IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දෑස් අන්ධ ගෘහ සේවිකාව අරාබියෙන් ලංකාවට


 
 
(ටී.කේ.ජී.කපිල )

 
                   
දෙඇසම අන්ධ වූ 58 හැවිරිදි ගෘහ සේවිකාවක් උඩ ඇඳුමක් පමණක් අන්දවා සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශිකාවක පැවසුවාය.
 
ඇය කුරුණෑගල පිලැස්ස මඩව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ දුරයලාගේ ඤාණවතී නැමති ගෘහ සේවිකාවයි.
 
වසර 18 ක් එක දිගට සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිට ඇති අතර, එම කාලය තුළ ඇය ඉතිරි කරගත් හෝ උපයා ගත් කිසිවක් නොමැතිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට මෙරටට එවා තිබිණි.
 
එහිදී ඇයට අබායා නැමති උඩුකය ඇදුමක් පමණක් අන්දවා ශ්‍රී ලංකාවට එවීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන තිබීම කනගාටුදායක පිළිකුල් සහගත ක්‍රියාවක් බව එම ප්‍රකාශිකාව පැවසුවාය.
 
පසුව ඇයට අවශ්‍ය ඇදුම් සියල්ලම කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදීමට කටයුතු කර තිබිණි.
 
මේ අතර ඇයගේ සැමියා 2005 වසරේ දී ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හමුවේ පැමිණිලි කර තිබූ අතර, ඒ පිළිබඳව විදේශ සේවා කාර්යාංශය යැවූ ලිපි වලට, ඔහු ඉදිරිපත් කර තිබූ ලිපිනයට ලිපි යොමු කළද , ඒවාට පිළිතුරු නොලැබීම නිසා , ඒ පිළිබඳව ලිපි ගොනුව එම වසරේදීම වසා දැමීමට කටයුතු කර තිබිණි .
 
ඇයගේ නිවසට ඇරලවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ අතර එහිදී ඇයගේ සැමියා වෙනත් කාන්තාවක විවාහ කරගෙන සිටි බවත් ඇයගේ දුව සහ පුතා සාමාජීයය වශයෙන් ව්‍යසනයට පත් වී සිටියහ.
 
එම නිසා ඇයව අසල්වැසි ඥාතියකු වෙත බාරදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්  පියවර ගෙන තිබිණි .
 

 



අදහස් (28)

දෑස් අන්ධ ගෘහ සේවිකාව අරාබියෙන් ලංකාවට

rama Monday, 16 April 2018 08:13 AM

වසර 18ක් එකදිගට සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිට ඇති අතර, එම කාලය තුළ ඇය ඉතිරි කරගත් හෝ උපයා ගත් කිසිවක් නොමැතිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට මෙරටට එවා තිබිණි. සේවා දායකයා අන්තිමට ගෙවන මුදල් ගෙවලා... නැත්තම් මොනවද පඩි සල්ලිවලට කලේ ඇඳුමක්වත් අරන්දීලා නැද්ද මේවා ගැන සොයන්න.. තම තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉන්නේ..., අඩුගානේ ඇඳුමක් අරන් දෙන්නවත් සල්ලි නැද්ද තානාපති කාර්යාලයට... මෙහෙම තානාපති කාර්යාල මොනවටද? ඔක්කොමලා තානාපතියේ වැඩ කරන අය ලංකාවට ගෙන්නලා කාර්යාලය වහලා දාන්න...

:       0       587

AsankaMonday, 16 April 2018 08:39 AM

විදේශ සේවය තියෙන්නේ දේශපාලක හෙන්චයියලාට රස්සා දෙන්න විතරයි. ඕවායේ සුදුසුකම්ලත් නිලධාරීන් නැහැ. හිටියත් ඉන්න දෙන්නේ නැහැ. බොහෝ රටවල තියන ලංකාවේ තානාපති කාර්යාලවලට වැඩක් කරගන්න ගිය අය ඕක හොඳට අත්දැකීමෙන්ම දන්නවා.. අපේ වැඩක් කරගන්න ගියාම ගෙම්බර් දානවා, මාස ගණන් පරක්කු කරනවා...

