IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දුම්රිය ගැටුම සම්බන්ධයෙන් සිව් දෙනෙක්ගේ වැඩ තහනම්

 

මහින්ද නිශ්ශංක

පොල්ගහවෙල හා රඹුක්කන අතර පිහිටි පනලීය දුම්රිය ස්ථානය අසලදී සිදුවු දුම්රිය ගැටුම සම්බන්ධව කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වු අංක 164 දුම්රියේ රියදුරු රියදුරු සහයක, ප්‍රධාන නියාමක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.

කොළශ සිට මහනුවර බලා ධාවනය වු අංක 35 දුම්රිය සංඥා නොමැතිව නැවතී තිබියදී ඊට පිටුපසින් පැමිණි රඹුක්කන දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.



අදහස් (24)

දුම්රිය ගැටුම සම්බන්ධයෙන් සිව් දෙනෙක්ගේ වැඩ තහනම්

darshana Tuesday, 07 August 2018 05:45 AM

වැඩ තහනම් කිරීම පමණක් නොව අලාබය, මහජන මුදල් කාබාසිනියා කිරීම යන චෝජනා යටතේ නඩු පවරා අය කර ගැනීමට කටයුතු කරනු . කරන සියලුම වැඩ වර්ජන මෙහෙයවන සංගම් මජනටවග්ව්න් සමව ගනු .

:       0       1129

nimaliTuesday, 07 August 2018 06:14 AM

සියලුම දුමරිය මගීන්, මගී සංගම් පෙළගැසී මොඋනට විරුද්දව නීතියෙන් කටයුතු කරමු. මේ අපේ වාරය .

:       0       1

Piya Tuesday, 07 August 2018 05:51 AM

පොල්ගහවෙලදී මකුණෝ කෑවද මන්ද ?

:       1       103

kap Tuesday, 07 August 2018 05:52 AM

මොබයිල් එකකින් රියදුරුට හරි ඊට පෙර ස්ටේශන් මාස්ටර්ට හරි කෑඩුනු දුම් රිය ගෑන කෝල් එකක් දෙන්න බෑරි කම්මෑලි මිනිස්සු...මුන් දුම් රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය ගෑන කෑ ගහනව. හෑබෑයි ඒක රෑක ගන්නෙ නෑ.. මුන්ගෙ රාජ්ය දේපල විනාශකීරීම ඈත්තටම ත්‍රස්තවාදීන්ට එහා. කාලකන්නි මිනිස්සු

:       0       771

DarshanaTuesday, 07 August 2018 06:23 AM

අංක 35 දුම්රිය ආරක්සක පියවර අනුගමනය නොකිරීමට විරුද්දව ගත් නීතිමය පියවර කුමක්ද ? සුද්දගේ පොතේ සියල්ල සදහන් බව අපි දනිමු .

:       0       173

Bandula. Tuesday, 07 August 2018 06:24 AM

තමන්ගේ රාජකාරිය හරියට කරන්න දන්නේ නැහැ. මෙච්චර තාක්ෂනය දියුනු කාලේ දුරකථන ඇමතුමක් දීලා දැනුවත් කරන්න බැරිද? පොඩ්ඩක් ඇත්නම් වැඩ වර්ජනය කරන්න සහ පඩි ඉල්ලන්න විතරක් දන්නේ. පුද්ගලික අංශයට දෙන එකම තමා හොඳ.

:       0       304

rocky Tuesday, 07 August 2018 06:40 AM

kap උන්නැහේ කලබල වෙන්න එපා. සමහරවිට ඔහු ස්ටේෂන් මාස්ටර්ට කෝල් එකක් දීලා දැන්නුවාද නැද්ද කියල අපි දන්නේ නැහැ නේ. මොකක් හරි මෙතන හුටප්පරයක් නම් තියෙන්න ඕන තමයි. ඒකට වගකිය යුතු කවුද නොදැන. අනේ මහත්තයෝ කෝච්චිය පුද්ගලීකරණය නම් කොරන්න එපා!

:       265       14

bandaTuesday, 07 August 2018 07:43 AM

පුද්ගලීකරණය කරා නම් මිට වඩා වගකීමෙන් වැඩ කරනවා ...

:       1       214

kapTuesday, 07 August 2018 08:04 AM

ඔය වගේ කට්ටිය ඉන්නකම් මේ රට හදන්න බැහැ.

:       1       93

NuwanTuesday, 07 August 2018 01:00 PM

පුද්ගලික අංශයේ ආයතනයට පාඩුවක් වුනාම පාඩුව කල සේවකයාගේ පඩියෙන් අයකරගන්නවා. මම වැඩකරන ආයතනයේත් එහෙමයි, ඒ නිසා අපි ඉතාම වගකීමෙන් වැඩකරනවා. මේ රටට මේ දේ වෙලා තියෙන්නේ රජයේ සේවකයින්ගේ වගකීමක් නැතිකම. වහාම දුම්රිය පවුද්ගලීකරණය කරන්න ඕන රටට ආදරෙයි නම්

:       0       89

asuchi Tuesday, 07 August 2018 06:52 AM

ලංකාවේ දැන් සිග්නල් නැතුවද කෝච්චි දුවන්නේ? මිනිස්සුන්ගේ ජීවිත දේපල මේවට වග කියන්නේ කවුද ? හම්බ කරන් කන රස්සාව ගැන වගකීමක් නැද්ද.? පඩිය දීමන ගැන විතරයි හිතන්නේ.

