IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුම්රිය වර්ජනයෙන් මගීන් අසීරුවට

 
(තිලකරත්න දිසානායක,අමල් වික්‍රමරත්න)

 
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් විසින් අරඹා ඇති වර්ජනය හේතුවෙන් අද (7) උදෑසන සිට දුම්රිය මගීහු දැඩි අසීරුතාවයට පත්වුහ.

කොළඹින් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් සිදු නොවන බව ගම්පහ දුම්රිය ස්ථානයෙන් මගීන්ට දැනුම් දුන් බවත් කොළඹ දෙසට පමණක් දුම්රිය කිහිපයක් ධාවනය කෙරිණි.

කොළඹට පැමිණිට තිබු බොහෝ දුම්රියන් අද දින ධාවනය නොවු බවත් දුර ගමන් සේවා සඳහා ඇති දුම්රියන් අවලංගු කර තිබිණි.

අද (7) අලුයම 4.15ට ගාල්ලේ සිට පිටකොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නොවූ බව ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.

දුම්රිය එන්ජින් රියදුරු සහායකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ඇති ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන දුම්රිය එන්ජින් රියදුරන් වැඩවර්ජනය ආරම්භ කර තිබේ.
 


 



අදහස් (18)

දුම්රිය වර්ජනයෙන් මගීන් අසීරුවට

ravi Thursday, 07 December 2017 05:01 AM

අයියෝ මේ ආණ්ඩුව ආපු දවසෙ ඉදන්ම රටේ ප්‍රශ්න විතරමයි අහන්න තියෙන්නෙ.

:       835       1064

RuwanThursday, 07 December 2017 05:49 AM

රටේ තියෙන ප්‍රශ්න විසඳන්න තමයි රජයක් පත් කරන්නේ. එහෙම නැතුව රතුපස්වල, කටුනායක රොමේෂ්, භූමිතෙල් ඉල්ලපු ධීවරයෝ වර්ජන කරපු වෙලාවේ ප්‍රශ්න විසඳපු විදිය අපිට නම් තව හොඳට මතකයි. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ගූගල් එකේ හොයලා බලන්නකෝ. වැඩිය ඕනේ නැත "සිරකරුවොත් මනුස්සයෝය" කියන තැන ප්‍රශ්නය විසඳපු හැටිත් මතකනේ.

:       1204       2375

Ruwan Thursday, 07 December 2017 05:04 AM

මිනිසුන් තම බලය පෙන්වන දිනය වැඩි දුරක නොවන බව මෙසේ වර්ජන කරන සැවොම ඉතා හොඳින් දැන ගත යුතුයි.

:       214       1887

arschfikaa Thursday, 07 December 2017 05:30 AM

දුම්රිය ධාවනය කොරන්නේ නැති එක මෙරටට අලුතක් නෙවෙයිනෙ?

:       24       268

ravi Thursday, 07 December 2017 05:55 AM

" වර්ජනය " අපේ රටේ වගේ විප්ලවකාරයෝ, වර්ජනකාරයෝ ඉන්න රටක් තවත් ලෝකේ නැහැ. අවුරුද්ද පුරාම වර්ජන.... උදේට නම දාලා, වර්ජනය කරනවා. හවස ගෙදර ගිහින් රජයට බැණ වදිනවා. අපේ රට දියුණුවෙන්නේ නැහැ කියලා..

:       0       142

Lapaya Thursday, 07 December 2017 06:14 AM

රුවන් ජනතාව තම බලය පෙන්නන්න ඕනේ වැඩ වර්ජනය කරන අයට නෙමෙයි පාලකයන්ටයි. රට හරියට පාලනය කරන්න බැරි වුණාම මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙමෙයි.