:       0       682

sathyapalaMonday, 16 April 2018 12:04 PM

පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවෙන් මැද පෙරදිගට නැව් මගින් මස් පිණිස යැවූ බැටළුවන් අධික උණුසුම නිසා නැව තුලදී මිය යාමත් සමග ඕස්ට්‍රේලියාව තුල විශාල විරෝධයක් ඇතිවුනා. රටේ අගමැති පවා දින ගණනාවක් තිස්සේ මේ ගැන ප්‍රශ්න කිරීමට ලක්වුණා. මෙවැන්නක් නැවත නොවන්නට පියවර රැසක් ගත්තා. සතුන් පටවන්නට පෙර නැවේ සිටින පශු වෛද්‍යවරුන් කී දෙනෙක් නැවේ සිටිනවාද යන්න පවා සොයා බලන්නට නීති පැනවුණා. එහෙත් මේ කාලකන්නි ලංකාවේ ගෘහ සේවිකාවක් යනු මස් පිණිස යවන සතෙකුට තරම් නොවටිනා තැනට පත්ව තිබීම ඛේදවාචකයක්. ලෝකයේ ඕනෑම රටක සිදුවෙන හද කම්පාකරවන සිදුවීමක් දුටු විට මුහුණු පොතේ කඳුළු වගුරන මහා කරුණාබර ලාංකිකයින් ගෘහ සේවිකාවක් ගැන යමක් දුටු විට නොදැක්කා මෙන් සිටීම තවත් කණගාටුවට කරුණකි. නවසීලන්තයේ ලාංකික පවුලක් ලංකාවට පිටත් කරනවාට විරුද්ධව ඒ රටේ පෙළපාලි යනවිට ඒ දැක කදුළු සලන මුහුණු පොතේ හුවමාරු කරන දේශප්‍රේමින්, මානව හිතවාදීන් ගෘහ සේවිකාවක් ගැන අදහස් දැක්වීම තමනට අවමානයක් යයි සිතා නොදුටුවා සේ සිටීම නින්දා සහගතයි. මේ අපේ රටේම පුරවැසියන්ය. රට බේරාගත් රණවිරුවන් බිහිකළ අම්මලාය.

:       0       273

RaveendraMonday, 16 April 2018 02:11 PM

සත්‍යපාල මයා වෙත, ඔබගේ අදහස්වල ගරු කරන්නෙමු. එහි ගැබ්ව ඇති එක කරුණක් (මේ කාලකන්නි ලංකාවේ) සම්බන්ධව අප කිසිවකු හට එකඟ වීමට නොහැකි බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. අපගේ මාතෘ භූමිය කිසිවිටක කාලකන්නි රටක් නොවේ. නමුත් අපගේ මාතෘ භූමිය පාලනය කරන්නේ "කාලකන්නි පාහරයන්" පිරිසක් වීම කණගාටුවකි. එම කාලකන්නි (රතු, කොළ, නිල්) රැල අද මේ මොහොතේත් බඩ පුරෝවා ගන්නෙත්, සුර සැප විඳින්නෙත් විදේශවල අනේකවිධ දුක්ගැහැට විඳ එවන මුදල්වලින් බව කණගාටුවෙන් කිවයුතුය. අවසාන වශයෙන් නැසීගිය අමරදේව මහත්මයාගේ ගීතයක පද කීපයක් ලිවීමට කැමැත්තෙමු. "මේ අපේ උදාරවූ මාතෘ භූමියයි..."