:       0       68

Jorge stiwansanTuesday, 07 August 2018 07:45 AM

සුද්දගේ කලේ හදපු ටැබ්ලට් පරණ නිසාද දන්නේ නැහැ සංඥා වැඩ නොකර තියෙන්නේ.

:       0       24

Sathya Tuesday, 07 August 2018 07:13 AM

කාගෙහරි රැකියාවක් නැති කිරීම කරන්න අමාරු දෙයක් උනත්, මේ වගේ දේවල් වලට දඬුවම් නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනි. මේකෙන් මිනිස්සු මැරුනනම් කවුද වග කියන්නේ. කොච්චි පෙට්ටියක් සල්ලි දීලා ගන්නවා වගේ ගන්න පුලුවන්ද? අනෙක මේ පුවත් මාධ්‍ය අද පල කලාට, තව ටික දවසකින් හොරෙන්ම වැඩ තහනම ඉවත් කරලා තියේවි, මේවට දැඩි දඬුවම් දීලා, අලාබයත් අයකරගන්න ඕනි.

:       0       110

PerakumTuesday, 07 August 2018 08:39 AM

සත්‍යා කියන දේ හරි. මෙතෙන්දි අවධාරණය කල යුතු කරුණ තමයි අපේ මාධ්‍ය ඔවුන්ගේ පුවත් වාර්තා පසු විපරමකින් තොරව අමතක කර දමන බව. සිද්ධියෙන් පසු කුමක් වීදැයි පාඨකයාට දැනගැනීමට සලස්වන්නේ නැත. මෙය බලවත් අඩු පාඩුවකි. බලන්න විදෙස් ප්‍රවුර්ති වාර්තාකරණය. හැම විටම පැරණි සිද්ධියේ අලුත් තත්වය නැවත නැවත දැනුම් දේ. මාධ්‍ය වගකීම එයයි. අපේ මාධ්‍ය නියාමනයට බලධාරීන් ඇතත් අවශ්‍ය දේ සිදු නොවේ. අඩුවශයෙන් මාධ්‍ය ආයතන ස්වයං නියාමනයක්වත් කලොත් නරකද? ... ඒවා කොහෙද "සකල සිරින් පිරි සිරි ලංකාවෙ"...

:       0       186

sarath perth Tuesday, 07 August 2018 07:45 AM

රේල්පීලි දෙක අතර අවහිරයක් තිබෙනබව ඉදිරියට ගමන්කරන දුම්රියට දැනගැනීම සඳහා නව විද්‍යුත් උපකරණයක් නිපදවීමට කාලය පැමිණ ඇත

:       0       54

samantha Bandara Tuesday, 07 August 2018 07:57 AM

මුන් දන්නේ වැඩ වර්ජන ක‍රන්න විතරයි. මේක හොද අවස්ථාවක් කරගන්න ඕන මුන්ගේ කොදුනාරටිය බිදලා එලියට දල දුම්රිය පෞද්ගලීකරණය කරන්න.... මෙතනින් පටන්ගෙන ඉදිරියට යමු. අද උඩරට සිට කිසිම දුම්රියක් නෑ.

:       0       112

සිග්නල් Tuesday, 07 August 2018 08:19 AM

ලංකාවේ දැන් සිග්නල් නැතුවද කෝච්චි දුවන්නේ? කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වු අංක 164 දුම්රියට සිග්නල් දුන්නේ කවුද? වැඩ තහනම් කලයුත්තේ කාටද? ප්‍රධාන නියාමක හා උප නියාමකවරයාගේ වැඩ තහනම්. එසේනම් නියාමකවරු බස් වල මෙන් ඔලුව එලියට දමාගෙන ඉදිරිපස බැලිය යුතුද ?

:       0       21

පිටිගල මිලානෝ Tuesday, 07 August 2018 08:38 AM

මෙය පෞද්ගලීකරණය කල යුතුයි.

:       2       160

kapila Tuesday, 07 August 2018 08:44 AM

මොනවද ඉතින් දුම්රිය පීලි උඩ යනවා, හිතුනොත් නවත්වනවා, නැතිනම් හප්පනවා, ඒ දෙකම නැතිනම් වර්ජනය කරනවා. බොරුවෙන් මාසේ පඩිය අරගෙන මගීන් උකසට ගෙන දුම්රියසේවය කරගෙනයනවා.

:       0       166

amila Tuesday, 07 August 2018 10:27 AM

පෞද්ගලීකරණය කරන්න ඕන පාර්ලිමේන්තුව. එතකොට රටම ගොඩ.

