IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දුම්රිය කාර්යක්ෂම කරන්න ඩොලර් මිලියන 160 ක්

(නිමල කොඩිතුවක්කු)

 

දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය මගින් හදුනාගත් උප ව්‍යාපෘති සහ  මිලදී ගැනීම් 32 ක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමා තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදලට අදාළව ගිවිසුම් අත්සන් කිරීම  අද (20)  මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

ධාවන කාර්යක්ෂමතාවය හා නඩත්තු කාර්යක්ෂමතාවය වැඩිකිරීම, දුම්රිය ආරක්ෂාව සහතික කිරීම, දුම්රිය කාර්ය මණ්ඩලවල හැකියාවන් වර්ධනය කිරීම සහ උපදේශනාත්මක සේවා කටයුතු සිදුකිරීම සඳහා මෙම මුදල් වැයකිරීමට සැලසුම් කර ඇතැයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය  යටතේ දුම්රිය ප‍්‍රවේශපත් සහ ආසන වෙන්කිරීමේ පද්ධතිය, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදිකිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානය සඳහා පරියේෂණාගාර සහ කර්මාන්ත ශාලා සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම, මාලපල්ල දුම්රිය ස්ථානය අසල නිවාස 108 කින් යුතු මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව සඳහා නව කර්මාන්ත ශාලාවක්, ගබඩා සහ යන්ත‍්‍ර සූත‍්‍ර  මිලදී ගැනීම, මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම, කොළඹ මාලිගාවත්තෙහි පිහිටි යටිබිම් මාර්ගය සඳහා ඇති පාසල් පටුමග දුම්රිය පාලම නැවත ඉදිකිරීම සිදුවන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.



අදහස් (12)

දුම්රිය කාර්යක්ෂම කරන්න ඩොලර් මිලියන 160 ක්

kamal Tuesday, 20 August 2019 11:30 AM

අනේ අපටත් ඕකෙන් ටෙන්ඩරයක් දෙන්න.

:       0       2

Perera Tuesday, 20 August 2019 11:35 AM

සල්ලි නම් හම්බවෙනවා, නමුත් ඒවාට මොකද වෙන්නේ කියල කවුරුවත් දන්නැහැ.

:       0       46

Prabha Tuesday, 20 August 2019 11:42 AM

ඩොලර් කෝටියක් දැම්මත් නුපුහුණු සේවකයන්ගෙන් පිරුණු දුම්රිය සේවය ගොඩ ගත නොහැක.

:       0       115

sampath Tuesday, 20 August 2019 12:02 PM

මේක කවදාවත් කරන්න බැරි වැඩක්. පුද්ගලික දුම්රිය ධාවනයට ඉඩ දෙන්න අපරාදේ මේ සල්ලි

:       0       328

Bamunuarachchi Tuesday, 20 August 2019 12:41 PM

ඔය මුදල වැටුප් සහ අතිකාල වලට දුන්නාම සල්ලි ඉවර වෙනතුරු ඉබේම කාර්යක්ෂම වේවි.

:       29       56

CHANDIMA Tuesday, 20 August 2019 01:12 PM

ඒගොල්ලෝ දෙනවා. මේගොල්ලෝ ගන්නවා, අරගෙන පොඩි කුට්ටියක් සාක්කුවට දමා ගන්නවා. අන්තිමේ රටේ ණය බර මෙච්චරයි කියල බදු වැඩි කරනවා. ඒගොල්ලෝ ගාන හොයාගෙන මාරු වෙනවා. රටේ ඉන්න දුප්පත් අපි ඒ ඔක්කෝම සල්ලි ගෙවනවා. අපි විතරක් නොවෙයි අපේ දරු මල්ලොත්....

:       0       139

විජිත් Tuesday, 20 August 2019 03:35 PM

මේ කට්ටිය යන්න කලින් ආයෙත් ණය අරගන්න හදනවා

:       1       150

chandima Tuesday, 20 August 2019 06:24 PM

තව ඩොලර් මිලියන් 160ක් වතුරේ.

:       1       27

himal Wednesday, 21 August 2019 03:35 AM

මේ මුදල් යොදාගන්නේ කුමකටද කියා ලංකාදීප පුවතේ පැහැදිලිව කියා තිබියදීත් මෙතන සමහරු හිතන්නේ අතිකාල ගෙවන්න සල්ලි ගන්නවා කියලා. හැබැයි වෙන හැම තැනම කතා කරන්නේ පොදු ප්‍රවාහනයේ සංවර්ධනය ඇයි නොකරන්නේ කියලා. ලංකාවේ දුම්රිය තවමත් තිබෙන්නේ සුද්දගෙ කාලයේ. මෙවැනි ආයෝජනයන් මඟින් හරි දුම්රිය සේවාව පුළුල් වෙනවා නම් තාක්ෂණය වැළඳ ගන්නවා නම් මහජනතාවට ඉමහත් සේවයක්.

:       0       0

Gayan Wednesday, 21 August 2019 04:38 AM

දුම්රිය ධාවනය සහ පරිපාලනය පුද්ගලික අංශයට දෙන්න...

:       0       1

abaran Wednesday, 21 August 2019 04:55 AM

හිඟන්නාගේ පාත්තරේට සල්ලි වැටෙනවා හෝ ගාලා...

:       0       10

Amila Wednesday, 21 August 2019 05:53 AM

අදත් උදෙත් කොච්චි පරක්කුයි (21 අගෝස්තු උදේ)

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 1 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 332 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 262 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 594 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 354 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 268 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site