:       185       614

RuwanThursday, 07 December 2017 09:07 AM

අහිංසක මගීන් දුම්රිය වාර ප්‍රවේශපත් අරගෙන තමන්ගේ ළමයින්ට කන්න දෙන්න තියෙන සල්ලිවලින් බස්වල ගියාම ප්‍රශ්නය විසඳෙන හැටි කියලා දෙන්න පැහැදිලිව. පුළුවන් නම් පෙට්රල් නැතුව කියන්නකෝ මාසයක් විතර ප්‍රශ්න විසඳන හැටි බලන්න. පොඩි මිනිසුන් තලන වැඩ වර්ජනවලට මුල්ලේරියාවේ ජනතාව සලකපු හැටි මතකනේ....

:       424       490

vipula Thursday, 07 December 2017 07:07 AM

රාජ්‍ය අංශයේ සේවකයන් උඩ තියාගෙන ඉන්නකන් මේ වගේ තමයි. කුරුඳු පොලු අතට ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. එක්කෝ අධිකරණයෙන් නියමයන් දෙන්න ඕනේ...

:       2       272

asad Thursday, 07 December 2017 07:11 AM

රවී මෝඩයෙක් වගේ ප්‍රශ්න දිහා බලන්න එපා. ආපු ආණ්ඩුවත් එකයි. හිටිය ආණ්ඩුවත් එකයි. අවුරුදු 70ක් තිස්සේ රටට කල සෙතක් නැත. මිනිසුන් වෙනස් විය යුතුය. පත් කරගන්න පාලකයන් ගැන වගකීම මිනිසුන් දැරිය යුතුය. එය වෙනම ප්‍රශ්නයකි.. නමුත් මේ වර්ජන හේතුවෙන් අසීරුතාවයට ලක් වෙන්නේ දුගී ජනතාව,. මෙයට විරුද්ධව ආණ්ඩුව නෙවෙයි... ජනයායි පිළිතුරු දිය යුත්තේ. වර්ජනයේ නියුතු සෑම නිලධාරියෙක්ම ඉවත් කර අලුත් පත්වීම් දිය යුතුය. රට තුළ දුගී ජනතාව අසීරුතාවයට ලක් කරන ඕනෑම ක්‍රියාදාමයකට දැඩි පියවර ගත යුතුයි.

:       504       468

sadunThursday, 07 December 2017 07:57 AM

අපිට නම් රවී මහත්තයා මෝඩයෙක් වගේ පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ අසාද්ගේ මොලේ හොඳට චෙක්කර ගත්තා නම් හොඳයි කියලයි. ජනයා පිළිතුරු දෙන්න ඕනේ වර්ජන වලට විතරද? කෝටි ගණන් වලින් මංකොල්ල කන දේශපාලනය කරන අයට ජනයා උත්තර දෙන්න ඕනේ නැතිද? මෙයා දේශපාලකයන්ට කත් අදින එක්කෙනෙක‍්ද කොහෙද? මහ බැංකුව හොරා කාපු එක, පොර්ට් සිටි එක මුලින් නවත්තල පස්සේ ඩීල් දාල හදපු එක, සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න තිබ්බ අවස්ථාව ලක්ෂ ගණන් බදු ගහලා නවත්තපු එක, දුප්පත් මිනිස්සු බැංකුවෙන් ගන්න රුපියල් 1000 ටත් බදු ගහපු එක... වගේ දවල් වලට මේ දේශපාලන ඇම්බැට්ටයන් කතා කරන්නේ නැත්තේ ගාණක් අතට දෙන හින්දා වෙන්න ඇති.

:       361       512

ChamindaThursday, 07 December 2017 08:11 AM

ඇත්තටම විය යුත්තේ ඒකයි...

:       152       284

වීර Thursday, 07 December 2017 07:57 AM

සුනාමියක් ඇවිත් මේ දුම්රිය දෙපාර්තමේන්තුවම ගසාගෙන මුහුදයට ගියානම් කොතරම් හොඳද? එතකොට අලුත් ආයතනයක් විදියට දියුණු නවීන ක්‍රමයට දුම්රිය ධාවනය කරන ආයතනයක් පිහිටවන්න පුළුවන්. ඒ තරම් මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ. අපේ බදු සල්ලි වලින් පඩි අරගෙන අපිට ගහනවා.

