IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දුම්රිය රියදුරන්ගේ වර්ජනයට ස්ථානාධිපතිවරු හා නියාමකවරුත් එක්වෙති

(මහින්ද නිශ්ශංක)

දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද(7) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ශ්‍රේණින් සඳහා අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බව ඔහු කියා සිටියේය.

මේ අතර ඊයේ(6) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි.



අදහස් (19)

දුම්රිය රියදුරන්ගේ වර්ජනයට ස්ථානාධිපතිවරු හා නියාමකවරුත් එක්වෙති

Ruwan Thursday, 07 December 2017 06:06 AM

ඡන්දය ආසන්නයේදී මොවුන් බොර දියේ මාළු අැල්ලීමටයි මේ සැරසෙන්නේ. මගී ජනතාව වන අප මෙය ඉක්මණින් අවසන් නොවන්නේ නම් අප ගෙවූ මාසික ප්‍රවේශ පත්‍රයේ අඩුව ලබන මසදී ගැනීමට ඔබලාව මුණ ගැසීමට එන්නෙමු. එවිටත් මෙසේ වර්ජන කර අපට අවශ්‍ය සහනය ලබා දීමට ඔබට සිදුවනු ඇත. නොඑසේනම් අප අතට බලය ගෙන ඔබගෙන් අවශ්‍ය සේවය අප ලබා ගන්නෙමු.

:       104       925

naradhaThursday, 07 December 2017 10:05 AM

මේ අදහස නිවැරදියි. මේ සියලු දෙනාටම මේ රජය පත් වූ විට 10,000 ක වැටුප් වැඩි වීම් ලැබුනා. මෙවැනි වැටුපක්වත් නොමැතිව, අද උගත් උපාධිධාරීන් කී දෙනෙක් රැකියා නොමැතිව සිටිනවාද? රුවන් සඳහන් කරන පරිදි මේ අය ඡන්දය ආසන්නයේදී, මහජනයා අපහසුතාවයට පත්කොට අසාධරණ ඉල්ලීම් දිනා ගන්නට හදනවා. මා සිතන්නේ මේ අවස්ථාවේදී රජ නීතිමය ක්‍රියා මගින් මොවුන්ව සේවයට කැඳවීමට බල කල යුතුය කියලයි.

:       1       229

RuwanThursday, 07 December 2017 10:49 AM

අවසානයේ ඔවුන්ට කාර්යාල දුම්රිය ධාවනය කිරීමට තරම් මහජන විරෝධය ප්‍රබල විය. මෙය මගී ජනතාවගේ ජයග්‍රහණයකි.

:       24       382

sarajFriday, 08 December 2017 09:21 AM

මෙහෙමත් රුවන් වගේ මෝඩ මිනිස්සු ඉන්නවනේ නන් දොඩවන. දේශපාලකයන්ට ගැතිකන් කරන මිනිස්සු දැකලා තියෙනවා. එත් මෙහෙම ගැතිකන්කරන කෙනෙක් නම් දැක්කමයි.

:       0       0

Kariyawasam Thursday, 07 December 2017 06:25 AM

අනේ මෙහෙමත් රටක් !!!

:       0       57

vipula Thursday, 07 December 2017 06:58 AM

වැඩබැරි රජයේ තවත් වැඩක්....

:       13       54

Indunil Thursday, 07 December 2017 07:46 AM

තමන්ගෙ රාජකාරිය හරියට කරන්නේ නතුව පඩි ඉල්ලන්න එපා.... කවදාවත් දුම්රිය වේලාවට යනවද? එව්වත් කරනවා නම් කමක් නැහැ.

:       59       149

deepthi Thursday, 07 December 2017 07:47 AM

ජය වේවා ඔය සටනට. සියලුම ඉල්ලීම් දිනා ගන්න ලැබේවා. අපගේ සම්පුර්ණ සහයෝගය ඔබතුමන්ලටයි.

:       242       352

nalinFriday, 08 December 2017 05:14 AM

තාත්තාත් ස්ට්‍රයික් කරනවද? බලාගෙන මිනිස්සු කරන සාප පවුලේ උදවියට වදියි.

:       0       0

NuwanFriday, 08 December 2017 06:44 AM

ඔයා කියන ඔය සාපෙ වදින්න ඕනේ දුම්රිය සේවකයන්ට නෙමෙයි. ඔයා කඩේ යන දේශපාලකයන්ටයි..............

:       0       0

හේමන්ත Thursday, 07 December 2017 08:41 AM

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ආසන්නයේ වර්ජනය කිරීමෙන් දරුවන් සහ දෙමව්පියන් කොපමණ අපහසුතාවයකට පත් වෙයිද? අවම වශයෙන් දරුවන් පිළිබඳවත් සිතන්න.

