IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දිස්ත්‍රික්කයකින් 2000 ක් විදේශ රැකියාවලට

(විනීතා එම් ගමගේ)

එක් දිස්ත්‍රික්කයකින් විරැකියාවෙන් පෙළෙන 2000 ක් පමණ තෝරාගෙන ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩ පිළිවෙලක් සැකසිය හැකි බවත් ඉදිරි පස් අවුරුදු සැළැස්මේ මේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය.  විදේශ රැකියා සඳහා යාමේ දී අවශ්‍ය කරන පවුල් පසුබිම් වාර්තාවන්හි අඩංගු විය යුතු කරුණු ගැන නැවත අධ්‍යයනය කර වර්තමානයට ගැලපෙන ලෙස සකස් කිරීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.


මේ වනවිට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට විවිධ නිර්නායක ක්‍රියාත්මක කරන බව කී ජයරත්න මහතා, එය විධිමත් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ද කීය.
එහි ඇති නීතිමය තත්ත්වයට කිසිඳු හානියක් නොකරන බවත් වර්තමානයට ගැලපෙන පරිදි සකස් කරන බවත් හෙතෙම කියා සිටියේය.

විශේෂයෙන් පවුල් පසුබිම් වාර්තා ලබා දීමට මාස ගණන් ගතවන තත්ත්වය වෙනස් කර ඉක්මණින් එම වාර්තා ලබා දීම කෙරෙහි නිලධාරින්ගේ අවධානය යොමු කරවන බව කී ඔහු ප්‍රාදේශීය කාර්යාලවල දී මෙම වාර්තා ලබාදෙන කමිටුව දෙසතියකට වරක් වත් රැස්වීමට නියම කරන බව ද පැවැසීය.



අදහස් (17)

දිස්ත්‍රික්කයකින් 2000 ක් විදේශ රැකියාවලට

sena Wednesday, 30 September 2020 12:59 PM

කරන්න තියෙන්නේ පිටරට රැකියාවකට පිරිමි කෙනෙක් යනකොට ඒජන්සි කාරයෝ ගසාකන රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදල අය කිරීම නැවැත්වීමයි.

:       1       28

nimal Wednesday, 30 September 2020 01:17 PM

විලි ලැජ්ජයි...!!! 

:       0       30

pathiranaWednesday, 30 September 2020 02:47 PM

මේකද අර මොකක්දෝ දැක්ම? දුප්පත් කාන්තාවෝ රට පටවන එක...?

:       1       34

johanThursday, 01 October 2020 06:57 AM

කියලා වැඩක් නැහැ.. නියම සෞභාග්‍යයක්...

:       0       2

NM Wednesday, 30 September 2020 01:44 PM

රටේ ආර්ථිකය වැටුණාම දුප්පත් මිනිස්සු රට යවලා රජයේ ආදායම් ලබනවා. රට විරුවන්ට සලකපු කාලය පසුගිය කාලේ හොඳින්ම දැක්කා. මේ කෝවිඩ් 19 වයිරසය තිබෙන කාලේ රට යන්නේ කවුද පොඩි ළමයි ගෙදර තියලා? අම්මලා එනකොට පොඩිළමයි විවිධ හිංසා, අපචාරවලට ලක්වෙලා... හිරගෙවලුත් පිරෙනවා. වගකීමක් නොමැති රජයක්..

:       0       42

de silva Wednesday, 30 September 2020 02:04 PM

පිටරට ගිය මිනිස්සු ටික ගෙන්වන්නේ නැතිව, මේ කොරෝනා අස්සේ තව මිනිස්සු පිටරට යවන්න හදනවා... ආණ්ඩුවට පිස්සුද? ඔය මුදල් වියදම්කර පිටරට අතරමංවෙලා ඉන්න මිනිස්සු ගෙන්වාගන්න බැරිනම් ඔහුට සහන සලසන්න. ඔවුන්ගේ ජීවිත බේරගන්න. ඔවුන්ගෙන් යැපෙන්නට යම්කිසි ගෙවීමක් කරන්න.

:       2       35

K PereraWednesday, 30 September 2020 06:41 PM

ආණ්ඩුවට නොවේ. ඡන්දය දීපු අපිට තමයි පිස්සු...!!! 

:       0       1

ferna Wednesday, 30 September 2020 03:35 PM

ඔයිට වඩා හොඳා හිඟා කන එක. ලැජ්ජා නැද්ද හලෝ...? වහල්කමට රට වැසියන් පිටරට පටවන්න.