:       1       252

To Ruwan Thursday, 07 December 2017 09:24 AM

රැවන් වගේ හින මානෙන් පෙලෙන කට්ටිය හිතන් ඉන්නෙ එයා වගේ කියල අනිත් අයත්. රටේ බහුතරයක් දන්නව රටේ මොන ප්‍රශ්නයක් වත් විසදිලා නැහැ කියල. ඒ වුනාට එයාට විතරක් පේන්නෙ ප්‍රශ්න විසදිලා කියල වෙන්න ඇති. රුවන් අනිත් කට්ටියටත් පැහැදිලි වෙන්න කියන්නකො දැන් මේ රජයෙන් විසදපු ප්‍රශ්න මොනවද කියල. එතකොට ඔයාගේ බුද්දි මට්ටම අනික් කට්ටියත් තේරුම් ගනීවි. මේ ආණ්ඩුව අාවේ රාජපක්ෂ ආණ්ඩුව හොද නැති නිසානෙ. එතකොට මේ අවුරුදු ගාන ඇතුලත විසදපු ප්‍රශ්නයක් තියෙන්නත් ඕනෙනේ.

:       140       244

RuwanThursday, 07 December 2017 09:57 AM

මේ රජයෙන් ලැබුණු දේ: 1. ගෙදර ගොස් සුදු වාහන වල යන්නේ නැතුව ගෙදර එන එක 2. හමුදා තර්ජනවලින් තොරව වර්ජන කිරීමේ නිදහස 3. තමාට කැමති දේශපාලනයක් හා බැඳීමට තිබෙන නිදහස 4. මාධ්‍ය සඳහා උදේ තේ බිමටදී තමන්ගේ දේ හුවා දැක්වීමට බල නොකිරිම 5. වියපාරිකයන්ගේ ආයතන බලෙන් තම පවුල වෙත නතු නොකරගැනීම 6. දේශපාලනයෙන් තොරව රැකියා අවස්ථා ලබා දිඉම 7. උපාධි ධාරීන්ට සුදුසු රැකියා ලබාදීම

:       613       557

naradhaThursday, 07 December 2017 11:35 AM

මෙවැනි පාඨක අදහස් පුවත්පත් වල නිදහසේ පල කිරීමට හැකියාවක් එදා තිබුණාද?

:       0       1

PiyalThursday, 07 December 2017 01:38 PM

නොකරපු දේවල් කළා කියල මවල පාන්න රුවන් කියන කෙනා හරි දක්ෂයිනේ. ආණ්ඩුවට හොඳට කඩේ යන හාදයෙක් වගේ. එයා ලියලා තියෙන දේවල් එකක් වත් වෙච්ච දේවල් නම් නෙමෙයි. හැබැයි එයාට නම් හොඳ ගෙවීමක් කරනවා ඇති.. මේ වගේ බොරු ඇත්ත කියලා මවන්න හදනවට....

:       0       52

Muhan Friday, 08 December 2017 03:15 AM

දැනගැනීමට ඇති පරිදි මෙමෙ කරණය උසාවිය එදිර්යට ගොස් ඇත . තවද මෙම වර්ජනය මෙහෙයවන්නේ සමහර දේශපාලන හස්තයක් කියල . කරුණු මෙසේනම් රජය මේගැන කෙලින් තීරණයක් ගන්න ඕනේ . සිරිසේන මහත්යා පුරදු පරිදි හතර අතේ වැනි වැනි ඉන්නේ නැතිව මෙය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හොදයි.

:       0       0

raviFriday, 08 December 2017 05:28 AM

මේ අදහසට නම් මට හොදටම ගියා. අද ආණ්ඩුවේ බැරි බැරියාවට වගකියන්න වෙලා තියෙන්නෙ ගිය ආණ්ඩුවට. ලක්ෂ 62 ජනතාවනි ඔබට ගොඩක් සතුටුයි නේද දැන්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 622 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 116 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 852 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 876 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1246 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1131 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site