:       0       125

සතයපාල Tuesday, 07 August 2018 01:23 PM

ලංකාවේ විතරක් නොවේ ලෝකයේ බොහෝ රටවල දුම්රිය අනතුරු සිදු වෙනවා. ඒ අතර දුම්රිය සේවය පෞද්ගලිකකරණය කල රටවල්ද බොහෝ තියෙනවා. අනතුරුවලට හේතුව දුම්රිය සේවයේ රජය සතුද පුද්ගලික සමාගම් සතුද කියන කාරණය නොව සේවකයන්ගේ නොසැලකිල්ල හා අකාර්යක්ෂමතාවය වගේම තාක්ෂණයේ දුර්වලකම් වැනි සාධක බලපෑ හැකිය. ලංකාව සම්බන්ධව ගත්කල පොදු ප්‍රවාහන සේවයේ ලංගම වෙනුවට පෞද්ගලික බස් සේවය ආදේශ කිරිමෙන් ලබා ඇති අත්දැකිම් හා ප්‍රතිලාභ ලැබුවන් කිසිවෙක් සිහි බුද්ධිය ඇතුව දුම්රිය සේවය පෞද්ගලිකකරණයට යෝජනා කිරිම කෙසේ වෙතත් සිතිමට පවා නොපෙලබෙනු ඇත.

:       1       1

Perakum Tuesday, 07 August 2018 02:04 PM

වෙනත් දියුණු රටවල මෙන් දුම්රිය සේවය පෞද්ගලීකරණය කලොත් අති විශිෂ්ට සේවයක් බලාපොරොත්තු විය හැක. මේ එයට ඉතාමත්ම සුදුසු අවස්ථාවයි.

:       0       1

dammika Tuesday, 07 August 2018 03:52 PM

මෙම සිදුවීමට මුල පෙරුණු හේතුව ප.ව. 3.35 කොළබ කොටුවෙන් මහනුවර දක්වා ගමන් ආරම්භ කල නගරාන්තර දුම්රියයි. සතියකට දින දෙකක් වත් නියමිත කාල සටහනට මහනුවර ලග නොවෙන මෙම දුම්රිය එයේ දිනයේත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ලගාවන විට කාර්මික දෝෂයකට ලක් උනා. නමුත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී මොනම විදියක පරික්ෂාවකට වත් ලක් උනේ නැහැ. ඔය දුම්රිය අනතුර සිදු උන තැන පැයකට වැඩි කාලයක් නුවර නගරාන්තර දුම්රිය ක්‍රියා විරහිතව නතර වෙලා තිබුනා. පසුව පිටුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මගින් තමා ඕක රබුක්කන දුම්රිය ස්ථානයට තල්ලු කරන ගියේ. පුදුමයට කරුණ නම් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ සිට හම්බ වෙන පළවෙනිම සිග්නල් එක ලගම අනතුරට ලක් උන දුම්රිය නතර කරගෙන සිටියේ. එය පොල්ගහවෙල දුම්රිය ස්ථානය පෙනෙන නොපෙනෙන දුරින්. පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී හරියාකාර පරික්ෂාවට ලක්වෙලා නගරාන්තර දුම්රිය පිටත් කර හැරියානම් මේ අනතුර වලක්වා ගන්න හොදටම අවස්ථාව තිබූනා කියලා තමා මන් හිතන්නේ.

:       0       1

Deepal Nirosh Wednesday, 08 August 2018 10:01 AM

අනතුර සම්බන්ධව පූර්ණ අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් කර වගකිවයුත්තන්ගෙන් අලාභ අයකර දඬුවම් පැමිණවිය යුතුයි. එහෙත් නිසි විමර්ශනයකින් තොරව නිලධාරීන්ගේ වැඩ තහනම් කිරිම සැක සහිතයි. පොල්ගහවෙල සිට රඹුක්කන දක්වා ද්විත්ව මාර්ග පද්ධතියක් තිබුණත් අතරමැද හුවමාරුවක් නැහැ. දුම්රියක් ඒ අතරමැද නැවතිලා නම් එය ප්‍රධාන පාලන මධ්‍යස්ථානයට නිරීක්ෂණය වුණේ නැද්ද? එහෙම අතරමැද බාධකයක් තිබිය දී රඹුක්කන දුම්රිය පොල්ගවෙලින් පිටත් කළේ ස්ථානාධිපති සංඥා නැතුව ද? අනතුර සිදුවුන ස්ථානය වංගු රහිත සරල රේඛීය ස්ථානයක් බවයි ඡායාරූපවලින් පේන්නෙ. ඉදිරිපස ආරක්ෂණක් රහිත බලවේග කට්ටල දුම්රියක රියදුරු පෙනි පෙනී තම ජීවිතය ද නොතකා තම දුම්රිය ඉදිරි දුම්රියේ ගැටීමට ඉඩ දෙයි ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 35 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 142 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 218 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 379 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 343 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 358 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 295 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site