:       2       240

sathyapalaMonday, 16 April 2018 12:06 PM

කොලොම්පුරේ කොලීජිවලට ගොස් ලොකු ලොකු පොරවල් වූ දරුවන් කුඩාකල කවාපොවා ආදරයෙන් බලා කියාගත් ආයම්මලාය. ඒ වෙනුවෙන් ලැබුණු සොච්චම මදි නිසා මැද පෙරදිග ගිය ආයම්මලාය. රට අන්තිමටම කඩා වැටි තිබුණු වෙලාවේ රට දුවපු විදේශ විනිමය ගෙනා එවුන්ය. රැකියා නොමැති තරුණ පුතාට ත්‍රී වීලරයක් ගන්නට සල්ලි එවූ අම්මලාය. ඇඳුමක් මසා ජීවත්වන්නට තරුණ දුවට මහන මැෂිමක් ගන්නට සල්ලි එවන අම්මලාය. තම සැමියාට සහෝදරයාට තේ කඩයක් දා ගන්නට, වඩු මැෂිමක් ගන්නට සල්ලි එවන කාන්තාවය. එයින් රටේ ආර්ථිකයට, සමාජයේ අපරාධ අවමවීමට ලැබුණු දායකත්වය අති මහත්ය. එපමණක් නොව සියල්ලන්ම අවඥාවෙන් බලන මේ අහිංසක ලාංකීය කාන්තාවන් එවූ මුදලින් පවුලේ දරුවනට ලැබුණු රුකුල නිසා බිහිවූ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින්, ගණකාධිකාරීන් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පවා සිටින බව බොහෝ දෙනා නොදනී. ඒ තමමව එවැනි රැකියාවක් කල බව දැනගත් විට සමාජයේ අඩු සැලකීමක් ලැබෙන බව සිතා ඒවා සඟවාගෙන සිටීම නිසාය. මේ ඔබේ දරුවන්ට කවා පොවා උස් මහත්කල අම්මලා බව සිතන්න. දිනක ඉහළ තනතුරු දරන ඔබේ දරුවාගේ දරුවා කසාද දින සහකරුගේ හෝ සහකාරියගේ අම්මා හෝ අත්තම්මා වියහැකි බව සිතන්න.

:       0       173

Raveendra Monday, 16 April 2018 08:24 AM

මෙම ප්‍රවෘත්තියේ සඳහන් "සෑම කරුණක්ම නිවැරදි නම්" අප මොනතරම් දීන ජාතියක්ද? තානාපති කාර්යාලය යනු රට නියෝජනය කරන ස්ථානය වන අතර එමගින් තම රට පුරවැසියකුට මෙසේ සැලකුවා නම් එහි සිටින්නේ නිලධාරීන් නොව "අවජාතකයින්ය..". අප රටේ කාන්තාවන් මෙසේ තම පවුල් සංස්ථාව විනාශ කරමින් යන මෙම මහා පාපකර්මයට.." මීට පෙර සිටි සහ දැනට බලයේ සිටින" කිසිදු අම්බරුවෙකුට ගැලවීමක් නොමැති බව දන්වන්නෙමු. තවද තම භාර්යාව මෙසේ වහල් සේවයට පිටමංකර එමගින් ලැබෙන සොච්චම් මුදලින් බාල් නටන්නේ කවරෙක්ද යන්න නැවතත් අවංකව සිතා බැලිය යුතුයි. කෙසේ වෙතත් ලංකික කාන්තාවන් මෙසේ වහල් සේවයට යවා කාන්තාවන් හෑල්ලුවට ලක්කිරීම ඉතාමත්ම නින්දිත ක්‍රියාවකි.

:       0       445

de silva berlin Monday, 16 April 2018 08:57 AM

කරුණාකර සෞදි අරාබියට ගෘහ සේවිකාවන් වශයෙන් කාන්තාවන් යැවීම නතර කරන්න. තානාපති කාර්යාලවල නිලධාරීන්ට පවා ඔය ගෘහසේවිකාවන් ගැන තොරතුරු හොයන්න. පුද්ගලික නිවෙස්වලට ඇතුල් වෙන්න අවසර නැත. ඕක මහා ම්ලේච්ඡ නීති තිබෙන රටක්..

