IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ගේට්ටුව වසා තිබියදී බසය ගෙනගිය රියදුරු - කොන්දොස්තර අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ධාවනයට දුම්රිය ගේට්ටුව වසා දමා තිබීයදී දුම්රිය මාර්ගය හරහා සුභෝපභෝගී බස් රථයක් ධාවනය කරවූ රියදුරකු හා කොස්දොස්තර අද (30) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම  කොළඹ  බස් රථයක සේවය කරන දෙදෙනකි.
 
ඉකුත්  (28) දින මෙම සිද්ධිය සිදුව ඇති අතර   එය සාමාජ මාධ්‍ය ජාලාවල සහ රූපවාහිණී නාලිකාවල  ප්‍රචාරය වී තිබු බව පොලිසිය කියයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂක ආරම්භ කර  සැකකරුවන් දෙදෙනා පොලිසියට කැඳවා  ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි.
 
සැකකරුවන්  හෙට (1) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (9)

දුම්රිය ගේට්ටුව වසා තිබියදී බසය ගෙනගිය රියදුරු - කොන්දොස්තර අත්අඩංගුවට

wicky Wednesday, 30 September 2020 02:14 PM

ශා.. මරුනේ..!!! දැන් අර හෙඩ්ලයිට් ගහගෙන පොඩි වාහන ඉස්සරහට මරන්න වගේ එන එව්වත් දාලා ශෙයාර් කරන්න පටන් ගනිමු.

:       0       63

Pradeep Wednesday, 30 September 2020 04:31 PM

දුම්රිය ගේට්ටු වසා ඇතිවිට, මේ බස් රියදුරු කොහොමද වාහනය පැදෙව්වේ?

:       0       0

chandima Wednesday, 30 September 2020 04:34 PM

වැඩේ හොඳ වුණාට ටිකක් විතර ගොන් පාට් එකකුත් තියෙනවා. මේ වැඩේට රියදුරා වගකියන්න ඕනෑ වුණාට කොන්දොස්තර මොකටද අනුන්ගේ පව්වලට කරගහන්නේ..?

:       0       0

Rohana Wednesday, 30 September 2020 04:54 PM

මෙවැනි මගීන්ට මරණය කැඳවන අවිනීත රියදුරන්ට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

Lal Wednesday, 30 September 2020 05:28 PM

බස් එකේ හිටපු මිනිස්සු මැරෙන්න ආස අය ටිකක් වෙන්නැති... අඩුගානේ බස් එක දාන්න ඉස්සර නවත්තගන්න තිබුණානේ...

:       0       0

prabha Wednesday, 30 September 2020 05:53 PM

හරිනම් වෙන්න ඕනේ බස් එකේ හිටපු මිනිස්සු මේ දෙන්නගේ අඬු කඩන එකයි. මොකද මේ අය සෙල්ලම් කරේ ඒ මිනිස්සුන්ගේ ජීවිත සමග..

:       0       0

Ranjith Thursday, 01 October 2020 03:09 AM

දුරකථන ඇමතුමකින් නිදහස් නොකොළොත් නම් හොඳයි.

:       0       0

Senarath Thursday, 01 October 2020 03:24 AM

මේ වගේ බරපතල වැරැදි කරන උදවියට දැඩි දඬුවම් දෙන්න ඕනේ. බස්එකේ හිටපු මිනිස්සුන්ගේ ජීවිත මෙයාලාගේ සෙල්ලම් බඩු නෙවේ.

:       0       0

Samantha Thursday, 01 October 2020 10:53 AM

ලෝකයේ දියුණු රටවල්වල නම් සියලු දුම්රිය හරස්මාර්ගවලදී හැම බස් රථයක්ම නවත්වලා දොර ඇරලා, ආයේ වහලා, දෙපැත්ත බලලා යන්න නීතියක් තියෙනවා. එසේ නොකිරීම විශාල දඩයකට යටත් වෙන්න හේතු වෙනවා. දැඩි නීති අවශ්‍යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 64 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 153 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 656 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1041 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 857 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site