IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දයාසිරිත් උගුරට හොරා බේත් කන්න යයි

(ඩයනා උදයංගනී)

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම රට වෙනුවෙන් ගත හැකි හොඳම තීන්දුව ගන්නා බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතා නිවැරදි තීන්දුව ගන්නා බව කී මහලේකම්වරයා එය කුමක්ද යන්න අවසාන මොහොතේදී දැක ගත හැකි වනු ඇතැයි ද සදහන් කළේය.

තවමත් මෙයම විශ්වාසභංග න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර හෝ ඡන්ද විමසීම පවත්වන දිනයක් ගැන තීන්දු කර නොමැති නිසා තීරණයක් ගැනීමට හදිසි විය යුතු නැතැයි ද දයාසිරි ජයසේකර මහතා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංගයේ ඇති කරුණු හෝ තම කණ්ඩායම මෙතෙක් නොදන්නා බවද මහලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

මෙම විශ්වාසභංග සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවබෝධයකින් යුතුව කටයුතු කරන බව කී මහලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඊයේ (20)  දිනයේදීත් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම සාකච්ඡා කළ බව සඳහන් කළේය.



අදහස් (4)

දයාසිරිත් උගුරට හොරා බේත් කන්න යයි

සේන Tuesday, 21 May 2019 11:43 AM

ආණ්ඩුව සමඟ කතා කරගත් ආකාරයට, වෙලාවට පාර්ලිමේන්තුව තුළ නොසිටීම හෝ විරුද්ධව ඡන්දය දීම නියතයි.

:       0       0

janahitha Tuesday, 21 May 2019 12:48 PM

රට, ජාතිය ගැන හිතුවොත් ජනතාව ආයෙත් එවයි.

:       0       0

sirimal Tuesday, 21 May 2019 12:49 PM

කිරිගහට ඇන්නා වගේ කියන්නම් ඕකත් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන වෙනත් පක්ෂයක් දිනවන්න වැඩ කරන අයට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට "පක්ෂය වෙනුවෙන් ගත හැකි හොඳම තීන්දුව" ගත්තා වගේ වැඩක් වෙනවා නියතයි.

:       0       0

de silva Tuesday, 21 May 2019 11:17 PM

ඉස්සර ජනතාව ඉදිරියේ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන සිටි මොහුට වුන විනාශයක් ?

:       0       44

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 291 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 65 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 624 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 651 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1083 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1010 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site