:       1       369

RaveendraMonday, 16 April 2018 10:30 AM

ද සිල්වා බර්ලින් මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. නමුත් සෞදි අරාබියට පමණක් නොව කිසිදු රටකට අපගේ කාන්තාවන් වහල් සේවයට යැවීම කිසිසේත්ම නුසුදුසු බව අපගේ හැඟීමයි. කාන්තාවන් විදෙස් වහල් සේවයට පිටමංකර යවා එමගින් ලැබෙන සුළු මුදලින් "බාල් නටන්නේ පිරිමින්ද" යන්න අප සියල්ලෝම අවංකව සිතිය යුතුය. එපමණක් නොව මේ ඔබේ, මගේ අක්කලා, නංගිලා, නැන්දලා වියහැක. මොවුන්ගේ ලේ කඳුළු දහදිය වගුරා, සොයාගන්නා විදේශ මුදල්වලින් යැපෙන්නේ ඉහත කී පිරිමින් පමණක් නොව "දියවන්නඔයේ ඉන්නා අම්බරුවන් 225 ත්" දවසේ වේල් තුනම ගිලදමන්නේත්, සුර සැප විඳිමින් යැපෙන්නේ මොවුන් එවන මුදල්වලින් බව රහසක් නොවේ. නමුත් එම මී හරකුන්ටත් ලැජ්ජාව යන්න දන්නේද නැත.

:       0       250

Rasheed DammamTuesday, 17 April 2018 04:52 AM

දැනටමත් ලංකාවේ ශ්‍රමිකයින් විශාල ප්‍රමාණයක් අරාබි රටවල සේවය කරමින් රටට අවශ්‍ය විදේශ විනිමය සොයා දෙනවා. 1980 ගණන් වලට පස්සේ අපගේ ජන සමාජයේ විශාල දියුණුවකට හේතුව විදේශ රැකියාවලින් ලබන ආදායම බව කවුරුත් පිළිගත යුතුයි. අපි වගේම මේ රටවලට ශ්‍රමිකයින් එවන රටවල් බොහොමයක් මෙවැනි ප්‍රශ්න වලටත් මුහුණ දෙනවා. මා දැනට අවුරුදු දහයකට වඩා අරාබි රටවල්වල සේවය කරලා තියෙනවා. මේ සිදුවීම වගේ සිදුවීම් ඉතාමත් සීමිතයි. අපගේ තානාපති කාර්යාල 100% අකාර්යක්ෂමයි කියල පිළිගන්න බෑ. මැද පෙරදිග සේවය කිරීමෙන් තම ජීවිතය සාර්ථක කරගත් අය 99% වඩා වැඩි ප්‍රතිශතයක් කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ. ඔබගේ අදහසට අනුව ගෘහ සේවිකාවන් මැද පෙරදිග යැවීම නතර කරන්න නම් විකල්ප වැඩ පිළිවෙලක් අවශ්‍යයි, එවැනි සැලැස්මක් කිසිම රජයක් මේ දක්වා ආරම්භ කරලා නෑ. එසේ වුනත් එය සාර්ථක වීමට තව අවුරුදු ගණනාවක් ගත වේවි .

:       0       0

Sarasi Monday, 16 April 2018 09:00 AM

දැන් තිබෙන සමාජ ව්‍යවසනයක් තමයි සමහර පිරිමි ගෙදර නෝනාව සල්ලි හම්බ කරන්න යොමු කර තමන් ඒ මුදලින් ජීවත් වීම... මේ අවිචාරී ක්‍රියාවට මුල් වුනේ පිටරට ගෘහසේවිකා රැකියා තමයි. මගේ ඥාති සොයුරියක් විවාහ වුනේ යෝජනාවකින්. මුලින් ආදායම් ඇති බව පෙන් වූ දැන් අගේ සැමියා රැකියාවක් නොකර ගෙදර ඉන්නවා මදිවාට ඔහුගේ අවිවාහක සහෝදරියන් දෙන්නා නඩත්තුවන්නේ මගේ ඥාති සොයුරිය දුක් මහන්සි වී කරන රැකියාවෙන්. මම ලංකාවේ පිරිමින් ගෙන් ඉල්ලන්නේ බිරිඳක් නඩත්තු කරන්න බැරිනම් කසාද බඳින්න එපා. තමන් අසනීප හෝ මන්ද බුද්ධික නෙවෙයි නම් ගෙදර නෝනාව විතරක් සල්ලි හොයන මැෂිමක් කරන්න එපා. අපේ රටේ කාන්තාවන් නමට හෝ කසාදය තියා ගත යුතුයි කියන සමාජ මතය නිසා මෙසේ අසාධාරණයට ලක් වෙනවා.

