IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දඩකොලේ අතේ තියන් ඉගිලුණු තරුණයෝ දෙදෙනා ලොරියේ හැපී මරුට

(කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල  හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව දී අද(19) සවස සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.

පොළොන්නරුව සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය කරමින් තිබු යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී ඇති බවත් මියගොස් ඇත්තේ යතුරුපැදියේ යමින් සිටි තරුණයන් දෙදෙනා බවත් පොලිසිය පවසයි.

අනතුරත් සමග යතුරු පැදිය සම්පුර්ණයෙන් කැබලි බවට පත්ව කොටසක් ගිනිගෙන විනාශවී තිබිණි.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සිගිරිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු කිවේ මියගිය තරුණයන් දෙදෙනාට දඹුල්ලේදී වේග සිමා ඉක්මවා ධාවනයකොට දඩ පත්‍රිකාවක් ද නිකුත් කොට තිබු බවත් නැවත සිගිරි පොලිස් බල ප්‍රදේශයේදී අනතුර වන්නට මද වේලාවකට පෙර වේගයෙන් ධාවනය කරද්දී පොලිසිය නවත්වා අවවාද කොට පිටත්කර තිබූ බවත්ය.

 



අදහස් (17)

දඩකොලේ අතේ තියන් ඉගිලුණු තරුණයෝ දෙදෙනා ලොරියේ හැපී මරුට

hennade Monday, 19 June 2017 01:23 PM

දෙයියනේ !!! මෙහෙමත් දේවල් .. පව් ඉතින්

:       64       242

Ruwani Monday, 19 June 2017 01:38 PM

අධික වේගය මාරයා රැගෙන යාමෙන් තවත් තරුණයන් දෙදෙනෙකු රටට අහිමි වේලා. ලංකාවේ සියලුම යතුරු පැදි ආනයනයන් නියමිත තත්ත්ව පරික්ෂණය කරන්න... විශේෂයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදන.? ජපානයේ නිෂ්පාදන හොඳ ප්‍රමිතියෙන් යුතුයි.

:       110       306

සමාධි Monday, 19 June 2017 05:39 PM

ලොරි රියදුරු ත් අමාරුවේ දමා තමන් විසින් කරගත් දෙයක් ... දෙසැරයක් පොලිසියට අහුවෙලා ත් පාඩම් ඉගෙන ගත්තේ නෑ .... පව් කියලා වැඩකුත් නෑ .... පව් කියන්න ඕන හැපුණු අනිත් පාර්ශවය ටයි ... ඒ ඔබ උනොත් මොකද කරන්නෙ ....

:       0       124

සුපුන්Tuesday, 20 June 2017 06:01 AM

රුවනි ජපන් බයික් එකකින් ඔයවගේ හැප්පුනාම මිනිස්සු බේරෙනවද..? දන්නැති නිසා අහන්නෙ..

:       123       28

Lapaya Monday, 19 June 2017 02:05 PM

ආණ්ඩුවේ ලොරියකටනේ හැප්පිලා තියෙන්නේ..

:       566       555

sumudu Monday, 19 June 2017 08:36 PM

හික්ස්! ඔව් නේද!!!

:       102       49

Sarath Monday, 19 June 2017 04:35 PM

රුවනි, යන්නේ කොහෙද මල්ලේ පොලනේ ඔය කියන්නේ ලංකාවේ රිය පදවන බොහොමයක් නීතියට ගරු කරමින්ද තම රිය පදවන්නේ...? මේවට තමුන්ම තමා වගකියන්න ඕනේ. පොලිසියේ මහත්වරු මෙයාලට අවවාද කලේ රටේ පවතින නීතිය කැඩූ නිසා නෙවෙයිද..' තම වේග සීමාවේ සිට මොටෝර් බයිසිකලය පැදෙව්වනම් මෙවන් දෙයක් වෙන්නේ නැහැ නේද...? මේකට වගකියන්න ඕනේ මේ මැරුණ දෙන්නම තමා.. තව දෙයක් තියෙනවා කියන්න ලංකාවේ රිය පුහුණු කරන බොහෝ කණ්ඩායම් සහ රියදුරු බලපත්‍ර නිකුත් කරන ආයතනයේ සියලුම දෙනා පගාව අරගෙන කිසිම සුදුසුකමක් නැති මේ වගේ අයව පාරට දමන බව ඔබ තුමිය දන්නේ නැද්ද...? මේ මරණ වලට මේ සියලු දෙනාම වග කිව යුතුයි. මෙය පගා අරගෙන රියදුරු බලපත්‍ර දෙන අයටත්, පගාව දී තම මරණය සහ තවත් කෙනෙකුගේ මරණය ලියාපදිංචි කරන මේ වගේ මොලේ කලඳක් නැති පුහු වීරත්වයක් පෙන්වන්න දඟලන බොහෝ දෙනාටත් හොඳ පාඩමක් බව මතක තබා ගන්න. කරුණ කරලා ලිඳෙන් ගොඩට එන්න බලන්න.

:       123       46

chami Monday, 19 June 2017 04:58 PM

යතුරු පැදි පරීක්ෂා කිරීමට පෙර මේව පදින උන්ගේ මොලේ පරීක්ෂා කරවන්න ඕනේ.

