IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දියේ ගිලී මියගිය සිසුන් ගැන ආණ්ඩුකාරවරයා වාර්තාවක් ඉල්ලයි

(ප්‍රසන්න පත්මසිරි)

සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා දින 14 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නියෝග කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ.එම් සේනාධීර මහතාගේ සභාපතීත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කම්ටුවක් පත් කිරීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය කටයුතු කර තිබේ.

ත්‍රිපුද්ගල කම්ටුවේ සෙසු සාමාජිකයන් ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත්කර ඇත.

බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 86 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දින දෙකක සංචාරයක නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

 



අදහස් (3)

දියේ ගිලී මියගිය සිසුන් ගැන ආණ්ඩුකාරවරයා වාර්තාවක් ඉල්ලයි

ranjith Saturday, 22 February 2020 10:41 AM

වෙන රටකනම් මේ ගුරුවරුන්ට මරණ දඩුවම.

:       0       0

Appuhami Saturday, 22 February 2020 09:09 PM

දැන් කාලේ ළමයින්ට ආදරේ ගුරුවරු හරි අඩුයි. එයාලා බලන්නේ පඩිය වැඩිකරගෙන හවස ගෙදර පන්තියකට ගෙන්නගෙන කාර් එකක් ගන්නේ කොහොමද ගෙයක් හදාගන්නේ කොහොමද කියලා විතරයි.

:       0       0

de silva berlin Sunday, 23 February 2020 09:01 AM

ලංකාවේ වටේටම මුහුද ඇල, දොළ ගංගා තිබුණාට ඒවගේ බැහැලා පිහිනන්නට ඉගෙන ගැනීම භයානකයි. පිහිනන්න දන්නේ ජනගහනයෙන් 20% අඩු ප්‍රමාණයක්.. මෙයට හේතුව ලංකාවේ ප්‍රධන නගරවලවත් කුඩා ළමුන්ට පිහිනීම ඉගෙන ගැනීමට හැකි පොදු නාන තටාක හෝ ජල ක්‍රීඩා කළහැකි ස්ථාන නැත. එමනිසා ඔය කියන ආණ්ඩුකාරයා කළ යුත්තේ වාර්තා ඉල්ලීම එක කියවලා, නිකම් සිටීම නොව, මේ ප්‍රශ්නයට දීර්ඝ කාලීනව විසඳුමක් දීමට ක්‍රියා කිරීමයි... කරුණාකර ප්‍රධාන නගරවලවත් ජනතාවට ගාස්තුවක් ගෙවලා පිහිනන්න ඉගෙන ගන්න පුළුවන්.. පොදු පිහිනුම් තටාක ඉදිකරන්න. මැති ඇමතිවරුන්ගේ පරිහරණයක රුපියල් කොටි 3-4 වාහන 30-40 ගෙන්වන්න පුළුවන් රටකට, එක මැතිවරණ කොට්ඨාශයකට එක බැගින් පිහිනුම් තටාකයක් හදන්න කෝටි 2 වියදම් කරන්න බැරි මොකද?

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 92 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 244 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 632 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 901 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 332 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 162 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site