:       0       230

RD Monday, 16 April 2018 09:01 AM

මේක දැකලා මට කඳුලු ආවා. ඇත්තටම වැරැද්ද අප රටේ අධ්‍යාපන ක්‍රමයේ කියලයි මට හිතෙන්නේ. අපි දවසින් දවසම පිරිහෙනවා. අපි යැපෙන්නේ මේ වගේ අය නිසා,.. නමුත් අපි සලකන්න දන්නැති ජාතියක්...

:       0       155

ප්‍රභාත් Monday, 16 April 2018 09:01 AM

මම 2014න් පසුව සෞදියේ තියෙන තානාපති කාර්යාලයට යන්නේම නැත. එහි සිටින මනුස්ස වේශයෙන් සිටින කාලකන්නි හා ගැටීමට හැමදාම නොහැකිය. අසාධාරණය පෙන්නන්නට බැරි නිසා ඔවුන් හා ගැටීමෙන් මා ඔවුන්ගේ රාජඋදහසට ලක් වූවෙක්මි.

:       0       315

sas Monday, 16 April 2018 09:15 AM

ලාංකික කාන්තාවන් මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් ලෙස යාම තහනම් කළ යුතුයි...

:       0       190

රොමේෂ් Monday, 16 April 2018 10:37 AM

"නුඹ නොදී එතෙර රටටා.. දරු නොදී වහල්කමටා... දිවිපුදා තොප රකින්නම්... නොපුරා එමෙත් පෙරුම්දම්" රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පදවැලක් තමයි මුලුන්ම මතකයට නැගුනේ. අපේ මිනිස්සු මෙහෙම හිතනකම් මේ ව්‍යවසනේ නවතින්නේ නැහැ. මක්නිසාදයත් තානාපතිකාර්යාලවල ඉන්න වසලයින්ට රට ගැන, රටේ මිනිස්සු ගැන හැඟීමක් නැහැ. ආණ්ඩුවට දැක්මක් නැහැ අරාබියේ ගෙවල්වල ඉඳුල් හෝදන්න අපේ කාන්තාවන්ව යවන එක නවත්තන්න. අඩුම තරමේ වැඩපිළිවෙලක් හදනකම්වත් හොඳ කොන්දක්, හදවතක් සහ මොලයක් තියෙන රාජ්‍ය ත්‍රාන්තික නිලධාරීන් පිරිසක් පත්කරලා යවන්න.

:       0       351

Lankan from Australia Monday, 16 April 2018 11:12 AM

කරුණාකර වගකිවයුතු බලධාරීන් මේ ගැන සොයා කඩිනමින් මෙම අසරණ වූ කාන්තාවට පිහිට වන්න. සියලු රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ අපේ (ජනතාවගේ) බදු මුදලෙනි. මෙවන් තානාපති කාර්යාලවල සිටින බත් කන හරක් මෙරටට ගෙන්වාගෙන සේවයෙන් පහකරන්න. මින් ඉදිරියටවත් සුදුසුකම් සහිත නිලධාරීන් මෙවැනි විශේෂ සේවාවන්ට බඳවාගන්න. ඉතා සෝචනීය තත්වය නම් මනුෂ්‍යයින්ට මනුෂ්‍යයන් කියා වත් සලකන්නට බැරි එවන් අමනුෂ්‍යයන්ට පදවි තානාන්තර දී අප බදු මුලින්ම නඩත්තු කරන්නට වීමයි. කරුණාකර මෙම නමට විතරක් ඇති තානාපති කාර්යාල වසා දමන්න. මොවුන් පත්කර යවා ඇත්තේ තම රටේ ජනතාවට සේවය කිරීමට මිස ලොකුකම් පෙන්වීමට නොවේ. එසේම මැදපෙරදිග රටවලට ගෘහසේවිකාවන් ලෙස ලක් කතුන් යැවීම සහමුලින් නවතා දමන්න. පිරිමින් පුහුණු කර ස්කිල්ඩ් වර්කර්ස් ලෙස වැදගත් රැකියාවන්ට යොමු කරන්න බලධාරීන්ට ඥානය පහළ වේවා !