:       1       209

නුමා Tuesday, 20 June 2017 01:38 AM

මේ අනතුර සිදුවූ ආකාරය ගැන ප්‍රවෘත්තිය තුලින් පැහැදිලි අදහසක් ගත නොහැකි වුවත්, නොසැලකිල්ල නිසා සිදුවූ අනතුරක් බව පෙනෙන්නට තිබේ. ප්‍රශ්නය වාහනය නොවේ. යතුරුපැදිය යනු ඉතාමත් අනාරක්ෂිත වාහනයක් වුවත්, සංයමයෙන් පැදවීමෙන් අනතුරු සිදුවීම අවම කරගත හැක. ලිපියේ ඇති අයුරින් දෙවරක් පොලිසියෙන් නැවත ඇති බව පෙනෙනවා. තරුණයක් දෙදෙනා දෙවෙනි වර පොලිසියෙන් මිදෙන විට (කලින් දඩ කොලයක් තිබුණු නිසා ගැලවෙන්නට ඇති) පොලිසියට සිනාසෙන්නට ඇති. වේගය උද්වේගකර නමුත් අනතුරු වලට ඇතවනයි. අප රටේ රියදුරන්, පදවන වාහනයේ සැකැස්ම, වේගය වැඩි වන විට එහි හැසිරීම, තිරිංග වල හැරිසිම, වේගයට අනුව නවත්වන්නට උවමන දුර ප්‍රමාණය යන කරුණු නොදන්නවා, නැතිනම් නොසලකා හරිනවා. අප වාහනයක් ගන්නට පෙරුම්පුරන මුත් නඩත්තුව ගැන සැලකිලිමත් වන්නේ නැහැ. රෝද කැරකෙන්නේ නම්, ගමන යාමේ වරදක් නැති බවයි සිතන්නේ. තමන් අනතුරකට පත්වන තුරු මේ කරුණු සිතට ගන්නේ නැහැ. ලංකාවේ ඉතා විශාල වශයෙන් අනතුරට මුහුණ දෙන්නේ කුඩා ළමුන්. මෝටර් බයිසිකල් වල හෙල්මෙට් නැතිව කෙතරම් ළමුන් ගෙන යන්නේ ද? වෙනත් මෝටර් රථ තුලට ආරක්ෂක අසන සහිතව ළමුන් ගෙනයන්නේ කීයෙන් කී දෙනාද?

:       0       14

koba Tuesday, 20 June 2017 02:54 AM

මාතලී වරම් ලැබුණා, මේ මහා පාර අප්පාගේ දේපළ, මේ අපේ වැයික්කිය කියල හිතාගෙන රියපදවන තරුණයන් මේ අනතුර ගැන සිතා බැලිය යුතුමයි. මේ වේගයෙන් ගිහින් වෙනත් වාහනයක ත්‍රී රෝද රථ හෝ පදිකයෙක් නොවැදුණු ඒක ගැන සතුටුයි. මොකද එහෙම වුනා නම් මේ නොහැදුණු තක්කඩි දෙන්නා නිසා දුකට පත් වන්නේ කොහෙවත් යන අසරණ මිනිසුන්. මොවුන්ට නියමිත අවවාද සහ දඬුවම් ද දුන්නත් වරද තේරුම් ගෙන නිවැරදි කරගන්න අවස්ථාව ලැබිලත් නිවැරදි කර නොගත් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනා. මොවුන්ගේ දෙමවුපියන් සහ දරු පවුල් ගැන සිතන විට තද කම්පාවක් ඇති වෙනවා. මිනිසුන් අන්‍යයන් ගැන නොසිතීමේ විපාක!

:       0       115

Vipula Tuesday, 20 June 2017 03:01 AM

මට පේන විදියට මේක ජපන් බය්සිකලයක්, අනික මේ දෙන්න මැරෙන්නම අපු ගමනක් වගේ මේක,

:       0       32

uddika Tuesday, 20 June 2017 04:19 AM

මම නම් පව් කියන්නේ නැහැ. මොකද ඉල්ලන් කාලා තියෙන්නේ. ලොරි රියදුරා අමාරුවේ ඉතින්.ඒ මනුස්සය පව්

:       0       118

Amaa Tuesday, 20 June 2017 06:14 AM

ලොරියේ තියෙන නම දැක්කම කොල්ලෝ දෙන්න වැරදි කාරයෝ වගෙයි පේන්නේ

:       1       0

kumara Tuesday, 20 June 2017 09:22 AM

හිත හදාගනින් කාලකන්නි දෙන්නෙක් ඉවර වුනා කියලා. නෙත්නම් අහින්සක ජීවිතයක් නැති වෙන්නෙ.

:       0       0

Thilak Tuesday, 20 June 2017 10:33 AM

ටයර් හොඳටම ගෙවිලා. බ්රේක් වදින්න නැතුව ඇති.

:       0       0

kasun Wednesday, 21 June 2017 06:24 AM

මෙවැනි අධිවේගී යතුරුපැදි ලංකාවට ආනයනය කිරීම තහනම් කල යුතුයි. මොකද මෙවැනි යතුරුපැදි වල යන්නේ ලාබාල තරුණයින්. කිසිම අත්දැකීමක් නෑ... නොදන්න කමට යනවා.

:       13       0

rane Thursday, 22 June 2017 03:52 PM

ලොකු දෙයක් ලොරියක හැපුණු එක !

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 86 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 417 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 481 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1273 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2717 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1792 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site