:       0       1

Hafeel Wednesday, 30 September 2020 03:40 PM

මේ වැඩේට ඇමැති කෙනෙක් අවශ්‍යද?

:       0       1

denis Wednesday, 30 September 2020 04:21 PM

මේවා නිකන් අපේ මිනිස්සු නන්නත්තාර කරන්න හදන වැඩ රජයක වගකීම නම් මේ මනුස්සයින්ට කාලා, බීලා, ඇඳලා පවුලක් වශයෙන් ජීවත් වීමට උදව් උපකාර කිරීමයි. මිනිස්සුන්ව බැලමෙහෙවරකම් වලට රට පටවන එක නෙමෙයි..

:       0       1

Ruhunu Wednesday, 30 September 2020 05:44 PM

මීට වඩා හොඳයි අපි මුලු ලෝකෙන්ම හිඟාකමු.

:       0       1

Ananda Wanasinghe Thursday, 01 October 2020 05:40 AM

අනේ අපි දැන් මාස 7ක් රැකියා නැතිව, වැටුප් නැතිව කටාර්වල අසරණ වෙලා ඉන්නවා. අපිව ගන්න තවම හරියට වැඩ සටහනක් ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. වියත් මඟේ කිසිම වියත් බවක් නෑ. දැන් ගොඩක් රටවල තානාපති කාර්යාල වහලා. කාර්ය මණ්ඩලයට කොරෝනා හැදිලාලු. ඒකත් පිළිගන්න බෑ. මේ මිනිස්සු අරගෙන ඉන්න. අපි රජයට සත පහක බරක් නැතිව මෙහෙට ඇවිත් ඉන්නේ. අපේ සුදුසුකම්වලට රැකියා සොයාගෙන ඒජන්සි වලට මුදල් ගෙවලා විදේශ සේවා කාර්යාංශයේ රක්ෂණ වාරික ගෙවලා. විදේශ විනිමය අපි කොපමණ යවලා තියෙනවද?... හරි ප්‍රතිපත්තියක් ඇතිව මිනිසුන් එවන්න. රැකියා අහිමි කළ සේවකයින්ට වන්දි ලබාදීමට තානාපති කාර්යාල නිලධාරීන් අදාල රටවල, විිි⁣දේශ අැමතිවරු සමඟ කතාකර විසඳුම් ලබාදීමට යොමුකරවන්න.

:       0       5

isurandi Thursday, 01 October 2020 07:27 AM

සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අවබෝධය සමහර පාර්ලිමේන්තුවේ අයට නොතේරෙන එකනේ පුදුමේ...

:       0       4

Nuwan Thursday, 01 October 2020 07:59 AM

ඡන්දෙට කළින් කෘෂිකර්මයේ, කර්මාන්ත අරවා මේවා නංවලා රට ස්වයංපෝෂිත කරන පොර ටෝක්.. දැන් අසරණ දුප්පත් ගැහැණු පිටරට පටවලා ඔවුන්ගේ රීරි මාංශය කාලා තමන්ගේ පවුලේ ඉන්න අයව ගොඩ දා ගන්න ව්‍යාපෘති ගේන්නේ. මොන තරම් සහගහන වැඩක්ද මේ කරන්න හදන්නේ..?

:       0       7

fairoos Thursday, 01 October 2020 08:44 AM

ගැහැණු අය පිටරට යැවීම විශේෂයෙන් මැදපෙරදිග යැවීම වහාම නවත්වන්න ඕනේ.

:       0       4

de silva Thursday, 01 October 2020 12:28 PM

මොනවා නැති වුණත් විදේශ සේවා එක ගුවන් තොටුපළේ රැකලා ඉඳලා රක්ෂණ මුදල් කියලා 17500නම් කඩාගනීවි.

:       0       4

බද්රානි Thursday, 01 October 2020 03:26 PM

කාන්තාවන් මැදපෙරදිග ඇතුළු පිටරට පටවා මුදල් හරි හම්බ කර ගැනීම ප්‍රෞඩ ජාතියකට කොතරම් ආඩම්බරයක්ද? ලෝකේ බුද්ධිමත්ම ජාතිය මැදපෙරදිග මෙහෙකාරකමට නැතිවම බැහැ? එහෙම එකේ කයිවාරු නොගහා ඉන්නේ කොහොමද අපි??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 333 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1699 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1361 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 771 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1903 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site