:       0       274

FAIROOS Monday, 16 April 2018 11:48 AM

ලාංකික කාන්තාවන් මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් ලෙස යාම තහනම් කළ යුතුයි..

:       44       135

Parse Monday, 16 April 2018 12:23 PM

ජනාධිපතිතුමනි, සෞදි අරාබියට හරිහැටි තානාපතිවරකෙු පත් කරන්න බැරිවීම නිසයි මෙහෙම සිදුවන්නේ.. ඒ හින්දයි පුරවැසිබවත් අහිමිව ආපසු එන්න වෙන්නේ...

:       159       94

Kumari Monday, 16 April 2018 01:17 PM

ශ්‍රී ලාංකික අපිට අපේ රටෙන් පිහිටක් නැතිනම් කාගෙන් පිහිටක් යදින්නද?

:       0       119

සමන්ත Monday, 16 April 2018 02:09 PM

පළමුවෙන්ම මේ කාන්තාවට උරුම වූ සංවේගජනක ශ්‍රී ලාංකිකයෙක් අතිශයින්ම කණගාටුවට පත්වෙනවා. අපි රටක් වශයෙන් එහි වගකීම බාරගත යුතුයි. ඒ අයට අවශ්‍ය රැකවරණය, ආරක්ෂාව අසහා සුබ සාධනය උදෙසා රජය මැදිහත් විය යුතුයි. ඒ ගැන කිසිම විවාදයක් තිබිය යුතු නැහැ. මේ පිලිඹඳව ජනාධිපතිතුමාවද අපි දැනුවත් කරමු. එහෙත් ප්‍රශ්නය නම් තවමත් අපි කාන්තාවන් මැද පෙරදිගට යවන්නේ ඇයි ? කියන කාරණයට පිළිතුරක් නොමැති වීමයි. අපි මධ්‍යම ආදායම් රටක් ලෙස පුරසාරම් දෙඩුවද තවමත් අපි යැපෙන්නේ අපේ කාන්තාවන් මැද පෙරදිග යවා නම් අපි මහත් ලජ්ජාවට පත්විය යුතු ජාතියක් නොවන්නේද? මෙතැනදී සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ කරන , අපේ රටේ මිනිසුන්ගේ බදු වලින් පඩි ලබන අයද ලජ්ජා විය යුතුය. අනෙක විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවුරුදු ගානක් බලාසිට ලිපි ගොනුව වසා දැම්මේ කාගේ අවසරයකින්ද? මිනිස් ජිවිත සමග එසේ සෙල්ලම් කල හැකිද? විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉන්නේද නිකම්ම නිකම් පඩි ගැනීමට රාජ්‍ය සේවයට පැමිණි අඳ බාලයන් රොත්තක් විය හැකිය. බුද්ධිය කලඳක් නැති රාජ්‍ය සේවයකින් රටටත් , ජාතියටත් ඇතිවන සෙතක් නැත.

:       8       281

Nishantha Monday, 16 April 2018 02:21 PM

මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ.. අපේ රටේ දේශපාලකයෝ. රටට ආදායමක් ලැබෙන නිෂ්පාදන ක්‍රියාවලි ගොඩනගන්නේ නැතිව අපේ රටේ කාන්තාවෝ ටික පිටරටවල යවලා හම්බ කරන එකනේ මෙච්චර කල් කරන්නේ...

:       0       137

RaveendraTuesday, 17 April 2018 05:46 AM

නිශාන්ත මයා වෙත, ඔබගේ අදහස් කෙටි වුනත් යථාර්තය එයමය.