:       5       142

ravi Thursday, 07 December 2017 08:59 AM

කඩාකප්පල්කාරී ක්‍රියාවන්... ගමනාගමනය බිඳ වැටුණාම මුළු රටම ඇද හැලෙනවා.

:       54       85

සරාජ් Thursday, 07 December 2017 09:36 AM

රටේ සමහර ප්‍රදේශවලට ප්‍රවාහනයකට තියෙන්නෙ කෝච්චි විතරයි. ඒ ප්‍රදේශවල මිනිස්සු අද රැකියාවට ආවෙ කොහොමද? ඔය ස්ට්‍රයික් කොරනවායි කියන ඇත්තන්ට මනුස්සකමක් කියලා එකක් නැද්ද? වැඩ කරන්නෙ නැතිව එදා වේල හොයා ගන්ඩ බැරිව අසරණ වෙන මිනිස්සු ඉන්නවා. උන් හූල්ලන සාපයෙන් තමුන්නැහෙලාට විතරක් නෙවෙයි මහත්වරුනි, තමුන්ලා ජාතක කරපු අයට පවා පල දෙයි. ආණ්ඩුවත් එක්ක තියෙන අවුල් විසඳා ගන්ඩ තමුන්නැහෙලා පාවිච්චි කොරන්නෙ අහින්සක මිනිස්සුන්ව. අකුණු ගගහ වහිද්දි එළියට නම් බහින්ඩ එපා. මේක තමුන්ලගෙ පවුල්වල ඇත්තන්ටත් කියන්ඩ ඈඈඈ.............

:       4       152

RuwanThursday, 07 December 2017 10:40 AM

සරාජ්, ඔබ සමග මා එකගවෙමි. මොවුන් මේ පළිගන්නේ අහිංසක මිනිසුන්ගෙනි. තම මෑණියන් පියාණන් එනතුරු මග බලාගෙන සිටින දුවා දරුවන්ගේ කඳුළු ඔබලාට සතුටක් වුවාට එය අපට මහත් දුකකි. කොළඹ පැමිණි තම දෙමාපියන් නුවර, ගාල්ල වැනි පෙදෙසට ගොස් එතනිනුත් තව දුර ගෙවා යා යුතු බව මේ මෝඩයන්ට නොතේරීම ඔවුන්ගේ දුර්වල කමකි. කුහක දේශපාලකයන්ගේ අතකොලුවී සංගම් වලට යටවී අහිංසකයන්ගේ පලිගන්න ගන්න උත්සාහය ඔබලාටම සාපයක් වන දිනය වැඩි අතක නැත.

:       6       330

Ruwan Thursday, 07 December 2017 09:36 AM

ජනපති තුමනි, වහාම පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරන්න. අපගේ දුවා දරුවන්ගේ විබාගයෙනුත් පලි ගැනීමටයි මොවුන් මේ සැරසෙන්නේ.

:       3       387

Ramendra Thursday, 07 December 2017 09:41 AM

ජර්මිනියේ තෙල් මිල වැඩිකරපු අවස්ථාවේ ජනතාව ක්‍රියා කරපු ආකාරය සොයා බලන්න නමුත් අපේරටේ ජනතාව දෙකට තුනට බෙදිලා දේශපාලකයන්ට කඩේ යනවා තමා පෙන්නේ දාල තියෙන අදහස් බැලුවම. අපේ රටේ බදු මුදල් වැඩි ප්‍රමාණයක් බුක්ති විදෙන්නේ වැඩකට නැති දේශපාලකයෝ

:       15       3

Sumeda Thursday, 07 December 2017 11:01 AM

දේශපාලකයන්ට මොනවා කරත් දැනෙන්නේ නැහැ. හැමදාම අහිංසක මහජනතාව දුක්විඳිනවා. මේකෙනුත් අපි විතරක් දුක්විඳිනවා.

:       0       11

GAMINI Thursday, 07 December 2017 11:15 AM

මෙයාලා ගෙදර යවන්න.... ඔක්කොම අලුතෙන් බඳවා ගන්න කොන්දේසි ඇතුව...

:       0       25

kavantissa Thursday, 07 December 2017 07:31 PM

රටේ නීතියක් නැති පාටයි පේනේනේ. ඒ අස්සේ මේ සභාපතිලා එකෙක් දෙන්නෙක් අල්ලා උල තිබ්බොත් හරියයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 208 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 498 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 218 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 153 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 231 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2283 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site