන ආයතන කරගෙනයාමට සේවකයන්ටම පවරන්න කොන්දේසි මත. ආයතන හා එහි දේපොළ විකුනන්න හෝ පවරන්න බැහැ වෙනත් පාර්ශවයන්ට, පරණ යකඩ හෝ අබලිද්‍රව්‍ය වශයෙන් විකුනන්න බැහැ. ලබන ආදායමින් සේවක වැටුප් ගෙවිය යුතුයි. දැනට සපයන මහජන සේවය සැපයිය යුතුයි. මේ සේවකයන් ගැන රජයේ වගකීමක් නැහැ. එසේ නැත්නම් සෞඛ්‍ය, ගමනාගමන, ඉන්ධන බෙදාහැරීම විදුලිය ජලය බෙදාහැරීම ආදී අත්‍යවශ්‍ය සේවාවලට ඉදිරියේදී සේවකයින් බදවා ගැනීමේදී වැඩ වර්ජනය නොකරන සේවකයින් පමණක් බඳවා ගතයුතුය. කාලින අවශ්‍යතා අනුව නීති රීති සැකසිය යුතුයි මහජන සුභසිද්ධිය සඳහා.

:       0       2

රජිත් Thursday, 12 October 2017 07:57 PM

ලංකාවෙ දුම්රියක් කියල ඵකක් තියනවද? අපිනම් දැකල තියෙන්නෙ රේල් පීලි උඩ මිණී කාර් යනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 238 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 324 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1022 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 376 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 365 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 180 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site