:       0       0

Kumar Monday, 16 April 2018 04:40 PM

ඇස් අන්ධ වී සිටින තන්තියට පිහිට විය හැකි වෛද්‍යවරයෙක් ලංකාවේ නැද්ද. ගහෙන් වැටුන කෙනාට ගොනා ඇන්නා වගේ වැඩක් තමා ඇයට සිදුවී ඇත්තේ. ඇයට අයත් සියලුම වැටුප් නීති මාර්ගයෙන් ලබාගත හැක.

:       0       0

Kaanthi Monday, 16 April 2018 11:44 PM

මම නම් දේශපාලකයන්ටයි තානාපති කාර්යාල වලටයි දොස් කියන්න කලින් දෙහි කපන්නේ මේ කාන්තාවගේ සැමියාට. කාගේවත් බිරිඳක් පෝෂණය කරන්න මුලික වගකීම තිබෙන්නේ සැමියාට මිසක් පළාතේ මන්ත්‍රීට හෝ තානාපතිට නෙවෙයි. වැසිකිලි සෝදලා කුලී වැඩ කරලා හෝ තමන්ගේ දරු පවුල් රකින පිරිමින්ට මම හිස නමා ආචාර කරනවා.

:       0       0

Jehaan Monday, 16 April 2018 11:54 PM

අද තිබෙන අලුත්ම විලාසිතාව තමයි හරිහමන් ආදායම් නැති පිරිමි රැකියාවක් කරන කාන්තාවක් කසාද බැඳගෙන ජීවත් වීම. පිටරට යන ගෘහ සේවිකාව විතරක් නෙවෙයි වෙනත් උගත් වෘත්තීය කාන්තාවන් පවා ගෙදර නිකම් ඉන්න සැමියාව පෝෂණය කරන අවස්ථා මමත් දැක තිබෙනවා. මෙතන මහත්මියක් සඳහන් කළා වගේ කසාදය තියාගන්න හෝ දරුවන්ගේ කුසගිනි නිවන්න කියා තමන් මෙහෙම දුකකට පත් වෙනවා නම් මේ තත්වය ඉතා භයානකයි.

:       0       0

dhamneth Tuesday, 17 April 2018 12:32 AM

විදේශ ගතවන කාන්තාවන් අසරණ වීමට ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට ඉංගිසි දැනුමක් නැතිකම.

:       0       0

theshan Tuesday, 17 April 2018 02:54 AM

කරුණාකරලා තානාපතිවරයාගේ සිට පහළ තනතුර දක්වා සියලුම නිලධාරීන් ලංකාවට කැඳවා පරීක්ෂණයක් කරන්න. ඒ වගේම මනුස්සකම දන්නා පිරිසක් පත්කර යවන්න. මොකද අපේ රටේ අයට පිහිටවීමට සිටින්නේ තානාපති කාර්යාලයේ අය වේ.

:       0       0

KADIK Tuesday, 17 April 2018 04:24 AM

මේ කාන්තාවගේ සැමියා 2005 දී විදේශ සේවා කාර්යාංශයට පැමිණිලි කලාලු.. බිරිඳ ගැන තොරතුරක් නැහැ කියලා. ලිපිනයට ලියුම් 2-3 ක් දාලා පිළිතුරු නැහැ කියල ෆයිල් එක වහල දාලා. එ්ක කරන්නද යකෝ 18000 ක් ගෙවලා ලියාපදිංචි වෙන්නේ විදේශ සේවා එකේ... මොන මගුලකට අපි ලියාපදිංචි වෙනවද මන්දා.. හෙන හතම තමා අපිට ඉල්ලන්න වෙලා තියෙන්නේ...

:       0       0

Sapumal. Wednesday, 18 April 2018 07:57 AM

ශ්‍රී ලාංකික කතුන් මොනම රටක හෝ වහල් සේවයට යැවීම වහාම නැවැත්විය යුත්තකි. එසේම එවන් අයගේ ආර්ථික තත්වය නඟා සිටුවීමට පාලක පක්ෂයටත්, විපක්ෂයටත් අදහස් පහළ වේවා !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1000 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 982 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1159 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 452 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4898 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1311 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site